IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බෝගම්බර සිරකරුවෝ පිරිසක් ආහාර වර්ජනයක

( චමිල් රුපසිංහ )

බෝගම්බර දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින මරණීය දණ්ඩනය හා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවූ රැඳවියන් තිස් දෙනකු පමණ ආහාර වර්ජනයක යෙදෙමින් දිවා ආහාරය ප්‍රතික්ෂේප කර තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා කියයි.

රැඳවියන් පිරිස අද (14) දහවල් සිට ආහාර වර්ජනය ආරම්භ කර ඇති අතර රජයේ අවධානය මේ සඳහා යොමු නොවුණහොත් මේ ආහාර වර්ජනය ඉදිරි දිනවලදී සෙසු බන්ධනාගාර දක්වා ව්‍යාප්ත වීමේ අවදානමක්ද තිබෙන බව බන්ධනාගාර රැඳවියන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුවේ සභාපති නීතීඥ සේනක පෙරේරා මහතා පවසයි.

සේනක පෙරේරා මහතා පැවැසුයේ  සිරකරු සමාලෝචනය යටතේ මරණීය දණ්ඩනය නියමවූ සිරකරුවන්ට ජීවිතාන්තය දක්වාත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමවූවන්ට වසර 20 ක සිර දඬුවමක්ද ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ ප්‍රතිපාදන තිබුණත් ඒවා සාධාරණ ලෙස ක්‍රියාත්මක නොවීමට විරෝධය දක්වා රැඳවියන් මෙලෙස ආහාර ප්‍රතික්ෂේප කර තිබෙන බව ද ඒ මහතා පැවැසිය.

රජය රැඳවියන් වෙනුවෙන් ආහාර සඳහා වෙන්කරන මුදලට සරිලන ප්‍රමිතියෙන් යුත් ආහාර වේලක් ඔවුන්ට නොලැබෙන බවත් බන්ධනාගාර තුළ ඇතැම් නිලධාරීන් සිරුකරුවන්ට වධහිංසා පමණුවන බවත් මෙම සියලු කාරණා වර්ජනයට හේතුවී තිබෙන බවත් ඒ මහතා කීය.

 



අදහස් (2)

බෝගම්බර සිරකරුවෝ පිරිසක් ආහාර වර්ජනයක

පිටිගල මිලානෝ Thursday, 14 September 2017 01:36 PM

හොරු සහ මිනීමරුවන් කොටසක් බන්ධනාගාර රෝහලේ තබාගෙන කරන අසාධාරණය නිසා සියලු බන්ධනාගාරවල කැරැල්ලක් ඇතිවීමට බොහෝ ඉඩකඩ ඇත. කරුණාකර මේ ජාතික විහිලුව නවත්වන්න. දියවැඩියාව ආදී රෝහල්ගත නොකළයුතු සාමාන්‍ය ලෙඩ සහ රෝග ලක්ෂණ වලට කුඩුවේ තබා බෙහෙත් දෙන්න. ලලිත් සහ පැල්පිට වහාම කුඩුවට යවන්න.

:       0       81

mahee Thursday, 14 September 2017 08:23 PM

බන්ධනාගාර රෝහලේ පදිංචි වීමටත්, දොස්තරවරුන් ලවා බෙහෙත්වලට අමතරව සෙල්ෆෝන් ලබා ගැනීමටත්, ප්‍රධාන ජෙලරගේ කාමරයට වෙලා කෑම ගැනීමටත් අවසර ඉල්ලා උපවාස කළා නම් මීටත් වඩා සාධාරණයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 45 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 218 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 46 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 60 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 526 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3216 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site