IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘හිරකරුවන්ට උදව් දෙන බන්ධනාගාර නිලධාරීන් ද එල්ලුම්ගස් යැවිය යුතුයි’


 
සුජිත් හේවාජුලිගේ
 
මරණීය දණ්ඩනයට ලක්ව හිර ගෙවල්වල සිට නොයෙකුත් අපරාධ මෙහෙයවන සිරකරුවන් වගේම හිරකරුවන්ට ඒ කටයුතු සඳහා උදව් දෙන බන්ධනාගාර නිලධාරීන් ද එල්ලන්නැයි කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කරයි.


ඇතැම් බන්ධනාගාර නිලධාරීන්  මෙලෙස කටයුතු කිරිම ඒ පාතාල වැඩවලට අනියම් ආකාරයෙන් කරන උදව්  කිරිමකැයි ද රහුමාන් මහතා ඒ ලිපිය මගින් පෙන්වා දී ඇත.


මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හසුව අද හිරගෙවල්වල සිටින බහුතරයක් ද්‍රරිද්‍රතාව නිසා මෙවැනි ජාවාරම්වලට යොමු පහළ පන්තියේ අය බව පවසන මන්ත්‍රීවරයා මත්කුඩු ජාවාරම් මහා පරිමාණව කරන ප්‍රභූ ජාවාරම්කරුවන් බොහෝ දෙනා ඇතැම් දේශපාලනඥයින්ගේ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහයෙන් සුවසේ ජිවත්වන බවත් ප්‍රකාශ කළේය.


රජය පළමුව කළ යුත්තේ ඒ ප්‍රභූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අල්ලා එල්ලුම්ගස් යැවීම බවද මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.


තවද හිටිහැටියේ කෝටිපතියන් බවට පත්වුණූ බන්ධනාගාර නිලධාරීන් ගැන ද රජය වහා විමර්ශනයක් පැවැත්විය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (15)

‘හිරකරුවන්ට උදව් දෙන බන්ධනාගාර නිලධාරීන් ද එල්ලුම්ගස් යැවිය යුතුයි’

C.K.Lankaputhra Sunday, 15 July 2018 11:38 AM

බන්ධනාගාරය ෆොන්සේකා ඇමතිතුමාට බාර දෙන්න.... එතකොට විරුද්ධ වෙන අය කවුද කියලා බලමු.... එතකොට අපිට හොඳ තීරණ ගන්න පුලුවන් වෙයි....

:       174       769

Mahee Sunday, 15 July 2018 11:42 AM

කවුරුත් ඔය කතාව දන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒකට ක්‍රියා කරන්න තරම් ශක්තිය තියෙන කිසිවෙක් මේ ලංකාවේ නෑ කුඩු මුදලාලිලා ඇමති මන්ඩලෙත් ඉන්නවා. කියන්නෙත් ඒ ගොල්ලන්මයි. එහෙනම් ඉතින් ඇයි අල්ලන්නේ නැත්තේ? පොලිසියේ ලොක්කෝ මේ පිටුපස ඉන්නවා කියලා මැති ඇමැතිවරුම කියනවා. ඇයි අල්ලන්නේ නැත්තේ? බන්ධනාගාරේ නිලධාරීන් පාතාලයින් එක්ක එකතුවෙලා ජාවාරම් කරන බව කවුරුත් කියනවා. ඇයි වළක්වන්නේ නැත්තේ? ඇයි, තමන්ගේ කුඩු අධිරාජ්‍යය නැතිකර ගන්න, ලේසියෙන් හම්බකරන කෝටි ගණන් නැති කර ගන්න මොන කුඩු රාජාද කැමති වෙන්නේ?

:       0       431

Pradeep Sunday, 15 July 2018 11:54 AM

කරනවා නම් මුලින්ම කරන්න ඕනේ ඔය ටික තමයි. අපේ මොන්ටිසෝරි දේශපාලකයන්ට ඔය ටික නොතේරෙන එකයි අරුමය...

:       0       332

Nuwan Sunday, 15 July 2018 12:39 PM

බන්ධනාගාරයේ මොබයිල් ජෑමර සවිකරන එක වගේ සුළු දෙයක් වසර ගණනක ඉදන් කටින් කරනවා , ලංකාවේ අන්තම දුෂිතම ආයතනය බන්ධනාගාරයයි. ඔය එල්ලන එක කවදාවත් වෙන්නේ නැහැ. කුඩු නවතින එක වෙන්නෙත් නැහැ. අපි අපේ දරුවන් බිල්ලට දීලා හැමදාම මේ නාට්‍යය කොටස් වශයෙන් බල බලා ඉඳිමු.

:       0       522

රවින් Sunday, 15 July 2018 12:52 PM

මේ රටේ මූලික අවශ්‍යතාවය දූෂිත දේශපාලුවන් ටික එල්ලුම් ගහට යවන එක... දේශපාලකයන්ගේ අවශ්‍යතා ඉටුනොකළොත් නිලධාරියාට දෙවි පිහිටයි. බන්ධනාගාරේ පමණක් නොවේ.., අනික් හැමතැනම එහෙමයි. නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරිය නොකළත් දඬුවම්... දේශපාලකයන්ගේ රාජකාරිය නොකළත් දඬුවම්... දේශපාලකයෝ ටික සුද්ධ කරලම ඔය වැඩේ පටන්ගත්තොත් සාර්ථක වේවි...!!!

:       0       456

kamal Sunday, 15 July 2018 01:09 PM

කරුණාකර සේරම බන්ධනාගාරවලට ප්‍රිස්න් ජෑමර් වැනි සියලුම ජංගම දුරකතන, වයිෆයි සංඥා, සැටලයිට් දුරකතන සංඥා නවත්වන උපකරණ සවි කරන්න. එවිට හොරෙන් ජංගම දුරකතන හා අන්තර්ජාල හරහා සම්බන්ධවීම් සියල්ල නැවැත්විය හැකිය. එසේම සම්බන්ධ වීමට උත්සාහ කරන සියලුම දුරකතන මොනවාදැයි සොයා ගන්නට පුළුවන්. මාසයක් ඇතුලත මෙම පියවර ගතහොත් සියලුම හොර වැඩ කරන සිරකරුවන් හා ඔවුන්ට සහායදෙන නිලධාරීන් සොයා ගත හැකියි. සිරගෙදර සිට ක්‍රියාත්මක වන ජාවාරම් සියල්ල නැවැත්වීමට හෝ පාලනය කිරීමට මෙමගින් හැකියාව ලැබේ.

:       0       522

K PereraSunday, 15 July 2018 05:25 PM

මට නම් හිතෙන්නේ වගකියයුත්තන්ගෙන් යම් විදිහකින් කුඩු ජාවාරමට සහයෝගය දෙනවා, නැතිනම් මොකද මේවා සවිනොකර උඩබලාගෙන ඉන්නේ.

:       0       2

yaser Sunday, 15 July 2018 01:12 PM

අපිද මේ ආණ්ඩුව කරන්නේ? ඔයාලමනේ ජනතාවගේ මුදල් කාගෙන ආණ්ඩුව කරන්නේ... කියව කියවා ඉන්නේ නැතුව කරපල්ලා.....

:       0       741

chathuri Sunday, 15 July 2018 04:31 PM

හරියට බැලුවොත් අවරුදු 14 ඉහල සිට වැඩිහිටියා දක්වා කරලා තියෙන අපරාද එහෙම බැලුවොත් සුළු පිරිසක් ඇර සියලු දෙනාම එල්ලන්න ඕන, මැදපෙරදිග නිතිය බැලුවොත් සේරම ගස්. අලුත් ලොවක් , අලුත් රටක්. , නැවත ඉපදීමක් ලගයි වගේ.

:       0       0

sanath Sunday, 15 July 2018 06:35 PM

නීතියානුකූලව මරණ දණ්ඩනය නියම කොට ඇති අපරාධකාරයින්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සාධාරණ වුවත් නීති කඩකරන බන්ධනාගාර නිලධාරීන්ට නීතියට පිටින් ගොස් මරණ දඬුවම් දීම කැලෑ නීතියකි.

:       2       0

කරු Sunday, 15 July 2018 08:53 PM

එතකොට පත්තරේ බලන අපි ද මේ යෝජනා ක්‍රියාත්මක කරන්න ඕනි. "හිරකරුවන්ට උදව් දෙන බන්ධනාගාර නිලධාරීන් ද එල්ලුම්ගස් යවන ලෙස මා නියෝග කරමි"

:       0       1

abaran Sunday, 15 July 2018 10:36 PM

මගේ දැනුමේ හැටියට කුඩු කාරයින් එල්ලීමට තමන් ක්‍රියා කරන බව කීම ජනාධිපතිගේ ෂෝ එකක් පමණි....

:       0       3

Chandima Monday, 16 July 2018 02:45 AM

තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි ඔය මත් ජාවාරමට එක මොබයිල් ඇමතුමක් ගන්න උදවු කලහම රුපියල් දහදාහක විතර සන්තෝසමක් බන්ධනාගාර නියාමක වරයෙකුට ලැබෙනවලු. ඉතින් ඒ මිනිස්සු උදවු නොකර ඉඳීද?

:       0       129

kalpage Monday, 16 July 2018 05:46 AM

අවසානයේ මුකුත් නැත.

:       0       0

vipula Monday, 16 July 2018 06:47 AM

මේවා මෙගා නාටකයක අලුත් කතාවක්. අනිතිමෙදී මුල් කතාවට ඇවිත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 40 0

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 328 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 407 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 71 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 537 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1525 1

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site