IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මත්ද්‍රව්‍ය නිවාරණට තොරතුරු ගන්න විශේෂ මෙහෙයුම් මැදිරියක්

(ඉන්දිකා රාමනායක)

මත්ද්‍රව්‍ය නිවාරණ සඳහා මුළු දිවයිනම ආවාරණය වන පරිදි මහජනයාට  තොරතුරු ලබා දිය හැකි විශේෂ මෙහෙයුම් මැදිරියක් අද (22) පොලිස් මුලස්ථානයේදී ස්ථාපිත කළ බව පොලිස් මුලස්ථානය කියයි.

පොලිස්පතිවරයාගේ සහභාගීත්වයෙන්  මෙම  මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා  පැවැසීය.

මෙම මෙහෙයුම් මැදිරියට විශේෂ දුරකතන අංක දෙකක් , ෆැක්ස් අංක දෙකක් හා විද්‍යුත් ලිපිනයක් හඳුන්වා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

011-3024820, 011-3024840,  011-3024850 , යන දුරකතන අංක වෙත හා  011-2430912, 011-2472757 යන ෆැක්ස් අංකය හෝ, [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ  මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබා දිය හැකි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවැසීය.

පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ කි‍්‍රයාත්මත වන මෙම මෙහෙයුම් මැදිරියට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ලබා දෙන්නන්ට ත්‍යාග ලබා දෙන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (3)

මත්ද්‍රව්‍ය නිවාරණට තොරතුරු ගන්න විශේෂ මෙහෙයුම් මැදිරියක්

Kumar Monday, 22 October 2018 05:38 PM

ලංකාවේ මත් ද්‍රව්‍ය නැතිකරනවා කියන එක බොරුවක්. මත් ද්‍රව්‍ය ඉවකරන නිල සුනඛයෝවත් ඉන්නවාද? ඇමෙරිකාවේ වගේ මත් ද්‍රව්‍ය ළග තියාගත් අයගේ සියලුම දේපොළ රාජසන්තක කරන්නේ නැතිමන් කොහොමද ඔය ව්‍යායාමය සාර්ථක වෙන්නේ. උසාවියට ගෙනගිය කුඩු මුදලාලිලාත් දේපොළ සමග නිදහස් කරනකොට. ඔය වගේ මෙහෙයුම් ලංකාවටම ගැලපෙනවා. ලාංකිකයෝ ඇත්ත ඒ විධියට අහන්න කමතින් නෑ.

:       0       0

lakmal Monday, 22 October 2018 06:13 PM

මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුර සපයන්නන්ගේ අනන්‍යතාවත් ආරක්ෂා කරන බව දැන්වීමත් වැදගත්.

:       0       0

ගිහාන් ඵල්.පී. ජයතුංග Tuesday, 23 October 2018 03:45 AM

මේ ඉතාමත් වැදගත් වැඩක් නුමූත් sms පහසුකම ඇතිව ජංගම දුරකථන අංකයක් ලබා නොදීම කණගාටුවට කරුණකි

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 58 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 160 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 440 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 692 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 286 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 147 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site