IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘‘වසරක් ඇතුළත එප්පාවල පොහොර කම්හලේ වැඩ අරම්භ කරනවා‘‘

(අනීෂා මානගේ)
 
‘‘කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා එප්පාවල පොහොර නිධිය ආරම්භ කරන්න. එතකොට අපිට ටීඑස්පී එහෙම ගේන්න ඕනෑ නැහැ. අවුරුද්දක් ඇතුළත මේ කර්මාන්තශාලාව ආරම්භ කරන්න පුළුවන්‘‘ යැයි මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.
 
අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අද (7) තංගල්ලේදී පැවැති පොදුජන පෙරමුණෙහි ප්‍රාදේශීය නියෝජිතයන් දැනුම්වත් කිරීමේ හමුවකදීය.
 
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය.
 

‘‘අපේ රටේ පොහොර නිෂ්පාදනය කරන්නෙ නැහැ. පොහොර රටවල් කිහිපයකින් ආනයනය කරනවා. විශාල විදේශ විනිමයක් වැය කරනවා. එක පැත්තකින් මෙහේ ඉන්න විද්වතුන් කෑ ගහනවා වස විසෙන් තොර ආහාර දෙන්න කියලා.
 
මෙවර අපි භාරගන්නකොට පසුගිය ආණ්ඩුව පොහොර ඇණවුම් කරල තිබිලා නැහැ. ආවට පස්සෙ තමයි රටට අවශ්‍ය ප්‍රමාණය ඇණවුම් කර තිබෙන්නේ. යම් යම් ප්‍රමාදයන් ඇතිව තිබෙනවා. නමුත් ඔය කියන තරම් හිඟයක් නැහැ. පොහොර නිකුත් කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුවයි. ඒ අනුවයි ආනයනය කරන්නේ.
 
නැත්නම් විගණනයෙන් අහනවා මෙච්චර නිර්දේශයක් තිබෙනවා, මෙච්චර අක්කර ගාණක් තිබෙන්නේ, ඇයි මෙච්චර ගෙනාවේ කියලා. ඒවාටත් උත්තර දෙන්න ඕනෑ.
 
වී ගොවිතැනට විතරයි ආණ්ඩුව පොහොර ගේන්නේ. අනෙක් බෝගවලට පෞද්ගලික අංශයයි. ඒකත් පසුගිය ආණ්ඩුව ආයතන හයකට පමණක් ලබා දී තිබෙනවා. අපි එය විවෘත කළා. ඕනෑම කෙනෙකුට පොහොර ගෙන්වීමේ අවස්ථාව ලබා දී අඩු මිලට අපිට ගන්න.
 
අපිට තිබෙනවා හොඳ පොහොර නිධි. එප්පාවල පොහොර නිධිය කවුරුවත් අතගහලා නැහැ. කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා එප්පාවල පොහොර නිධිය ආරම්භ කරන්න. එතකොට අපිට ටීඑස්පී එහෙම ගේන්න ඕනෑ නැහැ. ලෝකයේ තිබෙන ඉතාම බාල පොහොර වර්ගයක් තමයි අපිට ගේන්නේ. බාල ඒවා ගේන්නේ ලාබ නිසා කියලා නිලධාරින් කියනවා. ලාබ දේ දෙනවද. හොඳ දේ දෙනවද. අවුරුද්දක් ඇතුළත මේ කර්මාන්තශාලාව ආරම්භ කරන්න පුළුවන්. ණය වෙන්න අවශ්‍යතාවක් නැහැ. මගේ අමාත්‍යංශයේ යම් යම් අරමුදල් තිබෙනවා.
 
එම අරමුදල්වලින්ම බිලියන හතක් අටක් සොයාගන්න පුළුවන්. ඒ අරමුදල් පසුගිය ආණ්ඩුව දැකල නැහැ. දැක්කා නම් ඒකටත් විද්දා. අපිට රට ගැන, අනාගත පරම්පරාව ගැන හැඟීමක් තියෙන්න ඕනෑ. ඒක තමයි දේශපාලනඥයකුගෙන් ඉටුවිය යුතු දෙය.‘‘ යැයි පැවසීය.



අදහස් (21)

‘‘වසරක් ඇතුළත එප්පාවල පොහොර කම්හලේ වැඩ අරම්භ කරනවා‘‘

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 07 June 2020 10:06 AM

දැන් තියෙන්නේ රජය විසිර වූ අවස්ථාවක්. ජනපතිතුමාට පමණයි බලය තියෙන්නේ අභිනව පාර්ලිමේන්තුව පත්වෙනකල් මට හිතෙන හැටියට. ඒත්, රටේ වසංගතයක් පවතින වෙලාවේ එතුමා ගත් යම් තීන්දුවලින් රෝගය පාලනයකට ගැනීමට හැකිවුණා. ඒ ගැන අප සඳහන් නොකලොත්, ගුණමකු කමක්. මන්දයත්, අප රජයේ වැරැද්ද විවේචනය කරනා නිසායි. ඒ කෙසේ වෙතත්, කොරෝනා හැරෙන්නට මැතිවරණය දිනීමකින් තොරව ජනපති පත්කළ තාවකාලික කට්ටියකට මෙසේ ක්‍රියා කළ හැකිද? අනේ මන්දා..?

:       145       446

SankaMonday, 08 June 2020 02:08 AM

හැමදාම ඡන්දයක් ලං වෙනකොට බොරු බේගල් කියලා අපේ රටේ ඉන්න අයගේ ඡන්ද ටික අරගෙන දිනලා ඊටපස්සේ තමන්ගේ හත්මුතු පරම්පරාවම ආණ්ඩුව ඇතුලට දාගෙන අපිට කොකා පෙන්නලා සුරසැප විදිනවා.

:       0       319

sisil wickramanayaka Sunday, 07 June 2020 10:22 AM

රටක සංවර්ධන කටයුතු පත්තරේට ඇවිත් කියලා ලකුණුදාගෙන ඡන්ද ගන්න එකම ප්‍රෝඩාව මේ දුප්පත් රටේ ලොක්කන්ගේ නාඩගමක් වෙලා. ඇත්තම කියනවා නම් මේ වැඩ කියකියා කරන්න දේවල් නෙමෙයි. කරන එකයි ඇත්තේ. අවුරුදු හැත්ත ගාණක් නිදහස ලබලා රට කාලකන්නි කරනවා මිසක් කොරෝනා කෙරුවාවක් තාමත් අපට නම් පෙනෙන්නෙත් නැහැ.. ඇඟට දැනෙන්නේ නැහැ.

:       147       452

ලැවොයිසියර් Sunday, 07 June 2020 10:36 AM

පොහොර හිඟය ගැන පරක්කුවෙලා හරි ඔබතුමාගේ අවධානය යොමුවීම ගැන සතුටුයි….. ළඟ ළඟ මහ මැතිවරණයත් එනවා…...අර දශලක්‍ෂයේ ගෙවතු වගා සමාරම්භක සංදර්ශනයෙන් පස්සේ ඔබතුමාව දැක ගැනීමත් අපූරුවක් අපිට. කොහොමද, පටන් ගත්ත වැඩේ සාර්ථකද…?

:       0       0

රසික Sunday, 07 June 2020 10:55 AM

ඔය නිධිය 2015 න් පස්සෙ පහල වුණු එකක් වෙන්න ඕනෑ මං හිතන්නේ... ඊ්ට කලින් තිබ්බා නම් මෙතුමලා අවුරුදු 10ක් ආණ්ඩු කරපු කාලෙ ඔය කම්හල හදලනේ...

:       111       541

dayan Sunday, 07 June 2020 11:13 AM

කරන්න ඕනෑ වැඩක්... මේක කලොත් 2025 හේත් ගෝඨා තමයි එන්නේ.. එ්ක සක්කරයාගේ පුතා වයිමටවත් නවත්තන්න බෑ බෑ බෑමයි...

:       771       642

Begging Sunday, 07 June 2020 11:28 AM

ගෝඨාභය සර් සහ මෙයාලා අතර වෙනස හොඳට පේනවා... මෙයාලා කියනවා වැඩ නෑ. මොනදේට වුණත් තව ණය නම් ගන්න එපා. ගත්තුවත් ගෙවාගන්න අමාරු වෙලාවක ඉන්නේ අපි...

:       57       177

Pradeep Sunday, 07 June 2020 11:52 AM

විසිල් නම් ඕනෑතරම් අහලා තියනවා. දැන් බල්ටි තමයි ඕන....

:       0       115

Raveendra Sunday, 07 June 2020 12:08 PM

අදහස නම් ඉතාමත්ම හොඳයි. කව්රු බලයට ආවත් අපට අදාල නැත. අප රටේ තිබෙන සම්පත් එක එකට බදුදීලා හිඟාකනවාට වඩා එම සම්පත්වලින් ඵල ප්‍රයෝජන පුරවැසියන්ට ලබාදීමට කටයුතු කිරීම රටේ පාලනාධිකාරිය කළ යුතුම දෙයක්... කොළ අයියලාද, නිල් අයියලාද රතු චූටි මලයලද " කලේ හෝ කරන්නේ " යන්න වැදගත් නොවේ. දැන්වත් අප කුඹුර බද්දට දී ඇස්සට දත නියවන පුරුද්ද අත්හැරීමට පුළුවන් නම් එමගින් යම්කිසි රටේ දියුණුවක් කළ හැකියි යන්න අපගේ හැඟීමයි...

:       28       193

විපරමා Sunday, 07 June 2020 12:59 PM

අපි නොදන්නවා නෙවෙයි සහෝදර සමාගමේ උන්දැලාගේ වැඩ... ආසියාවේ ආශ්චර්යය පෙන්නපු අයනේ.

:       220       583

.WasudewaMonday, 08 June 2020 02:17 AM

සහතික ඇත්ත... පවුල් පාලනයක් රටකට කොහෙත්ම ගුණදායක නැහැ. ඊටත් මේ දියුණු ලෝකෙක කිසිම රටක පවුල් පාලනයක් නැහැ.. මොකද එහෙම වුනොත් වෙන්නේ හොරකම, වංචාව ඉහවහ ගිහිල්ලා රටේ මුළු පාලනයම ඒ ගොල්ලෝ අතට ගන්නවා. රටේ නීතිය, සාරධර්ම, යහපැවැත්ම ඔක්කොම පිරිහිලා යනවා. රටට ලැබෙන දෙයක් නැහැ.

:       0       159

Champa Sunday, 07 June 2020 03:22 PM

වහල් ආණ්ඩුව ගෙනාපු පීපීපී ක්‍රමය පෝෂණය කරන්න යන්න එපා. රජය යටතේ පමණක් ඔය ව්‍යාපෘතිය කරන්න. දැන්ම බැරි නම් එහෙම පුළුවන් වෙනකම් ඉන්න. මිනිස්සු ඕවා හදිස්සි කලේ නැහැ. අවුරුදු 5ක් තිස්සේ ජනතාව කිව්වේ වහල් ආණ්ඩුව කරපු පාවා දීම් කරන්න එපා කියල. රටේ අනාගතය ගැන හිතලා මෙවන් මහා පරිමාණ දේශීය සම්පත් පෞද්ගලික අංශයට හෝ විදේශිකයන් අතට නොදී, 100% ක්ම රජය යටතේ කරන්න කියලයි ජනතාව කිව්වේ. මාස 6යි ගියේ. ඔක්කොම අමතක කරලා, වහල් ආණ්ඩුව නවත්තපු තැන ඉඳන් පටන් අරගන්න හදන්නේ...

:       0       38

isuru Sunday, 07 June 2020 04:53 PM

ශ්‍රී ලංකාවේ ඊගාව අගමැති කමට එකම සුදුස්සා ඔබයි ............

:       94       0

kapila Sunday, 07 June 2020 04:54 PM

ඔබතුමා රටේ නායකයෙක් අනිවා

:       108       0

jayantha Sunday, 07 June 2020 04:55 PM

ඔබයි අපේ රටේ අගමැති

:       104       0

lalithm Sunday, 07 June 2020 05:08 PM

කන්නේ බත් විතරක් නොවෙයි. වීවලට වගේම එළවලු, පොල්, වගේ දේවලුත් අපනයනයට රබර් තේ වගේ දේටත් පොහොර ඕනේ. මම පොල් පොහොර ගන්න දැන් මාස දෙකකට වැඩ කාලයක් හොයනවා. උත්තරේ ආවේ නැහැ කියන එක විතරයි. හැමදාම බොරුවෙන් රට ගෙනියන්න බැහැ. බොරු නොකිය පොහොර ගෙනත් දෙන්න.

:       0       40

Perera Sunday, 07 June 2020 07:06 PM

ඔව් ඉතින් තව නොබෝදිනකින් ඡන්දෙත් එනවනේ නේද?

:       79       0

Siva Monday, 08 June 2020 05:24 AM

අපි මැරිලා ඉපදුනේ නම් නෑ. යුද්දෙ ඉවර කරලා ඒක විකුණාගෙන කාපු එක ඇරෙන්න නම් වෙන කරපු දෙයක් නෑ. සින්නක්කර ඔප්පු වලට චීනෙට රට විකුණන කාලේ එප්පාවල ගැන බලන්න තිබ්බනේ ඇමතිතුමෝ.. දයා සඳගිරිව සභාපති කරලා මොකක්ද නාඩගමකුත් නැටුවනේ ඒ කාලෙත්.. ඉතින් දැන් ආයේ ඡන්දෙ මතක් වුණාම එප්පාවල පෝරයි, කන්තලේ සීනියි, මන්නාරමේ තෙලුයි විකුණාගෙන කන්න එපා. වහලුන්ට ඇරෙන්න මේ සුරංගනා කතා මහ පොලොවෙ ජීවත් වෙන මිනිස්සුන්ට අප්පිරියයි. උන්නු අය එන්න ඉන්න අය ඔක්කොම එකයි.

:       0       264

Nuwan Monday, 08 June 2020 06:43 AM

මේවා අයියා මලෝ ඡන්ද ගුණ්ඩු!! ඒ වගේම කලින් තිබුන ආණ්ඩුවෙනුත් කලේ මේ වගේ බොරු කියන එක.

:       0       80

sunil Monday, 08 June 2020 07:02 AM

ඔය විදිහට බැලුවොත් නිල්, කොළ, කුරහන් සාටක, රතු එකී මෙකි හැම දේශපාලුවම ඡන්දෙ එන කාලෙට දුන්නු ඡන්ද පොරොන්දු බැලුවොත් මේ රට සිංගප්පුරුව වගේ දහස් ගුණයක් දියුණු වෙලා. කරුමෙටම වගේ මේ කපටි දේශපාලුවන්ගේ බොරු වලට රැවටෙන මිනිස්සු තවමත් ඉන්නවා.

:       0       1

de silva Monday, 08 June 2020 07:14 PM

හැමදාම ඡන්දෙට කලින් පොහොර නිධි, තෙල් නිධි වැනි දේවල් මතුවෙනවා.. ඡන්දෙන් පස්සේ ඒවා නැවත පොළව තුළට ගිලා බසිනවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 699 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 377 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 216 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 158 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 284 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 475 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1507 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site