IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


’කතරගම වෙඩි තැබීම රටේ ආරක්ෂාවේ දුර්වලතාව පෙන්නුම් කරනවා’



නාලක සංජීව දහනායක
 
නීතිය හා සාමය භාර අමාත්‍යවරයාගේ බල ප‍්‍රදේශයට අයත් කතරගම පූජා භූමියේ සිදුවූ වෙඩිතැබීමෙන් රටේ පවතින ආරක්‍ෂාවේ දුර්වලතාවය මැනවින් පෙන්නුම් කෙරෙන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (13) පැවසීය.
                  

එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

කතරගම පූජා භූමියේ වෙඩි තැබීමක් සිදුවුණේ පළමු වතාවටයි. මේක කිසිසේත්ම අනුමත කරන්න බැහැ. පසුගිය පාලන සමයේ දී පාතාලය සී සී කඩ විසිරිලා තිබුණා. සමහර පාතාල නායකයන් විදෙස්ගත වුණා. නමුත් මෙම රජය යටතේ ඒ පාතාලය නැවත මේ රටට ආනයනය කළා. ඒ නිසා අද රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යට ගිහිල්ලා ප‍්‍රඩන්ඩත්වය ඉස්මතුවෙලා. පේ‍්‍රමදාස යුගයේදීත් මේ ආකාරයට පාතාලය හිස එසෙවුවා. රජයේ අවශ්‍යතාවය මත පාතාලය ක‍්‍රියාත්මක වන බවද මන්ත‍්‍රීවරයා කීය.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.  
 



අදහස් (12)

’කතරගම වෙඩි තැබීම රටේ ආරක්ෂාවේ දුර්වලතාව පෙන්නුම් කරනවා’

sirimal Wednesday, 13 June 2018 12:19 PM

ඒක නේන්නං. අර ලසන්තට වෙඩි තිබ්බ කාලේ වගේමයි. වෙනසකට කියලා කියන්න දෙයක් තියෙනවා නම් තියෙන්නේ දැන් ඒ ගැන බයක් හැකක් නැතුව ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන් කමක් තියෙන එක විතරයි.

:       1429       787

Kayithan Muththaa. Wednesday, 13 June 2018 12:28 PM

මෙන්න මෙතුමා ඒකෙන් දේශපාලන වාසි ගන්න හදනවා. දැන් අයගේ වැරදි ඇති .ඒත් ඒ කාලෙට වැඩිය බොහොම හොඳින් නීතිය ක්‍රියාත්මක වෙනවා. රටේ ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාවත් අල්ලස් එකෙන් ඇල්ලුවා. ඒ කාලේ එහෙම දෙයක් කරා නම්.?

:       1318       1437

janatha anura Wednesday, 13 June 2018 01:14 PM

දැන් ටයි කෝට් ගහගෙන නොව වැරදි කොරන්නේ ඒ කාලේ රෙදි බැනියන් අඳින අය වැරදි කලේ

:       12       6

Sapumal.Wednesday, 13 June 2018 01:30 PM

මෙතන KM පෙන්නාදී තියෙන්නේ කලින් වැරදි කොරපු අය ඒවා නොදන්නා වගේ ඉඳගෙන අන් අයගේ වැරදි දැකීම වරදක් බවයි.

:       4       111

de silva Wednesday, 13 June 2018 01:31 PM

මෙතුමා කියන ලෙසට දේවාලේ කපුවා පසුපසත් පොලිස් කාරය බැගින් යොදවන්න ඕනේ. කවුද හිතන්නේ දේවාලේ කපුවා මහා දවාලේ වෙසල් එකෙන් ගිහින් හාමුදුරුවන්ට වෙඩි තියාවි කියලා,

:       437       40

සතයපාල Wednesday, 13 June 2018 01:46 PM

මෙයත් ජෝකර් කෙනෙක් වෙලා රාජපක්ෂ යුගයේදී චන්ඩි මල්ලිව ඝාතනය කළේ රහස් පොලිස් මූලස්ථානය ඉදිරිපිට ලසන්තව ඝාතනය කළේ තමන්ගේ කාර්යාලය ආසන්නව... මේ දෙකම වුනේ මහදවල් කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල... ඒ කාලේ රටේ ආරක්ෂාව හා නීතිය හා සාමය ගැන මෙයාට තව ඔන තරම් දේවල් මතක් කරලා දෙන්න පුළුවන්... ඒත් වැඩක් නැහැ ලැජ්ජා නැතිකම මන්ත්‍රීකමටත් වඩා ලොකු බව මේ උන්නැහේලා පෙන්වලා ඉවරයි.

:       435       215

ධනුෂ්ක Wednesday, 13 June 2018 02:39 PM

මෙතුමා හිතාගෙන ඉන්නේ අපි මැරිලා ඉපදුනා කියලා.

:       2       34

Arjuan Ranawana Wednesday, 13 June 2018 03:44 PM

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ කපුවාගේ මෝටර් රථය අත්අඩංගුවට...

:       39       20

Sunil Wednesday, 13 June 2018 04:07 PM

එතකොට ලසන්ත මහත්තයා ගැන මොකක්ද කියන්නේ?

:       437       28

Chanak Los angelesWednesday, 13 June 2018 07:47 PM

එතකොට මොහු ඉන්න ඇත්තේ කෝමා එක්ක...

:       0       0

pj Wednesday, 13 June 2018 09:56 PM

මම හිතන් හිටියේ අර 100 නෝට්ටු කාරය විතරයි මේ වගේ බූරු කතා කියන්නේ කියල.

:       0       0

Jayantha Thursday, 14 June 2018 03:52 AM

පාර්ලිමෙන්ට් එකේ හාමුදුරුවන්ට ගහනකොට කතා කරේ නැත්තේ අැයි???

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 23 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 238 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 49 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 480 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1367 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3491 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site