IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


’’හදවත හාස්‍යජනක ලකුණක් - මා ඡන්දයට එන්නේ අලියා ලකුණෙන් පමණයි’’

( +++ අංජුල මහික වීරරත්න සහ සඳුනි කෞශල්‍යා)

‘අලියා’ ලකුණින් තොරව වෙනත් කිසිම ලකුණකින් තමා ඉදිරි මැතිවරණයට තරග කරන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවින් දිසානායක මහතා පැවැසීය.

වතුකරයේ දෙමළ ජනතාව හුරු වී සිටින්නේ ‘අලියා’ ලකුණට ඡන්දය දීමට බැවින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කරන තමා මෙන්ම කේ.කේ. පියදාස මහතා ද අලියා ලකුණින් තරග කිරීමට අවශ්‍යම බවට කෘත්‍යාධිකාරී මණ්‍ඩලයෙන් විශේෂ ඉල්ලීමක් කළේ යැයි ද නවීන් දිසානායක මහතා කීවේය.

එක්සත් ජාතික පාක්ෂිකයන් අනෙක් සියලුම දිස්ත්‍රික්කවලට වෙනත් ලකුණකින් තරග කිරීමට තීරණය කළද නුවරඑළියට ‘අලියා’ම අවශ්‍යයැයි දිසානායක මහතා සඳහන් කළේය.

‘අලියා’ ලකුණ නැතිනම් අනාගතයේ තරග කරනවාද නැද්ද යන කාරණාවද ගැටලුවකැයි දිසානායක මහතා වැඩිදුරටත් කීය.

හදවත වැනි වෙනත් ලකුණකට ජනතාව හුරු කරන්න දැන් කාලයක් නැති බව සඳහන් කළ නවීන් දිසානායක මහතා ‘හදවත’ හාස්‍යජනක ලකුණක් බවද කීවේය. හදවත මේ දිනවල ෆේස්බුක්වල පවා හාස්‍යයට ලක් වෙතැයි ද නවීන් දිසානායක මහතා පැවැසීය.

පිටකේට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුව පැවැත්විණි.



අදහස් (14)

’’හදවත හාස්‍යජනක ලකුණක් - මා ඡන්දයට එන්නේ අලියා ලකුණෙන් පමණයි’’

maheel Friday, 14 February 2020 07:08 AM

මහලොකුවට හදවතෙන් රටේ නායකත්වය ඉල්ලන්න ‍එන ලොක්කගෙ ආසනෙත් අන්ත පරාදයි. 25% යි. තව අනිත් අයට බනිනව කකුලෙන් ඇද්ද කියලා

:       0       0

Nimal Friday, 14 February 2020 07:33 AM

ඉතින් මන්ත්‍රීතුමා අලියත් හෙණ්ඩුවත් කාටවත් නොදී එයාලගේ බුදලය වගේ වයසට ගිය අලි කාරයෝ බදාගෙන ඉන්නවානම් එක එජාපකාරයන්ගේ හදවතට දැනෙන්නේ නැහැ කියලද හිතන්නේ? අලියාගෙන් ආපු පලියට ෂුවර් එකටම දිනනවා කියලා හිතන්න එපා. ජනතාව ඡන්දෙ දෙන්නේ ප්‍රතිපත්තිවලට මිසක් ලකුණට නොවේ.

:       0       0

kamal Friday, 14 February 2020 08:06 AM

මොන ලකුණින් ආවත් හාස්‍ය ජනක භාවයනම් ඉවත් කරන්න බැහැ.

:       0       0

Pet Friday, 14 February 2020 08:21 AM

මහින්ද මහත්මයාගේ දෑත් ශක්තිමත් කරන්න ගිය වෙලාවේ තරග කළෙත් එලවන්ට් ගෙන්ද? නිකම් බොරු බයිලා කියන්න එපා. පක්ෂය පාවාදීපු මිනිස්සුන්ට ජාතික සංවිධායක පට්ටම් දෙන පුදුම පක්ෂයක්...

:       9       210

BamunuarachchiFriday, 14 February 2020 10:54 AM

මල්ලි සජිත්ගේ පැත්තේ..., මෙයා රනිල්ගේ පැත්තේ.. දෙන්නා දෙපැත්ත අල්ලාගෙන ඉන්නේ... මේ දෙන්නාම රනිල්ව එළවන්න සූදානමින් හිටපු නිසා මොවුන් ගැන වැඩිය ගණන් ගත යුතු නැත. කටුස්සන් වගේ... වෙලාවට වාසියට පක්ෂය පාට මාරු කරනවා.

:       0       1

dissanayaka Friday, 14 February 2020 09:40 AM

මොකෙන් ආවත් මේ පාර ගෙදර තමයි. පොඩි හරි අවස්ථාවක් තියෙන්නේ පක්ෂය දෙකට කැඩිලා ඉල්ලුවොත් තමයි. එ්කයි මේ පක්ෂයේ කඩන්න දඟලන්නේ. එකතුවෙලා ඉල්ලුවොත් දමිල 3 දෙනා විතරයි ඇතුළට එන්නේ...

:       1       15

sudesh - navaraeliya Friday, 14 February 2020 10:18 AM

ඔබට ඡන්දෙ දෙන්නේ නැහැ කව්රුවත්...

:       0       32

කපුරුහාමි Friday, 14 February 2020 10:21 AM

හදවතින් ඉල්ලන්න හරිහමන් හදවතක් තියෙන්න ඕනෑනේ. එකාටඑකා බලයට කුලල් කා ගන්න එකනේ කරන්නේ? කුණු බක්කිය හරි, ගොන් කරත්තේ හරි තෝරාගන්න.. එ්ක හොඳ නැද්ද?

:       0       3

Rohana Friday, 14 February 2020 12:43 PM

බෙදිලා ඡන්දය ඉල්ලුවොත් ඡන්ද සංඛ්‍යාවත් බෙදිලා ලැබෙන බව මතක තබාගන්න...

:       0       0

Buddika Friday, 14 February 2020 12:50 PM

නවීන්ගේ පියාට අපි බොහෝ දේ ආදරය කළා. ගරු කළා. ඔහුට තිබ්බ ජනප්‍රියතාවයෙන් සීයට 10 ක්වත් නවීන්ට නෑ. මෙයා හදන්නේ දේශපාලන දිවිනසාගැනීමකට. එයාට තේරෙන්නේ නෑ සජිත්ගේ ජනප්‍රියතාව සහ දේශපාලනය. රනිල්ට උදව් කරන මිනිස්සුන්ට අනාතවෙන්න වීම ස්ථීරයි. මොලේ නෑ.

:       0       0

lalithm Friday, 14 February 2020 12:56 PM

ඉස්සර කතාවක් තිබුනා ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු තිබ්බ කියා පියානෝට. ඉතින් තවම ඒවා ඇතිනේ. ඡන්දෙ කෙළවුනොත් පටස් ගාලා එහෙට පනිවි. අපිට තමා ඉතින් ඔක්කොම. දෙකේම ඉන්නේ රට රාජ්‍යවල දේපොළ ඇත්තෝ අපි නිකම්ම නිකම් බයියෝ. කොහොමත් මෙයාලට හදවතක් නැහැනේ. ඉතින නරක මනුස්සයා ඉස්සරහට දමල තමයි ගොඩ වෙන්න බලන්නේ.

:       0       0

ravin Friday, 14 February 2020 01:05 PM

ඔබ ආවත් එකයි, නැතත් එකයි.

:       0       0

saradiyel Friday, 14 February 2020 01:35 PM

ඊළඟ ඡන්දෙ එක මාමට... මම කොහොමද මාමට විරුද්ධ වෙන්නේ?

:       0       0

de silva Saturday, 15 February 2020 08:47 AM

මොන ලකුණෙන් ඉල්ලුවත් එජාපෙ ඡන්ද දායකයන්ගෙන් 90% යන්නේ සජිත් පිලට , රනිල්ට රවියා වැනි ලෝක හොරුත් , දෑත ශක්තිමත් කරන්න කියමින් වරප්‍රසාද භුක්ති විදින්න පක්ෂේ පවා දෙමින් මහින්දගේ ඔඩොක්කුවට පැන්න ඔබලාට ඇති ඡන්දයක් නැත

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 152 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 153 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 282 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 220 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 177 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 454 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 297 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1528 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site