IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තමන්ට මරණීය තර්ජන ඇති බව සුජීව කියයි

(නිමල කොඩිතුවක්කු)       
   
තමන්ට මරණීය තර්ජන ඇති බව ජාත්‍යන්තර වෙළඳ සහ ක‍්‍රමෝපාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් තමන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (19) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව සේනසිංහ මහතා මෙසේ ද කීවේය.

 ‘‘මට එල්ල වෙලා තියෙන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් තියලා මම ප‍්‍රතිචාර දක්වපු දවසේ රාත‍්‍රීයේ මම කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ අගමැතිතුමාත් එක්ක උත්සවයකට සහභාගී වුණා. රාත‍්‍රී 10.00 ට විතර මට දුරකතන ඇමතුමක් ආවා. ඇන්ටන් දේශප‍්‍රිය කියලා මට කුනුහර්පෙන් බැන්නා. මරනවා කියලා මට තර්ජනය කලා. තත්පර 40ක් විතර බැන්නාට පස්සේ මම දුරකතනය විසන්ධි කලා. 

මේ නම්බරය ගැන හොයලා බලන විට මම මේ නම්බරය මම මෙයට කලින් ඉතාලි බූරුවා කියලා සේව් කරගෙන තියෙනවා. මෙයට වසරකට පමණ කලින්තු මේ පුද්ගලයාම මට මරණීය තර්ජනය කළා. මිරිහාන පොලිසියේ මම මේ ගැන එවක පැමිණිල්ලක් කලා. මේ ගැන විමර්ශන කරන විට නලීන් බණ්ඩාර මහතාටත් මෙයට වසරකට පමණ පෙර මරණීය තර්ජනය කරලා තියෙනවා කියලා හෙළි වුණා.  

අපිට එදා කෝල් කරලා තියෙන්නේත් ඇන්ටන් දේශප‍්‍රිය කියන මේ පුද්ගලයාමයි. මම මේ ගැන යළිත් පොලිස් මූලස්ථානයටත් පැමිණිල්ලක් ඉදිරිපත් කළා

මේ ගැන තොරතුරු ජාත්‍යන්තර පොලිසියට දාලා මේ අය ලංකාවට ගේන්න  ඕනෑ. අපි බලාපොරොත්තු වෙනවා ඒ නීතිය මේ රටේ ක‍්‍රියාතමක වෙයි කියලා’’ යැයිද ඔහු එහිදි කියා සිටියේය. 

ඡායාරූප - ගයාන් අමරසේකර



අදහස් (25)

තමන්ට මරණීය තර්ජන ඇති බව සුජීව කියයි

laithsjm Friday, 19 October 2018 03:43 PM

ඔබතුමාට මරණ තර්ජන කරන්නෙ කවුද? පිස්සෙක් වෙන්න ඇති...

:       2       830

sachith Friday, 19 October 2018 03:43 PM

කොළඹ සන්නියේද කොහේ තියෙන සින්දුවක් මතක් වුණා. මේවා දැකලා පණ යන තරමට මටම හිනා...

:       0       307

සතයපාල Friday, 19 October 2018 03:54 PM

හොඳට හොයලා බලන්න ඔය නොම්මරය මානසික රෝහලකට අයත් එකක්ද කියලා... සිහි කල්පනාව තියන අය නම් මේ ඌරන්ට තර්ජනය කරන්න යන්නේ නැහැ.

:       0       1398

erdi Friday, 19 October 2018 03:54 PM

ගහපු ගේම අතේ පත්තු වුණාට පස්සෙ මරණ තර්ජන කියල ගැලවෙන්නද හදන්නේ ඇමතිතුමා... හොඳයි අපි විශ්වාස කරන්නම්කෝ?

:       0       506

lalith Friday, 19 October 2018 04:14 PM

එහෙනම් ඔය රස්සාවෙන් අයින්වෙලා අපේ ගමට එන්න... හොඳ ආරක්ෂාකාරී රස්සාවක් දෙන්නම්... මෙහෙ පොල් ටික කඩාගන්නවත් කෙනෙක් හොයාගන්න නැතුවයි ඉන්නේ... හැබැයි ඩියුටි ෆ්‍රී කාර්, සිංගප්පුරුවේ සෞඛ්‍ය රක්ෂණ එහෙම නම් දෙන්නේ නැහැ.. දැනුමේ ප්‍රමානෙට වැඩ බලල තමයි පඩි ගෙවන්නේ. ඔන්න එනකොටම කිව්වා.

:       0       1271

chandapala Saturday, 20 October 2018 03:36 AM

මේ වගේ අයට ඡන්දෙ දීපු හරක්ට දැන් හුඟක් සන්තෝස ඇති...

:       1       221

shan saudi Saturday, 20 October 2018 05:19 AM

ශුවර් එකට පාතාලය සමග තිබුණු සම්බන්ධතාවක් බිඳ වැටෙන්න ඇති... නැත්නම් ගැරඩි මරලා පව්පුරෝගන්න තරම් මෝඩ මිනිස්සු ලංකාවේ නැහැ...

:       0       136

Hafeel Saturday, 20 October 2018 05:37 AM

දැන් මරණ තර්ජන ෆන් එකක් වගේ. අනික මෙයාට මේ දවස්වල අමුතු ලෙඩ දුක් හැදිලා තියන්නේ. අැලෝසියස්ගෙන් මුදල් ගත්තු ලැයිස්තුව පිටවෙද්දී නිකම් හාර්ට් ඇටෑක් වගේ ආවලු... දැන් අලුත් කොමිස් කතාවක් ආරංචි වෙනකොට අම්මටත් ලෙඩ හැදුණාලු. මොකද්ද මේ වෙන්නේ?

:       0       332

samira Saturday, 20 October 2018 06:02 AM

දැන් හුඟදෙනෙක් හරක් මස් කන්නේ නැහැ...

:       2       420

janaka Saturday, 20 October 2018 06:27 AM

ඵල ඇති රුකටලු ගල් ගහන්නේ ඇමතිතුමා පරිස්සමින්

:       1019       29

Hafeel Saturday, 20 October 2018 07:58 AM

ජාත්‍යන්තර පොලීසිය දාල අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙන්න ගත්තනං, ඔයා ඇතුළු ඔය සෙට් එකේම ලෙඩ රෝග සනීප වේවි.

:       0       19

රවින් Saturday, 20 October 2018 08:41 AM

හයියෝ පොඩි වැඩයි කරන්න තියෙන්නේ.

:       0       0

vihanga Saturday, 20 October 2018 08:48 AM

ඒක තමයි අපි කිව්වේ ලංකාවේ ගව ඝාතනය තහනම් කරන්න ඕනෑ කියලා. එතකොට මරණ තර්ජන කරා කියල භය වෙන්න දෙයක් නෑ.

:       0       253

Nuwan Saturday, 20 October 2018 09:09 AM

කෙසෙල් වෙළෙන්ඳෙක් ඕක පිටිපස්සේ ඇති... ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න...

:       0       192

Nimal Saturday, 20 October 2018 09:42 AM

කවුරුහරි ඒ මරණ තර්ජනය කරපු එක්කෙනා හොයාගෙන මිනිහට සහතිකයක් දෙන්න වටිනවා කරන්න හදන වැඩේට. මොකද මේ ලංකාවේ වෙන අපරාධවලට, කොහෙන් හරි විසඳුමක් තිබිය යුතුය... ඔක්කොම කයිය තමයි.. ඔක්කොම එකතු වී රටේ මහජන මුදල් කෑවා හැර වෙන කරපු දෙයක් නැහැ.

:       0       186

chinthaka Saturday, 20 October 2018 10:15 AM

අනුන්ට හොරා කියමින් දේශපාලනයට ආවා, අැලෝසියස්ගේ සල්ලි ගත්ත බව එළිවුණාම ටිකක් කට අඩුවුණා. දැන්වත් කට වහගෙන දන්නා දෙයක් කරගෙන ඉන්න.

:       0       168

akila Saturday, 20 October 2018 11:24 AM

අප්පච්චි පැරදුණු එකට දුකෙන් ඉන්න කෙනෙක් වෙන්න ඇති.., ඒ අය හුඟක් ඉන්නේ අසහනෙන් වගේ දැන්...

:       361       12

BamunuarachchiSunday, 21 October 2018 06:02 AM

මෙයාගේ මොලේ හොඳ නැද්ද අප්පච්චි පැරදුනාට මෙය දුක්වෙන්නේ මොකටද? මෙයා දුක්වෙන්නේ 10% කොමිස් එක ගහලා ගියාට

:       0       11

Chaminda Saturday, 20 October 2018 01:37 PM

මට කියන්න දෙයක් නැහැ කට්ටිය හොදට කියල තියෙනවා

:       0       5

chandima Saturday, 20 October 2018 03:38 PM

ඕව ගිහින් කොන්ඩේ බැදපු චින්නුට කියන්ඩ.....අය්යෝ කොහෙන් හිනාවෙන්නද මේවට............

:       0       1

කරුණාපාල Saturday, 20 October 2018 04:23 PM

අඩුතරමේ දන්නා විදිහට, කෙටි කතාවක් වත් ලිව්වා නම් අපිට රසවිඳින්න තිබුණා?

:       0       8

Bamunuarachchi Sunday, 21 October 2018 06:05 AM

ඉතින් අපිට මොකෝ. අපි පන දීලා රැකගන්න ඕනේ ජාතික වස්තුවක් නොවෙයිනේ

:       0       20

Nuwa Sunday, 21 October 2018 06:35 AM

පොඩි කාලේ අස්සයා පිටේ ගිය මෙයාට මිනිස්සු ඉරිසියාවේ කතා හදන්නේ ...

:       0       49

Gamage Sunday, 21 October 2018 10:08 AM

අපි මනාප දූන් ඔබවහන්සේගේ සියලූ කථා ඇත්ත මම..... ඵ්වා කියා පිළිගන්නවා තවත් පගා ගන්න ලබන සැරේ දිස්ත්‍රික්යේ වැඩිම මනාප ලාභියා ඔබයි.........

:       0       0

banda Sunday, 21 October 2018 11:24 AM

ගැරඬි මරලා කව්රුවත් පව් පුරවා ගන්නේ නෑ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1071 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 136 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 406 1

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 822 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 258 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 321 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site