IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘‘පොහොට්ටුව සමඟ එක්වෙන්න අපේ පක්ෂයෙන් තීරණයක් අරන් නෑ‘‘

‘අපේ  පක්ෂයෙන්  නිත්‍යනුකූල  තීරණයක් අරන් නෑ පොහොට්ටුව සමඟ එක්වෙන්න. පක්ෂයේ  අනුශාසක වෙච්ච  මට තව වෙනකල්  කියලා නෑ. තව අය  ප්‍රධාන අය හිටියා  ඒ අයට කියලා නැහැ. මහින්ද රාජපක්ෂ දෙතුන් වතාවක් පක්ෂය විනාශ කරන්න හැදුවා ඒත් පක්ෂය බේරගත්තේ  අපි ‘ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය  පැවසූවාය.

කොළඹ  සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පවත්වනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය  සංවිධානය කළ ‘අපි ශ්‍රී ලංකා සමුළුව‘ විශේෂ සම්මන්ත්‍රණයේදී මේ බව කීවාය.
 
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මෙසේද කීවාය.
 
‘අපේ පක්ෂ මේ රටේ තිබුණ අවංකම නියම පක්ෂය බව මම කියනවා. අපේ නායකවරු අවුරුදු 54 ක් තමන්ගේ දේවල් ජනතාව වෙනුවෙන් කැප වුණා මිස රටේ දේවල් දැහැගත්තේ නැහැ. ලේ හලලා ප්‍රජා අයිතිවාසිකම් රැක්කේ. 2005 පස්සේ ඒ තත්ත්වය සම්පූර්ණයෙන් විනාශ වුණා. රාජ්‍ය පාලන තන්ත්‍රය හිතා මතා දූෂ්‍ය කරා.
 
ඒ අයගේ හොරකම් කතා කරන්නේ නෑ. කීප දෙනෙක් කරන්න ඇති සුළු වශයෙන් .මේ රටට අඩු තරමින් ප්‍රජාන්ත්‍රවාදී පක්ෂ දෙකක් ඕනි. එක පක්ෂයක් තියාගෙන රටක් ගොඩ නගන්න බෑ. අපේ පක්ෂ ලේසියෙන් මරන්න බෑ. දැන්  මේ අය පක්ෂය විනාශ කරලා මොකද්ද සෙල්ලමක් කරන්න හදනවා.
 
මේ රටේ තිබුණේ ප්‍රධාන පක්ෂ දෙක එකිනෙකාට විරුද්ධ ගහ බැන ගන්න යුගයක්. එජාපය සන්ධානගත වුණේ නෑ කවදාවත් . අපි සන්ධානගත වුණා. දෙමළ මුස්ලිම් අය පක්ෂයට  ගත්තේ මම. එහෙම නැතුව මේ රට කරන්න බැහැ.
 
එක්සත් ජාතික පක්ෂය සන්ධානගත වෙන්න  කලින් නම් අපිට  හානි කළා. නමුත් අපි සන්ධානගත වුණාට පස්සේ නම් අපිට කිසිදු හානියක් වුණේ  නෑ  මේ අවුරුදු පහේදී. මම එක්සත් ජාතික පක්ෂය උස්සලා තියන්න උත්සාහ කරනවා  නෙවෙයි මේ තමයි ඇත්ත.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)

 

 



අදහස් (42)

‘‘පොහොට්ටුව සමඟ එක්වෙන්න අපේ පක්ෂයෙන් තීරණයක් අරන් නෑ‘‘

gamarala Tuesday, 05 November 2019 12:30 PM

මගේ දෙයියනේ ! රැකගන්න ඉන්න සෙනග දැක්කම බය හිතෙනවා. දිගටම සටන ගෙනියන්න. කොහෙවත් මගහැරලා එහෙම යන්න එපා.

:       1       108

nisar Tuesday, 05 November 2019 12:34 PM

ඡන්දෙන් පස්සේ කවුරු කවුරුත් ගුටි කන්න ලෑස්ති වෙන්න එහෙමනම්.

:       72       47

NishanFriday, 08 November 2019 08:52 PM

අලි සබ්‍රිගෙන් ද?

:       0       0

tharindu Tuesday, 05 November 2019 12:48 PM

මෙතැන ඉන්න කට්ටියගෙන්ම පේනවා මොකක්ද මේ අටමගලේ කියලා

:       66       135

රෝහිත සමරකෝන් Tuesday, 05 November 2019 12:51 PM

අනේ.. මේ... ශ්‍රී.ල.නි.ප. ය රකින්නම තමයි මේ හදන්නේ..

:       67       117

Senarath Tuesday, 05 November 2019 12:55 PM

එන්න එපා !!!!

:       0       15

ගල්කටස් Tuesday, 05 November 2019 01:11 PM

2015 වම තමා වෙනසකට තියෙන්නෙ වෙල්ගම මහත්තයා එ පැත්කට ගිය එක විරතයි. අනිත් හැමොම 2015 සිරිසේන මහත්තයට සහාය දීපු සැට් එක. වැඩි දවසක් නැහැ දවස් 11 යි ජනාතාව ඉන්නෙ කාගෙ පැත්තෙ දැයි බලා ගන්න පුලුවන්.

:       0       153

gobbaya Tuesday, 05 November 2019 01:12 PM

අනේ අපොයි, සු ගාලා විස්සක් විතර සෙනග ඉන්නවා! සජිත්ගේ ජය තහවුරුයි!

:       66       107

Dil Perera Tuesday, 05 November 2019 01:18 PM

වෙල්ගම ට කළුතරින් ඡන්ද 100 ක් වත් ලැබෙයී. චන්ද්‍රිකාට අත්තනගල්ලෙන්වත් ලැබෙන්නේ එයාගේ ඡන්දෙ පමනයී. 2018 පෙබරවාරි 10 දින, පළාත් පාලන ඡන්දෙන් ඒ බව හොදටම ඔප්පු වුනා.

:       213       337

ජනක Tuesday, 05 November 2019 01:21 PM

ඇමරිකන් ව්රෝධී පොහොට්ටුවේ නිර්මාතෘ ඇමරිකන් පුරවැසියෙක්. පවුල් බලය සහ ජාතිවාදය මත පදනම්වු එවැනි පක්ෂයක් සමග රටට හෝ වෙනත් දේශපාලන පක්ෂයකට පැවත්මක් කොහින්ද.

:       630       648

සමීර ගලප්පත්ති Tuesday, 05 November 2019 01:26 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අනිවාර්යයෙන්ම රැකගත යුතු පක්ෂයක්. මිට කලිනුත් ආසන 8 ට බැස්සත් පක්ෂය ආයේ නැගිට්ටා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙදී සැලකිය යුතු ආසන ප්‍රමානයක් දිනා ගැනීමට හැකියාව තිබෙනවා දැන් සිටම දුෂිතයන් එලවා දමා උගත්, ජනතා දුක දන්නා නායකයන් ඉදිරියට ගතහොත්.

:       50       85

ධම්ම Tuesday, 05 November 2019 01:37 PM

මොකක්ද ඔයාලගේ පක්ෂය?

:       0       83

sisira Tuesday, 05 November 2019 02:19 PM

දුකට කාරණාව බස්වලින් එක්සත්ජාතික පාක්ෂිකයන්ව අරන් ඇවිත් පවු.!

:       275       497

පුරවැසියා Tuesday, 05 November 2019 02:54 PM

ඇමෙරිකානු පුරවැසිබාවය හිමි කිහිපදෙනෙකු ගේ අවශතාවය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරටුවට හානිකිරීම එක්පවුලක් සහ අවස්ථාවාදී කිහිපදෙනෙකු දරන උත්සාහය නිසා පක්ෂය ආරක්ෂා කිරීමට නම් සියලු කොන්ද කෙලින් තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් එක්විය යුතු අවස්ථාව එලබ ඇත. ලංකවේ මෙන්ම ලෝකයේ දියුණු රටවල මෙන් ප්‍රධාන පක්ෂ ආරක්ෂා කරගැනීමට එම පක්ෂවල සාමාජිකයන් ඉදිරියට පැමිණිය යුතුය.

:       318       193

saman Tuesday, 05 November 2019 03:16 PM

රටත් පක්ෂයත් කාපු අය අනුන්ට ඇගිලි දික්කරලා හොරු සමග තවදුරටත් ගමනේ. මෙයා තමයි පළමුවෙන්ම පක්ෂය කැඩුවේ. අද බොරු කියනවා.

:       87       218

ටි ඉන්දික Tuesday, 05 November 2019 03:22 PM

හිටපු ජනපතිනියට යථාර්තය තේරුණ එක රටේ වාසනාවක්.

:       204       104

Gamarala Tuesday, 05 November 2019 03:46 PM

පරණ යාලුවෝ හමු උනාමත් සතුටක් දැනෙනවා ඇතිනේ!

:       0       13

Deepal Nirosh Tuesday, 05 November 2019 03:52 PM

ඉතින් එහෙම තීරණයක් ගන්න අවශ්‍ය නැහැනෙ, කවුද පොහොට්ටුවට එකතු වෙන්න කිව්වෙ?

:       66       6

වීරවිජේ Tuesday, 05 November 2019 04:36 PM

එක මනුස්සයෙක් විතරක් ඉන්න ද‌ේශපාලන පක්ෂයක් දැක්කමයි.

:       354       639

de silva Tuesday, 05 November 2019 04:57 PM

උතරිතර ශ්‍රී ල නි ප සභාපතිතුමනි ඔබ කොහිද ? "මේ කවුද ? මේ මොනවද කරන්නේ ? "

:       40       8

sirimal Tuesday, 05 November 2019 05:10 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිම සම්බන්ධතාවයක් නැති අයත් වද්දගෙන නේ. ඔච්චර පාක්ෂිකයින් පිරිසක් එකතු උන එකේ අපරාදේ ඒ වැඩේට ඉඩ දුන්නේ. දැන් අර නාලිකා වලින් ඕකට දෙයි ඇට්ටි හැලෙන්න.

:       1       50

නිට්ටඹුවේ අපි Tuesday, 05 November 2019 09:25 PM

ඔබ බණ්ඩාරනායක මැතිණියට නින්දාවක්. ඔබ මේ පළාතේ එනකොට මිනිසුන් ඔබට හූ කියන හේතුව තවම ඔබ තේරුම් ඇරන් නෑ.

:       517       692

sugath Tuesday, 05 November 2019 10:33 PM

ඒ.ජා.පෙ. කට්ටිය පිරිවරාගෙන කියන්නේ නිදහස් පක්ෂේ රකින්න කියලා. විජය කුමාරතුංග එක්ක මහජන පක්ෂේ හැදුවේ ශ්‍රීලනිපෙ රකින්නද?

:       68       264

Saman Tuesday, 05 November 2019 11:34 PM

මහජන පක්ෂය හැදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරලා නෙමෙයිද? මේ මනුස්සයානම් ලැජ්ජාවක් කියන දේ හඳුනන්නේ නැතිව බොරු කියන කෙනෙක්.

:       77       145

[email protected] Wednesday, 06 November 2019 12:51 AM

මේ අය ගැන ලියන්න බොහෝ දේවල් ඇත. මේ අයගේ දේශපාලනය පුද්ගලයකුට විරුද්දව කරන දේශපාලනයක් මෙතන ඉන්න කිසිම කෙනෙක් රට වෙනුවෙන් හෝ ජනතාවගේ දැවෙන ප්‍රශ්න හදුනා ගෙන ඉදිරියට ආ අය නොවේ. ඇත්තට මේ අය මොනවද කරලා තියෙන්නේ කියලා තමන්ගේ හදවතට තට්ටු කරලම හිතන්න.

:       104       282

Wasudewa Wednesday, 06 November 2019 01:41 AM

ඔබතුමිය ගත්ත තීරණය ඉතාම හොදය. මොකද...පොහොට්ටුව මේ ඡන්දයෙන් පැරදුනොත් ඉවරට ඉවරයි... ඒ වුනාට ශ්‍රීලනි පක්ෂය බණ්ඩාරනායකවරු දිවිහිමියෙන් හදපු... ලෝකයේ පළමු ජනාධිපතිනිය බිහිකරපු ලෝක පුජිත පක්ෂයක්. වහාම පෙරමුණ අරන් මේ ශ්‍රී ල නි පක්ෂයට කරන්න යන වියසනයෙන් පක්ෂය බේරගන්න.

:       509       267

Gamarala Wednesday, 06 November 2019 02:02 AM

කකුලෙන් අදිනවා ඉවරයක් නෑ. තව දින හතයි!

:       105       73

රසික Wednesday, 06 November 2019 02:50 AM

රාජිත , වික්‍රමබාහු දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකිනවද ?

:       107       301

Senarath Wednesday, 06 November 2019 03:31 AM

චන්ද්‍රිකා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අත්තනගල්ලේ තමන්ගේ කොට්ටශයෙන් ගත්තේ ඡන්ද 61. මේක තමා මෙයාට කරන්න පුළුවන් එකමදේ.

:       173       257

mp Wednesday, 06 November 2019 03:39 AM

අපට මතකයි රාජිත ඒ කාලේ මෙයාට කථා කළ භාෂාව. ලැජ්ජාව කොහේ ද දන්නේ නැහැ.

:       109       409

Uditha - London Wednesday, 06 November 2019 04:16 AM

මෙයාලා රෙදි ඇදගෙනද ඔහොම හිනා වෙලා ඉන්නේ... කියනවනම් කියන්න පුළුවන් මට. අම්මප ලජ්ජා නහර කපලද මේගොල්ලන්ගේ... දේශපාලනේ තරන් අසික්කිත මඩ ගොහොරුවක් මම මගේ ජීවිතේට දෙකල නැහැ.

:       145       257

mp Wednesday, 06 November 2019 04:43 AM

ඇත්තටම ලැජ්ජ නහර කපපු දේශපාලඥයන්..... ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයිලු. අනේ අපිටත් මේ කෝලම් බලන්න වුනේ මේ රටේ ඉපදුන නිසයි.

:       72       194

sumithWednesday, 06 November 2019 07:13 AM

හැමෝම කරනවා වගේ ඔයත් රට දාල යන්නකෝ එතකොට හරිනේ . මේ රට බාර ගන්න ජාතික වීරයෝ ඕන තරම් ඉඳීවි

:       0       58

mpWednesday, 06 November 2019 08:16 AM

මම ඉපදුන රට දාලායන්න ඔහේ කියන්න ඕනද? ඔහේට ඕනේ නම් යන්න.

:       52       0

sumith Wednesday, 06 November 2019 06:28 AM

පුතා ලංකාවට එක්කගෙන එන්න. පක්ෂය බේරගන්න පුතාට දෙන්න. පුතානම් තාත්තා වගේමනේ. මේ රටේ මිනිස්සු විජයට තාමත් ආදරේනේ. 1994 ඔබතුමිය පක්ෂය නැගිට්ටවලා ගත්තා වගේම ඔබේ පුතා පක්ෂය නැගිට්ටවලා ගනීවි. සිරිමාවෝ කුල කාන්තාව රැකගෙන ආව පක්ෂය මුණුපුරා නැගිට්ටවල ගන්නවා නොඅනුමානවම.

:       170       12

Rata Perata Wednesday, 06 November 2019 07:20 AM

චන්ද්‍රිකා ඉදිරිපත් වීම ඉතා හොඳ දෙයක්. අනිත් එක ලංකාවේ වෙන මොන පක්ෂෙට සහයෝගය දුන්නත් කමක් නෑ, ඇමෙරිකන් කාරයන්ගේ පක්ෂවලට නැතුව.

:       300       107

DINESH Wednesday, 06 November 2019 08:19 AM

දැන් යන තැනකට වැඩක් කර ගන්න. තවත් රට කන්නේ නැතුව.

:       0       15

Amarathunga Wednesday, 06 November 2019 08:28 AM

ඇමරිකන් පුරවැසි භාවය තියාගෙන රටේ ඒකීය භාවය හා ජාතික ආරක්ෂාව වෙනුවෙන් දැනුන යමක් කල මිනිහා හොදයි ඔය අපේ බදු සල්ලිවලින් තමන් කළා වගේ වනාන්තර කප කපා පොඩි ගෙවල් අටෝ අටෝ ඇමරිකාවට අක්කරය 1800 ට ලියල දෙන්න ගිවිසුම් ගහන ශ්‍රී ලාංකික පුරවැසියාට වඩා. අද කාලේ ඇමරිකන් පුරවැසිභාවය කියන්නේ ලෝකේ ඕනෑම මිනිහෙක් ගන්න උත්සාහ කරන වරප්‍රසාදයක් ,දරුවන්ගේ විදෙස් අධ්‍යාපන කටයුතු සදහා මේවා ඕන වෙනවා. මට පුලුවන්නම් මමත් ගන්නවා , නමුත් ගත්තයි කියල උපන්බිමට ද්‍රෝහී වෙන්නේ නැහැ.

:       0       24

sharm warn Wednesday, 06 November 2019 09:22 AM

මේවායින් පෙන්නුම් කරන්නේ මේ පක්ෂවල අයට තමන්ගේ බලය රැකගැනීම තමයි තියෙන එකම කාරිය .. ඒ ටික කරගන්න උරුලාවගේ හරි පිට කසයි. එහෙම නම් මොවුන්ට පාලනය ලබා දීම කියන්නේ අපිට මොන වගේ තත්වයක් උදාවෙන්න පුළුවන් ක්‍රියාවක්ද කියලා මේවායින්වත් නොතේරෙනවා නම් ඉතින්.. වෙන කියන්න දෙයක් නැහැ...

:       0       100

Bandara Wednesday, 06 November 2019 10:05 AM

අපේ රටේ මිනිස්සු කාගේ හරි දෙයක් දැක්කොත් මාර විදිහට උඩපනිනවා.

:       0       0

DD Wednesday, 06 November 2019 06:17 PM

ඔබ තුමියට නිනුට්‍රල් එකේ හිටියනම් නේද හොඳ. ආදර්ශය: මෛත්‍රිපාල සිරිසේන මහතා. ඔබ තුමියගේ නම්බුව තියාගන්න. ළඟ බලන්න එපා.

:       0       33

rohitha Friday, 08 November 2019 01:44 PM

රතු අලි කඩේ යනවා නොවැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 417 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 875 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1031 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 695 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 185 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1853 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site