IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන්නැයි වෘත්තිය සමිති ඉල්ලයි

(විනීතා එම් ගමගේ)


රාජ්‍ය සේවයේ දිනෙක අවම වැටුප රුපියල් 1281 ක් වන අතර වතු සේවක අවම වැටුප ද එම ප‍්‍රමාණය දක්වා වැඩිකරන ලෙස ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය ඉල්ලා සිටින බව එම මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය. 

මේ වනවිටත් වතු කම්කරු දෛනික වැටුප රුපියල් 400 ත්, 500 ත් අතර වන බව කියා සිටි සමරසිංහ මහතා අගෝස්තු මාසය වනවිට ජීවන වියදම රුපියල් 5649 කින්  වැඩිව පවතිද්දී මෙම වැටුප කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බව ද සඳහන් කළේය.

මේ නිසා වතු කම්කරුවන්ට දෛනික වැටුප රුපියල් 1281 ක් හෝ ඊට ගැලපෙන මාසික වැටුපක් දක්වා වැඩි කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින  බව ද හෙතෙම සඳහන් කළේය. 

රාජ්‍ය හා පෞද්ගලික අංශවලට ද මෙම ජීවන වියදම වැඩිවීම දරාගත නොහැකි තත්ත්වයක් පවතින බව කී සමරසිංහ මහතා ඔවුන්ගේ වැටුප වැඩි කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන්නේය. 

2016 ජනවාරියේ සිට කපා හැර ඇති රාජ්‍ය සේවයේ විශ‍්‍රාම වැටුප යළි ලබා දෙන ලෙස ද ඉල්ලා සිටින බව කී සභාපතිවරයා මෙම ඉල්ලීම් ඉටු කර ගැනීමට දැවැන්ත විරෝධතාවක් ආරම්භ කිරීමට ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය සැලසුම් කර ඇතැයි ද සඳහන් කළේය. 
  



අදහස් (14)

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන්නැයි වෘත්තිය සමිති ඉල්ලයි

kap Monday, 24 September 2018 11:05 AM

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වෑඩි කරන්න කියලා ඒ අයගෙන් ඉල්ලන්නෙ නෑද්ද? අහින්සක ජනතාව මේ තෑන්වලට ගියාම විදින්න වෙන වදය, කරදර, දෙන්න වෙන පගා ගෑන , නාස්ති වෙන වෙලාව ගෑන මේ අයට හෑගෙන්නෙ නෑද්ද?

:       14       176

Amila Monday, 24 September 2018 11:22 AM

රුපියලට නහුතෙට නැති වෙලා තියෙන වෙලවේ ‍රටේ ආදායම වැඩි කරගන්න විදියක් නෙවෙයි තියෙන අදයමත් නැති කරලා එකේ බරත් පොදුජනයගෙ ඇගේ ගහන්න ගදන්නේ. 2004 රැකියා 50000, 2015 දස දහසේ පඩි වැඩි කිරිම කරලා රට කන සෙට් එකක්.

:       9       56

ධනුෂ්කMonday, 24 September 2018 02:50 PM

දැන් රටේ අාදායම නැති කලේ... රුපියල වැට්ටුවේ කවුද? එ්කට මේ රටේ වැටුප් ලබන ජනතාව පලිද? මෙතුමාගේ සම්පූර්ණ කතාවේ කියන්නේ රාජ්‍ය අංශයේ, පුද්ගලික අංශයේ, වතු සේවකයන් යන සියල්ලගේම වැටුප් වැඩිකරන්න කියලා. මිනිස්සු වැටුපට සරිලන වියදම් හදාගෙන ඉන්නේ. මට මේ මාසතුනට බස් වියදම පමණක් රුපියල් 560ක් වැඩිවුණා. වෙන දේවල් නැතුව අනික් අයටත් එහෙමයි. එතකොට ඊට සරිලන්න වැටුප් වැඩි නොවුණාම එ් මිනිසුනට වැඩිවෙන වියදම දෙන්නේ කවුද? රටේ අාර්ථිකය දියුණු කරන එකයි. මිනිස්සුන්ට අාදායම් මාර්ග හදන එකයි, රාජ්‍ය සේවකයින්ගේ වැටුපට සරිලන වැඩක් ගැනීමයි. ඔබලා ඡන්දය දෙන පාලකයින්ට අයිති දෙයක්. එ්ක ඔවුන්ට කියන්න.

:       30       63

kalpa Monday, 24 September 2018 12:49 PM

මන්ත්‍රීතුමෝ රාජ්‍යස‍ේවයේ සිටිනවාට වැඩි පිරිසක් පුද්ගලික අංශයේත් ස්වයං රැකියාවලත් නිරත වෙනවා. ඔවුන්ටත් ජීවන බර තියෙනවා. කලයුතු වන්නේ සෑම දෙනාටම වැඩි ආදායමක් ගතහැකි ලෙසට රටේ ආදායම වැඩිකිරීමයි. එවිට රටත් දියුණු වෙනවා. සේවා නියුක්තිකයන්ගේ ආදායමත් වැඩිවෙනවා. රුපියලේ අගයත් වැඩිවෙනවා. හැබැයි මිනිස්සු පිකටින් හා උත්ඝෝෂන වලටනම් එන එකක් නැහැ.

:       0       67

ධනුෂ්කMonday, 24 September 2018 02:37 PM

ඔව් මාරුවෙන් මරුවට හිටපු අයටයි, දැන් ඉන්න අයටයි රට බාරදෙන්න. එතකොට රට දියුණු කරයි. රට ණය කරලා, ලාභ නැති ව්‍යාපෘති කරලා, සා.පෙ වත් පාස් නැති අය ගුවන් සමාගම්වල සභාපතිලා කරලා, දූපුතුන්ට සහෝදරයින්ට රටේ අාර්ථිකය බාර දීලා, මහබැංකුව කඩලා, හොරකන් කරලා, කොමිස් ගහලා රට දියුණු කරයි. රුපියල ස්ථාවර කරයි. මෙතුමන්ලාට විපක්ෂයේ ඉද්දි රට දියුණු කරන්න කියන්න කලින් ඔබගේ පාලකයින්ට බලයේ ඉන්න වෙලාවට කියන්න රට දියුණු කරන්න කියලා. මෙතුමන්ලා ගොවි ගැටළු... බඩු මිල අාදි සෑමදෙයක් ගැනම කතා කරනවා. ඔබතුමන්ලා හැමවිටම එ්වගේ සිද්දි හුදෙකලා කරලා විවේඡනය කරනවා සියල්ල පොදුවේ බලන්නේ නෑ...

:       9       46

ධනුෂ්කMonday, 24 September 2018 02:55 PM

එ්ක අැත්ත.... හැබැයි දැන් අවුරුදු 70ක් දෙගොල්ලන් මාරුවෙන් මාරුවට එ්ක කරන්න හදනවා. හැබැයි රටේ හා ජනතාවගේ අාදායම් මාර්ග කෙසේවෙතත් එ් දෙගොල්ලගේ හා හිතමිතුරු නෑදෑයින්ගේ නම් අාදායම් හා අාර්ථිකය වර්ධනය වෙනබව පේනවා... තව අවුරුදු 20ක් 30ක් එ් අයම දෙමාරුවට පත් කරලා බලන්න රට දියුණු කරයි.

:       46       94

OMG Monday, 24 September 2018 12:58 PM

කාට හරි පඩි වැඩි වෙනවනම් කිසිම හේතුවක් නැහැ විරුද්ධ වෙන්න. නමුත් රාජ්‍ය සේවකයන් විතරද ඇට මස් ලේ නහර තියෙන මිනුස්සු? පුද්ගලික අංශයේ ඉන්නේ ඔටුවොද? වැඩියෙන් ශ්‍රමය උරා ගන්නේ පුද්ගලික අංශයේ සේවකයන්ගෙන්. රාජ්‍ය සේවකයන් වැඩිම වැඩි හරියක් වැඩ කරන හැටි මුළු රටම දන්නවා. ඕක අමුතුවෙන් කාටවත් කියලා දෙන්න ඕනේ නැහැ. පදුරකරට ගැහුවම ඕනේ තරම් හොයා ගන්න පුළුවන්. ඒ තරමටම රාජ්‍ය සේවය පිරිහිලා තියෙන්නේ (අවංකව, කාර්යක්ෂමව වැඩ කරන අයට අදාලම නැත). ඒ නිසා පුද්ගලික අංශය ගැනත් කතා කල යුතුමයි. ඔබලාට ඡන්දය අවශ්‍ය රාජ්‍ය සේවකයන්ගෙන් විතරද?

:       0       5

ධනුෂ්කMonday, 24 September 2018 02:24 PM

ඔබතුමා කියවලා තියෙන්නේ හෙඩ්ලයින් එක විතරයි මෙතන වැඩිපුරම කියලා තියෙන්නේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන්න කියලා. සම්පූර්ණ කතාව ගත්තොත් රැකියා කරන හැමෝගේම වැටුප් වැඩි කරන්න කියලා මෙතුමා කියන්නේ... එ් වගේම ගොවි ගැටළු, බඩුමිල වැඩිවීම, අාදි ගැටළු පවතින සෑමතැනම මෙතුමන්ලා එ් වෙනුවෙන් පෙනී සිටිනවා. අනික් දෙගොල්ලන් එහෙම කරනවාද? බලය ලබා ගන්නම කැසකවන එක විතරයි කරන්නේ... ජනතාව වෙනුවෙන් වචනයක් කතා කරනවද?

:       0       14

OMGMonday, 24 September 2018 02:55 PM

සමාවෙන්න. වටහලා දුන්නට ඔබට තුති...!!!

:       0       2

Uditha - London Monday, 24 September 2018 01:01 PM

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව කියලා මොකටද.. ඔව් ඔව් පඩි වැඩි කරන්නම ඕන තමයි ඒගොල්ලන්ගේ නම්..

:       0       22

jaseem Monday, 24 September 2018 03:54 PM

දැන් පටන් ගත්තා. කොහේ ඉවරවෙයිද දන්නේ නැ

:       0       2

Bamunuarachchi Tuesday, 25 September 2018 02:13 AM

රට අගාදයට වැටුන මොහොතක රජයේ සේවකයින්ගේ පඩි වැඩිකර ගැනීමටයි මොහු කතා කොරන්නේ. ඡන්දය ලබාගන්න රජයේ සේවකයින්ට 10000 වැඩිකරපු එක තමයි එක හේතුවක් මෙරට අමාරුවේ වැටෙන්න. සල්ලි අච්චු ගහලද අපිට බදු ගහලද රජයේ සේවකයින්ට ඔය සේවකයින්ට පඩි වැඩිකොරන්න හිතන්නේ. සියලුම ජනතාවට සෙතක් වෙන ක්‍රමයක් කතා කොරන්නේ නැහැ.

:       46       5

Kumar Tuesday, 25 September 2018 05:29 AM

රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්නේ ටැක්ස් වලින් ගන්න සල්ලි වලින්.... ඔබ කියන විදිහට පඩි වැඩි කරලා ගෙවන්න වෙන්නේ ටැක්ස් වැඩි කරලා....සල්ලි අච්චු ගැහුවොත් තවදුරටත් රුපියලේ අගය අඩුවෙයි....

:       0       106

Sugath Tuesday, 25 September 2018 06:45 AM

රාජ්‍යය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න ඉස්සෙල්ල හරියට සේවය කරානම් නේද හොඳ? දුප්පත් මිනිහෙකුට රජයේ ආයතනයකින් වැඩක් කරගන්න කොහෙත්ම බැහැ. මේවා අසික්කිත වැඩ. තමන්ගේ රටේ ඉන්න දුප්පත් ජනතාව වෙනුවෙන් වැඩක් කරන්නේ නැතුව තමන්ගේ පෞද්ගලික දේවල් කර කර ඉන්න මේ මිනිස්සුන්ට පඩි වැඩි කරන්නත් ඕනෙද. මේවා ජාතික අපරාද.

:       0       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 825 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 827 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 1004 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 410 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 4427 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 1225 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site