IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානමක්

(ඩයනා උදයංගනී)

    දින කිහිපයක් තිස්සේ ඇද හැලූණු වැසි හේතුවෙන් රත්නපුර, නුවරඑළිය සහ ගම්පහ දිස්ත‍්‍රික්කවල නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

         ඒ අනුව රත්නපුර දිස්ත‍්‍රික්කයේ පැල්මඩුල්ල සහ ඇහැලියගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත්, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කොත්මලේ සහ අඹගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සහ ගම්පහ දිස්ත‍්‍රික්කයේ බෑවුම් සහිත ප‍්‍රදේශවල මෙම නායයෑමේ අවදානම පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (17) නිකුත් කළ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.

         ඉහත ප‍්‍රදේශවල කඳුකර බෑවුම් ආශි‍්‍රතව සහ නායයෑමේ හැකියාවන් ඇති ප‍්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති ප‍්‍රදේශයන්හි පදිංචි වී සිටින්නන් මේ සම්බන්ධයෙන් අවදානයෙන් සිටිය යුතු බව ද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

         මේ අතර පළාත් කිහිපයකට බලපා ඇති වැසි සහ තද සුළං තත්ත්වය ඉදිරි දිනවලදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

         විශේෂයෙන් මධ්‍යම, සබරගමුව පළාත්වලත්, කළුතර දිස්ත‍්‍රික්කයෙත් විටින් විටගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

         වයඹ සහ දකුණු පළාත්වලත්, කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ඔහු ප‍්‍රකාශ කළේය.

         එමෙන්ම මධ්‍යම, වයඹ, උතුරු මැද, නැගෙනහිර, දකුණු, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් විටින් විට පැයට කිලෝ මීටර 50 - 60 පමණ දක්වා තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

       කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 60-70 දක්වා වැඩිවිය හැකි අතර, සෙසු මුහුදු ප‍්‍රදේශවල ද සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර 50-60 දක්වා වැඩි වන අතර එවිට එම මුහුදු ප‍්‍රදේශ තරමක් රළු විය හැකි බව එම ප‍්‍රකාශකයා කීවේය.

එබැවින් ධීවර හා නාවුක කටයුතුවලදී විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 



අදහස් (0)

දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 348 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 722 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 851 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 630 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 174 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1795 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site