IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බදාදා කැබිනට් සංශෝධනයක්

රංජන් කස්තුරි 

කැබිනට් මණ්ඩල සංශෝධනයක් බදාදා (21) සිදුකෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
 
පවතින දේශපාලන ගැටලුව විසඳාගැනීමෙන් පසුව නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
 
ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රීයාත්මක වුවහොත් කැබිනට් සහ කැබිනට් නොවන ඇමතිවරුන්ගේ සංඛාවේ වෙනසක් සිඳු නොවන අතර ඇමතිවරුන්ගේ විෂය සංශෝධනයක් පමණක් සිඳුකෙරෙනු ඇතැයි වාර්තාවේ.
 
එහෙත් ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 30කට සීමාවී කැබිනට් නොවන අමාත්‍යධූර සංඛ්‍යාව45 ක් විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනයේ සඳහන් වේ.



අදහස් (29)

බදාදා කැබිනට් සංශෝධනයක්

සතයපාල Monday, 19 February 2018 09:40 AM

පරණ වයින්ම අලුත් බෝතල්වලට පුරවන්න වගේ හදන්නේ, හැබැයි ඉතින් ඕවායින් ජනතාව රැවටෙන්නේ නැහැ තමන්මයි රැවටෙන්නේ ඊලග පලාත්සභා ඡන්දයේදී මේවායේ ප්‍රතිථල බලාගන්න පුලුවන්වෙයී.

:       237       951

Perakum Monday, 19 February 2018 09:53 AM

මගේ දැනුමේ හැටියට මේක ජාතික ආණ්ඩුවක් නොවෙයි. එසේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනයේ සඳහන් පරිදි කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 30කට සීමාවී කැබිනට් නොවන අමාත්‍යධූර සංඛ්‍යාව 45 ක් විය යුතුය.

:       23       223

sirimal Monday, 19 February 2018 09:55 AM

බදාදාට කියයිද දන්නේ නෑ සෙනසුරාදාට කියල. මෙහෙම කොහොමද රටක් කරන්නේ? එතකොට 10 වෙනිදා ඉඳල සිද්ධ වුනේ මිත්‍යා රඟ දැක්වීමක්ද?

:       52       253

Tissa Monday, 19 February 2018 10:14 AM

නීතිය හා සාමය සරත් ෆොන්සේකාට දෙන්න.

:       5007       7035

ramaMonday, 19 February 2018 12:18 PM

අපොයි නීතිය හා සාමය දුන්නොත් සරත් ෆොන්සේකාට කවදාවත් රට සාමකාමී වෙන්නේ නැහැ. ආයේ සිංහලයින්ගෙන් පළිගන්නයි එයාට ඕනේ...

:       1314       1378

RasiTuesday, 20 February 2018 01:45 AM

යුද හමුදාවක පාලනය සහ රටක නිතිය සහ සාමය පාලනය කියන එකේ විශාල වෙනසක් තියනවා. තවද යුද්දය පවතින අවස්ථාව යනු තවත් විශේෂ අවස්ථාවක් වේ. ඒ හේතුවෙන් එවන් අවස්ථාවක හමුදාව යුද්දය සදහා හොදින් මෙහෙයවූ පමණින් මොහු සාමාන්‍ය සිවිල් ජනයා මෙහෙයවීම සදහා සුදුසුද යන්න ප්‍රශ්නකාරී තීරණයකි. නමුත් යම් පිරිසක් මෙය කල යුතුම යයි ඉදුරාම පවසන හෙයින්, ඔවුන්ගේ තීරණය හරිද වැරදිද යන්න තීරණය කල හැක්කේ අනාගතයට පමණි. නමුත් මෙය හුදෙක් යම් පිරිසකගෙන් පලිගැනීම සදහා සහ ජන මර්දනය සදහා කෙරෙන්නක් නම් මේ උත්සාහය මහා විනාශයකින් අවසන් වීමට ඉඩ ඇත. එවිට මේ සදහා උනන්දුවන සැම මේ සදහා වග කිව යුතු වේ.

:       0       0

KANDEPOLATuesday, 20 February 2018 02:42 AM

බැලූ බැල්මට සුදුස්ස ඔහු වගේ පෙනුනට, රටට ඉතාම අහිතකර පත්වීමක් වෙයි. ඔහුට ඒ ඇමතිකම කිසිසේත් ගැලපෙන්නේ නෑ.

:       0       0

JantihTuesday, 20 February 2018 04:32 AM

සරත් ෆොන්සේකාට ඇමති පට්ටම් දෙන්න කියන්නේ ඡන්දයක් දිනපු කෙනෙක්ද?

:       0       0

Chandra Monday, 19 February 2018 10:14 AM

කව්රු පත්වුණත්, පත්කෙරුවත් ඊට පස්සේ රට වෙනුවෙන් කැපවෙන්න ඕනෑ. පත්වෙන්නේ මහජනතාවට සේවය කරන්න ඡන්දය දුන් අයටයි, නොදුන් අයටයි දෙගොල්ලන්ටම. නැතිනම් පක්ෂ ගොඩගන්න ඡන්දය විතරක් ගන්න වැඩ කරනවා කියන්නේ දූෂිත රටක් වෙලා රට පරිහානියට පත් වෙන එක වලක්වන්න බැහැ. ඒක රටට කරන මහා විනාශයක්. මෙච්චර අවුරුදු ගාණක් ලංකාවේ දේශපාලකයින් තමන්ගේ බඩගෝස්තරය විතරයි බැලුවේ. අන්තිමට ජනයා අනාතයි. හිඟා නොකා හිඟා කනවා... ජොලි කරපු ණය ගෙවන්න.

:       163       567

RaveendraMonday, 19 February 2018 12:27 PM

චන්ද්‍රා මයා වෙත, ඔබගේ කාලෝචිත අදහස් සමග අපද එකඟ වන්නෙමු. නමුත් ගැටළුව මොවුන්ට රට මක බෑවුණත් කම් නැත. මම යහතින් ඉඳලා යන නිවට නියායයි. මේ සිත්වලින් තුරන් වනතුරු අප රට ගොඩ එනු බොරුය.

:       101       190

aseTuesday, 20 February 2018 04:21 AM

මේ සියල්ලට වැරදි අපි ජනතාවම නේද ? ඇයි මේ අපි බහිමු පාරට, ඉල්ලමු මහා ඡන්දයක්, පත් කරගමු අවංක, වැදගත්, උගත් ඇයො, අපි අපේම වාසියට, බඩට ඡන්දය පාවිච්චි කරලා පස්සේ අදෝනාව, මේක අපේ ජාන වල වැරද්දක් වගේ නේ ?

:       0       0

oshinTuesday, 20 February 2018 04:50 AM

ඔබ කියන දේ හරියට හරි. මේ ආත්මාර්ථකාමී අයට අමතන්න මට නම් වචන නැත.

:       0       31

Samantha Monday, 19 February 2018 10:33 AM

මෙහෙමත් ජාතියක්.. මේ අය මේ වලි කන්නේ රටවත්, මිනිස්සුවත් හදන්න නෙමෙයි... රට කන්න හදන්නේ. රට හදන අය නම් මෙලහකටත් පුළුවන් අයට දීලා...

:       2       255

gunarathna Monday, 19 February 2018 10:53 AM

මොන සෙල්ලම් දැම්මත් අවසානේ වෙන්නේ රනිල් අගමැතිවෙලා ශ්‍රී ලංකා කාරයෝ ටිකක් එක්ක මෛත්‍රි ආණ්ඩුව කරනවා. එ්කාබද්ධයේ විපක්ෂයට යනවා. මෛත්‍රි හිතන්නේ එහෙම කෙරුවම ඊළඟ ජනාධිපති ඡන්දෙට එජාප එකෙන් එන්නට. ඒවා හීන විතරයි. ඊළඟ ඡන්දෙට එන්නේ රනිල්.

:       1162       814

Muhan Monday, 19 February 2018 11:07 AM

කැබිනට් සංශෝධනයක්!!! මම මේක දැක්කේ පත්තරයෙන්නේ...

:       0       241

naradha Monday, 19 February 2018 11:31 AM

ඔය අය කීයටවත් ජාතික ආණ්ඩුවකින් පිටතට යන්නේ නැහැ. එහෙම උනොත් ඔය තියෙන ඇමති පට්ටන් ගණන අඩු වෙනවා. රට යකාට ගියත්, මේ අය බලන්නේ තමන්ගේ පැවැත්ම සහ සුබ සිද්ධිය ගැන පමණයි.

:       0       188

juwan appu Monday, 19 February 2018 11:33 AM

අම්මපා මෙහෙම විකාර , ඔක්කොම බලය තමන්ට තියා ගන්න රට ජාතිය ආගම සංස්කෘතිය චර්යා ධර්ම වලට හෙන ගහල ගියත් වගේ වගක් නැතිව ජනතාව මෝඩ තකතිරුවෝ නේද කියල වැඩ කරන්නේ , ඔහොම යං

:       0       121

lalithsjm Monday, 19 February 2018 11:43 AM

ජනාධිපති මේ ඡන්දෙන් යවලාම දැම්මා. රනිල්ට වල නොකපා එයාම තමයි අයින් වෙන්න ඕනෑ.

:       100       150

Shan Monday, 19 February 2018 02:01 PM

මේ ජනාධිපති එක්ක කැබිනෙට් අඩු කරනවා බොරු. කයිවාරු විතරයි, වැඩ නෑ. අපේ රටේ කරුමේ තමයි.

:       0       248

manjula Monday, 19 February 2018 02:04 PM

ජනතාවගේ වටිනා ඡණ්දයත්, මැතිවරණය වෙනුවෙන් වියදමිකළ මුදලත් තුටිටුවකට මායිමි නොකොට පුටු මාරැකරගන්නයි හදන්නේ. අවසාන හුස්ම පොදේ එල්ළි ඉදගෙන මෙි හදන්නේ රට දියුණු කරන්නද?

:       38       175

naradha Monday, 19 February 2018 02:35 PM

ඔය අය ජාතික ආණ්ඩුවෙන් පිට වෙන කිසි දෙයක් කරන්නේ නෑ. මොකද, එකෙන් පිට ගියානම් ඔය ඇමති පට්ටම් ගණන අඩු වෙනවා. දැන් කරන්නේ හිස රදයට කොට්ටේ මාරු කිරීමක් පමණයි.

:       0       147

Siri Monday, 19 February 2018 03:45 PM

කලින් ආණ්ඩුවේ දුෂිතයන්ට නොදී ජනපති කරන්නේ හරි දෙය. කාටත් මේක තේරුනත් කියන්ඩ බයයි. ඒකයි ඇත්ත.

:       0       0

ජගත් ලියනගේ Monday, 19 February 2018 03:48 PM

මොන සංශෝධනය කරත් , අවශ්‍යම සංශෝධනය කරේ නැත්තං වැඩක් නැහැ .

:       0       0

chanak los angeles Monday, 19 February 2018 03:56 PM

රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ගරු රනිල් මැතිතුමාගේ නායකත්වය... ඒ නිසයි රෙජීමය පරාජය කර ජාතික ආණ්ඩුවට ජනතා විශ්වාසය දින ගන්න පුළුවන් වුණේ...

:       0       0

ජගත් ලියනගේ Monday, 19 February 2018 05:40 PM

කරන්නම ඕන සංශෝධනය කරන්නේ නැතුව වෙනත් සංශෝධන කරල වැඩක් නැහැ .

:       0       0

siri Monday, 19 February 2018 06:49 PM

තිස්ස, අස් ඇර බලන්න. ඒ ඇමති කම සරත් පොන්සේකාට දුන්නොත් ,රටේම ජනතාව ඉවරයි. ජනවරමක් නැති මිනිහෙකුට ,එවන් ඇමතිකමක් ලැබුනහම අධි තක්සේරුව තවත් වැඩි වෙනවා මිසක් අඩු නොවේ.

:       0       0

පිටිගල මිලානෝ Monday, 19 February 2018 09:47 PM

නීතිය සහ සාමය ඇමතිකම සරත් ෆොන්සේකා මහතාට දෙන්න.

:       0       0

Jagath Leanage Tuesday, 20 February 2018 12:34 AM

මොන සංශෝධනය කරත් වැඩක් නැහැ අවශ්‍යම කරන එක කරේ නැත්තං .

:       0       0

modaya Tuesday, 20 February 2018 06:35 AM

හිටපු ලොක්කෝ ඇවිල්ලා රට සුරේ පුරයක් කරාවී. වැඩට යන්න ඕනෙත් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 54 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 72 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 128 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 389 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3309 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 669 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site