(ටී.කේ.ජී.කපිල )
රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක් (4,30,00,000) ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ එරට ගුවන් මගියෙකු අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඔහු 45 හැවිරිදි සිංගප්පූරු ජාතික ව්‍යාපාරිකයෙකි .
ඔහු (17) අද අලුයම 2.30ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ සහ ඔහු හැද සිටි කළිසමේ සාක්කු වල අත් පළඳනා 229ක්, මාල 175 ක්, තැල්ල සහිත උත්සව අවස්ථාවලදී පළදින මාල 88 ක්, වළලු 16 ක් සහ පෙන්ඩන්ට් 06 ක් සගවා ගෙන තිබී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි. මෙම ස්වර්ණාභරණ තොගයේ මුළු බර කිලෝ ග්රෑම් 07 ග්රෑම් 212 ක් බවත්, මෙය ගුවන් තොටුපොළ ඉතිහාසයේ සිදු කළ විශාලතම ස්වර්ණාභරණ වැටලීම බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් පොලිස් නිලධාරීවරයෙකු පැවසීය.
මෙම සිංගප්පූරු ජාතිකයා මෙයට පෙර සිව් වතාවක් ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති බවත් සහ ඔහු මෙම ස්වර්ණාභරණ තොගය සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට ප්‍රවාහන කළ පුද්ගලයා බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන තිබේ.
නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ටී.සී. ඒ.ධනපාල මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හාරකෝටියක රන් ආභරණ ගෙන ආ සිංගප්පූරු ජාතිකයකු අල්ලයි
Mahee Saturday, 17 November 2018 06:30 AM
අනේ දුප්පත් ශ්‍රී ලංකාවට මේ වගේ තෑගි එවන අයට පින්.