(බිඟුන් මේනක ගමගේ)
අසංක සායක්කාර අධ්‍යක්ෂණය කළ "මං කෙලින් මිනිහෙක්" වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය තාවකාලිකව අත්හිටුවීමට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය කටයුතු කර ඇත.
නාට්‍ය සම්බන්ධයෙන් කෙරුණු පැමිණිල්ලක් මත ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව හෙට (18) බොරැල්ල පුංචි තියටර්හිදී හා අනිද්දා (19) දෙහිවල එස්. ද එස්. ජයසිංහ ශාලාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව පැවැති දර්ශන වාර අවලංගු කිරීමට සිදුව ඇතැයි නාට්‍ය අධ්යක්ෂ අසංක සායක්කාර මහතා පැවැසීය.
වාමාංශික දේශපාලඥයෙකු තම අනියම් පෙම්වතිය සමඟ කරන කතාබහක් මෙම වේදිකා නාට්‍ය ට වස්තු විෂය වී ඇත.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
’’මං කෙලින් මිනිහෙක්’’ තාවකාලිකව අත්හිටුවයි
ලුම්බිණි Saturday, 18 August 2018 01:47 AM
මේ තියෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය.
Sunil Saturday, 18 August 2018 07:23 AM
ඒවා තියෙන්නේ චන්දෙ කාලෙට ස්ටේජ් එකේ විතරයි නේද?
perera Saturday, 18 August 2018 02:43 AM
හරිනේ ඉතින්, සම්පූර්ණ සාධාරනයිනේ නාට්‍ය නවත්තපු එක, කෙලින් මිනිස්සු ඉන්නවද ලංකාවේ???
prabha Saturday, 18 August 2018 08:12 AM
ලංකාවේ ඉන්නේ වමට සිග්නල් දාලා දකුණට යන වාමාංශිකයෝ
සමීර Saturday, 18 August 2018 08:49 AM
නරකද ටෙලි නාට්‍ය වලට ඔය වගේ පාලක මණ්ඩලයක් දැම්මොත්? දැනටම එහෙම අය ඉන්නවද කියලා නම් දන්නේ නෑ. ඉන්නවා නම් ඒ අය කිසිම වැඩක් කරන්නේ නෑ කියලා නම් දන්නවා. රුපවාහිනියේ පෙන්නන නාට්‍ය තෝර තෝර මිනිස්සු බලන්නේ නෑ නේ. ඒවා පෙන්නන්න කලින් තෝරන්න ඕන. මගේ අදහස අනුව නම් දැන් පෙන්නන සමහරක් ටෙලි නාට්‍ය නිසා සමාජෙට ලොකු හානියක් වෙනවා. උදාහරණ විදිහට හැම නිතරම පැරදිලා අඩන චරිත, පාසල් ඇදුමින් පෙම් කරන චරිත, වෛරය පැතිරෙන විදිහට නිතර නිතර රණ්ඩු කරන චරිත රුපවාහිනියේ පෙන්නන එක වැරදියි කියලයි මගේ අදහස.
නුවන්Saturday, 18 August 2018 11:40 PM
සමහර රටවල්වල රූපවාහිනී වැඩසටහන් වර්ග කරනවා. ළමයිට සුදුසු නැත. මෙහි වැඩිහිටියන්ට වඩාත් සුදුසු අන්තර්ගතය පවතී.ළමයින් සමග නැරඹීමට සුදුසු නොවිය හැක වැනි අවවාද ආරම්භයදී පෙන්වනවා. එහෙම ක්‍රමයක් වඩාත් සුදුසුයි. නමුත් අවුල තියෙන්නෙ එහෙම් වුණොත් ළමා වැඩසටහන් පවා ළමයින්ට බලන්න වෙන්නේ නෑ.
Bandara Saturday, 18 August 2018 05:14 PM
මේ නාට්‍යයට පාදක වෙන්නේ .. පුංචි අම්මාට පෙම්කල ඥාති පුතෙක් පිළිබඳ ...
iansmith Sunday, 19 August 2018 01:13 AM
මේ නාට්‍ය නම දල තියෙන විදියම ළමයෙක්ට බලන්න බැරි බාල විදිහේ එකක් ! මේවා මාකටින් ට්‍රික්!
BamunuarachchiMonday, 20 August 2018 01:30 AM
හීනෙන් වත් මේ කතාව දැක්කාද? මේවා මාකටින් ට්‍රික්ස් කියලා කියමු නේද?
bamunuarachchiMonday, 20 August 2018 01:38 AM
ඩී. එච්. ලෝරන්ස් මහතාගේ ලේඩි චටර්ලේ'ස් ලවර් නමැති පොත ගැන දන්නවාද? ඒ පොත කියවුවේ ඉස්කෝලේ යනකාලේ. ඔය විදිහට හිතන්නෙත් මානසික ලෙඩ්ඩු
padmini Sunday, 19 August 2018 05:17 AM
බණ්ඩාරගේ අදහස මඩ ගැහීමක් නම් ඔබේ දින වහල් මානසිකත්වය ඉස්මතු වීමක් තමයි ඒ, මොනතරම් පහත් අදහසක්ද?
Bamunuarachchi Monday, 20 August 2018 01:31 AM
කොහොමත් කෙලින් මිනිසුන්ට මෙරටේ ඉඩ නැත ඒ වුනාට කෙලින මිනිසුන්ට බොහොම ඉඩ ඇත.
Sil Monday, 20 August 2018 05:10 AM
රටේ සිංහල බෞද්ධ පදනම විනාශ කලයුතුය... යන අදහස මුදුන්පත් කරගැනීමට කරන වෑයමේ තවත් උත්සාහයක් නාට්‍යානුසාරයෙනි.