IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ක්‍රිකට් ජය පරාජය දෙකේම වගකීම බාර ගන්නවා - ඇමැති ෆයිසර්

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

ක්‍රිකට් ක්‍රීඩාවේ ජය පරාජය දෙකේම වගකීම තමා බාර ගන්නා බව ක්‍රීඩා ඇමැති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය.

‘‘මැච් පරදිනකොට ඇමැතිට ඕන තරම් ගහන්න.අහිංසක ක්‍රීඩකයන්ට ගහන්න එපා‘‘ යැයිද ඇමැතිවරයා කීවේය.

ක්‍රීඩා ඇමැතිවරයා මේ බව පැවැසුවේ ක්‍රීකට් ක්‍රීඩාවේ පසුබෑම සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කාංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ සභාව කල් තබන අවස්ථාවේ යෝජනා පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

ෆයිසර් මුස්තාපා මහතා මෙසේද කීය.

     ‘‘ඕනෑම ක්‍රීඩාවක ජය පරාජය සම සිතින් බාර ගැනීම මනුස්සකමයි.අපේ ක්‍රීඩකයන් ඇෆ්ගන්ස්ථානයට, බංගලාදේශයට පැරදුනා කියලා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වැටුණේ නැහැ. තරඟ දෙකකින් අපේ ක්‍රිකට් මනින්න එපා.අද අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අන්තර්ජාලයෙන් දිගට හරහට ගහනවා.මෙහෙම කරන කොට ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම බිංදුවට වැටෙනවා.ක්‍රිකට් හා දේශපාලය කියන්නේ දෙකක්.

අද මැතිසබයට ගෙන ආ මේ යෝජනාව අපේ ක්‍රිකට් ක්‍රිඩකයන්ට කරපු ලොකුම අපරාධයයි.

‘‘ අපේ ක්‍රිකට්වල ප්‍රගතියක් නැහැ කියන එක මම පිළිගන්නේ නැහැ.චන්දික හතුරුසිංහ අවට පස්සේ  ප්‍රගතිය සියයට 57 ට ගියා. ක්‍රීඩාවේ හොරු අල්ලන වගකීම මා බාර ගත්තා.



අදහස් (14)

ක්‍රිකට් ජය පරාජය දෙකේම වගකීම බාර ගන්නවා - ඇමැති ෆයිසර්

සතයපාර Friday, 21 September 2018 02:04 PM

වගකීම බාර ගන්නවා කියන්නේ තව දුරටත් ක්‍රීඩා අමාත්‍යාංශයේ පුටුව රත් කරන එක නොවේ. තමන්ගේ නොහැකියාව හා දුබලතාවයන් පිළිඅරගෙන තනතුරින් ඉල්ලා අස්වෙන එකයි. ඒ වගේ උසස් ගුණාංග නොදන්න කට වාචාලකමට දොඩවන වැඩ බැරි දේශපාලන ගැතිභාවය නිසා තනතුරු දරන නිකමුන් රංචුවක් තමයි මේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න බහුතරය.

:       120       730

RaveendraFriday, 21 September 2018 03:01 PM

සතයපාර මයා වෙත, ඔබගේ අදහස් නිවැරදිය. මේ නොකියා කියන්නේ " ක්‍රීඩාව සදහටම ඔබ මගේ " කියා නොවේද? වගකීම් බාරගැනීමෙන් පමණක් ගැටළු විසදේද ? අප විස්වාස කරනවා ක්‍රීඩකයන්ගේ මෙන්ම සියලුම නිලදාරීන්ගේ ගෙවීම් පිලිබදව මිට වඩා ක්‍රමවේදයක් අවශ්‍ය බව. මොකද උන්නත් දාහයි මලත් දාහයි න්‍යායෙන් මේ සියල්ලෝම කටයුතු කරන්නේ. අපගේ මෙම අදහස්වලට වැඩිදෙනෙකු විරුද්ධ වෙනු නියතය. ක්‍රීඩකයන්ට ගෙවීම් සිදු කරද්දී තම තමන්ගේ දක්ෂතාවයන් මෙන්ම " තරගාවලියක් හොදින් අවසන්කලොත් පමණක්" අදාළ සම්පුර්ණ මුදලම ක්‍රීඩකයන්ට මෙන්ම අනෙකුත් නිලදාරින්ට ගෙවීමටත් එසේ කිරීමට අපොහොසත් වුවහොත් සියල්ලොගෙන්ම අදාළ මුදලින් 99% නොගෙවිමටත් ක්‍රියා කලොත් හොදක් නොවන්නේද? එවිට නැති දක්ෂතාවයනුත් එලිබහිනු ඇතැයි අප විස්වාස කරනවා.

:       55       173

rohana Friday, 21 September 2018 03:00 PM

සතයපාර මෝඩ කතාවක්නේ කියන්නේ. සෙල්ලම් කරන අයගේ වැරදි වලට මෙයා මොනවා කරන්නද? මෙයාව නෙවෙයි මැතිව්ස්ව ගෙදර යවන්න ඕන. චන්දිමාල් නායකයා වෙලා ඉන්න කොට අපි බංග්ලාදේශ් ගිහින් ගැහුවේ නැද්ද. සුරංග නායකයා වුනාම අපි ටෙස්ට් දිනුවේ නැද්ද. මෙතන ප්‍රශ්නේ මැතිව්ස්. එයාව යවන්න අපි දිනනවා.

:       635       621

kumara Saturday, 22 September 2018 12:43 AM

රෝහණ, වගකීම බාරගන්නවා කියන්නේ එහෙනම් මොකක්ද? වගකීම බාරගන්නවා නම් අයින්වෙන්න ඕනෑ. නැත්නම් කට වහගෙන ඉන්න ඕනෑ එතකොට වගකීම වැටන්නේ කණ්ඩායමටයි.. එතකොට ප්‍රශ්නයක් නැහැ. අපි කණ්ඩායමක් විදිහට දිනනවා පරදිනවා. ඇමැතිතුමා වගකීම ගන්නවා කියන්නේ අපි පැරදුනේ එතුමාගේ වරදක් නිසායි.

:       13       26

Saman Friday, 21 September 2018 03:06 PM

වගකීම බාරගන්නා බව පාර්ලිමේන්තුවේ කිව්වාම ඔක්කොම හරිද?

:       1       117

Sisira Friday, 21 September 2018 04:32 PM

ක්‍රිකට් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අය තනතුරු වලට පත් වුනාම ඔහොම තමයි.

:       5       107

බන්දුල අමරසිංහ Friday, 21 September 2018 11:32 PM

ක්‍රීඩා ඇමතිකම හරියට කරන්න ක්‍රීඩා කරලා තියෙන්න ඕනෑම නෑ. ඔහුට කාලය දෙන්න. විවේචනය කරන්න තාම කල් වැඩියි. එයා තාම කරන්නේ පරණ අය කල වරදවල්වල පව් ගෙවන එක ශ්‍රී ලංකාව පරාජිත මානසිකත්වයේ හිටියේ දයාසිරි තිලංග සුසංයෝගයේ ආරම්භයේ සිටයි.

:       2       23

Chanak Los angeles Saturday, 22 September 2018 02:02 AM

රුපියල දවසින් දවස කඩා වැටෙනවා. ඒකට පිළියමක් හොයන්න බලන්නේ නැහැ. රටේ සුළු පිරිසක් දූෂණවල යෙදෙමින් සාක්කු පුරවාගෙන සුරසැප විඳින ක්‍රිකට් වැටෙන එකට ලොකු සිත් තැවුලක්.. අනේ කාලේ වනේ වාසේ...

:       3       57

දාවිත් Saturday, 22 September 2018 07:09 AM

ඒකේ තේරුම ඉල්ලා අස්වෙනවා කියන එක.. කෝ ඒක කරන් නැද්ද...? නැත්තං ඔය වගකීම මටත් ගන්න පුළුවන්...

:       5       19

somapala Saturday, 22 September 2018 07:10 AM

ක්‍රීඩා කරන්නේ දිනුම හා පරාජය දෙකම බාරගන්න, එය නොදන්නා අයට පුළුවන් ක්‍රීඩකයන්ට අපහාස කරන්න පමණි...

:       0       8

RaveendraSaturday, 22 September 2018 09:39 AM

සෝමපාල මයා වෙත, ඔබගේ අදහස් 100% නමුත් මෙහි තිබෙන්නේ එයට වඩා වෙනස් දෙයක් නොවේද? අපද අපගේ කණ්ඩායම පරදින විටත්, ජයලබනවිටත් මේ දෙකම සැමවිට සතුටින් විඳදරා ගත්තෝය. ගැටළුව වන්නේ ඔබේ, මගේ, අපගේ මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණන් වැටුප් ලෙස ලබාගැනීමට ක්‍රියා කරන ක්‍රීඩකයින්, නිලධාරීන් තම හිතට එකඟව ලබා ගන්න අසීමිත මුදල් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ඨ නොකිරීම නොවේද? ජය බන්දේසියක තබා හිකනැල්ලන්ට, නිල මැස්සන්ට ලබාදීම නොවේද? මෙහි වඩාත් අසීලාචාරකම වන්නේ අනුන්ගෙන් තමන්ට ලැබිය යුතුයි කියන දේවල් සියල්ලම 100% ලබා ගැනීමත් තමන්ගෙන් අනුන්ට වියයුතු සේවය සම්පූර්ණයෙන්ම පැහැර හැරීමත් නොවේද? අවසානයේ මෙසේ සඳහන් කිරීමට කැමැත්තෙමු " පිනට කන බත්පතටවත් සාධාරණයක් කරපියව් හරකුනේ යන්නය". මෙය දියවන්නා ඔයේ ගවරෑනටත් ඔබටත්, මටත් අප සියල්ලන්ටමත් පොදුයි.

:       27       18

සංජය Saturday, 22 September 2018 08:22 AM

එහෙනම් කරුණාකර ඉල්ලා අස්වෙන්න !!!

:       12       25

lalith Saturday, 22 September 2018 11:26 PM

ඉතින් ඔය ගමන්ම ක්‍රිකට් ගහන එකත් බාරගත්තනම් නරකද?

:       0       0

Bamunuarachchi Tuesday, 25 September 2018 08:26 AM

බාර ගන්නේ නැතිව මොනවා කරන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 755 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1717 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1977 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1065 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 287 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2214 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1641 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site