(බිඟුන් මේනක ගමගේ )

 
අඟුණකොළපැලැස්ස  බන්ධනාගාරයේ සිදු වී යැයි කියන සිරකරුවන්ට පහරදීමේ  සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.
 
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් මේ කමිටුව පත්කර තිබේ.
 
සිදුවීමට අදාළ සී.සී.ටී.වී දර්ශන නැරඹීමෙන් පසුව ඇමැතිවරිය මෙම තීරණය ගත් බව ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මිය ‘ලංකාදීප’ යට පැවසීය. 
 
ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ලබන සඳුදාට පෙර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාට යොමුකිරීමට නියෝග කළ බව ද ඇමැතිනි අතුකෝරල මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.