IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මාධ්‍යයට වැරදි තොරතුරක් දුන් ඇමැතිවරු සොයා පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි - මහින්ද සමරසිංහ

(ඩයනා උදයංගනී)

රෝ ඔත්තු සේවය විසින් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පැවසු බවට ‘ද හින්දු‘ පුවත්පතේ පළවූ පුවත තමන්ට ලබාදුන්නේ කැබිනට් මණ්ඩල නියෝජිතයින් සිව් දෙනෙකු බව එම පුවත්පතේ මෙරට මාධ්‍යවේදිනිය පවසා ඇති බැවින් එම සිව් දෙනා කවුරුන්ද යන්න සොයා වහාම පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගැටුමක් ඇතිවන අකාරයේ අසත්‍ය පුවතක් මාධ්‍ය වෙතයාම භයානක තත්ත්වයක් බව ද ඇමතිවරයා සඳහන් කළේය.

එබැවින් ඒ ගැන සෙවීම ආණ්ඩුවේ වගකීමක් බවද ඇමතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා සත්‍ය වශයෙන් එවැන්නක් පැවසුවේ නම් එම පුවත ලබාදුන් අය තම නමින් එය පළකරන ලෙස ද පැවසිය යුතුව තිබූ බව කී ඇමතිවරයා ‘ද හින්දු‘ පුවත්පතේ මාධ්‍යවේදිනිය පවසා ඇති අන්දමට එම පුවත ඇය අමතා ලබාදීමට සිව් දෙනෙකුම කටයුතු කිරීම සැක සහිත බව ද කීවේය.

මෙම අසත්‍ය පුවත සම්බන්ධයෙන් ඉන්දියාවට සත්‍ය පැහැදිලි කරදීම සඳහා ජනාධිපතිවරයාට මෙන්ම රජයට දැඩි උත්සාහයක් දැරීමට සිදුවූ බව ද මහින්ද සමරසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන පිරිසක් හෝ වෙනත් කවුරුන් හෝ සැලසුම් සහගතව මෙම පුවත පළකරවා දෙරට අතර ගැටුමක් ඇති කර  කිසියම් කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් කිරීමට උත්සාහ කර ඇතැයි ද ඇමතිවරයා පැවසීය.

මෙම පුවත ලබාදුන්නේ කවුරුන්ද යන්න හෙළි කිරීම මාධ්‍ය ආචාරධර්මවලට පටහැනි නිසා ඒ සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදිනියගෙන් තොරතුරු ලබාගත නොහැකි බව කී අමාත්‍යවරයා ඒ වෙනුවෙන් වෙනත් පියවරක් අනුගමනය කිරීමට සිදුවන බව ද ප‍්‍රකාශ කළේය.

රෝ ඔත්තු සේවය සම්බන්ධ පුවත ආණ්ඩුවේම කිසිවකු විසින් කළ ද්‍රෝහී ක‍්‍රියාවක් ද යන්න ගැන මාධ්‍යවේදියෙකු මෙහිදී ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ මෙවැනි අසත්‍ය නිර්මාණය කිරීම රටට යහපත් නොවන බවයි.

අමාත්‍ය මණ්ඩලය තුළ කෙරෙන ප‍්‍රකාශයන් විකෘති කර පිටතට දෙන අය එහි සිටී නම් කැබිනට් මණ්ඩලය නියෝජනය කිරීම ලැජ්ජාවක් බව ද මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.



අදහස් (5)

මාධ්‍යයට වැරදි තොරතුරක් දුන් ඇමැතිවරු සොයා පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි - මහින්ද සමරසිංහ

Hafeel Thursday, 18 October 2018 12:50 PM

මේකනං විහිළු කැබිනෙට් මණ්ඩලයක්.

:       0       3

රවින් Thursday, 18 October 2018 01:27 PM

මොන කතා මොන සිනා...... හැමදෙනාම දන්නා දෙයක් තමා කැබිනෙට්ටුවේ දෙපත් නයින් ඉන්නවා කියා. ඉතින් මොකක්හරි කියලා අවුල් කරලා කියක් හරි කඩාගන්න හිතන්නැති.

:       0       1

ranavi Thursday, 18 October 2018 03:00 PM

මාව මරන්න කුමන්ත්‍රණය කරන්නේ රෝ ඔත්තු සේවයයි‘ යන්න ජනපතිත් රටට කියලත් ඉවරයිනෙ.මේවා සේරම බොරු කතා ජනපතිට දැන් උවමනා කරන්නෙ එජාපය හලන්න.සමහරවිට හිටපු අයනම් ගේමක් ගහන්න හදනව ඇති.

:       0       1

සමන් - ඕමානය Thursday, 18 October 2018 05:33 PM

හතර දෙනෙක්ම එකම බොරුව ගොතයිද? එක බොරුවක් නම්, අගමැති තුමා මේ කාරණය ගැන ඔහුගේ සංචාරයේදී ඉන්දියානු බලධාරීන්ගෙන් විමසන්නේ මොන කෙහෙල්මලකටද?

:       0       1

රවින් Friday, 19 October 2018 02:50 AM

අටුවා ටීකා අවශ්‍ය නැහැ . හැම පක්ෂයේම ආරවුල් ඇතිකරන්නේ දෙපත් නයින් . පක්ෂ භේදයෙන් තොරව ඒ අයවලුන් ප්‍රසිධියේ නෙරපලා දැම්මහම ඔය අස්ථාවර භාවය නැතිවෙයි .

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 82 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 626 0

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි
2024 අප්‍රේල් මස 18 258 0

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට
2024 අප්‍රේල් මස 18 274 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ


අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 140 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්
2024 අප්‍රේල් මස 18 767 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 196 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1481 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site