( චන්ද්‍ර සේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු)

අගුණකොළපෑලැස්ස දික්වල රදම්පල ගෙදර නිවසේ සිටි මවක සහ ඇයගේ දරුවන් 05 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා ලැබූ සැකකරුවන් 12 දෙනකුගෙන් 10 දෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු  ආර් .එස්. එස්. සපුවිද මහතා අද (11) මරණ දඬුවම නියම කළේය.


 මෙම ඝාතනයන්ට සම්බන්ධ බවට පුද්ගලයන් 23 දෙනෙකුට විරුද්ධව පොලීසිය නඩු පවරා තිබුණු අතර ඉන් 04 දෙනෙකු මේ වන විට මිය ගොස් තිබේ.
විත්තිකරුවන් 07 දෙනෙකු අධිකරණය මග හැර සිටිති.  ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත්  කර ඇත.


1998 .12 .18 දින අගුණකොළපෑලැස්ස දික්වැව ප්‍රදේශයේ දී මෙම ඝාතන සිදු විය.