(ඩයනා උදයංගනී)
මහ බැංකු අධිපතිවරයා කුමක් ප්‍රකාශ කළ ද තෙල් මිල සූත්‍රය මේ වන විට අහෝසි කර ඇතැයි කම්කරු, විදේශ රැකියා සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය.
රජය කටයුතු කරන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගන්නා තීන්දු අනුව මිස මහ බැංකු අධිපතිවරයා ගන්නා තීන්දු අනුව නොවන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
වත්මන් රජය කටයුතු කරන්නේ පසුගිය රජය මෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය අයුරින් නොවන නිසා ජනතාවට සහන ලබාදීමට කිසිඳු බාධාවක් නැතැයිද ඇමතිවරයා පැවසීය.
අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසුවේ තෙල් මිල සූත්‍රය තවමත් අහෝසි කර නැති බවට මහ බැංකු අධිපතිවරයා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන්, එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (15) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘තෙල් මිල සූත්‍රය අහෝසියි‘‘
සෙනෙවි Thursday, 15 November 2018 01:24 PM
අනේ අනිච්චං ගාමිණී ලොකු ගේ ඔයාට කම්කරු අැමතිකම,
athura Thursday, 15 November 2018 01:51 PM
යන්න මහත්මය යන්න බොරු නොකිය. බලේ නැතිකාලේ කිව්ව දේවල් ඔයාල බලයට ඇවිත් කවද්ද කලේ.
de silva Thursday, 15 November 2018 03:44 PM
දේශපාලකයින්ට මිල සුත්‍රය ඕනෑවෙන්නේ බොරතෙල් මිල නගිනකොට, බහිනකොට එ්කට විරුද්ධ වෙනවා. කරුණාකර මිල සුත්‍රය නැවත පනවන්න.
චමින්ද Friday, 16 November 2018 01:21 AM
මහ බැංකු අධිපති නොදැන මුදල් සම්බන්ද කටයුතු සිදුවෙන්නේ නැහැ. මන්ත්‍රීතුමෝ බොරු කියන්නේ ඇයි. දැනට ලෝක වෙළඳපොලේ තෙල්මිළ ඉතාම පහල බැහැපුනිසා මේ රටෙත් මිල අඩුකලේ.
ruwan Friday, 16 November 2018 01:30 AM
ලෝක වෙළඳපොල තෙල් මිල අඩුවෙලා. මිල සුත්‍රය තිබුනානම් පාරිබෝගිකයන්ටත් තෙල් මිල අඩුවෙනවා. මිල සුත්‍රය නැතිනම් ඒ වාසිය පාරිබෝගිකයන්ට ලැබෙන්නේ නෑ.
Rohana Friday, 16 November 2018 02:44 AM
කවුද ඇත්ත කියන්නේ ?
Kumar Friday, 16 November 2018 02:48 AM
තෙල් මිල සුත්‍රයක් නැතිව කොහොමද වෙනස්වෙන බොර තෙල්මිල සමග මිල වෙනස් කරන්නේ. ඇමෙරිකාවේ සෑම සමාගමකම බොර තෙල් මිල අනුව මිල වෙනස් කරන්නේ සුත්‍රයක් මාර්ගයනි. ලංකාවේ ඉන්දන මිල වෙනස් කෙරන්නෙ ජනාධිපති කියන ආකාරයටද?
jayampathi Friday, 16 November 2018 02:57 AM
පාර්ලිමේන්තුවෙවත් නැති පොහොට්ටු සාමාජිකයෙක් කොහොමද රටේ තෙල් මේල ගැන කතා කියන්නේ? හරිනම් මෙයා ශ්‍රීලනිපයෙන් ඉවත් වුනාට පසු නීතියනුකුලව මන්ත්‍රී කෙනෙක් වත් නොවේ
Deepal Nirosh Friday, 16 November 2018 04:17 AM
තෙල් මිල සූත්‍රය අහෝසි කිරීම හොඳයි කියමුකො, ඒත් දැන් රටට අත්‍යාව්‍යශ අපේ රටේ අගමැති ජනාධිපති තමුනට අවශ්‍ය වේලාවට වෙනස් කරන ඉන්දියානු දේශපාලන සූත්‍රය අහෝසි කර ගැනීමයි.
dhamneth Saturday, 17 November 2018 01:59 AM
මිල සුත්‍රය තිබුනානම් නොවැම්බර් 10 වෙනිදාට මිල කියක් අඩුවෙනවද?