(අජන්ත කුමාර අගලකඩ)
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ හමුදාවේ ඉහළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබු ඔවුන්ට එරෙහිව නඩු ගොනුකර නැතැයි ද ජනාධිපතිවරයා කීවේය.
ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය, කීත් නොයාර්ට පහරදීම , එක්නැලිගොඩ පැහැරගෙන යාම, තරුණයින් 11 දෙනකු අතුරුදන් කිරිම ආදී සිදුවීම් රැසකට ආරක්ෂක හමුදා ඉහළ නිලධාරීන් අත්අඩංගුවට මාස ගණන් තිස්සේ රඳවාගෙන සිටි නමුත් ඔවුනට චෝදනා පත්‍ර හෝ දීමට නොහැකි වී ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.
යුද හමුදාවේ හිටපු දෙවැනියා සහ නාවික හමුදාවේ ඩී.කේ.පී. දසනායක ආදී නිලධාරීන් මාස 5 ක් 6 ක් රිමාන්ඩ් බාරයේ සිටියද ඔවුනට නඩු දමා නැති බවත් චෝදනා පත්‍ර බාරදී නැති බවත්, ජනාධිපතිවරයා කීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දෝෂ දර්ශනයට ලක් කළ ජනාධිපතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයාට චෝදනා පත්‍රයක් හෝ නඩුවක් ද ගොනු නොකර අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බව කීය.
ආරක්ෂක මාණ්ඩලීක ප්‍රධානීයාට ඇති චෝදනාව තරුණයින් 11 දෙනකු පැහැර ගෙන යාමේ සිද්ධියකට සම්බන්ධ බව කියන පුද්ගලයකුට රටින් පලා යාමට අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
2015 අගෝස්තු මාසයේ සිට මේ දක්වා ආරක්ෂක අංශයේ කී දෙනකු මේ ආකාරයට අත්අඩංගුවට අරගෙන ඇත්දැයි කී ජනාධිපතිවරයා ඔවුනට නඩු පවරා නැතැයි ද පැවසීය. තමා පොලිස්පතිවරයා ද කැඳවා මේ පිළිබඳව දැනුම් දුන්නේ යැයි ද ජනාධිපතිවරයා පැවසීය.
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
’හමුදාවේ ඉහළ නිලධාරීන් අත්අඩංගුවට ගත්තත් ඔවුන්ට තවමත් නඩු නෑ’
sena Friday, 14 September 2018 01:42 PM
හරිම පැටලිලි සහගත තත්වයක්... ජනාධිපතිවරයාට අවශ්‍ය නීතිය ඉක්මනට ක්‍රියාත්මක කරවීමද නීතිය ක්‍රියාත්මක වීම නැවැත්වීමද කියන එක හිතාගන්න බැහැ.
RaveendraSaturday, 15 September 2018 07:51 AM
දැන් මේ අවනඩුව රටේ පුරවැසියන් වන අපට පැවසීමෙන් රටේ මුල් පුරවැසියා කුමක් බලාපොරොත්තු වන්නේද? මෑතකදී මොහු විධායක බලතල නමැති කඩුව එළියට අරගෙන මලකඩ හූරා පිරිසිදු කළානේද? එසේ කලේ පාන් පෙතිවලට බටර් ගෑම සඳහා භාවිතයටද? එසේත් නැත්නම් "හෙරලි, පොළොස් "කැපීම සඳහාද?
chathuri Friday, 14 September 2018 01:47 PM
ඒකනේ කියන්නේ සේරම හොරු, මිනීමරුවෝ නිදැල්ලේ දැන් ඇල්ලුවත් වැඩක් වෙන්නේ නැහැ
Raveendra Friday, 14 September 2018 01:53 PM
අපි අදමනේ මේ විස්තර දන්නේ
Hafeel Friday, 14 September 2018 03:27 PM
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පමණක් දොස් කියල හරියන්නේ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවෙත් බරපතල සිද්ධීන් සම්බන්ධ ලිපි ගොනු ගණනාවක් නඩු නොමැතිව නිදි...
කෝලිත Friday, 14 September 2018 03:29 PM
එහෙම දෙයක් ලංකාවේ වෙලා තියෙනවද..? මාරයිනේ.. අපි කවුරුවත් දන්නෙ නැහැනේ...
ගාමිණී Friday, 14 September 2018 03:39 PM
පරීක්ෂණ හරියට ඉවර කරල ඕන චෝදනා පත්‍රයක් දීල නඩු දාන්න. පරීක්ෂණ වලට සහය නොදී කල් ගන්න හමුදාවෙ ප්‍රධානින් කරන්නේ නඩු දැම්මත් පරදින ලෙස සාක්කි යටපත් කරන්න. එවැනි තත්ත්වයක් තුල නඩු පැවරුවොත් නඩුව අහක යනවා. විත්තිකරුවන් නිදහස් වෙනවා.
Mahee Saturday, 15 September 2018 02:20 AM
හරි හරි, නඩු සිය ගාණක් විතර දැමිය යුතුයි. තව සමහරුන්ට නඩු දානවා තියා අත්අඩංගුවට ගන්නෙවත් නැහැනේ. ඔහොම තමයි, දෙපැත්තට අදින දෙගොල්ලක් එකතුවෙලා ආණ්ඩු කරන කොට.
Saththaya Saturday, 15 September 2018 02:25 AM
කවුරු හරි බලපෑම් කරනවා වෙන්න ඇති. ඔය ෆයිල් වහගෙන ඉන්න. පොඩි මිනිහට පොල් ගෙඩියටත් නඩු දාන රටේ අනික් ෆයිල් හංගගෙන ඉන්නේ මොකද දන්නේ නැහැ. ඒවා ඉක්මන් කරන්න කවුරුත් කටයුතු කරන්නෙත් නැහැ. හරි පුදුමයි...
geetha Saturday, 15 September 2018 06:25 AM
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේකට නඩු දාගන්න බැරුවයි ඉන්නේ.. එදා ඉඳලම බොරු කතා කියල ලජ්ජා වෙලා ඉන්නේ උසාවියේ... නඩු දාගන්න විදියක් නැහැ.
geetha Saturday, 15 September 2018 06:38 AM
අනේ අපරාදේ මේ අදහස් දැක්කම හිතෙන්නේ ප්රභාකරන් ඉන්නයි තිබුනේ කියලා.