IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තු කලබලය ගැන කතානායක අනුමැතිය ලද විගස පරීක්ෂණ අරඹනවා


(ඉන්දිකා රාමනායක)

පාර්ලිමේන්තු  සභා ගැබේ   මැති ඇමැතිවරුන්  පොදු දේපළ වලට හානි කිරීම, පොලිස් නිලධාරීන්ට පහර දීම  යන සිද්ධින්  සම්බන්ධයෙන් කථා නායකවරයාගේ අනුමැතිය  ලැබුණු වහාම පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.


දැනටමත් මේ සම්බන්ධයෙන්  පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගේ ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ  නිලධාරියෙක් පැවසීය. 


පාර්මේන්තු සභා ගර්භයේ සිදුවන  සිදුවීම්   වෙනුවෙන් පොලිසියට සෘජුවම   සම්බන්ධ වී පරීක්ෂණ පැවැත්වීමට නොහැකි බවත්  කථා නායකවරයාගේ අවසර ඒ සදහා  අවශ්‍ය බවද  එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.


    ගත වු දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ සිදු වු සිදුවීම් වලින්  පොදු දේපළ රැසකට හානි සිදුව ඇති අතර  මැති ඇමැතිවරුන්ගේ පහර දීමට ලක්වු පොලිස් නිලධාරීන්  කිහිපදෙනකුම තුවාල ලැබුහ.



අදහස් (5)

පාර්ලිමේන්තු කලබලය ගැන කතානායක අනුමැතිය ලද විගස පරීක්ෂණ අරඹනවා

Udaya Monday, 19 November 2018 01:49 PM

කරුණාකර අශෝභන ලෙස හැසිරුණ හා පොදු දේපළවලට කළ හානියේ වන්දිය අදාළ පුද්ගලයින්ගෙන් පුද්ගලික මුදලින් අයකර, ඔවුන්ගේ මැති ඇමතිකම් කෙටි කාලීනව හෝ අත්හිටුවන්න. නැත්නම් මෙය ඉතාමත් දැඩි නරක පූර්වාදර්ශයක් වනු ඇත...

:       1       1274

ManojMonday, 19 November 2018 07:04 PM

කෙටි කාලයකට නොව සදා කාලයටම....

:       0       0

Chandima Tuesday, 20 November 2018 02:15 AM

මේ උදවිය පුටු කඩමින් වටිනා විදුලි හා ඉලෙක්ට්‍රොනික් උපකරණ කඩා දමමින් කතා නායකගේ ලාච්චුව ඇරලා අතට අහුවෙන පොත් පත්, වටිනා දේවල් වලින් දමා ගහමින් ඒ මදිවට එකෙක් මිරිස් කුඩුත් දමා ගසමින් කරපු මේ අතිවිශාල විනාශය මේ රටේ සමස්ත බාල පරම්පරාවම දැක්කා. රුප රාමු වල මේ අය පැහැදිලිව පෙනෙනවා. ඒ නිසා ඒ අය හඳුනාගෙන නිතිය ක්‍රියාත්මක කරලා දේශපාලනයෙන් සහමුලින්ම නෙරපා හැරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී මුළු රටේම සමාජයේ මේ අයගේ හැසිරීම අතිමහත් විනාශකාරී ලෙස පැතිරෙනවා.

:       0       0

Ruwan Tuesday, 20 November 2018 05:43 AM

පරීක්ෂණයක් සදහා අවසර ගැනීම පොලිසියට අයිති දෙයක්. නැතුව කතානායක කියනකන් සිටිය යුතු නෑ. පක්ෂ පාට නැතුව සියලු දෙනාට පොදු දේපල පනත යටතේ නඩු පැවරිය යුතුයි.

:       0       0

Kumara Tuesday, 20 November 2018 04:39 PM

ඔය රටට ආදරේ මිනිස්සුද? මෙයාලට රට දුන්නොත් කොහොම වෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 22 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 39 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 57 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 181 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2606 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 217 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site