IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


’මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න යන්න එපා’යි අපේම පිරිසක් ජාත්‍යන්තර පොලීසියට කිව්වා’

(ඩයනා උදයංගනී)

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නැයි තම පාලන සමයේ ජාත්‍යන්තර පොලීසියට දැනුම් දුන් විට ඒ රජයේම පිරිසක් ඔහු අත්අඩංගුවට ගැනීමට මැදිහත් නොවන්නැයි ජාත්‍යන්තර පොලීසියට දන්වා තිබූ බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (3) පැවසීය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා බරපතල මූල්‍ය වංචාවකට සම්බන්ධ බැවින් ඔහු අත් අඩංගුවට ගන්නැයි දන්වා මෙරට නීතිපති දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලීසියට දැනුම් දුන් අවස්ථාවේ, මෙය මූල්‍ය වංචාවක් නොව දේශපාලන ප්‍රශ්නයක් නිසා එයට මැදිහත් නොවන ලෙස රජයේම පිරිසක් මෙලෙස දැනුම් දී තිබූ බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉන්පසු මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට තමන්ට මැදිහත්විය නොහැකි බව ජාත්‍යන්තර පොලීසිය පැවසූ බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 

 අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදන නිකුත් කළේ මහ බැංකු වංචාව පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ වාර්තාව, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ බලතල ආදිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර යළිත් දැනුම්දීමක් කළ පසුව බවද හිටපු ජනාධිපතිවරයා කීවේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයෙදී අද (3) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

 අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට තමන් නීතිපති දෙපාර්තමේන්තුව හා එක්ව අත්සන් 21,000 ක් යොදා ලිපිලේඛන යොමු කළ පසුවද පසුගිය රජයේ ඇතැමුන් සිංගප්පූරු බලවතුන් සමඟ ඇති මිත්‍ර සබඳතා භාවිතා කර එය වැළැක්වූ බව සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

 මෙලෙස අදෘෂ්‍ය බලතල භාවිතා කර එය වැළැක්වූයේ මහ බැංකු වංචාවේ මුදල් බෙදාගත් අය බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

 ඔවුන් එසේ නොකළේ නම් හිටපු මහ බැංකු අධිපතිවරයා ගෙන්වා ගැනීමට තිබූ බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා මහේන්ද්‍රන් මහතා මේ වන විට නම වෙනස් කරගෙන ඇති බවටද තොරතුරු ඇතැයි කීවේය.

ඒ නිසා ඔහු ගෙන්වීමට යළිත් මුල සිට ලිපි හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවක් මතුව ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (55)

’මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න යන්න එපා’යි අපේම පිරිසක් ජාත්‍යන්තර පොලීසියට කිව්වා’

ජගත් ලියනගේ Wednesday, 03 June 2020 12:00 PM

දැන් එකතු වෙලා ඉන්න අයටත් මේ කතාව හොඳ පාඩමක්... ඔය සිරිසේන විරුද්ධ වෙච්ච දවසක, දැන් අයටත් බෙදන්නේ ඔය හැන්දෙන්ම තමයි...

:       0       215

rama Wednesday, 03 June 2020 12:02 PM

ඔය දේවල් කියපු අයගේ නම් ටිකත් දාන්නකෝ මහජනතාවට බලාගන්න...

:       0       177

senaWednesday, 03 June 2020 12:34 PM

කතාව ඇත්ත, නම් නොකියා විරුද්ධවාදීන් ආරක්ෂා කරන්නේ මොන කෙහෙල් මලකටද? ඕක මෙයාගේ දෙකයි පනහේ දේශපාලන ගේමක් කියන එක වෙන කව්රුවත් කියන්න වුවමනාවක් නැහැ. කලින් ආණ්ඩුව කාලේ මහ බැංකුවේ අධිපතිගේ නගා ඔයකියන කොම්පැනියේ අධ්‍යක්ෂක මණ්ඩලේ, මහබැංකුව සුද්ද කරපු එක හොයන්නේ නැතුව මැදක ඉඳලා පටන් ගත්තාම ඕන කෙනෙකුට තේරෙනවා... අනික මෙය තනිකරම දේශපාලන ගේමක් කියන එක කව්රුත් දන්නවානේ...

:       0       323

Gamage Wednesday, 03 June 2020 12:07 PM

අනේ, දැන් ඔබතුමා සමුගන්න දේශපාලනයෙන්... සහරාන් ගැන තොරතුරු ලැබිලත් කිසිම දෙයක් කරන්නේ නැතිව සිංගප්පූරුවට ගියේ අපි නෙමෙයි. ඉන්දියාවෙන්.. අපේ රහස් බුද්ධි අංශයෙන් තොරතුරු ලැබිලා නිකන් හිටියේ අපි. අර මරණ දඬුවම නියම වුණු පුද්ගලයාව නිදහස් කලේ අපි... දැන් අපි තමයි වැරදි කාරයින්.. ඔයගොල්ලෝ ඔක්කොම සුදනෝ... දේශපාලනය අප්‍රිය කරපු කෙනෙක් තමයි මේ...

:       1       432

රවින් Wednesday, 03 June 2020 12:19 PM

මේ කියන පච විශ්වාස කරන්න තරම් ලංකාවේ මිනිසුන් මෝඩද? එහෙම නැතිනම් අලුත්ම රජගෙදර කවටයාද? කවුරු කවුරුත් බලාගෙන... මෑන්ස්ට, පිටිපස්සෙන් ගිහිල්ලා පිහියෙන් ඇනලා හොඳ පුරුද්දක් තියෙනවා.

:       0       383

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 03 June 2020 12:22 PM

ඡන්දේ කිට්ටුවෙන විට මේ බෙරේ හඬ ආපසු ඇහෙනවා. මෙතුමා මේ කියන දේවල් පිළිගැනීමට තරම් මේ රටේ ජනතාව මෝඩ නැහැ. ඔබතුමා රටේ නීති විරෝධී ලෙස කටයුතු කළ බව අධිකරණය තීන්දු කළ බව අමතක වෙලා වගෙයි. දැන්, තියෙන්නේ ඔබතුමාලාගේ රජයක්. නිකං විහිළු නොසපයා හැකිනම්, අර්ජුන මහේන්ද්‍රන් අල්ලන්න. ඔට්ටුයි බැහැ. එහෙම අල්ලන්නේ නැත්තේ ඔබැතුමාලාගේ පැත්තේ දේත් එළියට එන නිසයි. කෝ ඡන්දෙට කළින් අල්ලන්න තිබුණු හදිස්සිය දැන් නැහැනේ... කියව කියවා කරන රට රවටන වැඩ නවතා දැන් හෝ සියලු හොරකම් ටික අල්ලන්න. ඔට්ටුයි බැහැ ..

:       0       125

ලැවොයිසියර් Wednesday, 03 June 2020 12:32 PM

බලයේ ඉන්න කාලේ ඒක කරන්න බෑ.. මේක කරන්න දෙන්නෑ කියකියා නහයෙන් අඬ අඬා හිටියා. අන්තිමට කුහකකම නිසා මුළු රටම අනතුරේ දැම්මා. දැං ආපහු අණ්ඩර දෙමළ වගයක් කියාගෙන විලාප දෙන්න පටන් අරන්…

:       0       161

Raveendra Wednesday, 03 June 2020 12:32 PM

අපේ මේ සත්ගුණවත් පතෝල මුදලාලිගෙන් අප මෙසේ විමසීමට කැමැත්තෙමු. ඇයි හත්දෙයියනේ මුදලාලි "දියවන්නාව කොටුවේ පොලට" උදේ සවස එන එකේ ජාත්‍යන්තර පොලිසියට ගතු කේලම් කිව්වා "නාටාමිලාගේ නම් ගම් "ඒ කාලේ නොකිව්වේ? දැන් මේ පතෝල මුදලාලි මෙතන බයිලා රචනා කියවනවා... ඇයි බය වුණාද? " තමුන් එක්ක මුට්ට කරගැහව්ව නාටමිලාගේ " නම් ගම් කියන්න නැත්නම් ලැජ්ජාවටද? විහිළු සපයන්න එපා ...

:       1       169

කොරෝන නිසා කොර උන Wednesday, 03 June 2020 12:55 PM

මෙයා පාස්කු ප්‍රහාරය සිද්ද වෙන්න ඉඩදීලා බලන් හිටියේ කාගේ වුවමනාවටද කියලා දැන් වෙන සිදුවීම් වලින් හිතාගත හැකියි. මෙයාගේ හවුල්කාරයා හිතාගත හැකියි.. ඒ කාලේ තවත් පඹයෙක් නටවා ඝාතන නාටකය මත කළාම...

:       0       362

ලුම්බිණි Wednesday, 03 June 2020 01:14 PM

දැන් නම් ඔලුව හොඳටම අවුල් වෙලා වගෙයි.

:       0       104

අතුල Wednesday, 03 June 2020 01:15 PM

මෙතුමට මඤ්ඤංද කොහේද..? ජාත්‍යන්තර පොලීසිය කියන්නේ "ශ්‍රී ලංකා පොලීසිය" නොවෙයි. කිසියම් රටක "නිල" නිවේදනයකින් තොරව ජාත්‍යන්තර පොලීසිය කටයුතු කරන්නේ නැත.

:       0       151

Prabha Wednesday, 03 June 2020 01:36 PM

මෙයත් නිකම් සිත්තර පත්තරෙ වගේ... කතාව පළකරන්නේ සතිපතා කොටස් වශයෙන්...

:       0       116

Bamunuarachchi Wednesday, 03 June 2020 01:40 PM

75%ක් සිටින සිංහල බෞද්ධයා සුළු ජාතීන් සමග සම කරන්නත්, මේ බෞද්ධ රට නිර්ආගමික රටක් කරන්නත්, 30 වසරක් යුද්ධය නිමාකර නිදහස ලබාදුන් රණවිරුවන් යුද්ධ අපරාධ කාරයින් ලෙස පාවාදෙන්න හදපු ඒ අසමජ්ජාති යහපාලකයන් ඔය වැඩේ කරන එක පුදුමයක් නැහැ.

:       1024       1156

සමන්Wednesday, 03 June 2020 03:12 PM

යහපාලනයක් කොහෙද තිබුණේ....? ඒක ගවපාලනේ නේ. ඒකාලේ තිබුනේ පුන්නක්කුනේ..

:       82       98

chithranandaThursday, 04 June 2020 12:19 AM

හදවතින්ම බයියෙක්. පරම්පරා දේශපාලනයට වඩා යහපාලන සමයේ යම් යම් සාධනීය තත්ත්වයන් නිර්මාණය වුණා. තොරතුරු දැනගැනීමේ පනත, ස්වාධීන කොමිසන් සභා නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර එනම් කාච, ස්ටේන්ත් ආදිය, 1990 ගිලන් රථ සේවය, අත්‍යාවශ්‍ය ආහාර මිල යම් අවම මට්ටමක පැවතීම, රාජ්‍ය නායකයන් විවේචනය කළ අය අත්අඩංගුවට නොගැනීම, විපක්ෂය සඳහාද මාධ්‍ය භාවිතා නිදහස සහ අවශ්‍ය කාලය ලබාදීම වැනි කරුණු සැලකිල්ලට ගත යුතුය.

:       23       269

BamunuarachchiThursday, 04 June 2020 01:00 AM

ඩිස්ලයික් වලින් බලා ගන්න පුළුවන් අසමජ්ජාතීන් කොපමණ ඉන්නවද කියලා...

:       73       129

LalThursday, 04 June 2020 05:39 AM

අසමජ්ජාතින් කියන්නේ කවුද? අසමත් ජාතීන්ද? අසම ජාතීන්ද? ඒ කියන්නේ ඔබේ අදහසට එකග නැති ජාතීන්...!

:       0       3

BamunuarachchiThursday, 04 June 2020 12:39 PM

අසමජ්ජාතීන් කියන්නේ ජාතියට සම නැති. නැතිනම් සිංහල අපි ගැන සිතනවා නම් අසිංහල කියන එකයි. හලෝ මොන සිංහල බෞද්ධයාද අවුරුදු 2600 මේ රටේ තිබුණ සිංහල සංස්කෘතිය ඊයේ, පෙරේදා ලංකාවට ආපු ජාතීන් සමග සම වෙන්න හදන්නේ. අවුරුදු 2600 මේ රටේ තිබුණු බුද්ධාගම නැතිකරගන්න හදන්නේ, රටබේරා දුන්නු හමුදාවන් යුද්ධ අපරාධකාරයින් කියලා අපිම ලෝකෙට කියනවා නම් ඔවුන්ව පුවක් ගස්දෙකක බන්දලා ඉරාදමන්න ඕනේ නේද.? පාසල් පෙළපොත්වල අන්‍ය ආගමක් මරාදමන්න කියා ලියා පාසල්වල උගන්වන්න ඉඩ සලසා දුන් යහපාලකයෝ සමග එක්වන මිනිසුන් සිංහලයින්ද?

:       1       126

69 ලක්ෂයෙන් එකෙක්Thursday, 04 June 2020 01:36 AM

මෙයා නම් ගල් බමුණෙක්ම තමයි. ඔයකියන 75% බෞද්දයින්ට දැන් සැපද? වැඩබැරි පඹයාට රෙද්ද පල්ලෙන් බේරුණු හැටි.. අපි නම් සංවේගයෙන් බලා හිටිය තොන්ඩමන්ගේ මළගම හා අාදහන කටයුතු සිද්ද වුණු විදිහ දැක්කම. හිටන්වත් මෙහෙම පීචන් වුණේ නැහැ... මොකද හිටන්ට කටක් ඇරලා බොරුවට හරි මන් දැනගත්තෙත් පත්තරෙන් කියන්න හරි පණ තිබුණා කිව්වම...

:       48       110

BamunuarachchiFriday, 05 June 2020 01:52 AM

හලෝ අදහස් දැක්වීමේදී ප්‍රතිවාදියාට නම් විකෘති කර කතා කරන්නේ හරිහමන් පාසලකට නොගිය එකෙක් හෝ පාසල් නොගිය එකෙක් මිස උගත්කමක් ඇති කෙනෙක් නොවෙයි. ඔබට දෙන පිළිතුර එපමණයි...

:       0       0

බමුණාගේ ආච්චිThursday, 04 June 2020 01:43 AM

අම්මපා 30 වසරක යුද්ධය ඉවර කරලා මේ අවුරුද්දේ උත්සවේ දී බලනකොට නාවික හමුදාවේ උසස්වීමක් දෙන්න ඉතුරු වෙලා උන්නේ ළමයි 11ක් අතුරුදහන් කරලා මහා මෙහෙයුමක් කරලා රට බේරගන්න වැඩ කළ ගොයියා විතරයිලු...

:       0       6

BamunuarachchiThursday, 04 June 2020 12:46 PM

හලෝ කොටි සංවිධානයේ සිටියේ ඔක්කොම ළමයි තමයි. ඒවා දකින්න එලියට පෙහෙලියට එන්න ඕනේ ඇඳන් යට හැංගිලා හිටියාම ඕවා දකින්න ලැබෙන්නේ නැත. ඉතින් අර 11 දෙනාත් කොටි ඇඳුම ගලෝලා ආවාම ඔහෙලට ඉස්කෝල ළමයි තමයි. නමුත් අපිට හැමඑකාම කොටියෙක්... හැම කොටියම තුවක්කුව කරේ බැඳන් හිටියේ නැහැ. එක එකාට විවිධ රාජකාරි තිබුණා. මට පෙනෙන්නේ ඔහෙත් කොටින්ට ඔත්තු බලන ගොයියෙක් වගේ.

:       0       0

BamunuarachchiThursday, 04 June 2020 12:51 PM

බාර දීපු ජොබ් එක සාර්ථකව ඉවර කලාම වගකීම ගත්ත පුද්ගලයාට තාන්න මාන්න ලැබෙනවා. 1989 කාලේ බාර දීපු ජොබ් එක සාර්ථකව ඉවර කල අයට තනතුරු ලැබුණ බව දැක්කේ නැද්ද? ඔහේ මොන ලෝකෙද ඉන්නේ? පෙර පාසල්වත් ගිහිල්ලා නැති පාටයි.

:       0       0

dewa Wednesday, 03 June 2020 02:17 PM

මෙයා හරි පාවාදෙන්නා ... මෙයා ගාවගත්තොත් මහින්ද මහත්තයටත් වෙන්නේ ඔයටිකමයි...

:       1       105

lal Wednesday, 03 June 2020 03:01 PM

මහේන්ද්‍රන් විතරක් නෙවේ. ඔය කියන කෙනයි, අනිත් ඔක්කොමයි එකතු වෙලා කිදෙනෙක් නම් බේරා ගන්න ඇත්ද? නිදහස් කරන්න ඇත්ද?

:       0       30

මුණසිංහ Wednesday, 03 June 2020 03:18 PM

දැන් තේරෙනවා නේද වැඩකට නැති ජනාධිපතිවරයෙක් 2015දී පත් කරගත් බව. රටේ නායකයා කියන දේ ජාත්‍යන්තරය කරන්නේ නැහැ කියන්නේ එයා රටේ නායකයා හැටියට එයාල පිළිගෙන නැහැ කියන එකයි.

:       0       14

මුණසිංහ Wednesday, 03 June 2020 03:18 PM

දැන් තේරෙනවා නේද වැඩකට නැති ජනාධිපතිවරයෙක් 2015දී පත් කරගත් බව. රටේ නායකයා කියන දේ ජාත්‍යන්තරය කරන්නේ නැහැ කියන්නේ එයා රටේ නායකයා හැටියට එයාල පිළිගෙන නැහැ කියන එකයි.

:       0       14

මුණසිංහ Wednesday, 03 June 2020 03:18 PM

දැන් තේරෙනවා නේද වැඩකට නැති ජනාධිපතිවරයෙක් 2015දී පත් කරගත් බව. රටේ නායකයා කියන දේ ජාත්‍යන්තරය කරන්නේ නැහැ කියන්නේ එයා රටේ නායකයා හැටියට එයාල පිළිගෙන නැහැ කියන එකයි.

:       0       14

isuru Wednesday, 03 June 2020 03:53 PM

කට ඇරියොත් ඉවරයි ...

:       0       46

Gunda Wednesday, 03 June 2020 04:33 PM

බමුණුආරච්චි විතරයි මෙතන කොමෙන්ට් එකක් දාලා තියෙන්නේ. අනිත් ඔක්කොම හිටපු ජනාධිපති තුමාට ද්වේශ සහගත ප්‍රකාශ විතරයි කරලා තියෙන්නේ. හිටපු ජනාධිපති තුමා එකතු වෙලා විධායක බලයෙන් කොටසක් ලබා දුන්නේ කෛරාටිකයන් පිරිසකට බව එතුමා වටහා ගන්නකොට වෙන්ට තියෙන දේ වෙලා ඉවරයි.. . ඒකයි සත්‍යය... බොහෝ දෙනෙකුට මේක වටහා ගන්නට තරම් බුද්ධියක් නැහැ.

:       263       23

මුණසිංහThursday, 04 June 2020 01:52 AM

එහෙනම් දක්ෂ රාජ්‍ය පාලකයකුගේ තිබිය යුතු ලක්ෂණ මෙයා තුළ තිබිලා නැහැ නේද?

:       17       1

kapThursday, 04 June 2020 06:38 AM

බමුණාගේ ලේ නෑයෙක් ද ඔයා?

:       1       0

BamunuarachchiFriday, 05 June 2020 01:47 AM

තම මතය තහවුරු කරන්න කතා කරන්න බය වෙන්න ඕනේ නැත. රාජපක්ෂලා කල සේවය වටහා ගන්න බැරි ලක්ෂ 57ක් ලංකාවේ ඉන්නවා. මට රජපක්ෂවරුන්ට විරුද්ධ වීමට කිසිම හේතුවක් නැත. රාජපක්ෂවරුන් රටට කළ සේවය රනිල්ලා සජිත්ලා රටට කර නැත. පුලුවන්නම් ගිය අවුරුදු 4 1/2 ට යහපාලන ආණ්ඩුව රටට කල දේවල් කියන්න. රාජපක්ෂ ආණ්ඩුව ඔවුන්ගේ කාලයේ අමුතුවෙන් කියා යුතු නැත. යුද්ධය පරාජය කිරීමේ සිට අධිවේගී මාර්ගය ඇතුළුව පාසල්වලට විද්‍යාගාර සැපයීම දක්වා ව්‍යාපෘති 35ක් පමණ අවසන් කළා. රටේ වටිනා අමාත්‍යාංශ 42ක් පමණ සුළුජාතීන්ට දී ගම්මිරිස් හොයාගෙන මෙරටට පැමිණි වුන්ට අපේ ගම්මිරිස් වෙළඳාමට කෙලින්න ඉඩ දීපු යහපාලකයින්ට නැවත ඡන්දයට දෙන සිංහලයින් ඉන්නවද? මින්පසු මෙරට බිහිවන්නේ සිංහල බෞද්ධ රජයන්. එය නවත්වන්න කපාගත්ත සිංහලයින්ටවත්, සුලුජාතිකයින්ටවත් බැරිය...

:       0       0

jinasiri Wednesday, 03 June 2020 04:53 PM

මේ අංගොඩ ඉන්න ඕන කෙනෙක් මෙතන ඉන්නේ ඇයි?

:       0       34

jagath Wednesday, 03 June 2020 04:54 PM

මෙයත් කරපු දේවල් වලට ලංකාවේ හිරගෙවල් මදි ...

:       0       29

karuna Wednesday, 03 June 2020 04:59 PM

ඔන්න අංගොඩ රෝහලෙන් පැනලෝ...

:       0       38

Rohana Wednesday, 03 June 2020 05:15 PM

මේ ඇල්ලීම කවදාවත් වෙන්නැති දෙයක්. හේතුව දෙගොල්ලොම කරපු හොරකම් එලිවෙන නිසා දෙගොල්ලම කතාවෙලා හොරුන්ට දඩුවම් දීම නතරකරල වගෙයි පේන්න තියෙන්නෙ.

:       0       158

jayasiri kariyawasam Wednesday, 03 June 2020 11:25 PM

අනේ හිටන්, බාල මලයා ටෙලිකොම් එකෙන් කෝටිගණන් වැටුප් ගත්තා මදිවට එයාගේ බූදලය කරගත්තා. අනෙක් මලයා පොළොන්නරුවේ හාල් මාෆියාවෙන් රට කණපිට ගස්වලා බත් කන මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි. හිටන් කෝටි 800ක් කොළඹින් මාලිගාවක් අරගෙන කුඹුරු කොටන්නයි දැන් ලැහැස්තිය. ගහපු ගේම්වලට හිටන්ගේ ආණ්ඩුවේ ප්‍රධානීන් දෙන්නෙක් දඟගෙයි ඉන්නේ... දුවගේ හපන්කම් කිව්වා කියලා හිතාගන්න. දැන් එක එක්කෙනා කියන දේවල් තමාගේම වදන් ලෙස ප්‍රකාශ කරන්නේ මහා ඡන්දෙ ජයගන්න. බලමු හිටන් අපිත් මේ හිටගෙනම බලාගෙන ඉන්නේ වෙන්නේ මොකද කියලා.

:       0       529

piyal Thursday, 04 June 2020 12:06 AM

මොහුගේ කොන්ද පිළිබඳ ප්‍රශ්නය තහවුරු වේ.

:       0       23

ranjith Thursday, 04 June 2020 12:22 AM

දැන්ද ඕවා කියන්න තිබුනේ? මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවා දීලා, රනිල්ට රටේ බලය දීලා හෙමිහිට ආපසු පොදු පෙරමුණට ගිහිල්ලා පාර්ලිමේන්තු එන්න හදනවා.. පොදුපෙරමුණට ඡන්දෙ දුන්නු කිසිවෙක් මෙයාට ඡන්දෙ දෙයිද?

:       0       16

Wca Thursday, 04 June 2020 12:39 AM

නූතන අන්දරේ... තව ටිකකින් කිව්වොත් 2025-19 රට පාලනය කරෙ කව්ද කියලා හොයන්න කමිටුවක් දාන්න කිව්වොත්, පුදුම වෙන්න ඕන නෑ.

:       0       23

Lion Thursday, 04 June 2020 01:03 AM

මෙයා බොරු ටොන් ගණන් කියන්න පටන් අරන්...

:       0       23

Rathnasiri Hewawasam Thursday, 04 June 2020 02:20 AM

මොනවා කිව්වත් අපි විශ්වාස කරන්නේ නෑ. මුලු අතීතයම බොරුවක් කියලා අපි දන්නවා.

:       0       35

Saththaya Thursday, 04 June 2020 03:37 AM

කපටිකමින් කරපු වැරදි වලින් බේරුණත්, සොබාදහමින් ලැබෙන දඬුවම වැඩි ඈතක නෙමේ...

:       0       12

Chandra Thursday, 04 June 2020 03:46 AM

ලැජ්ජාවක් කියන එකක් කොහෙත්ම නැහැ... ගෑවිලාවත් නැහැ..

:       0       62

Deepal Nirosh Thursday, 04 June 2020 04:25 AM

අපේම අපේ අගමැතිතුමාගේ ඉල්ලීමකට අපේම අපේ ජනාධිපතිතුමා විසින් මහ බැංකු අධිපති ධුරයට පත් කළ අපේම අපේ අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්න ගෙන ඔය කියන අපේම අපේ අයට කෙළවන්න හදන්නේ ඇයි? අපරාදේ මේ හිටපු ජනාධිපතිතුමා නම් අපේම අපේ අයට තබා සහරාන්ටවත් ඒ වගේ ජඩ විදියට සැලකුවේ නැහැ. ඒ අතින් අපේම අපේ පිනට පහළ වූ සැබෑම සැබෑ මෛත්‍රීරත්නයක්.

:       13       118

saleeth Thursday, 04 June 2020 04:35 AM

මේ පුද්ගලයා හින්දා තමය් අප්‍රේල් 21 මහා විනාශයක් වුනේ... මෙයාට තනතුරු ඕනෑ වුණාම ඕන පර වැඩක්ම කරනවා. මේ තමයි ලංකාවේ ඉන්න ලොකුම වසංගතය...

:       0       28

mahinda Thursday, 04 June 2020 04:36 AM

අනේ අප්පේ අපේ රට මේ තරමටවත් රැකිලා තියන ඒක ගැන පුදුම විය යුතුයි. මේ වගේ පාලකයන් ඉඳලා රට මේ තරමටවත් රැකිලා තිබිම. මට හරිම දුක මේ වගේ මිනිසකු ගැන පොතක් (ජනාධිපති තාත්තා) මිලදී ගැනීම. මම යෝජනා කරනවා මම වගේම මේ පොත මිලදීගෙන කලකිරීමට පත්වූ සියලු දෙනා එක තැනකට එක්වී මේ පොත ගිනිතියමු. පොතක් ගිනි තැබීම මහා අපරාධයක් වුවත් මහා බේගල් වලින් පිරිණු හා මවුරට විශාල විනාශයක් කල අයෙකුගේ පොතක් තිබීම මහත් පිළිකුලක්...

:       0       14

banda Thursday, 04 June 2020 07:08 AM

අපි හිතුවේ මෙයා ඡන්දෙන් පස්සේ අකුලාගෙන යාවි කියලා... අයියෝ ආයෙත් හිටන් බයිලා ගහනවා..

:       0       1

de silva Thursday, 04 June 2020 07:57 AM

ඔය කියන සිදුවීම් වෙනකොට රටේ විධායක ජනපතිකම සහ ආරක්ෂක ඇමතිකම දැරුවේ ඔබතුමා.. රාජ්‍ය බුද්ධි අංශ පැවතුනේ ඔබේ පාලනය යටතේ.., මෙවැනි අකටයුතුකම් වුණු බවට සාක්ෂි තිබුණා නම් දැන දැනත් නිහඬව හිටියා කියන්නේ ඔබතුමා ඒවා අනුමත කළා. එහෙම නැතිනම් අච්චර බලතල තිබිලත් ඒවා ක්‍රියාත්මක කරන්න ඔබට ශක්තියක් නැහැ කියන එක... එවැනි දුර්වල පාලනයක් ගෙනගිය ඔබ නැවත පාර්ලිමේන්තු යන්න ඡන්දෙ ඉල්ලන එක සදාචාරාත්මකද? අර කොළඹ 7 ඉල්ලගත්ත මන්දිරයට වෙලා රජයෙන් ඉල්ලගනිපු බෙන්ස් කාර් වලින් ගමනක් බිමනක් ගිහින් හිටියම මොකද වෙන්නේ? මම ඔබතුමා නම් ඡන්දෙ ඉල්ලීම වැනි විකාර වැඩ කරන්නේ නැතුව කල්තියාම කොහේ හරි ආරක්ෂාව තිබෙන පිටරටකට මාරු වෙනවා. ඡන්දෙන් පස්සේ මොන පැත්ත පෙරලේවිද කියලා කියන්න බැහැ. රාජපක්ෂලා අවස්ථාව පැමිණි ගමන් තම විරුද්ධවාදීන්ට දරුණු ලෙස පහර දෙනවා.. මතකනේ ෆොන්සේකාට වුණුදේ? එම කාලයේ ආරක්ෂක ඇමතිකම සහ සේනාධිනායකකම දරපු නිසා සමහරවිට සහරාන් ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම ඔබතුමා පිට වැටෙන්න පුළුවන්...

:       0       13

Kumara Thursday, 04 June 2020 09:09 AM

අනේ පුදුම වදයක්නේ මෙයා දෙන්නේ..

:       0       0

hasan Thursday, 04 June 2020 09:33 AM

මෙයා අනිත් පැත්තට පැන්නාම මේ අයව පාවලා දෙනවා... අර පැත්ත ඉඳලා මේ පැත්තට පැන්නාම අර අයව පාවලා දෙනවා, හැම වෙලාවේම මෙයා මොනවත් දන්නේ නැහැ...

:       0       2

de silva Thursday, 04 June 2020 03:50 PM

අපේ ජනාධිපතිතුමාට අවශ්‍ය නම් අර්ජුන මහේන්ද්‍රන් අල්ලන් එන එක සුලුදෙයක්, විශාල රටක්වන මැලේසියාවේ කොටින්ගේ ආරක්ෂාව ඇතිව හැංගිලා හිටපු කොටි නායකයෙකු වන කේ. පි. නොහොත් කුමාර පද්මනාදන් අල්ලාගෙන ලංකාවට ගෙන එන්න පුලුවනම් , මහනුවර නගරය විතර විශාල සින්ගපුරුවේ ප්‍රසිද්ධියේ ජිවත්වන අර්ජුන මහේන්ද්‍රන් හොඳින් බැරිනම් නරකෙන් මෙහෙට ගෙන එන එක සුලුදෙයක් , ප්‍රශ්නෙකට තිබෙන්නේ ඔහු මෙහෙ ගෙනාවොත් මහා පක්ෂ දෙකේම සමහර ලොක්කන්ගේ රෙදි ගැලවෙනවා . එක නිසා කටත් ඔහු අවශ්‍ය වෙන්නේ චන්දෙට කලින් ඊට පස්සේ ඔහුගෙන් ඇති වැඩක නැහැ .

:       0       0

KumarFriday, 05 June 2020 02:25 AM

සිංගප්පුරුවේ ඉන්න හොරෙක් ගෙනෙන්නේ කොහොමද? එ්ක යුද හමුදා ලොක්කෙකුටවත් රටයන්න බැරිව ඉන්න අවස්ථාවක. අනෙක් හදිසි අවස්ථාවකදී බෙහෙත් ටිකක් ගන්න යන්න තැනක් තිබෙන්න එපායැ. සිංගප්පූරුවේ උසාවියට නොගොස් ඒ හොරාව ලංකාවට එවන්නේ නැහැ.

:       0       0

rocky Friday, 05 June 2020 01:38 AM

අත්සන් විසි තිස්දහස් ගණනක් ගහලා ඇඟිලිවල දියපට්ටා ආවා වගේ කෙප්ප කියලා දැන් කටෙත් දියපට්ටා එන්න පුළුවනි. පශු වෛද්‍ය වරයෙකුව වත් මුණ ගැහෙන්න!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 879 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 168 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1047 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1089 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1380 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1230 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site