රංජන් කස්තුරි
ජාත්‍යන්තර වෙළඳපොළේ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව අද (20) සිට තවත් අඩු ශ්‍රේණියකට නම් කර ඇති හෙයින් ණය ගැනීමේ දී වැඩි පොලියක් ගෙවීමට සිදුවනු ඇතැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ජාත්‍යන්තර වෙළඳපොලේ ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රී ලංකාව මෙතෙක් බී - 1 මට්ටමේ පැවති අතර ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි බී- 2 මට්ටමට ශ්‍රේණිගත කර තිබෙන බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර වෙළඳපොළේ ශ්‍රේණිගත කිරිම් පහත ගිය විට ශ්‍රී ලංකාව ණය ගැනීමේ දී අවදානම් පොලී අනුපාතය ඉහළ යන බවද ඔහු කිය.
ඒ අනුව ඇමෙරිකානු ඩොලර් සියයට 5.5 ක පැවති පොලී මට්ටම සියයට 10 ක තරම් ඉහළ ගොස් ඇතැයි ද හර්ෂ ද සිල්වා මහතා කීය.
ඡායාරූප - ඉෂාන් සංජිව
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජාත්‍යන්තර වෙළඳපොළේ ශ්‍රේණිගත කිරීම් වලින් ලංකාව පහළට
vishaka Tuesday, 20 November 2018 02:52 PM
එහෙම නොවී තියෙයිද මහත්තයෝ පහුගිය අවුරුදු තුනක් රටේ කිසිම සංවර්ධනයක් ආයෝජනයක් නැතුව.
tommy Tuesday, 20 November 2018 04:05 PM
ඔය කව්රු කව්රුත් රටට දරන්නට බැරි විදියට ණය අරගෙන තමා අද මේ හේනේ රටට වැදිලා තියෙන්නේ... ඔය දකුණු පැත්තේ ඉඳගෙන ඉන්න මහත්තයට අයවැයක් ඉදිරිපත් කරගන්නට බැරි වුනෙත් ඒකයි. ඒක නිසා තමයි මහින්ද මහත්තයට ආණ්ඩුව ගන්න වුනේ... දැන්වත් ඔය ණයට ජීවත්වෙන සංස්කෘතිය නවත්වන්න...
sanju Tuesday, 20 November 2018 04:07 PM
දැන් මහින්ද කරන හැටි බලමුකෝ...
Bamunuarachchi Tuesday, 20 November 2018 04:23 PM
හොඳම දේ තමයි ඒ ගොල්ලන්ට කරගන්න දීලා ඔය ගොල්ලෝ යන එක. නැතිනම් මහජන ඡන්දයක් තියන එක... රටේ ජනතාව ඔබලාට කැමැති නම් නැවත බලය දේවි. හැබැයි මේ අවුරුදු 4 යහපාලකයෝ රට කරපු දෙයක් එජාපෙට පන්දම් පත්තුකරන හාදයෝ කෙනෙක්වත් මෙතන නම් ලිව්වේ නැත. කටඇරලා කියවන්නකෝ අපේ ආණ්ඩුව මේ අවුරුදු 4.. මේ මේ සංවර්ධන කළා කියලා. කලේ එකම දෙයයි මහබැංකුව කොල්ලකෑම පමණි. ඒ වැටුණු වැටිල්ල තාම වැටෙනවා...
Bamunuarachchi Tuesday, 20 November 2018 04:29 PM
ෆුට් නොට් හාදයා නේද අපිට දේශනා පවත්වන්නේ? මේ වෙනදේ දැකලා තමයි ජනාධිපති, අගමැති මාරුකලේ... මහින්ද යුද්ධය කළ කාලෙවත් අගාධයට නොවැටුණු රට යහපාලකයෝ එක බැංකු කොල්ලයකින් අගාධයට දැම්මා...
සජිත් Tuesday, 20 November 2018 06:28 PM
ඉතින් අපිද වග කියන්න ඕනේ...? මාරුවෙන් මාරුවට රට කාපු ඔබලා නොවේද?
gayan Tuesday, 20 November 2018 07:21 PM
හා හා , තව ගහගන්න පාර්ලිමේන්තුව ඇතුලේ, එතකොට බයටම පොලිය අඩුවට දේවි.
කමලාවතී Tuesday, 20 November 2018 09:18 PM
ඉතින් ඒක වුනේ ඔහේලගේ යහපාලනේ නිසා. මේ දවස් ටිකට නෙවෙයි...
jothi Tuesday, 20 November 2018 10:57 PM
සාමාන්‍ය අපිට මේක හොඳින් දැනෙනවා. මේක වෙන බව කලින්ම අවබෝධ වුණා. අවාසනාවට මේ ගැන අවබෝධයක් නැත්තේ රටේ පාලකයින්ට. එ් නිසා කරුණාකර මෙහි බරපතලකම ගැන ඒ අයට ඉතා සරලව කියාදෙන්න.
thilak Wednesday, 21 November 2018 02:06 AM
ඒවා දේශපාලකයන්ට ගානක් නෑ, අපිට තමයි ඒකත්
hasantha Wednesday, 21 November 2018 03:22 AM
මහ ලොකු ආර්ථික විද්‍යා අචාර්ය! මොවුන් විදේශීය ආයෝජකයන්ට සුදුසු පරිසරයක් ගොඩනැගුවේ නෑ. දේශීය ව්‍යාපාරත් කඩා වැටුණා අධික බදු නිසා... කෘෂිකර්මාන්තයත් කඩන් වැටිලා අන්තිමේට හාලුත් පිටරටින් ගෙන්නන්න වුණා. ජනතාවට දැන් උන්නත් එකයි, මලත් එකයි. ඔය චාට් අරන් පෙන්නුවට දුප්පත් මිනිහට ඕවයින් වැඩක් නෑ. ඔවුන් කොහොමත් අමාරුවෙන් ජීවත්වෙන්නේ...
Prabath Wednesday, 21 November 2018 03:26 AM
ඇයි අන්තිමට ඉහළ ගිය කොටස? ආචාර්ය උනාට වැඩක් නැහැ. .
Prasa Wednesday, 21 November 2018 03:40 AM
ඕක අද ඊයේ වුන දෙයක්ද.?
ravi Wednesday, 21 November 2018 03:49 AM
ඔය කියන විදිහට මේගොල්ලන්ගේ කලේ රටේ ආර්ථිකය, ශ්‍රේණිගත කිරීම් වලින් අංක එකට තියෙන්න ඇති නේද. බොරු බයිලා, වැඩ බැරි ටාසන්ලා ඔහොම්මම තමයි.
කෝලික Wednesday, 21 November 2018 04:28 AM
මෙචිචර මොලේ තියෙන කෙනෙක්ව මුදල් ඇමති නොකර ටෙිලර් කෙනෙකුට ඒක දුන්නෙ ඇයි දෙයියනේ....
Perera Wednesday, 21 November 2018 05:53 AM
මේවට ඉතින් වග කියන්න ඕනේ ඔය කට්ටිය තමයි...
Nuwan Wednesday, 21 November 2018 07:43 AM
දැන් මේ පාර්ලිමේන්තු නාඩගම පටන් ගන්න කලින් ඔයාලා රට කරනකොට අපි හොද තැනක හිටියද? වෙලා තියෙන්නේ හිටපු පහල තැනින් තවත් පහලට ගිය එක.
isurandi Wednesday, 21 November 2018 07:58 AM
කවදත් ඉතින් පහලට රූටනවා මිසක ඉහලට ඒමක් දකින්න නැහැනේ මොනම ක්ෂේත්රයකවත්.
Gamini Wednesday, 21 November 2018 10:15 AM
ජාත්‍යන්තර ආයතන ලඟ එන මැතිවරණයේ ඡන්ද පදනම වෙනස් කරවීම පිනිස මොන සෙල්ලම් දැම්මත් , මහින්දගේ ඡන්ද පදනමට එයින් බාදාවක් නොවන්නෙ , බෞද්ධ , හින්දු , ඉස්ලම් සහ ක්‍රිස්තියානි ප්‍රජාවන් රටක් හැටියට සිතන්නට නැඹුරුවී ඇති නිසයි.
lakmal Wednesday, 21 November 2018 10:21 AM
චාට් කෙසේ වෙතත් රට චාටර් වෙලා ඉවරයි.
Ruwan Saturday, 24 November 2018 12:50 PM
ඉතිං අනේ අපි කීවයැ ඔයාමනෙ කීවේ ඩොලර් එක වැඩි වෙන එක ආර්ථික යට හොදයි කියලා..