IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


බලපත්‍ර නොමැතිව ගෙන ආ මල් පැළ රේගු බාරයට

(ටී.කේ.ජී.කපිල )

 

නිසි බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු මෙරටට ගෙන ආ මල් පැළ තොගයක් අද (21) කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණය පිළිබඳ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙයින් දෙදෙනෙකු ජා - ඇල හා මාතර ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 36 සහ 68 හැවිරිදි පුද්ගලයෝ වෙති. අනෙක් තැනැත්තිය 38 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

මොවුන් තිදෙනාම මල් අලෙවිසැල් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෝ වෙති.

මොවුන් ඇන්තූරියම්, ඕකිඩ් ඇතුළු තවත් මල් පැලෑටි රාශියක් මේ ආකාරයට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබූ අතර, ඒවා සියල්ලේ වටිනා රුපියල් 4,89,350 ක් බව රේගුව පවසයි .

               

               



අදහස් (5)

බලපත්‍ර නොමැතිව ගෙන ආ මල් පැළ රේගු බාරයට

Lakmal Friday, 21 September 2018 03:34 PM

ඔය වගේ දේවල් රට ඇතුළට ගෙන එන ක්‍රමයක් ගැන ජනතාව දැනුවත් කරන්න.

:       21       120

tommy Friday, 21 September 2018 04:42 PM

මෙවැනි කුඩා ප්‍රමාණයේ ව්‍යවසයකින් හට දිරිදීමක් ලෙස, මේ ශාක තොගය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන ඒකකයට යොමුකර පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ ව්‍යාපාරිකයින් හට ලබාදිය යුතුයි.

:       1       164

KANDEPOLA Saturday, 22 September 2018 05:57 AM

ඔය වගේ විදේශ නව සොයා ගැනීම් රටතුළට ගෙන එන්න නිසි ක්‍රමවේදයක් නැති නිසානේ මේ රටට නවීන තාක්ෂණය, අධ්‍යාපන ක්‍රම, යන්ත සූත්‍ර, එන එක අවුරුදු ගණන් පහුවෙන්නේ. ලෝකෙත් එක්ක ගත්තම අපේ රට තියෙන්නේ අවුරුදු 20ක් පස්සෙන්...

:       0       8

IRANGA Saturday, 22 September 2018 07:37 AM

මේවා ලංකාවට ගෙන එන්න නියමිත ක්‍රමයක් තියෙනවා. මල් පැල සම්බන්ධව කටයුතු කරන හැමෝම ඒ ගැන දැනුවත්. මේක මේ පර්මිට් ගන්නේ නැතුව හොරෙන් ගේන්න හදලා තියෙන්නේ...

:       0       2

රජින්ද Saturday, 22 September 2018 08:37 AM

හෙට, අනිද්දා වෙනකොට මේ රටේ තණකොළ ගහක් වවන්නත් කෘමිනාශක ගහලා පොහොර දාන්නවෙනවා. ඒ තරම්ම අපේ රටේ පොළව වසෙන් සහ එහි විසෙන් පෙගිලා තියෙන්නේ. ජාන මංකොල්ලය නිසා මේ රටේ බොහෝ ශාක සහ සත්වයෝ තව නොබෝ දිනකින් මේ රටින් තුරන් වෙලායනවා. අද වැව් පොකුණුවල වැව් මාළු හැදීම සීමාවෙලා තියෙනවා. මීට කාලයකට ඉහත මේ වගේම පිටරටවලින් මෙහෙට ගෙන්නපු ටැංකි සුද්දෝ විශේෂයක් නිසා. අද අපේ රටේ ගොයමේ, මිරිස් පැළයේ ඉදන් පොල් ගහ වෙනකන් පිටිමකුණන්, සුදු පුල්ලි රෝගය ආදී රෝග රැසක් ඇවිත් තියෙනවා. ඒ නිසා අපේ රටට පිටින් ගෙන්වන සියලුම ශාක සහ සත්ව වර්ග දැඩි පාලනයක් කළයුතු අතර සීමාකිරීම් හෝ තහනම් කිරීම් සිදුකළ යුතුමයි.

:       1       41

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 963 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 423 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 391 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 256 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 446 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 449 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 205 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site