IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකානු හමුදා දිගටම සිරියාවේ සිටිය යුතුයි - ප්‍රංශ ජනපති


 
පැරිස්හිදීය (රොයිටර්)
 
ඇමෙරිකා එක්සත් ජනපද හමුදා දීර්ඝ කාලීනව සිරියාවේ රැඳි සිටිය යුතු බව තමන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඒත්තු ගැන්වූ බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.
 
සිරියානු රජයේ හමුදා අප්‍රේල් හත් වැනිදා කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන ඩූමා ප්‍රදේශයකට රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස සෙනසුරාදා (14) ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයේ සිරියාවේ ඩැමැස්ක් නුවර මිසයිල ප්‍රහාර 105ක් එල්ල කළේය. ඩැමැස්කස් නුවර පිහිටි රසායනික අවි ගබඩා කර ඇතැයි පැවසෙන ස්ථාන තුනකට එලෙස ප්‍රහාර එල්ල විය. 
 
“ඇමෙරිකානු හමුදා සිරියාවෙන් ඉවත් විය යුතු බව ජනාධිපති ට්‍රම්ප් දින දහයකට පෙර කියා සිටියා. එහෙත් එය නොකළ යුතු බවත් ඇමෙරිකානු හමුදා සිරියාවේ රැඳි සිටිය යුතු බවත් අපි ඔහුට ඒත්තු ගැන්නුවා” යැයි ප්‍රංශ ජනාධිපතිවරයා කීය. ඉරිදා (15)  මෙම සම්මුඛ සාකච්ඡාව ‘බී.එෆ්.එම් ටීවි’ රූපවාහිනි සේවය, ‘ආර්.එම්.සී රේඩියෝ’ ගුවන් විදුලි සේවය සහ මීඩියාපාට් අන්තර්ජාල පුවත් සේවය යන ප්‍රංශ මාධ්‍ය ඔස්සේ විකාශනය විය. 
“ඇමෙරිකානු හමුදා දීර්ඝකාලීනව සිරියාවේ සිටීමේ අවශ්‍යතාව අපි ජනාධිපති ට්‍රම්ප්ට කියා සිටියා” යැයි ප්‍රංශ ජනාධිපතිවරයා කීය. 
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ධුරයෙන් නෙරපීමට හෝ සිරියානු සිවිල් යුද්ධයට හෝ මැදිහත් වීමට අවශ්‍ය නොවූ බවත් ප්‍රහාර එල්ල කළේ සිරියාවේ රසායනික අවි ගබඩා කර තිබෙන ස්ථානවලට යැයි ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය කීය. 
 
විශේෂ ඉලක්ක වෙත පමණක් ප්‍රහාර ප්‍රහාර එල්ල කිරීමක් අත්‍යාවශයෙන්ම ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ මුල් සැලැස්මේ කොටසක් නොවන බව ද ප්‍රංශ ජනාධිපතිවරයා කීය. 
 
රසායනික අවි ගබඩා කර ඇති ස්ථානවලට සහ විශේෂිත ඉලක්කවලට පමණක් ප්‍රහාර සීමා කළ යුතු බව අප ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඒත්තු ගැන්වූ බව ද ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පැවැසීය. 
 
 
055



අදහස් (3)

ඇමෙරිකානු හමුදා දිගටම සිරියාවේ සිටිය යුතුයි - ප්‍රංශ ජනපති

සතයපාල Monday, 16 April 2018 11:23 AM

ට්‍රම්ප් මෝඩයෙක්... අපි එයාව ගොනාට ඇන්දුවා කියන එක තමයි... මේ මිනිහා නොකියා කියන්නේ.. ප්‍රංශයටයි, එංගලන්තයටයි තෙල්... ඇමරිකාවට අබ සරණයි !!!

:       2       104

namal Monday, 16 April 2018 04:15 PM

මෝඩ කතාකියන්න එපා... ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය නිසා තමා ලෝකය මේ විදිහට මුස්ලිම් අන්තවාදයෙන් හා චීන-රුසියා ඒකාධිපතින්ගෙන් නිදහස්ව ලෝකය බේරිලා තියෙන්නේ...

:       0       0

රවින් Tuesday, 17 April 2018 02:43 AM

ඔවු ඔවු හැම තැනම වැඩිමහල් උපදෙස් අවශ්‍යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 291 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 693 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 573 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1400 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2864 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1858 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site