IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වැටුප් වැඩි නොකළොත් අයවැයෙන් පසු වැඩ වර්ජනයක්

(ශිරාන් රණසිංහ)

වැඩිවන ජීවන වියදමට සරිලන ලෙස රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිකර බඩු මිල ඉහළයෑම නතර නොකළහොත් එළඹෙන අයවැයට පසු රටතුළ මහා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය තීරණය කර ඇත.

අගෝස්තු මස සැකසු ජීවන වියදමට සාපේක්ෂය වැටුප රුපියල් 5649.60 කින් වැඩිකළ යුතුව ඇතැයි ද ගෑස් පොල්තෙල් , සීනි , තිරිඟු පිටි ආදිය මෙන්ම දුම්රිය හා බස් ගාස්තු ආදී දේවල් වල මිල ඉහළ යෑමත් සමඟ මේ තත්ත්වය තවත් නරක අතට පත්ව ඇතැයි ද ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා කියා සිටී.

ජනතාව හා කම්කරු ජනතාව මේ පිළිබඳ දැනුම්වත් කරමින් අත්පත්‍රිකා හා පෙත්සමකට අත්සන් ගැනීම මේ වනවිට සිදුකර ඇතැයි ද ඒ මහතා කීය.

ඒ අනුව ලබන අයවැය මගින් ජනතාව සහන නොදුන්හොත් අනිවාර්යයෙන්ම ජාතික වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා තවදුරටත් පැවැසීය.



අදහස් (18)

වැටුප් වැඩි නොකළොත් අයවැයෙන් පසු වැඩ වර්ජනයක්

himal Wednesday, 19 September 2018 02:02 PM

දැන් පඩි වැඩි කළා කියලා ඉහළ යන බඩු මිල අල්ලන්න බෑ. පඩියට වඩා වේගයකින් බඩු වල මිල ඉහළ යනවා. හැමෝම පඩි ගන්න රස්සා කරන්නේ නෑනේ. කරන්න ඕනෑ බඩු මිල ඉහළ යන එක පාලනය කරන එකයි. ඒකට වාණිජ බැංකු පද්ධතියෙන් ණය ගන්න එක අඩු කරන්න ඕනෑ. රජයේ හා පුද්ගලික අංශයේ වියදම් රටේ ජනතාවට ලැබෙන විදිහට හරි ගස්සන්න ඕනෑ. හොඳම උදාහරණය තමයි රටේ ගුවන් සේවයට කජු ගේන්නේ කජු නොවැවෙන ඩුබායි වලින්. ඕක කජුගමින් ගත්තා නම් ඒ සල්ලි රටේ ඉතුරු වෙනවා.

:       3       56

වසන්තWednesday, 19 September 2018 03:53 PM

ඔබතුමාගේ හොඳම උදාහරණය හරිම හොඳයි. කජු ගැනීම කැන්සල් කරපු එකේ රටේ සල්ලි ඉතුරු වෙයි.

:       11       13

BamunuarachchiWednesday, 19 September 2018 05:06 PM

නමුත් ඔය ඉල්ලන ප්‍රමාණයට දෙන්න කජු ලංකාවේ නැත.

:       7       19

himalWednesday, 19 September 2018 05:16 PM

කජු කතාව උදාහරණයක්. ඔබට එක තාක්ෂණිකව අවශ්‍ය නම් ඒක තමයි වෙළෙඳ හැරවුම කියන්නේ. ඒක යුරෝපා සංගමය පටන් ගත්තේ වසර 10කටත් පෙර. අනික ඔබ දන්නවාද ඇමරිකානු ගුවන් සේවයක් පළමු පන්තියේ පිරිනමන අතුරුපසින් එක් ඔලිව් ගෙඩියක් බැගින් ඉවත් කර 1980 ගණන් වලදී එක් වසරක් තුළ ඩොලර් 40000ක් පමණ ලාභ වැඩි කළ බව.

:       0       5

sumuduWednesday, 19 September 2018 10:03 PM

මේ අදහස් දැක්කම හිතන්නේ, රට පාලනය කරන්නේ වෘත්තිය සමිතිය් කියලයි මේ අය හිතාගෙන ඉන්නේ .

:       11       0

KannasaamyThursday, 20 September 2018 06:17 AM

ආණ්ඩුව කොටස් වශයෙන් රුපියල් 10000 වැඩිකර කොටස් කිහිපයක් ගෙව්වා නේද?

:       5       21

Kumar Wednesday, 19 September 2018 02:13 PM

වැටුප් වැඩිකරන්න සල්ලි හොයාගන්න විදිහක් කියන්න.

:       25       33

ravi Wednesday, 19 September 2018 02:22 PM

කොතැන බැලුවත් මේවගේ දෙයක් තමයි දකින්න ලැබෙන්නේ... දියව් , දියව්... අපිට දියව්.!!! මෙවැනි තකතීරු විප්ලවකාරයින් නිසා තමයි අපේ රටට ණයවීමෙන් නිදහසක් නැත්තේ ..!!!

:       27       187

Thilina Wednesday, 19 September 2018 03:14 PM

ආපහු රජයේ සේවකයන්ගේ විතරක් පඩි වැඩි කරලා තවත් රට පස්සට යවන්න වෙන්න ඇති කල්පනාව.. කරන්න ඕනේ රටේ ආදායම වැඩි කරලා ජීවන වියදම අඩු කරන එකයි.. 80%ක් ඉන්නේ පුද්ගලික අංශයේ අය.. ඒ මිනිස්සුන්ට තවත් බර උහුලන්න බැහැ.. අනික මේ උදවිය මේ ආණ්ඩුවට විරුද්ධව කිසිම දෙයක් කරන්නේ නැහැ.

:       13       139

maheshika Wednesday, 19 September 2018 03:46 PM

මේ ජවිපය තමයි රට කන්නේ.... රාජ්‍ය සේවකයින් විතරද අපේ රටේ ඉන්නේ... රැකියා නැතිඅය, ස්වයං රැකියා කරලා එදා වෙලා හොයාගන්න අය, පින් පඩියෙන් යැපෙන වයස්ගත අය. මේ අයට පෙනෙන්නේ රජයේ සේවකයින් විතරද? මමත් රජයේ සේවකයෙක්. නමුත් දුප්පත් රටක ළමයින්ට නොමිලේ අධ්‍යාපනය දීලා, නොමිලේ ඉස්පිරිතාලවල සේවය දීලා, කරන තරම හොඳටම ඇති. රට පොඩ්ඩක් ඔලුව උස්සනකම් ඔය ආත්මාර්ථකාමී ඉල්ලීම් හකුලා ගන්න. නැත්නම් පාර්ලිමේන්තුවෙන් යන්න. අර කළු කුමාරයා කෝ. අයර්ලන්තයේ ඉගනගන්න පුතා බලන්න ගිහින්ද? මේ ආණ්ඩුවට අපිත් කැමති නැහැ. නමුත් රට තවදුරටත් අාගාධයට ගෙන යන වැඩ වර්ජනවලට කැමැතිත් නැහැ.

:       346       248

ධනුෂ්කThursday, 20 September 2018 02:45 AM

පොඩ්ඩක් කියවලා බලන්න රාජ්‍ය අංශයේ විතරක් නෙමේ පුද්ගලික අංශයෙත් අැතුළුව තමා වැඩි කරන්න කියන්නේ. මෙතුමා වෘත්තීය සමිති අංශය පිලිබඳව බලන්නේ. එතුමා ඔවුන් වෙනුවෙන් පෙනිය සිටිය යුතුයි. ගොවීන් වෙනුවෙන් වෙනම පෙනී සිටිනවා. හැමදේම මිල වැඩිවනකොට වැටුප් වැඩි නොවුනම කොහොමද එ් හිඟය පියවන්නේ. බඩු මිල වැඩි වෙන එකට වෙනම විරෝධතාවයක් යනවා. මොකුත් නොකර හිටියම එ්ත් බනිනවා. මිනිස්සු රටට අාදරේ කලාට හිටපු හා හිටිය පාලකයන් රටට අාදරේ නෑ. එහෙම වුනානම් මේ රටට මෙහෙම වෙන්නේ නෑ. මේ රටට විරුද්ධ විරෝධක් නෙමේ අාණ්ඩුවට විරුද්ධ විරෝධවක්. මං හිතන්නේ ඔක්කොම දේශපාලය කියන්නේ අැත්තට මොකද්ද කියලා දැනගෙන හිටියනම් හරි

:       0       13

ධනුෂ්කThursday, 20 September 2018 03:04 AM

මිනිහෙකුට මේ රටේ විවාහ වීමට හා වෙන් වීමට නීතියක් තියනවා. අනික පෙර විවාහයේ අයට බලපෑම් කිරීමට අයිතියක් නැත්තා සේම ඔවුන්ට ද කැමති විදියට ජීවත් විය හැක එ්වා අල්ලගෙන මිනිහෙකුට අපහාස කරද්දි දෙපාරක් හිතන්න ඔබත් විවාහක අැති ඔබටත් දරුමල්ලෝ අැති.

:       0       0

roshan Wednesday, 19 September 2018 05:13 PM

රටේ ප්‍රශ්න තියනවා. හැබැයි ඒවාට විසදුම් ජනතාව තුලින්ම එනවනං තමයි හොද. එහෙම නැතුව මේ නුගත් , ආර්ථිකය ගැන ප්‍රයෝගික දැනුමක් නැති ජවිපේ මැදිහත් වෙන එකෙන් වෙන්නේ රට අවුරුදු ගානක් පස්සට යන එක.

:       132       81

සාගරිකා Wednesday, 19 September 2018 05:45 PM

හැමෝම රට ගැන හිතලා හොද ප්‍රතිචාර ටිකක් දක්වා තියෙනවා

:       112       101

Channa Wednesday, 19 September 2018 07:36 PM

මේකට එකම විසදුම රජයේ සේවකයන්ගේ පඩි අඩු තරමේ 10000වත් වැඩි කරන එක.

:       0       0

duminda Thursday, 20 September 2018 05:34 AM

පඩි වැඩි කරන්නත් වියදම අඩු කරන්නත් එකවිට කරන්න කිසිම ආණ්ඩුවකට බැහැ, අද මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතා වැඩි වෙලා තියෙන්නේ , 50000 ක් ගන්න කෙනත් පඩි මදි කියනවා 100000 ක් ගන්න කෙනත් පඩි මදි කියනවා. හැබෙයි හෙමෝම තමන්ගේ අවශ්‍යතා අඩු වැඩි වශයෙන් ඉටු කර ගන්නවා. පවුලේ වියදම් පාලනය සහ ඉතුරුම් / අායෝජන වැඩි කරගන්න කල් පඩි 100000 කින් වැඩි කලත් වැඩක් නැහැ.................

:       0       9

සතයපාල Thursday, 20 September 2018 07:13 AM

රටේ දිනෙන් දින ඉහළ යන ජීවන වියදමට අනුව වැඩ කරන ජනතාවට වැටුප් වැඩි විමක් අනිවාර්යෙන්ම ලබා දිය යුතු වෙනවා. එහෙම පඩි වැඩි කිරිමක් ඉල්ලන්නේ තරු පහේ හෝටලයකින් කාලා බෙන්ස් බී.එම් ඩබ්ලිව්.කාර් එකකින් ෂොපිං කරන්න නොවෙයි යන්තම් තුන්වේල පිරිමහා ගන්න තමන්ගේ දූ දරුවන්ට අධයාපනය ලබා දෙන්න ඉද හිටලා ඇදුමක් පැලදුමක් අර ගන්න.ඒක ඒ මිනිසුන්ගේ අයිතිය .ඒකට විරුද්ධ වෙනනේ ' සමහරක්' ගේ දේශපාලන ගැතිභාවය නිසා සමහර විට එකාබද්ධයේ නඩය මේ යෝජනාව ගෙනාවා නම් මේ කුහක හා දුෂ්ඨ මනසින් විරුද්ධ වෙන බහුතරය දැත් ඔසවා එයට පක්ෂ වෙනු ඇත.

:       0       38

nimal Thursday, 20 September 2018 07:41 AM

ඉල්ලන ප්‍රමාණයට කජු ලංකාවේ නැතිලු. එතකොට ඩුබායිවල තියෙනවා ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 2 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 336 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 264 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 598 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 355 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 269 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site