(වසන්ත චන්ද්‍රපාල)
 
පසුගිය අප්‍රේල් 21 වැනිදා මඩකලපුව සියෝන් දේවස්ථානයේ බොම්බ පිපිරීමේ සිදුවීමෙන් අනතුරුව පළමුවරට අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද  එහි සංචාරයක නියැලුණහ.

පළමුව මඩකලපුව  අගරදගුරු මැදුරේ විශේෂ සාකච්ඡාවක් පැවති අතර ඉන් පසුව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අග රදගුරුතුමෝ සහ මඩකලපුව ජෝශප් පොන්නයියා අගරදගුරුතුමෝ සියොන්  දේවාස්ථානයට  පැමිණියහ.

විපතට පත් පවුල්වල සාමාජිකයින්ගේ සුවදුක් විමසිමටද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කටයුතු කළහ.

“මඩකලපුව සියෝන් දේවස්ථානයට පැමිණෙන්න ලැබීම ගැන මා සතුටු වෙනවා. අපි මේ ස්ථානයට පැමිණියේ එදා බොම්බ ප්‍රහාරයෙන් විපතට පත් අය හමුවී ඔවුන්ට ඇති ළැදියාව පිළිබඳව සාක්කි දරන්නටයි. ඒ අය ළඟ අපි ඉන්නවා කියන්නයි අපි ආවේ. ඒ වගේම මෙම අවාසනාවන්ත සිද්ධිය වගේ දේවල් මේ ලංකා පොළොවේ නැවත නොවේවා කියා ප්‍රාර්ථනා කරන්නයි අවේ. ඒ නිසා මේ රට තුළ ජීවත්වෙන සියලුම ජන කොටස්, ආගම් අදහන සියලුම ජාතීන් තමන්ගේ අනන්‍යතාවය තුළ නිදහසේ ජීවත්වනු දැකීම අප සැමගේ ප්‍රාර්ථනාවයි.” යැයි අගරදගුරුතුමෝ එහිදී මාධ්‍යයටඅදහස් දක්වමින් පැවසූහ.