IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


’කොරෝනා නිසා ගෙවල් අස්සටවෙලා හැංඟිලා ඉන්න අපිට බැහැ’

අනීෂා මානගේ

කොරෝනා නිසා ගෙවල් අස්සට වෙලා හැංඟිලා ඉන්න අපිට බැහැ, කොරෝනා තුළ ජීවිතය යළිත් අපි ගොඩනගන්නෙ කොහොමද කියන එක ගැන සාකච්ඡා කළ යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද(20) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී මාධ්‍යවේදීන් අමතමිනි.

හිටපු මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට තව වසර ගණනාවක් කොරෝනා වෛරසය මේ ලෝකය ඇතුළේ පවතිනවා. මෙයට බෙහෙතක් සොයා ගන්නකල් හෝ ඇඟ තුළම ප්‍රතිශක්තීකරණය ගොඩනැගෙනකල් මේ අභියෝගයට අපි මුහුණ දෙන්න සිදුවෙනවා.

කොරෝනා නිසා ගෙවල් අස්සටවෙලා හැංඟිලා ඉන්න බැහැ. කර්මාන්තශාලා වහල තියන්න බැහැ. ගුවන්තොටුපොළවල් වහල තියන්න බැහැ. කොරෝනා තුළ ජීවිතය යළි ගොඩනඟන්නෙ කොහොමද කියන එක ගැන අපි සාකච්ඡා කරන්න ඕනෑ. ජන ජීවිතය යථා තත්ත්වයට ගේන්නෙ කොහොමද, පාසල් විවෘත කරන්නෙ කොහොමද, ක්‍රීඩා පවත්වන්නේ කොහොමද කියන දේ සිතන්න ඕනෑ.

යම්තාක්දුරට තනිව කරන්න පුළුවන් ක්‍රීඩා කළ හැකි පරිසරයක් දැන් නිර්මාණය වී තිබෙනවා. ඉදිරි කාලයේදී මේ දේවල් ලිහිල් කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙනවා නැවතත් සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනඟන්න ඕනෑ තැනට මේ රට ගෙනියන්න පුළුවන්.

මේ රටේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි. එය ආරක්ෂා කිරීමේ ක්‍රමවේදය තමයි මැතිවරණය පැවැත්වීම. අපි විශ්වාස කරනවා වැඩිකල් යන්න කලින් මැතිවරණය පවත්වන්න පුළුවන්. ස්ථාවර ආණ්ඩුවක් නැති හැම මොහොතකම මේ රට කඩාගෙන වැටුණ එකයි පසුගිය අවුරුදු පහේ ඉතිහාසයේ අපි දැක්කේ. ශක්තිමත් පාර්ලිමේන්තුවක් මෙන්ම ස්ථාවර ආණ්ඩුවක් හදන්න ඕනෑ යැයිද කීවේය.

 



අදහස් (31)

’කොරෝනා නිසා ගෙවල් අස්සටවෙලා හැංඟිලා ඉන්න අපිට බැහැ’

Achini Wednesday, 20 May 2020 02:21 PM

ඔය කියන්නේ ඡන්දේ තියලා අපිට බලය දෙන්න කියන එකනේ.

:       2       123

Rohana Wednesday, 20 May 2020 02:53 PM

ප්‍රජා වෛද්‍ය විශේෂඥ නාමල් රාජපක්ෂ කියන දේ අසා රට විවෘත කරමු..

:       0       95

JCN Wednesday, 20 May 2020 02:55 PM

මට සාමාන්‍යයෙන් පේන්න බැරි කෙනෙක්.. නමුත් මේ කියන කතාවට එකඟයි. කොරෝනා එක්ක ජීවත් වෙන්න අකමැත්තෙන් හරි පුරුදු වෙන්න වෙනවා. ඒක වෙනදා ගත කරපු ජීවන රටාවට වඩා වෙනස් වෙන්න වෙයි. ලොක් ඩවුන් කරගෙන තව කොච්චර කල් නම් ඉන්නද අර කිව්වා වගේ...

:       94       40

Sanath Kandy Wednesday, 20 May 2020 03:18 PM

බේබිලා මෙච්චර දවස් කොහේද හිටියේ?

:       0       120

RaveendraFriday, 22 May 2020 04:35 AM

මොහු වෛද්‍ය විද්‍යාවේ කෙල පැමිණි තඩියෙක් බව ඔබ නොදන්නේද? දියවන්නාව පටිටියේ ඉන්න සම හරක් කොන්දොස්තර විභාගය ඉහළින්ම සමත්වී ඇති බව ඔබ වැන්නෙක් නොදැන සිටීම ඉතාම අවාසනාවකි. එක්කෙනෙක් කොරෝනා වලට පෙති වගයකුත් නියම කරේ ඔබට මතකද...?

:       1       0

Iranga Wednesday, 20 May 2020 03:29 PM

මෙහෙමත් පුතෙක්...

:       0       119

Athula Wednesday, 20 May 2020 04:13 PM

කොරෝනාවලට මුහුණ දෙන්නද පිට්ටනි හදන්නේ? අලුත්ම ක්‍රමය... රෝහල් ඕනෙ නැහැ... අනේ නිකන් යන්න.

:       1       173

lalithm Wednesday, 20 May 2020 04:24 PM

මෙච්චර කාලෙකට මෙයා මොනවද රටට කළේ..? බොරුව, පම්පෝරිය, කාර් රේස්, පාපන්දු, ගුටි කෙළි....නැවත පටන් ගන්නද හදන්නේ...?

:       1       247

ෂාන් Wednesday, 20 May 2020 04:50 PM

ඔයාලානම් ගෙවල් අස්සටම වෙලා ඉන්න එකමයි හොඳ. ඔය කට්ටියම එලියට බහින්න හදන්නේ තම තමුන්ගේ බඩවල් පුරවාගන්න මිසක් මිනිස්සුන්ට ආදරේකටයෑ..

:       7       161

siri Wednesday, 20 May 2020 05:40 PM

අපොයි හරියට වැඩ...? එයාට නම් මොකද? ලෙඩ වුණොත් අතට, පයට විශේෂඥ දොස්තරලා, හෙදියන් ඉන්නවනේ.. ඕනපදම් බලාකියාගන්න...

:       1       190

vidya Wednesday, 20 May 2020 05:53 PM

ඔහෙලා ඉන්නේ මාලිගාවල... යන්නේ බස් එකේ, කෝච්චියේ නෙමෙයිනේ... අපිට වෙලා තියෙන විපත කියන්න කෙනෙක් නැහැ.

:       1       200

samantha Wednesday, 20 May 2020 09:36 PM

මේ වගේ වෛද්‍ය විද්‍යාව, සමාජ විද්‍යාව, වසංගත විද්‍යාව ගැන හසල දැනුමක් ඇති, උගතෙක්, බුද්ධිමතෙක් සහ දීර්ඝ දේශපාලන ඉතිහාසයක් ඇති විද්වතෙක් කිව්වම නිකන්ම අහක දාන්න බැහැනේ...

:       1       160

sampath Wednesday, 20 May 2020 09:46 PM

ඕගොල්ලෝ ලෝකේ තියෙන තරම් හොදම මාස්ක් පාවිච්චි කරමින්, හොඳම සමබල ආහාර ගනිමින්, හොදම සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරමින් මන්දිරවල සිටිමින් මෙහෙම කියයි. රටේ උගත්කමක් නැති එදාවේල හොයාගන්න්න බැරි මිනිහා ජිවිතය පරදුවට තියලා ඡන්ද තියන්න සහ ඡන්ද දාන්න යයි. පුළුවන් අය බේරෙයි. බැරි අය මැරෙයි.

:       1       180

Anuradha Melbourne Wednesday, 20 May 2020 11:57 PM

කරුණාකරලා ගේ අස්සටම වෙලා ඉන්න. තව අවුරුදු විස්සක්වත් යනකල් එළියට එන්න එපා. බාප්පා අපිව බලා ගනියි.

:       10       205

sadi Thursday, 21 May 2020 01:35 AM

මෙච්චර කාලයක් ගොඩගහගත්ත හරිය මදියැ ඔහේට..?

:       1       210

සෑම් Thursday, 21 May 2020 02:22 AM

ඇයි, තාත්තයි, බාප්පයි එකතුවෙලා ඔය කොරොනා අතරතුර ගහන්න ක්‍රමයක් හදාගෙන යන්නේ... අධිවේගී පාරවල්, අමතර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන, ඉස්සරහට MCC, තව මදිනං පොඩි බාප්පාගෙන් කොරෝනා ආධාර ටිකක් ඉල්ලගන්න.

:       0       256

Amula Thursday, 21 May 2020 02:47 AM

ඉදලා ඉදලා කට ඇරියා. මෙයාටත් ඕනේ ඉක්මනින් ස්ථීර ආණ්ඩුවක් හදාගෙන මේ පාර්ලිමේන්තුවට යන්න.

:       0       183

Bamunuarachchi Thursday, 21 May 2020 02:52 AM

අපිට ඔයගොල්ලන්ගේ පව් ගෙවන්න බැහැ.

:       1       293

Roshan Thursday, 21 May 2020 03:01 AM

එතකොට මෙච්චර දවස් කොහෙද හැංගිලා හිටියේ? දැන් ඡන්දෙ නිසා එකා දෙන්නා මොකක් හරි පටයක් හදාගෙන එළි බහිනවා.

:       1       315

Lal Thursday, 21 May 2020 03:51 AM

කරුණාකරලා රාජපක්ෂ පවුලම පැත්තකට වෙලා ඉන්නවද..? ජනාධිපතිතුමාට වැඩේ කරන්න ඉඩ දීලා. ඔය රාජපක්ෂ පවුලම අපිට අප්පිරියයි.

:       408       369

kamalThursday, 21 May 2020 05:27 PM

එතකොට ජනාධිපති රාජපක්ෂ කෙනෙක් නෙවෙයිද?

:       68       84

sureshSaturday, 23 May 2020 08:56 AM

ගොන් කතා නොකියා ඉන්නවද...?

:       28       0

Gota Thursday, 21 May 2020 03:56 AM

ඇයි හොරකම් කළ සල්ලි ඉවර වෙලාද?

:       142       492

gamini Thursday, 21 May 2020 04:09 AM

රට නැගිටපු කාලයක් කාට හරි මතකද?

:       23       196

sena Thursday, 21 May 2020 05:36 AM

රටට හෙණ ගැහුවත් කමක් නැහැ ඡන්දෙ තියමු කියන එකනේ කියන්නේ..

:       105       344

Buddika Thursday, 21 May 2020 06:42 AM

කට වහගෙන ඉන්න පුළුවන් නම් ලොකුදෙයක්... වසර ගාණක් තාත්තගේ බලයෙන් මහප්පලා, බාප්පලා ඇතුළු පරපුරක් එක්ක හම්බ කරපු හරිය මදිද? ඒ සල්ලි ටික ආපහු දුන්නා නම් රටේ ආර්ථිකය වෙනස් වේවි....ජාතික ධනය කොල්ලකන අය ඉපදෙන්නේ ඊළඟ ආත්මෙදි පෙරේත, පිසාචයන් වෙලා... අනුන් කඩලා දෙන මල් වට්ටිය අරන් පන්සල් ගියාට කළ පව්වලින් බේරෙන්න බැහැ..

:       154       697

mahesh de silva Thursday, 21 May 2020 08:29 AM

කොරෝනා නිසා ගෙවල් අස්සටවෙලා හැංඟිලා ඉන්න අපිට බැහැ’ කියන්නේ මක්කටැයි.. මොකටද හැංගිලා ඉන්නේ?

:       0       66

පිටිගල මිලානෝ Thursday, 21 May 2020 07:46 PM

මෙන්න බාප්පාගේ ඡන්ද කඩනවෝ..!!!

:       0       59

ධනූ Friday, 22 May 2020 06:08 AM

නාමල් කියන දෙයයි මේ බහුතරයක් කොමෙන්ට්ස් වල තියෙන දේවලුයි අතර ගැලපීමක් නැහැ... සංවිධානාත්මකව නිස්කාරනේ අපහාස කරනවා වගේ පේන්නේ...

:       36       2

ravinSaturday, 23 May 2020 08:53 AM

තොප්පිය හරිනම් දමාගත්තාවේ.

:       0       0

vidya Saturday, 23 May 2020 05:40 PM

අනේ මෙයා නේද පසුගිය දවස්වල නුවර ඉඳලා පෙළපාලි ගියේ? අායෙමත් දළදා මාලිගය ඉස්සරහ නාඩගමක් නටන්නද හදන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබ්-ලොරි අනතුරින් හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 18 51 0

හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින


නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 814 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 849 3

සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 578 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 734 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 86 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 190 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1388 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site