IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


තේ වලට සීනි කලවම් කරන කර්මාන්තකරුවන්ට දැඩි පියවර

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

තේ නිෂ්පාදනයේදී සීනි කලවම් කිරීම සම්බන්ධ තේ නිෂ්පාදන කරුවන්ට එරෙහිව දැඩි පියවර ගැනීම කෙරෙහි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය.

කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ පැවැසීය.

දයාසිරි ජයසේකර මහතා - තේ කුඩුවලට සීනි කලවම් කිරීමෙන් තේ වල ගුණාත්මක භාවය අඩු වෙනවා. මේ දේ කරන කර්මාන්තශාලා හයසිය ගණනක් තියෙනවා.නමුත් අහුවුණේ 53යි.මේ නිසා කුඩා තේවතු හිමියන් අමාරුවේ වැටිලා.මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද?

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - මේවා වැටලීම් කරලා අහුවෙන අය අධිකරණයට ගියාම නීතිඥ මහත්වරු නොයෙක් දේවල් කියලා ඒ අය නිදහස් කර ගන්නවා.මේ නිසා මේ අයට දඬුවම් දීමට ඇති පාර්ලිමේන්තුවේ නීති හදන්න ඕන.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා - දැනට කරන්නේ මේකට අහුවුණාම තේ නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවනවා.වරද සමථයකට පත් කිරීමේ ගාස්තුව අය කරනවා.තේ කොමසාරිස්ට බලය තියෙන්නේ බලපත්‍ර අවලංගු කිරීම සහ අධිකරණ ක්‍රියා මාර්ග වලට යොමු කිරීමයි.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මේ ගැන දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට පියවර ගනිමින් සිටිනවා.



අදහස් (1)

තේ වලට සීනි කලවම් කරන කර්මාන්තකරුවන්ට දැඩි පියවර

රවින් Thursday, 20 September 2018 09:11 AM

කොහොමද පියවර ගන්නේ. තේ /සිනි පිලිබඳ සොයා බලන්න පත්කළ කමිටු පුටු හොඳ නැහැ කියලා අලුත් පුටු ඇනවුම් කරලා. පුටු එනකම් වැඩ නැහැ කියලා ප්‍රවෘත්තියක් තිබුනේ පහුගිය දවස් වල ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 512 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 849 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 497 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1362 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 72 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2536 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1542 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site