IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


තෙල් මිල අඩු වැඩි වීම ගැන හොයන්න කමිටුවක්

( දිල්රුක්ෂි ග්‍රේරු ) 
 

තෙල් මිල අඩු වැඩි වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 

එම කමිටුවෙන් ලබා දෙන තීරණය අනුව  තෙල් මිල සුත්‍රය ක්‍රියාත්මක වන බවත් තෙල් මිල අඩු වැඩි වන ඕනෑම අවස්ථාවකදී   හැකි තාක් මහජනතාවගේ සහනය පිළිබඳවද සිතා තීරණ ගැනීමට  උත්සාහ  කරන බවද  අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වන විට ලංකාවට තෙල් සැපයීම සඳහා ඉරානය පමණක් නොව තවත් රටවල් බොහෝ සංඛ්‍යාවක් ඇති නිසා ඉතා ගුණාත්මක තත්ත්වයෙන් ඉන්ධන ලබා ගැනීමට හැකි බවත් ඉදිරියේදී   ආයෝජකයින්ගේ  ගුණාත්මක භාවය හා පැන නගින ගැටළු සම්බන්ධයෙන්  සොයා බලා  ඉදිරියේදී ගිවිසුමක් අත්සන් කිරීමට බලා පොරොත්තුවක් ඇති බව හෙතෙම සඳහන් කළේය.

මේ කරුණු මුලික කරගෙන ඉදිරියේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් ජනතාවට ගැටලුවක් මතු නොවීමට ඉඩ ඇතැයිද  අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (6)

තෙල් මිල අඩු වැඩි වීම ගැන හොයන්න කමිටුවක්

සඳුන් Friday, 17 August 2018 12:57 PM

ගරු ඇමැතිතුමනි, මිල සූත්‍රයට අනුව තෙල් මිල මාසිකව වෙනස් වනවා. ජනතාව මුදල්දී තෙල් ලබාගන්නවා. ඒ වගේම රටේ භාණ්ඩ මිල ඒ අනුව වෙනස් වෙනවා. ජනතාවට මේ මිල සූත්‍රය හැදෙන හැටි කරුණාකරලා ඉදිරිපත් කරන්න. එය විවිධ විද්වතුන්ට එවිට විශ්ලේෂණය කරන්න පුලුවන්. තෙල් මිල වැඩිවීමට වගඋත්තර කරුවන් සෙවීමට එය පහසුවක්...

:       0       26

vidya Friday, 17 August 2018 05:53 PM

ඔබතුමා දන්නේ ක්‍රිකට් ක්‍රීඩාවනේ. ඒ අමාත්‍යංශය හරි අවුල්. ඒක බාරගන්න. ඔය අමාත්‍යංශේ දන්නා කෙනෙකුට බාර දෙන්න.

:       49       1

de silva Friday, 17 August 2018 06:55 PM

කරුණාකර මිල සුත්‍රය ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කරන්න , ඊට පස්සේ එය නියම විදිහට ක්‍රියාත්මක කරන්න ,එහෙම කරහම තෙල් මිල අඩු වැඩි වුනහම කාටවත් ඇඟිල්ල දිගුකරන්න අවශ්‍ය වෙන්නේ නැහැ . කරමින් කාලය නාස්ති කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ නැහැ , අලුතෙන් කමිටු පත්කරන්න එපා එකෙන් වෙන්නේ අනවශ්‍ය මුදල් නාස්තියක් ,බොරුවට මේක අල්ලාගෙන අවරුදු ගනනාවක් තිස්සේ කාලය නාස්තිකරමින් පාර්ලිමේන්තුවේ සහ ඇමති මණ්ඩල රැස්වීම් වල තරක විතර්ක කරමින් කාලය නාස්ති කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ

:       0       64

upali Saturday, 18 August 2018 05:37 AM

මිල සුත්‍රය ගෙනාවේ මුදල් ඇමති. ඔබ ඔහුගෙන් අවසර අරගෙනද කමිටුව පත්කළේ ?

:       20       2

de silva berlin Saturday, 18 August 2018 09:02 AM

අනවශ්‍ය කතා නවත්වලා කරුණාකර මිල සුත්‍රය ප්‍රසිද්ධ කර ක්‍රියාත්මක කරන්න, ලෝක වෙළදපලේ තෙල් මිල වැඩි වන විට මිල සුත්‍රය ගැන කතාකිරීමත් අඩුවන විට මිල සුත්‍රය ගැන කතා කිරීම නවත්වලා නිහඩව සිටීමත් වහාම නවත්වන්න .

:       0       45

de silva berlin Saturday, 18 August 2018 08:41 PM

ජර්මනියේ ඉන්ධන මිල සදහා සුත්‍රයක් හදුන්වල දීල තිබෙනවා එම මිලසුත්‍රය අනුව ඉන්ධන මිල සුළු වශයෙන් දිනපතාම අඩු වැඩි වෙනවා , කවුරුවත් මේගැන වැඩිය කලබල වෙන්නේ නැහැ , ජර්මනිය බිම් ප්‍රමාණයෙන් ලංකාවට වැඩිය කිහිප ගුණයක් වැඩි අතර ලෝකයේ 3 වන හෝ 4 වැනියට විශාල ආර්ථිකයට ඔවුන් හිමිකම් කියනවා අතර මෙහි තිබෙන්නේත් ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා හදපු බහුතර රජයක් නමුත් මෙහි ඇමති මණ්ඩලය ලංකාවට වැඩිය කුඩා වවන අතර ඇමතිවරුන්ට තීරුබදු සහිත වාහන , තවත් වාහන සහ 5-10 වන කාර්යමණ්ඩල වලට රජයෙන් ගෙවන්නේද නැත බහුතරයක් ඇමතිවරු පාර්ලිමේන්තු එන්නේ පොදු ප්‍රවාහන සේවයෙන් ,මෙහෙ ඇමතිවරුන්ට ජනතාව අතර ජිවත්වන්න ආරක්ෂකයන් වුවමන වන්නේ නැත , ලංකාවේ මේවා සියල්ල දුන්නත් ඇමතිවරු කරන්නේ හැමදාම තෙල් මිල , විපක්ෂ නායක කම වැනි එකම කරුණක් අල්ලාගෙන නිකරුනේ වාද කරමින් කාලය මැරීමය , රට ඉදිරියට ගෙන එන සැලසුම් හදා ක්‍රියාත්මක කරන්නේද නැත

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 382 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 76 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 686 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 702 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1134 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1043 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site