IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘‘පාස්කු ප්‍රහාරයෙන් ඇදවැටුණු රට සිංහලේ නාමයෙන්ම ගොඩනැගිය යුතුයි‘‘

(හසිත රංග ගුණතිලක)

පාස්කු ඉරුදින ප්‍රහාරය නිසා ඇද වැටුණු අපේ රට සිංහලේ නාමයෙන්ම ගොඩනැගිය යුතුයි යැයි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියෝ අද (11) පැවසූහ.

අපේ රට සිංහලේ රටක් බවට ප්‍රකාශ කිරීමට බොහෝ දෙනා අමතර බියක් මෙන්ම දැඩි ලැජ්ජාවට යොමු වන කාරණාවක් වී ඇති බවද මහ නාහිමියෝ සඳහන් කළහ.

හෙළ බොදුනුවන්ට අහිමි කළ ලංකාව හෙළයින්ට යළි උරුම කර දීම සඳහා මෙරට සිටින සියලුම හෙළයන් එක් කොඩියක් යටට පෙළගැස්වීම වෙනුවෙන් හෙළ බොදු හඬ සංවිධානය කොළඹ 07 නිදහස් චත්‍රරස්‍රයේදී අද (11) පැවැත්වූ සමුළුවකට එක්වෙමින් කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ මේ බව සඳහන් කළහ.

එහිදී සිංහලයන්ගේ අතීත ක්‍රියාකාරකම් සහ සිංහලයාට අපේ රට රැකගැනීමේ ඓතිහාසික වටිනාකම ඇතුළත් නිදහස් ප්‍රකාශය හෙළ බොදු හඬ සංවිධානය විසින් ධම්මාවාස නාහිමියන් වෙත පිළිගැන්විණි.

(ඡායාරූප - ශාන්ත රත්නායක)

 



අදහස් (18)

‘‘පාස්කු ප්‍රහාරයෙන් ඇදවැටුණු රට සිංහලේ නාමයෙන්ම ගොඩනැගිය යුතුයි‘‘

sirimal Tuesday, 11 June 2019 02:46 PM

අවසරයි අපේ නායක හාමුදුරුවනේ... කොහෙද ඔය කියන අැද වැටීම සිද්දවෙලා තියෙන්නේ? අපට නම් පෙනෙන්නේ අපේ විරෝදාර පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවන් සහ ඔත්තුසේවා එකතුව ක්ෂණයකින් මේ ප්‍රහාරයන්ට සම්බන්ධ සියලුම දෙනා අත්අඩංගුවට ගෙන ඇති උසස් ආකාරයයි. රටේ වැඩ කටයුතු සුපුරුදු පරිදි කෙරීගෙන යන බවත් පෙනෙන්නට තියෙනවා. ඉන්දියානු අගමැතිවරයාගේ සංචාරයෙන් ඒ බව හොඳ හැටි පෙනී ගියා. මේවා අපගේ මාධ්‍යවලින් පෙන්වා දෙන්නේ නැතිඑක වෙනම කතාවක්... ඒ නිසා තමයි ඔබ වහන්සේටත් ඔයවගේ සිතුවිල්ලක් පහළවෙන තත්වයේ කියලයි හිතෙන්නේ...

:       2062       425

රජින්දTuesday, 11 June 2019 03:28 PM

සිරිමල්ගේ අදහසින්ම පෙනෙනවා සිංහල කියනකොට බයවෙන කට්ටිය ඉන්නවා කියලා. ලැජ්ජයි ඔබලාගේ නිවට ජාතිකත්වය ගැන.

:       160       937

sirimalTuesday, 11 June 2019 05:40 PM

සිංහල කියන කොට බයවෙන්න හේතුවක් ඇත්තෙම නැහැ ඒ කියන්නේ අවංක චේතනාවෙන් නම්. බොරු ජාත්‍යාලයක් පෙන්වන එක ඉතාම ලෙහෙසි කරුණක් උනත් කිසියම් සිදුවීමක් පිළිබඳව ඇත්ත කතා කරන එක නිවට කමක් නම් එය එසේම වේවා.

:       0       68

NuwanTuesday, 11 June 2019 06:48 PM

ආ කොහොමද මොහමඩ් සිරිමල් ...ඔබ කවුරු වුනත් අපට ඕන 1815 දී සුද්දට බාර දුන්න " සිංහලේ " නිදහසින් පසු උපක්‍රමශීලිව සිංහලයාගෙන් උදුරාගත් සහ අනන්‍යතාවය දුෂණයට ලක් කර වෙනස් කල "සිංහලේ "

:       272       170

sirimalWednesday, 12 June 2019 08:11 AM

මේවගේ මෝඩ අදහස් ඔලුවේ තියාගෙන වැඩ කරන තුට්ටුදෙකේ දේශප්‍රේමින් නිසා තමයි අපේ රට මේවගේ තැනකට වැටිලා තියෙන්නේ. අද අපේ රටට අප විහින්ම සිදුකරගෙන තියෙන විනාශය ගැන ලියන්න ගියොත් මේ ඉඩ කිසිසේත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

:       73       106

saliyaWednesday, 12 June 2019 10:12 AM

විවිධ පැතිවලින් අදහස් යොමුවීම මෙන්ම විවේචනය කිරීම සුදුසුයි. නමුත් අන් මත නොඉවසා පුද්ගලිකව හිංසා වන අපහාස කිරීම් හා ඒවා පලකිරීම නුසුදුසුයි..

:       0       1

ලලිත්Wednesday, 12 June 2019 03:47 AM

සිංහලේ කියන්නේ ක්‍රි ව 1505 ට පෙර තිබූ අපේ රටටයි. ඒ රට තමයි අද ඇදවැටිලා කියලා ගරුතර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ සිංහලේ කියලා තිබුනු රටේ හැම ජන වර්ගයක්ම සහයෝගයෙන් ජීවත් උනා. ඉංග්‍රීසීන් මේ රට් බෙදා පාලනය කරන්න ගත්ත දා ඉඳලා තමයි මෙ ජාතීන් අතර තිබුනු සුහදත්වය සහ සංහිඳියාව (චන්ද්‍රිකාගෙයි රනිල්ගෙයි එක නෙමෙයී) පළුදු වෙන්න පටන් ගත්තෙ. එහෙම වැටුන රට තමයි නැවත ගොඩ නැංව්ය යුතුයි කියා කියන්නේ. එහෙම නැතුව ඔබ කියන විදිහට සහරාන්ගේ ගෝලයො ටික අල්ලන එකවත් කැඩුන පල්ලි රෙපෙයාර් කරන එකවත් නෙමෙයි. අපේ රටට හිතවත්ව බුද්ධිමත්ව හිතන්න පුරුදුවෙන්න.

:       0       58

NuwanWednesday, 12 June 2019 09:17 AM

ඉන්දියානු අගමැතිවරයාගේ සංචාරයෙන් රටේ තත්වය මනින බුද්ධිමතෙක් ඔබතුමා.. ඔබ වැනි බුද්ධිමතුන් නිසා තමයි රට මේ වගේ ස්වර්ණමය යුගයකට ඇවිල්ල තියෙන්නේ. කියවන්නේ දකින්නේ ලංකාවේ මුද්‍රිත පොත් පත්තර විතරයි වෙන්න ඇති. ලංකාවට ඇති ගෝලීය බලපෑම් සහ භූගෝලීය පිහිටීම මුල්කරගෙන ලංකාවට ඇති වී තිබෙන විදේශීය බලපෑම් සහ කුමන්ත්‍රණ ගැන අහලා දැකලා නැතුව ඇති මගේ හිතේ. පසුගිය වසර 10, 15 ක දී විතර ජන සංයුතීන් අතර සිදුවූ වෙනස්වීම් අත්දැකලා නැතුව ඇති. හාමුදුරුවන්ට උගන්න කලින් ඔබ ඉගෙනගෙන ඉන්න පින් සිද්ද වෙයි

:       0       0

Amila Tuesday, 11 June 2019 02:56 PM

සාදු සාදු සාදු !!! විය යුත්තේ එයයි... සිංහලයන් එකතු විය යුතුයි.

:       70       605

saliya Tuesday, 11 June 2019 04:09 PM

ඇතැමෙක් ඇමෙරිකානු පුරවැසියෝය. තව කෙනෙක්ගේ ළමයින් වෙන රටක පුරවැසියෝය. බොහෝ දෙනෙක් ළමයින්ට උගන්වන්නේ පිටරට යැවීමේ අරමුණෙන්. එනමුදු අපි සිහලේ රටක් පතමු

:       472       307

මෙලන් Wednesday, 12 June 2019 01:54 AM

රටක් ආගමික වශයෙන් නැගිටීමේ උවමනාව කුමක්ද? ස්වාමීන් වහන්සේ අතීතයේ විවිධ අවස්ථාල රට බේරා ගැනීමට කටයුතු කිරීම, හුදු ශ්‍රී ලාංකිකයන් ලෙස මැදිහත් වීමක් පමණයි. වරද එය වැරදි ලෙස වටහාගැනීමයි. ආගමක් දේශපාලනික වීම තරම් වෙනත් විනාශයක් ‍රටකට නැත. ඉස්ලාමීය රාජ්‍ය සංකල්පයත් එහි එක ප්‍රතිඵලයක් බව කවුරුත් තේරුම් ගත යුතුයි. රටක් නැගිය යුත්තේ දේශපාලනිකව මිස ආගමික නොවේ. අපි සටන් වැදිය යුත්තේ එය සඳහායි.

:       8       10

Kumara Wednesday, 12 June 2019 03:52 AM

සිංහලේ ...?????... අපි හදමු මිනිස් ලේ තියන මිනිස්සු ඉන්න රටක්... සත්තු සත්තු මයි. (බුද්ධිය තියෙන අයට පමණි....)

:       1       81

amali Wednesday, 12 June 2019 03:53 AM

සිංහල කියන කොටම බයවෙන කොලපාට පිල්ලි ඉන්නවා. ඉන්දියන් අගමැති ආවේ අපිට ආදරේට නෙවේ තෑග්ගට ස්තුති කරලා යන්න.

:       13       0

sharm warn Wednesday, 12 June 2019 04:09 AM

අවසරයි අපේ හාමුදුරුවනේ .. මේ රට සිංහල නොවේ කියන්නෙත් එයට උඩ ගෙඩි දෙමින් ජාතිය පරිහානියට ගෙනියන්නෙත් දේශපාලන බලවේග සහ ඒවාට කත් අදින ගැත්තන්. සාමාන්‍ය ජනතාව වන අපි හැම මොහොතකම උත්සහ කරන්නේ අපේ ජාතික අනන්‍යතාවය රකින්න සහ පවත්වාගෙන යන්න. ඔබ වහන්සේලාට පුළුවන් නම් ඔය දේශපාලන කනහිල්ලු ඔබවහන්සේලාගේ දෙපතුලට ඇවිල්ලා එකෙනුත් දේශපාලන වාසි ගන්න හදනකොට පිරිත් නුලක් බදිනවා වෙනුවට කෙවිටකින් තලා පන්නා දමන්න , උන්ට මුනටම ඔබවහන්සේලාගේ අප්‍රසාදය පෙන්වන්න පුළුවන් නම් .. අපිට අපේ ජාතිය ගොඩ ගන්න පුළුවන් වෙයි ...

:       21       5

සේක Wednesday, 12 June 2019 04:59 AM

ඉතිහාසයක් නොදන්නා, අසත්පුරුෂ ගති හොබවන, නිවටයින් නොදන්නවාට හෙළය, හෙළ බොදු වුණේ දේවානම්පියතිස්ස රජ සමයේ මිහිදු, සංඝමිත්තා යන මහ රහතන් වහන්සේලා ගෙන්. හෙළය රකින්න කවදත් ළය දුන්නේ හෙළ බොදු විරුවන්මයි

:       0       5

SUMITH Wednesday, 12 June 2019 06:12 AM

කව්රු කොහේ ගියත් , කාගෙ ළමෝ කොහේ ඉගෙනීම ලැබුවත් , සිංහලේ රට ජාතිය ආගමට ආදරය කරන මිනිස්සු මේ රටේ මදි නොකියන්න ඉන්නවා. හාමුදුර්වනේ ඔබ වහන්සේ ගේ නිර්බීත උජි පටි පන්න ගුණය රටක් වටිනවා , අපේ සිංහලේ රට කවදත් බේරා ගත්තේ කහ සිවුර.

:       1       12

kapila Wednesday, 12 June 2019 07:25 AM

හාමුදුරුවරු දේශපාලන කතා කරන එක , අනික් ආගම් විවේචනය කරන එක නවත්තලා, බෞද්ධයන්ව පන්සල් කරා නෑවත ගෙන්වා ගන්න ක්‍රමයක් නන්වන්න. දෑන් පන්සල් යන්නෙ වයසක මිනිස්සු විතරයි. ඒ යන්නෙත් ඉතාම අඩුවෙන්. පන්සලයි දායකයොයි අතරෙ බෑදීම අඩු වෙලා තියෙන්නෙ. පන්සල් තනිකරම කොන්ක්‍රීට් වනාන්තර වෙලා .

:       0       3

janahitha Wednesday, 12 June 2019 07:39 AM

අවසරයි අපේ නායක හාමුදුරුවනේ මේ රට මේ තත්වයට පත් උනේ මේ වසල දේශපාලන නායකයින් නිසානේ. ඔබ වහන්සේ කියන රට ගොඩ ගැනීමට අපහසු වෙලා තියෙන්නේ අපේ ජාතියේ තියන එකමුතු කමක් නැති නිසා නේද? අඩු වශයෙන් ඔබ වහන්සේලවත් එකමුතුද? සමා වෙන්න මෙහෙම කියනවට අපේ හාමුදුරුවෝ කෙනෙක් ඔවුන්ට එරෙහි වෙනකොට තව කෙනෙක් සෙත් පතනවා.

:       0       37

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 549 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 109 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 799 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 815 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1213 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1096 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site