(රන්න චන්ද්‍රසේන ගමගේ)
හෙට (25) දින කැබිනට් සංශෝධනයක් වෙන බවත් අද ඇමති හෙට මන්ත්‍රී විය හැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා අද (24) දින අගුණකොළපෑලැස්සේ පැවති උත්සවයකදී පැවසීය.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් ලැබී තිබූ රුපියල් මිලියන 300 ක් වටිනා ආධාර හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් සදහා බෙදා දීමේ උත්සවය සදහා පැමිණි ප්‍රතිලාභීන් අමතා ඇමතිවරයා එසේ පැවසීය.
දක්ෂයන්ට තැනක් හිමි වෙන කැබිනට් සංශෝධනයක් සිදු වෙනු ඇති බවට රටේ ජනතාව බලා පෙරොත්තු වෙන බවත් ඒ අනුව කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ බවත් ඇමතිවරයා පැවසීය.
පසුගිය කාලයේ ඇමතිවරුන්ගේ කෙරුවාවල් බලා මේ කැබිනට් සංශෝධනය සිදු විය යුතු බවත් හිතවත් කම්වලට ඇමතිකම් දෙනවාට වඩා ඉලක්කගතව වැඩක් කළ හැකි හා කළ මන්ත්‍රී වරුන්ට ඇමතිකම් දීම කළ යුතු බවට රටේ ජනතාව තුළ මතයක් ඇති බවත් ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.
මෙම ඡන්දයෙන් කිසිවෙකු දිනා නැති බවද ප්‍රාදේශීය සභාවට ඉල්ලූ හිටපු ජනාධිපතිතුමා පරදා සමහර ගමේ අය දිනූ බවද පැවසූ ඇමති මහින්ද අමරවීර මහතා ඉදිරියේදී නව මැතිවරණ ක්රමයේ යම් යම් වෙනස්කම් සිදු කළ යුතු බවද පැවසීය.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අද ඇමති හෙට මන්ත්‍රී වෙයි - අමරවීර
Nilakaanthi Saturday, 24 February 2018 09:35 AM
හිටපු ලොක්කා ඡන්දෙ දෙන්න කියලා තියෙන්නේ ගමේ මිනිහට නොදී පිටගම්කාරයන්ට දෙන්න කියලනේ. මෝටර් බයිසිකලයෙන් ඇවිත් ගම හදයිලු.
sirimal Saturday, 24 February 2018 09:59 AM
දෙපැත්තේ කකුල් දෙක තියාගෙන වැට උඩට වෙලා ඉන්න කට්ටිය ගැන මොනවා හරි කලේ නැත්නම් වෙන්නේ නිදාගන්නා කාමරේදී කතාවෙන දේවල් පත්තරේ යන එකයි. උදයංග වීරතුංග ජංජාලය එයට හොඳම උදාහරණයක්. ඩුබායි පොලිසිය දැනගන්නටත් කලින් තමාට විරුද්ධව ජාත්‍යන්තර පොලිසිය රතුවරෙන්තුවක් නිකුත් කර ඇතිබව උදයංග වීරතුංග දැනගෙන ඇත්තේ කෙසේද? දැන් ඔහු ආගිය අතක් නැත. අල්ලන් එන්න ගිය මිනිස්සුන්ට නැවත වතාවක් කටඋත්තර නැතුව හිස් අතින් ගෙදර එන්නට සිදුවී ඇත. දැන් නීතිය හා සාමය හමුදාවේ හිටපු කෙනෙකුට නොදී ජනාධිපති අතට ගන්නට යන බවත් නියෝජ්‍ය ඇමතිකම කටේ තිරිංග නැති කෙනාට දෙන්නට යන බවත් ආරංචි වෙනවා. සඳුදා වෙනකොට පුත්තලම, කුරුණෑගල, කොළඹ සහ හම්බන්තොට මන්ත්‍රීවරු කට්ටියක් ආණ්ඩුවෙන් හැලෙන බවයි කියන්නේ.
piyalSaturday, 24 February 2018 11:56 AM
සිරිමල්, උදයංගට කලින් දකුණු ආසියාවේ මහා වංචාවට හවුල් වූ අර්ජුන් මහේන්ද්‍රන්ට ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් ගන්න කියන්න. ඔහු ගැන බලාගන්නම් කිව්ව රනිල් මුනිවත රකින්නේ මන්ද?
sirimalSaturday, 24 February 2018 06:45 PM
මහ බැංකු වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර වැරදි කරුවන්හට දඬුවම් දීමට මේ රජය ගෙන ඇති පියවර යහපත් ක්‍රියාමාර්ගයක් ලෙස දකින්නේ නැත්තේ කුහක අපේ සමහර මිනිසුන්ගේ ඇති කුහක කම නිසයි. මිට පෙර මෙවැනි දෙයක් සිදුවී නැහැ. අර්ජුන් මහේන්ද්‍රන් ගෙන ඒමට රජය කටයුතු කර නැත්නම් ඔවැනි චෝදනාවක් එල්ල කිරීම සාධාරණයි. හරි දේ හරි හැටියට නොදකින එක එක පාට කන්නාඩි පැළඳගෙන ලෝකය දෙස බාලගෙන ඉන්නා මිනිස්සු නිසා තමා අපේ රට මෙවැනි අස්ථාවර තත්වයකට වැටි තියෙන්නේ. රට පුරා දුෂමාන ආරංචි වලට මුලිකත්වයක් දෙමින් විවිධ පුගලයින් සහ මාධ්‍ය ආයතන ඔවුන්ගේ න්යායපත්ර ඉටුකර ගැනීමේ අදහසින් ගෙන යන ප්‍රචාර සුභාරංචි ලෙසට විශ්වාස කරමින් නොමඟ යන බොහෝ පිරිසක් ගන්නා තීරණ වලින් රටේ හෝ ජනතාවගේ හෝ සුභ සිද්ධිය උදෙසා කිසි රුකුලක් ලැබෙන්නේ නැහැ. එයින් කෙරෙන්නේ එදා හිටි අදත් ඉන්නා අන්ත දුෂිත මිනීමරු පාලකයින් කල වැරදි වලට දඬුවම් ලබාදීමට ඇති ඉඩ ඇහිරීම පමණයි.
Raveendra Saturday, 24 February 2018 10:00 AM
හැබෑවට... ඔය ඉන්න සෑම අම්බරුවෙක්ම හිතාගෙන ඉන්නේ මම සැමදා අර ඇමතිය, මේ ඇමතිය යනාදී වශයෙන්නේ. මුන්දැට දැන් තමයි පියවි සිහිය ලැබිලා තියෙන්නේ... එහෙම නේද?
siri Saturday, 24 February 2018 10:02 AM
මෙයා පැරදිලා බයිලා ගහනවා. මෙයාලා හැමදාම ජනතාව ගොනාට අන්දන්න හදපු එකනේ. එ්ත් ජනතාව ඔබව ගොනාට ඇන්දුවා කියන එක තේරුම් ගන්න. ඔබලා කියන ඔය ඇමති මාරුවට "බාල ගිරි දෝෂයද" අද නෙමේ හෙට....
Upali Saturday, 24 February 2018 10:18 AM
අයියෝ ඕක මොකක්ද ඊයෙ ජනාධිපති අද නිකන්ම නිකන් මන්ත්‍රී වෙලා ඉන්නේ
Paththaya Saturday, 24 February 2018 10:21 AM
ඇයි ඔහෙලා.. අගමැති වෙනස් කරන්නෙ නැතෙයි..?
සෙනෙවි Saturday, 24 February 2018 10:28 AM
ලබන ඡන්දෙදි මෙයාගෙ ඇපෙත් නෑ...
AmareSaturday, 24 February 2018 12:32 PM
ඊලඟ පාර ඇප නැති වුණොත් මම ආයිත් බස් කොන්දොස්තර වැඩේට බහිනවා.
Idiot Saturday, 24 February 2018 11:17 AM
වසර 20කට වඩා දියවන්නාවේ සිටින්නන් වහා ඉවත් කළ යුතුයි.
Nandalal DE SILVA - France Saturday, 24 February 2018 11:18 AM
"දක්ෂයන්ට තැනක් හිමි වෙන කැබිනට් සංශෝධනයක් සිදු වෙනු..." එහෙම නොකරපු නිසා නේ යහපාලනය බැස්සේ ! "ජනාධිපතිවරයාගේ අරමුණ ..." විය යුත්තේ පැරණි සගයන් ආරක්ෂා නොකර රොත්ත බුරුත්ත පිටින් රටේ නීතිය හමුවට පමුණුවා, උන් ගැහුවා කියන රටේ වටිනා සම්පත් නැව් පිටින් ආපසු මෙරටට අද්දවා ගැනීමයි... "පසුගිය කාලයේ ඇමතිවරුන්ගේ කෙරුවාවල්...." ඡන්ද දායකයන් හොඳින් බලපු නිසා තමා මෙවැනි රතුඑළි ප්‍රතිඵලයක් රජයට ලබා දුන්නේ ! "ප්‍රාදේශීය සභාවට ඉල්ලූ හිටපු ජනාධිපතිතුමා පරදා සමහර ගමේ අය දිනූ බව..." ඔබ අද කිවුවත් ඒගැන තවම කෙළ බිංදුවක්වත් හෙළා නැත. ඒ වගේම පුංචි ඡන්දයකින් පරාජය වුණු ලෝකයේ පළමුවැනි හිටපු ජනාධිපති හැටියට අපේ ලොක්කා ගිනස් ලෝක වාර්තා පොතට ශ්‍රී ලංකාවෙන් එකතුවීම ගැන අප ආඩම්බර විය යුතුවෙනවා!
dasa Saturday, 24 February 2018 12:01 PM
අමරවීර ඇමතිතුමා, වෙන මතයක් දරන පක්ෂයකට මුක්කු ගහගෙන මැෂින් බෙදුවට මිනිස්සුන්ගේ ඡන්දෙ හම්බවෙන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි තිස්සමහාරාමය සහ පොළොන්නරුව.
lchathuri Saturday, 24 February 2018 01:25 PM
මෙහෙම කියන්න මන්ත්‍රී වෙනකොට හිගන්නා , ඇමති වුන ගමන් ප්‍රකෝටිපති
Chandra Saturday, 24 February 2018 02:11 PM
ඉස්සෙල්ලාම පසුගිය සමයේ වැරදිකරුවන්ගේ නඩු ටික අහල වැරදිකරුවන්ට දඩුවම් දෙන්න. එකනේ වුනු ලොකුම පොරොන්දුව. දැන් ජනතාව රවටන්න එපා .
Jack Sunday, 25 February 2018 04:33 AM
මේ ඇමතිතුමා දන්නේ නැද්ද? ඉන්දියාවේ සමහර මිනිස්සුනට කන්නවත් වතුරවත් වීදුරුවක්වත් නෑ කියල . කොමසාරිස්ගෙන් අහන්න බැරි අපේ රටේ මිනිස්සුන්ට මිලියන 300 දෙන්නේ මොකද කියල....
pakaya Sunday, 25 February 2018 06:19 AM
සර්වජන ඡන්දය අහෝසි කරමු පෙබරවාරි 18 වැනිදා......කොළඹදී. ප්‍රිය ඡන්දදායකය, 2015 දී මහින්ද රාජපක්ෂව ගෙදර යවපු ඔබ ඊට අවුරුදු තුනකට පස්සෙ ආපහු උන්නැහේව තොරන් බැඳල පිළිගැනීම ඔවුන් අදහා ගන්නේ කොහොමද? මේක තේරුම් ගන්න නම් මළගෙදරකදී පවුලේ උදවිය මැරුණු කෙනා මැරුණෙ නෑ වගේ හිතාගෙන කතා කරන හැටි මතක් කරගන්න ඕන. ඒ වගේ තමයි රටේ හුඟ දෙනෙක් ආණ්ඩුව ඡන්දෙන් පැරදුණේ නෑ, මහින්ද දිනුවෙ නෑ කියල ගණන් හද හද ඉන්නෙ. පව් හත් දොහේ දානෙ දෙනකොට ඔය නුහුගුණ ගතිය මගඇරෙයි කියලයි මට හිතෙන්නෙ. ආණ්ඩුව මළා අප්පච්චිට පණ ආවා ආණ්ඩුවට වැරදිච්ච තැන් ගැන නොයෙකුත් විග්රහයන් මේ දවස්වල අහන්න ලැබෙනවා. මම නම් කියන්නෙ රාජපක්ෂ භීතිකාවෙන් විතරක් දුවන්න ගිහිල්ලයි මේගොල්ලන්ට වැරදුනේ කියල. රාජපක්ෂ යක්ෂයාව පෙන්නල විතරක් බය කරගන්න පුළුවන් කට්ටියක් රටේ ඉන්නව තමයි. මේ කට්ටිය ආණ්ඩුව මොන මගුල කරත් අඩු ගානෙ දැන් යකා නෑනෙ කියල හිත හදාගෙන හිටියා.
leel gunawardena Sunday, 25 February 2018 07:37 PM
ලංකාවේ දේශ පාලකයන් ගැන කණගාටු වෙනවා පත්තර මගින් දුටුවා මේ අයගේ වාහන , තිබෙන සැප පහසු කම් ගැන ලංකාවේ දුප්පත් කම කොච්චරද ? කියල වැඩක් නැහැ මේ අය කරන අකුසල් ගැන. තාමත් බලන්නේ අකුසල් රැස් කරගෙන සැප විදින්ටයි