IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රාජ්‍ය ත්‍රාන්තික මෙහෙයුමකට පාඨලීගෙන් යෝජනාවක්

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ ඇති යෝජනාව ඉවත් කර ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් ක්‍රියාත්මක කළ යුතු බව මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති  පාඨලි චම්පික රණවක මහතා අද (23) කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

එසේ නොකර සත්‍ය සෙවීමේ කොමිෂන් අතුරුදන්වුවන්ගේ ලේකම් කාර්යාල හානි පූර්ණ වන්දි ගෙවීම් ආදිය කිරීමෙන් පලක් නොවන බව ද ඇමැතිවරයා කැබිනට්  රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි පැවැසේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ ඇති යෝජනාව ඉවත් කර ගැනීමට රජය කටයුතු නොකරන්නේ නම් මින් ඉදිරියට මෙවැනි කටයුතු සඳහා සහය නොදෙන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේ යැයි රජයේ ආරංචි මාර්ග කියයි.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ සත්‍ය සෙවීමේ කොම්ෂන් සභාවක්  පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවක් පිළිබඳ අදහස් දක්වමිනි.

සත්‍ය සෙවීමේ කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමේ යෝජනාවට කැබිනට් ඇනුමැතිය ලැබී ඇති බවද වාර්තාවේ.



අදහස් (3)

රාජ්‍ය ත්‍රාන්තික මෙහෙයුමකට පාඨලීගෙන් යෝජනාවක්

CHANDA Wednesday, 24 October 2018 01:35 AM

තමුසෙත් සාජුවම වගකියන්න ඕනි රටේ මේ වෙමින් තියෙන පරිහානියට

:       0       0

lalith Wednesday, 24 October 2018 01:53 AM

ඔය මෙහෙයුම් කරලා, තවත් කීයක් හරි වියදම් කරලා සංදර්ශන පෙන්නන්න එපා. තමුන්ට රජවෙන්න ලැබෙනතුරු වෙනත් කෙනෙකුට ලංකාවේ රජකම් කරන්න බැරිවෙන්න සුදු බාප්පලාට කියලා ඔය යෝජනාව ගෙනාපු අර ගෙවලයටම කියලා ඕක අයින් කරවන්න වෙනවා. මොකද මිනිහ පොරොන්දු වෙලා තියෙනවනේ රජ වූ දවසට ලංකාව බෝල පිට්ටනියක් කරලා දෙන්න. හිතේ හැටියට ඒ අයට සෙල්ලම් කරන්න. ඉතින් මිනිහ රජවෙනකල් අපේ රටට හෙන ගැහැව්වත් මිනිහ අැහැක් ඇරලා බලන්නෙත් නැහැ. ඔය යෝජනාව අයින් වෙන්නෙත් නැහැ.. අම්මපා රටට ආදරයක් නැති මේ බල ලොභියට තවත් අපේ ගොබ්බයින් රැවටෙනවනේ? මේ තරම් රටට දේවල් වෙලා තියෙද්දීත් එ්ක තේරෙන්නේ නැති මොලේ නැති අපේ හරකුන්ට පුන්නක්කු කවන්න තමයි තියෙන්නේ...

:       0       0

dasun Wednesday, 24 October 2018 06:08 AM

අවුරුදු තුනක් තිස්සේ රට කන්න ඇරලා ඇස කන වහගෙන ඉඳලා දැන් මොකද රට බේරගන්න මතක් වුනේ...? මංගල ඇමති ඔය ජිනීවා යෝජනාව පිළිගත්ත වෙලේ රටට ආදරයක් හිතුනෙම නැද්ද? දැන් සරත් වීරසේකර සහ දේශීය විදේශීය ලාංකිකයන් රට වෙනුවෙන් ඔවුන් ජාත්‍යන්තරයට ගිහින් කරපු ටිකට ලකුණු ගන්න වෙන්න ඇති ඔය ලැස්ති වෙන්නේ... !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 371 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 764 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 900 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 640 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 176 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1815 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site