IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කෝටි හයකට වාලම්පුරියක් විකුණන්න ගිය දෙදෙනකු අත්අඩංගුවට

(තරංග ගුණරත්න) 

කෝටි හයකට අලෙවි කිරීමට තිබූ බව කියන ටයිටන් වර්ගයේ වාලම්පුරියක් ඉතා රහසිගතව ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සහ හිමිනමක අද (21) මාතර දෙවිනුවර විහාරස්ථානය ආසන්නයෙදී කොක්මාදූව පොලිස් විශේෂ කාර්‍ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

දිගින් සෙන්ටිමීටර 39ක් , වට ප්‍රමාණය සෙන්ටිමීටර 46 සහ බරින්  කිලෝග්‍රෑම් 01.38 පමණ වන මෙය කෝටි හයක මුදලකට විදේශීය ජාතිකයකුට අලෙවිකිරීමට නියමිතව තිබූ බව පොලිසිය කළ මූලික පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.

 


 

 



අදහස් (8)

කෝටි හයකට වාලම්පුරියක් විකුණන්න ගිය දෙදෙනකු අත්අඩංගුවට

Ganapathi saami Friday, 21 September 2018 11:36 PM

අර නාරායන සාමි ළඟට ගියා නම් ඔච්චර මහන්සි නැතිව ලාබෙට ගන්න පුළුවනි නේද?

:       0       1

Chaminda Saturday, 22 September 2018 01:40 AM

සුද්දන්ටත් මේ පිස්සුව තියෙනවද?

:       0       4

KANDEPOLA Saturday, 22 September 2018 04:58 AM

රටට ලැබෙන්න තිබුණු විදේශ විනිමය කෝටි 6ත් නෑ. අන්තිමට වාලම්පුරියට වෙච්ච දෙයක් හොයා ගන්නත් නැති වෙයි...

:       0       22

Rohan Saturday, 22 September 2018 06:29 AM

මේ ආණ්ඩුවේ අයට පිස්සුවක් තියනවද? ඕක නිකම්ම නිකම් හක්ගෙඩියක්.. දකුණට කැරකුණොත් අත්අඩංගුවට ගන්නවා.. වමට කැරකුනොත් අපේ ගම් වල ගොයම් පාගන කමතෙත් තියනවා කවුරුවත් බලන්නේ නෑ… දැන් මොකක්ද මේ නීතියේ තේරුම? මට තේරෙන්නේ නෑ. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න...

:       0       136

PerakumSaturday, 22 September 2018 10:03 AM

මේ මන්ද බුද්ධික අදහස් අපේ නීති පොත්වලට එකතු කල අයට පළමුව දඬුවම් දිය යුතුයි. කොයි අතට කැරකුණත් බෙලිකට්ට බෙලිකට්ටමයි.

:       0       194

Samathasena A . Aluthgamage.Saturday, 22 September 2018 11:05 AM

රොහාන් මහතාගේ අදහසට මාත් එකඟයි. වමට කැරකිලා තියෙන ඒවා පයේ හැපුනත් පොලීසිය අල්ලන්නේ නැහැ. බෙලිකටුවක් කෝටි හයකට දීලා අපේ මිනිස්සුන්ට යහපතක් වෙනවා නම් ඒකට ඉරිසියයි. වල කපනවා. හිරේ දානවා. මේ මිනිස්සු අනන්ත දුක් විඳලා මහා සාගරයේ කිමිදිලා මේවා ගේන්නේ හොඳ අනාගතයක් උදාකරගන්නයි. බෙල්ලන් මරන්න විතරද මේ තහනම. වදවී යන දුර්ලබ වර්ගවල පොකිරිස්සෝ ගෙනත් සංචාරකයන්ට කෑමට පණපිටින්ම නටන තෙලට දාන්නේ... මේකට විතරද මේ තහනම හා දඬුවම... දකුණට කැරකිච්ච එකට දඬුවම් නැත්තේ ඇයි? ඒක අපූරු නීතියක්නේ. ඇත්ත හෝ බොරු වේවා මේවා ගෙනිහින් පුද පූජා පවත්වන්නේ සෞභාග්‍ය උදාකර ගැනීම වෙනුවෙන්. බෙල්ලන්, කකුළුවන් හා ඉස්සන් තම්බා කන රටක එම සතෙකුගේ කටුව පූජා තැබීමට විකිණීම මහා වරදක් සේ සලකා දඬුවම් කිරීම සාධාරණද? මෙතන ඇත්තේ කුහකකමයි. වෙන මොනවත් නොවේ.

:       0       239

මංජුල Saturday, 22 September 2018 09:36 AM

තම තමුන්ගේ අදහස් පලකරලා මේවා යට ගහන්න හැදුවට, මේ ජාවාරමට සම්බන්ධ වී සිටින්නේ චීවරයක් සිරුරේ ඔතාගෙන සිටින අයෙක් බව රටම දන්නවා. රටම ගඳ ගහනවා නේද මේ වගේ වැඩවලින්?

:       100       7

PerakumSaturday, 22 September 2018 02:30 PM

මංජුල, මෙතන අදහස් පල කරන කිසිවෙක් කරුණු යට ගහන්න හදනවා නොවෙයි. ඔබ කියන චීවරධාරියා පිළිබඳව නීතිය ක්‍රියාත්මක වේවි. ඒත් මෙතන තියන ප්‍රශ්නය, අද රටේ චීවරධාරීන් රටම ගඳ ගැස්සුවත් ඔවුන්ගේ මහනායක හිමි වරුන් නිහඬව ඉන්නේ ඒවා අනුමත කරන නිසාවෙන්ද...?

:       0       83

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 135 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 307 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 58 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 508 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1435 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3648 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site