IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මහ බැංකු සිද්ධිය යහපාලනයට කැළලක් - වමේ කේන්ද්‍රය

( විනීතා එම් ගමගේ )

අතීතය ගැන සොයා බලන ආකාරයෙන් වර්තමානය ගැනත් සොයා බලන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් එය හැට දෙලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තුව බවත් වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා ප‍්‍රකාශ කරයි.

වර්තමානයේ සිදුව ඇති මහ බැංකු සිද්ධිය යහපාලනයට බරපතල කැළලක් බැවින් ඒ ගැන ද විශේෂයෙන් සෙවිය යුතු යැයි ද හෙතෙම පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (21) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.  

‘‘මහ බැංකු ප‍්‍රශ්නයේ දී හිටපු අධිපති කියල තිබුණා තමන් විදේශිකයෙක් නිසා කොමිසම ඉදිරියේ සාක්ෂි දෙන්න වුවමනා නැහැ කියලා. නමුත් ඔහු දේශිය ද විදේශිය ද කියල අදාල නැහැ, ඔහු මහ බැංකු අධිපතිවරයා ලෙස සාක්ෂි දෙන්න අවශ්‍යයි.

එහි සිදුවන විමර්ශනවලට සහය දෙන්න ඔහු බැඳී සිටිනවා. රාජිත සේනාරත්න අමාත්‍යවරයා වරක් කිව්වා මම මොහු මහ බැංකු අධිපති කරනවාට මම විරුද්ධ වුණා. ඒ වෙලාවේ රනිල් වික‍්‍රමසිංහ මහතා කිව්වා මම පුද්ගලිකව මොහුට වග කියනවා කියලා. එහෙම නම් දැන් රනිල් මහතා වගකිව යුතුයි. මේ සිද්ධිය යහපාලනයට බරපතල කැළලක්.

අපරාධ කළ අයට දඬුවම් දිය යුතුය යන මතය ඉදිරිපත් කළ සරත් ෆොන්සේකා මහතාට එරෙහිව විවිධ නම්වලින් පෙනී සිටින සංවිධානවලට අයත් 50 ක් 60 ක් පාර්ලිමේන්තුව ලඟට ඇවිත් කෑ ගහල තිබුණා. නමුත් මේ යුද අපරාධවලට හවුල් වුණ අයගෙන් යුද හමුදාවට සිදුවූ අපකීර්තිය විශාලයි.

ඒ තත්ත්වය ඇති කළේ මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂයි. ඒ ගැන රජය වහාම කටයුතු කළ යුතුයි. ඒ නිසාම අතුරුදන්වූවන් පිළිබඳ කාර්යංශය පිහිටුවිය යුතුයි. මහින්දලාගේ සට්ටඹියන් පනහක් හැටක් පාරට බැස්සට ඒක නවත්වන්න එපා කියා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. රජයේ වගකීම හැට දෙලක්ෂයක් වූ ජනතාවගේ බලාපොරොත්තු හා ඔවුන්ට යුක්තිය ඉටු කිරීමයි.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි

 



අදහස් (4)

මහ බැංකු සිද්ධිය යහපාලනයට කැළලක් - වමේ කේන්ද්‍රය

Raveendra Thursday, 21 September 2017 10:33 AM

මේ උන්දැලා "මදුවැල් කැඳ බීලද මන්දා"... යහපාලනය නොවේ, ගවපාලනයට වුණත් අශුචි ස්නානය කලාවගේ.

:       0       44

පිටිගල මිලානෝ Thursday, 21 September 2017 11:04 AM

මට අවංකවම දුක අවුරුදු ගාණක් දුක්වින්ද සහ වෙහෙස වී පක්ෂයට වැඩකළ යුඇන්පී කට්ටිය ගැන. පක්ෂයේ අයට වඩා ටයිකෝට් පළඳින ඉංග්‍රීසි පමණක් කතා කරන කොළඹ හත පැත්තේ කරක් ගහන පැලැන්තියට නායකත්වය වඩාත් ලෙන්ගතුයි.

:       0       27

Lapaya Thursday, 21 September 2017 12:46 PM

මේ අය ගවපාලනයට කඩේ යන්නේ උපදෙසුත් එක්ක. හැරෙනකොට දැන් මිනිස්සු දන්නවාමොකටද කියලා.. කීයක් හම්බ වුණාද ඕක කියන්න.

:       0       68

Senarath Friday, 22 September 2017 04:08 AM

මේ හදන්නේ ළඟ එන චන්ද ටික දිනාගන්න ඕනේ නිසා ඒකාබද්ධ විපක්ෂය මට්ටු කරන්න අවශ්‍ය වටපිටාව සැකසීම . ජනවාරි 8 ජයග්‍රහණයටත් මෙවැනිම කඩේයාමක් කලේ ඩොලර් කුට්ටිවලට. මේ උදවිය පළවැනි මහබැංකු හොරකම සිදුකල වෙලාවේ , කිසිම විරෝදය ක් පලකලේ නැහැ. අද නින්දෙන් අවදිවෙලා වගේ කතාව. මේ වගේ හොරකමක් ලෝකේ කොහෙවත් වෙලා නැහැ . ආයෝජකයෝ ඒවිද මෙහෙම වෙනකොට. රටේම ආර්ථිකය ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 0 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 307 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 439 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1207 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2647 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1762 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site