IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ගම්පහ ව්‍යාපාරිකයාගේ බිරිඳට ඇප

ටෝනි කරුණානායක 
 
ජීව උණ්ඩ ළඟ තබාගන්නා ලදැයි කියමින් රිමාන්ඩ් බාරයට පත් කොට සිටි ගම්පහ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ බිරිඳ ඇප මත මුදාහැරීමට ගම්පහ මහෙස්ත‍්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා නියම කළේය.

 
රුපියල් 7,500ක මුදල් හා රුපියල් ලක්‍ෂය බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකු සහිත ශරීර ඇප මත සැකකාරිය මුදාහැරීමට නියම කළ මහෙස්ත‍්‍රාත්වරයා සැකකාරියගේ සැමියා සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබන ජුලි 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගම්පහ පොලිසියට නියම කළේය.
 
සැකකාරි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ප‍්‍රසන්ත ලාල් ද අල්විස් මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ ගම්පහ පදිංචි උදේනි ධම්මිකා මහත්මියයි.
 
සිද්ධියට අදාළව සිදුකළ පරීක්‍ෂණ වල ප‍්‍රගතිය අධිකරණයට දැනුම් දුන් ගම්පහ පොලිසිය අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව ඇගේ නිවස පරීක්‍ෂා කිරීමේදී එහි තිබී මිලි මීටර් වර්ගයේ පිස්තෝල  වලට  යොදන ජීව උන්ඩ 46ක් සොයා ගෙන ඇතැයි කීය.  සැකකාරිගේ සැමියා මේ වන  විට රටින් පිටව ගොස් ඇතැයි දැනුම් දුන් පොලිසිය නිවස පරීක්‍ෂා කරන අවස්ථාවේ එහි සිටි සැකකරිය අත්අඩංගුවට ගත් බවද   අධිකරණයට දැනුම් දුන්නේය. 
 
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රෝගී තත්වයෙන් රෝහල් ගත කළ සැකකාරිය පරීක්‍ෂා කළ ගම්පහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඇගේ රෝගී තත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකාරියට තවදුරටත් වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය බව දැනුම් දී ඇතැයි උප පොලිස් පරීක්‍ෂක එම්. සේනාරත්න මහතා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
 
සැකකාරි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ප‍්‍රසන්ත ලාල් ද අල්විස් මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායිකාව මෙම කිසි`දු අපරාධයකට සම්බන්ධයක් නැතැයි කීය.
සැකකරියගේ සැමියා ව්‍යාපාර හයක් ඇති ව්‍යාපාරිකයකු යැයි ද මීට වසර ගණනකට ඉහතදී සිදුවූ සිද්ධියක් හේතුවෙන් සැකකරියගේ සැමියා පාතාල නායකයකු ලෙස පොලිසිය හඳුන්වන්නේ යැයි ද පොලිසිය පවසන මෙම සිද්ධියෙන් ඔහු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ඇතැයි ද කී ජනාධිපති නීතීඥ ප‍්‍රසන්ත ලාල් ද අල්විස් මහතා සැකකරියගේ සැමියාට පාතාල ක‍්‍රියාකාරකම් ඇත්නම් ඒ පිළිබඳව අධිකරයට කරුණු ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම කරන්නැයි ඉල්ලීමක්ද කළේය.
 
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සැකකරිය ඇප නියම කළ මහෙස්ත‍්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන ජුලි 25 වැනිදා සැකකාරියගේ සැමියා සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත්  කරන ලෙස ගම්පහ පොලිසියට නියම කළේය.
 



අදහස් (1)

ගම්පහ ව්‍යාපාරිකයාගේ බිරිඳට ඇප

sanath Thursday, 24 May 2018 05:27 PM

හැබැයි ඉතින් ජීව පිස්තෝල උණ්ඩ 46 ක් තියෙනකොට ඒවා දමන පිස්තෝලෙත් සොයාගන්න ඕන. උණ්ඩ එකක් දෙකක් නම් ඕනෑම ගෙදරක තියෙන්න පුළුවන් නමුත් 46 ක් කියන්නේ භයානක සංඛ්‍යාවක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 183 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 805 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 477 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 79 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1524 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 3394 8

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site