IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘මෙවර මැතිවරණයේ ශ්‍රිලනිපෙ නාමයෝජනා කටයුතු අවසන්’ - අමරවීර

(නිමල කොඩිතුවක්කු)

මෙවර පළාත් පාළන මැතිවරණය සඳහා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා කටයුතු සියයට අනූ නවයකින් අවසන් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවසීය.

නාමයොජනා ලැයිස්තු සකස් කිරීමේදී දුෂණ චෝදනා එල්ල වී නොමැති දක්ෂ තරුණ උගත් කණ්ඩායමක් තෝරාගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා සකස් කිරීමේදී ඇතැම් තැන් වලින් හය හත් දෙනා වශයෙන් අයදුම්පත් ඉදිරිපත් කර තිබූ බවද ඇමැතිවරයා පැවසීය.

එමෙන්ම ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ කොන්දේසි වලට යටත් වන සන්ධානයේ සෙසු පක්ෂ වලටද මෙවර නාමයෝජනා ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.



අදහස් (12)

‘මෙවර මැතිවරණයේ ශ්‍රිලනිපෙ නාමයෝජනා කටයුතු අවසන්’ - අමරවීර

sisira Tuesday, 14 November 2017 11:44 AM

ඇපත් නැති වෙයි වගේ හැබැයි ඉතින් ප්‍රශ්නයක් නැහැ පරාජිතයෝ බරගානක් පාර්ලිමේන්තුවේ ඉන්නවනේ මේ දවස්වල තාවකාලිකව පරාජිතයෝ රජකරනවා ආසාවනේ එයාලත් හැදෙන්න එපැයි පව්නේ....

:       322       492

Shaan Tuesday, 14 November 2017 11:53 AM

ඇමතිතුමෝ, ගුරුවරියන්ව දන ගැස්සු අපේක්ෂකයෝ කීදෙනෙන් ඉන්නවාද? අගෝස්තු 15 මහා මැතිවරණයේදී UNP ට විරුද්දව අපෙන් ඡන්දය ලබාගෙන, ජනතිපතිතුමා එම කණ්ඩායම පරද්දන්න සියලුම සෙල්ලම් කරලා, දිනපු සමහරුන්, ඔබත් ඇතුළුව UNP රජයේ ඇමතිකම් අරගෙන, පැරදිච්ච අපේක්ෂකයෝ ජනාතිපතිට කඩේ ගොස් ජාතික ලයීස්තුවෙන් ඇමතිකම් මන්ත්‍රීකම් අරන්, චන්දය පුළුවන් තරම් පරක්කු කරලා, ජනතාව සටන් කරලා ලබා ගත මේ චන්දෙයෙදී, දැන් එනවා නේද ලැජ්ජාවක් නැතුව අපේ චන්දය ඉල්ලා ඉල්ලා. කොණ්ඩේ බැදපු චීනන්ගෙන් ඉල්ලන්න. අපි දන්නවා මෙදා පාර කොරන්න ඕන මොකක්ද කියල.

:       401       910

rama Tuesday, 14 November 2017 12:16 PM

එහෙනම් අපරාදේ නේ ඒකාබද්ද විපක්ෂය එක්ක සාකච්චා කරන්නේ. එයාලට දෙන්න ඉඩක් නැහැනේද?

:       0       1

senarath Tuesday, 14 November 2017 12:20 PM

හිටපු ජනපතිනියක් ජනපතිතුමෙක් එකතුවෙලා තවත් හිටපු ජනපතිතුමෙක් එක්ක කරන සටනින් ජයගන්නේ කව්ද කියල බලන්න අපි හරි අසාවෙන් ඉන්නවා

:       0       1

Raveendra Tuesday, 14 November 2017 12:50 PM

හා හා හොදා... හොදා..... දැන් ඉතින් මේ උන්නැහේ අපිට මක්කේ කියන්නේ ?????

:       0       1

lal Tuesday, 14 November 2017 12:59 PM

මෙයා ගේ බොරු ආඩම්බර කතා, ජන්ද ගණන අනුව එක්කෝ තුන නැත්නම් හතර ඊට උඩින් එනවා බොරු

:       0       277

channa Tuesday, 14 November 2017 01:56 PM

මොන අවලාද නැගුවත් තරුණ අලුත් කටිටිය ඉදිරිපත් කලොත් අපි ඡන්දය දෙනවා

:       48       0

Thilina Tuesday, 14 November 2017 02:01 PM

අපි මග බලන් ඉන්නෙ අතට අපේ අතින්ම මතක හිටින්න සලකන්න.. ඡන්දය තියන්න ඉතුරු ටික අපි බලාගන්නම්..

:       0       41

sunil Tuesday, 14 November 2017 02:34 PM

අපිට මේවයින් මොන ප්‍රයෝජනයක්ද ඇමති තුමා? දැන් මේවා අපිට අහලම ඇතිවෙලා. කාට නාමයෝජනා දුන්නත්, කවුරු දිනුවත් අපි මහජනතාව හැමදාම එකම තැන, අපිට වෙන සෙතක් නැහැ .

:       1       16

mahee Tuesday, 14 November 2017 08:14 PM

අපි කැමතියි තරුණ පිරිසක් එනවට. හැබැයි, ඒ එන තරුණ පිරිස වැඩ කරන්න ඕන මහලු පිරිසගේ නියෝග උඩ නේද? ඔවුන්ගේ හොඳ අදහස් තිබුන මහලු පිරිසගේ අදහස්වලට ඒවා යට කරන්න වෙනවම නේද? මොකද, ඔය දැන් ඉන්න කට්ටිය තරුණයෝ තමයි ඔතෙන්ට එනකොට. දැන් කොහොමද වැඩ? සමහර තරුණයෝ නම් මහලු වෙන්න කලින්ම වැඩ දෙන්න පටන් ගන්නවා. රට ඉස්සරහට යන්න තරුණයෝ බඳවා ගත්තටම බෑ මහත්තයෝ. හොඳ නායකත්වයක්, ආදර්ශමත් නායකත්වයක් සහ කඩකළ නොහැනි විනය රීති මාලාවක් තියෙන්න ඕන අඩු ගණනේ.

:       0       1

Amith Tuesday, 14 November 2017 11:49 PM

ලක්ස 57 කෞරුවත් නිදහස් පසෙකට දෙන්න නැ හොදේ .ලක්ස 62 කියක් ලැබේවිද බලන්න .

:       0       2

Senarath Wednesday, 15 November 2017 03:24 AM

හිතාගෙන ඉන්නේ පක්ෂෙට ඡන්දෙ දෙනවා මිසක් පුද්ගලයට නෙමෙයිකියල නේ. මේ ඡන්දෙ වෙනම ඉල්ලලම දැනගන්න පුද්ගලයට මිනිස්සු කොතරම් සලකනවද කියල.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 43 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 119 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 601 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 50 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 213 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 199 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site