IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


‘ජනබලය නිදහස් සංවාදශිලි විරෝධතා ව්‍යාපාරයක්’

(ඩයනා උදයංගනී)
           
ඒකාබද්ධ විපක්‍ෂය විසින් පැවැත්වූ ජනබල මෙහෙයුම නිදහස් සංවාදශීලී විරෝධතා ව්‍යාපාරයක් ලෙස තමා දකින බවත්, ඔවුන්ට විපක්‍ෂය නියෝජනය කිරීමේ අනුමැතිය ලබාදුන්නේ ජනාධිපතිතුමා බැවින් එම පිරිසට විරුද්ධව හදිසි ක‍්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයක් නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ජයගැනීමේ ගැඹුරු අරමුණකින් කටයුතු කරන ශ්‍රීලනිපයට අවශ්‍ය සියලූ දෙනා ඒකරාශී කරගෙන ඉදිරියට යාමට බව කී මහ ලේකම්වරයා හැඟීම්වලට මුල්තැන දී හා ඇතැමුන් කරන විවිධ ප‍්‍රකාශවලට මුල්තැන දෙමින් එම ගමන යා නොහැකි බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් ශ්‍රීලනිපයෙන්, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරියට ගිය අය නායකත්වය දුන් මෙම විරෝධතාවයේදී පක්‍ෂ මූලස්ථානයට හූ කීම මවට අපහාස කිරීමක් වැනි ක‍්‍රියාවක් බවද මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා කීවේය.

රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (4)

‘ජනබලය නිදහස් සංවාදශිලි විරෝධතා ව්‍යාපාරයක්’

Samuvel Wednesday, 12 September 2018 04:47 AM

ඉතින් ආචරියා කපන්න බැරි අත ඉඹ ඉඹම සිටපන්.

:       0       1

OMG Wednesday, 12 September 2018 05:29 AM

මට හිනා යනවා.

:       0       2

rocky Wednesday, 12 September 2018 07:08 AM

කොහොම වුනත් මහත්තයෝ, වැඩේ වර්චස් වෙලා නොව කෙලවර වුනේ!

:       20       35

sirimal Wednesday, 12 September 2018 08:35 AM

දැන් එතකොට ඔය වෙන්වෙන්න ඉඩ දුන්න දවසේ පටන් වෙනත් පක්ෂයක් අටවාගෙන ඒක ප්‍රවර්ධනය කරන්නට කටයුතු කරන කට්ටිය කවදද "ඒක රාශි කරගන්න" හම්බ වෙන්නේ? ඒකනේ ඔය "වහෙන් හොරෝ" කතාවේ තේරුම. අද ඉන්දියාවේදී "2019 දී පොහොට්ටු පක්ෂයේ නායකත්වය අරගෙන මැතිවරණය ජයග්‍රහණය කරන්නට කටයුතු කරන" බවට ඔය ඒක රාශි කරන්න උත්සාහ කරන කණ්ඩායමේ ඉන්න බලවත්ම පුද්ගලයා කියා තියෙනවා දකින්න ඇතිනේ. ලොක්කාගේ මතය ඒක නම් සොක්කන් ගැන කුමන කතාද? ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන එළිපිට වෙනත් පක්ෂයක් ජයග්‍රහණය කරන්නට කටයුතු කරන අයට විරුද්ධව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නවා කියකියා දැන් කීවතාවක් නම් අනතුරු ඇඟෙව්වද? කතාව විතරයි වැඩ නැති නිසා ඒ ගොල්ලෝ දැන් අවුරුදු තුනක්ම දැවැන්ත ජනප්‍රසාදයක් ගොඩනඟා ගන්නට සමත්වී සිටිනවා. දූෂිතයන්ට අසුචි මහා නරකාදියට ගිහිල්ලා හරි දඬුවම් කරනවා කීවට තවම බැරිවුණා එක්කෙනෙක්වත් අල්ලාගන්න. අද ඒ ගොල්ලෝ කියන්නේ මේ නඩු එකක්වත් ආණ්ඩුවට බලය තියෙන කාලය ඇතුළත අහවරක් කරන්න බැරි බවයි. ඒ ගොල්ලන්ට බලය ලැබෙන බව සහතික නිසා බයවෙන්න දෙයක් නෑ කියලත් කියනවා. අපටත් කියන්න තියෙන්නේ "අයියෝ සිරිසේන" කියලා තමයි ඉතින්...

:       0       84

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 568 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 253 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 710 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 722 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 288 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 467 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site