IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘රට ලෝකයට ණය වෙලා‘‘ - ගල්බොඩ ඥාණිස්සර හිමි

(හර්ෂණ තුෂාර සිල්වා)

එක් එක් පුද්ගලයන් ණය ගැන කතා කළත් රට ලෝකයට ණය වී ඇති බවත් බොහෝ දේ නාස්ති වී ඇති බවත් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගල්බොඩ ඥාණිස්සර හිමියෝ අද (12) පස්වරුවේ පැවැසූහ.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති ‘බිස්නස් ටුඬේ ටොප් 30’ සහ ‘බිස්නස් ටුඬේ විශේෂ පිළිගැනීම’ සම්මාන උළලේ ප්‍රධාන අනුශාසනාව කරමින් ගල්බොඩ ඥාණිස්සර හිමියෝ ඒ බව සඳහන් කළහ.

එහිදි අදහස් දැක්වූ කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගල්බොඩ ඥාණිස්සර හිමියෝ මෙසේ ද කීහ.

“විශ්වාසය පරම ඥාතියා යැයි බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා. මේ කරුණ අමතක කිරීම රටේ ප්‍රශ්න රැසකට හේතුවයි. අද තිබෙන ප්‍රශ්න රැසකටත් හේතුව එයයි. විශ්වාසයට ආගමක්, ජාතියක්, කුලයක් හෝ භේදයක් නැහැ. එය අමතක නොකළා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. බුදු දහම, ක්‍රිස්තියානා ආගම, හින්දු හා ඉස්ලාම් යන ආගමික නායකයෝ දේශනා කරපු දේවල් අපි අමතක කළා. ඒ අමතක කිරීම් නිසා අපේ රට බොහෝ ප්‍රශ්නවලට මුහුණ දී තිබෙනවා. 

ඉතිහාසය, අපේ දේවල් උගන්වන්න ඕනේ නෑ කියලා සංකල්පයක් ආවා. අද යුරෝපයේ රටවල් ඔවුන්ගේ දරුවන්ට ඉතිහාසය උගන්වනවා. ජර්මනිය ඔවුන්ගේ දරුවන්ට ලබාදෙන කෑම බීම ගැන පවා සැලකිලිමත් වෙනවා. 

අපි අපේ දරුවෝ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අනෙක් දරුවෝ අපේ දරුවෝ කියලා හිතන්න ඕනේ. හැමෝම ඥාතීන් කියලා හිතන්න ඕනේ. අපේ අය තමන්ගේ ඉඩම් අත් ඇරලා රට රටවලට යනවා. එහෙත් චීනයේ එහෙම නැහැ. ඉන්දියාවේ එහෙම නැහැ. ඔවුන් තියෙන හැම දෙයක්ම තමන්ගේ රටට අරගෙන යනවා. ඒ නිසා රටේ මිනිස්සු රට ගැන හිතන්න ඕනේ. රටේ හැමෝම ගැන හිතන්න ඕනේ. රටේ සතා සීපාව ගස් කොළං ගැන හිතන්න ඕනේ. හැම ජාතියක් ආගමක් ගැනම හොයන්න ඕනේ. රට ගැන හිතලා පරිත්‍යාගශීලිව, බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. අපේ රට නැති වී ගෙන යනවා. රට නැතිවෙලා ඉවරයි. කොහොම වුණත් මේ රට ආරක්ෂා කරගන්න ඕනේ”. 

ඡායාරූප-ඉෂාන් සංජීව

 



අදහස් (8)

‘‘රට ලෝකයට ණය වෙලා‘‘ - ගල්බොඩ ඥාණිස්සර හිමි

Saman Hewawasam Monday, 12 November 2018 11:17 PM

ඔබට පුළුවන් උදව් කරන්න, සල්ලි අච්චු ගහමු.

:       0       0

Amila Tuesday, 13 November 2018 02:34 AM

මේ රට ලේසියට ගොඩ ගන්න බෑ. හේතුව මේ රටේ අති බහුතරයක් මිනිස්සු ලෙසියෙන්ම දේශපාලනය කරන කපටි අයගේ කතා වලට අහුවෙන දේශපාලනය අතින් නූගත් පිරිසක්. ලොකු බොරුවක් ඇත්ත වගේ කිවොත් සැහෙන්න පිරිසක් ඒක විශ්වාස කරනවා හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම. එහෙම බැලුවහම දේශපාලනය කරන අය සාර්ථයි. අනික බලන්න සමහර දේශපාලනය කරන අය උදේ කියන එක නෙමෙයි හවස කියන්නේ.ඒත් ඔවුන්ටම ඡන්දය දෙනවා.

:       0       0

Amarasinghe -Australia Tuesday, 13 November 2018 06:03 AM

හාමුදුරුවනේ අපිට ඔබ වහන්සේලාට වගේ දානය සිවුපසය ලැබෙන්නේ නැහැනේ , අපි මහන්සිවෙලා හම්බකරගන්න ඕන , මේ තත්වෙට අාවෙත් ගොඩක් දුක් විදලා ඉගනගෙන, අධ්‍යාපනය නිදහස් කියල කීවට ගොඩක් වියදම් කරලා සහ දුක් විදලයි ඉගනගත්තේ. දැන් අපේ දරුවන්ටවත් ලංකාව ආරක්‍ෂිත මානව නිදහසට ගරුකරන , හැකියාවට තැන දෙන පරිසරයක් නැහැ , ඔය සියලු දේශපාලුවන්ට පින් සිද්ද වෙන්න රට විනාශවෙලා ගියා . ඒ නිසා නැවත ලංකාවට එන්නේ නැහැ. ඔබවහන්සේත් මෙහි අවොත් නැවත නොයන බව විශ්වාසයි

:       516       293

NamalTuesday, 13 November 2018 09:18 AM

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන වෙන රටවල වහල් වැඩ කරමින් මේ උතුම් රටට ගරහන්න එපා මනුස්සයෝ.. හාමුදුරුවන්ට කතාකරන්න ඉගෙනගන්න. ඔය බොරු මානව හිමිකම් වැඩක් නැහැ. ඕව බටහිර රටවල උගුල්.. කොටි විනාශකරලා දිනපු මේ ලංකාව අපට වටිනවා..

:       0       0

sajith Tuesday, 13 November 2018 10:17 AM

අනේ හාමුදුරුවනේ ඔය රට ඉබේම ලෝකයට ණය වුනේ නැහැ. අපේ දේශපාලුවෝ උන්ගේ සදාකාලික වැජබීම සඳහා රට ණය කන්දක හිර කරා.

:       0       0

vipula Tuesday, 13 November 2018 10:59 AM

රට ණය වෙලා, ණය වෙන්න පටන්ගත්තේ අද ඊයේ නොවේ. නමුත් රටේ පවතින අපරාධ, සමාජ විරෝදී දේවල් ගැන අවධානය යොමුකළ යුතුයි. ණය වෙලා හෝ අප ජීවත් වෙනවා. නමුත් මිනී මරණ විදිහට රටේ ජීවත් වෙන්න පුළුවන්ද?

:       0       0

d.upul Tuesday, 13 November 2018 11:55 AM

පන්සලට එන හැමෝටම කරඬුව ඔලුවේ තියලා ආශීර්වාද කරනකොට මෙව්වා මතක් වෙන්නේ නැද්ද අපේ හාමුදුරුවනේ?

:       0       0

ලක්ෂ්මන් Tuesday, 13 November 2018 12:05 PM

අමරසිංහ මහත්තයෝ ලංකාවේ බොහෝ පංසල්වලට සිවුපසය ලැබෙන්නේ නැහැ. එහෙම වුනත් දැන් දායකයො විතරක් නොවෙයි, දායිකාවොත් පංසල් එනවා කෑම බලාගෙන. ඒ තරමට රට පිරිහිලා. පංසල්වල ඉඩම්වලට හොර ඔප්පු හදලා විකුණනවා. නඩු කියනවා. හාමුදුරුවනුත්, සංඝ පරම්පරාවෙන් අයිති කියලා සාංගික දේපල විකුණනවා. නොතාරිස්ලාත් ඒවාට ඔප්පු ලියනවා. කවුරුවත් ඒවා බලන්නේ නැහැ.. මේ රටේ දැන් තියෙන්නේ නිඝන්ඪනාථපුත්තගේ දහමද කියලත් හිතෙනවා. එතරම් මේරට ණයවෙලා ඔබ කියන විදියට දේශපාලකයෝ මේ රට කාලා විනාශ කරලා කියන එක ඇත්ත..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රදීප් කුරුකුලසූරියට යූ.එන් ලොකු වගකීමක්
2024 අප්‍රේල් මස 18 0 0

එක්සත් ජාතීන්ගේ ප්‍රාග්ධන අරමුදලේ විධායක ලේකම්වරයා ලෙස ආචාර්ය ප්‍රදීප් කුරුකුලසූරිය මහතා පත්කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 57 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 1147 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 493 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 633 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 385 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1492 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site