IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


‘‘ප්‍රභාකරන් එක්ක හුවමාරු කරගත් ලිපි ඉදිරියේදී ප්‍රසිද්ධ කරනවා‘‘

(රොමේෂ් මධුෂංඛ)

තමන් ජනාධිපති වීමෙන් පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක ප්‍රභාකරන් සමඟ සාමය වෙනුවෙන් ලිපි 42 ක් හුවමාරු කරගත් බවත් ඉදිරියේදී එම ලිපි ප්‍රසිද්ධියට පත් කිරීමට තමන් සූදානමින්  බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

හිටපු ජනාධිපතිනිය මේ බව පවසා සිටියේ යාපනය වීරසිංහම් ශාලාවේදී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය මෙසේ පැවසුවාය,

 ‘‘මම ජනාධිපති වෙලා මාස කිහිපයකට පස්සේ අපි මාස 08 ක් එල්.ටී.ටී.ඊය සමඟ සාම සාකච්ඡා කරගෙන ගියා යුද්ධය නවත්තලා මේ ප්‍රශ්න කොහොමද විසඳන්නේ කියලා බලන්න. නමුත් මාස අටකට පස්සේ එල්.ටී.ටී.ඊය ආයේ යුද්ධයකට ගියා. ඒ අතරෙත් යුද්ධ කරද්දීත් සාම සාකච්ඡා වෙලාවේදී මම එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් මහතාට ලිව්වා ලියුම් 42 ක්. එයයි මමයි හුවමාරු කරගත්තා ඒ ලියුම්. මම ගාව තියනවා අපි ඒවා ප්‍රකාශයට පත් කරනවා.

එතනදි මම කිව්වා යුද්ධය කරන්න ඕන නම් ඔයා යුද්ධය කරන්න එතකොට අපිත් ඔයාට විරුද්ධව යුද්ධ කරනවා. නමුත් මේ අහිංසක දෙමළ ජනතාවට ඒ අයගේ සියලු දේ විනාශ වෙලා තියෙන්නේ නැවත වතාවක් අපිට සංවර්ධනය කරන්න ඔයගොල්ලන් එකඟ වෙනවද කියලා.  

එතකොට අපේ නිලධාරීන් එවලා ඔයගොල්ලන් එක්කත් එල්.ටී.ටී.ඊයත් එක්කත් සාකච්ඡා කරලා ජනතාවගේ ගෙවල් හදලා දෙන්න ඒ අයට වතුර ලබා දෙන්න ආහාර ලබා දෙන්න පුලුවන් තරම් රැකියා ලබා දෙන්න කෘෂිකර්මය නැවත පටන් ගන්න වැව් ආදිය හදලා දෙන්න ඒ වෙලාවේ අපි යාපනය නිදහස් කරලා ඉවරයි.

ඔයගොල්ල එකඟ වෙනවද කියලා කෙලින්ම ප්‍රභාකරන් මහත්මයා කව්වේ එකඟ නැහැ ඔයගොල්ලන් මුකුත් කරන්න එපා කිව්වා කවදහරි කරනවනම් කරන්නේ මම විතරයි කිව්වා.

ඊට පස්සේ අපි 1995 දෙසැම්බර් මාසයේ යාපනය නිදහස් කරගත්තා ඊට පස්සේ අපි ටිකටික යාපනය ඇතුලු ප්‍රදේශ සංවර්ධනය කරන්න පටන් ගත්තා ඊට පස්සේ එල්.ටී.ටී.ඊයටත් ඒක තේරිලා ජනතාවටත් මේක අවශ්‍යයි කියලා ඒ ගොල්ලත් විරුද්ධ වෙන්‍නැතුව අපිට කරන්න දුන්නා.

එදා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් එකපැත්තක ඉන්නවා සාමාන්‍ය අහිංසක ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ගරු කරන දෙමළ ජනතාව තව පැත්තක ඉන්නවා කියලා මම හැම වෙලාවෙම කල්පනා කෙරුවා.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමඟ අහිංසක දෙමළ ජනතාව අපි කවදාවත් කලවම් කරගත්තේ නැහැ. ඒ නිසා තමයි එල්.ටී.ටී.ඊය යුද්ධ කරන්න ඕන කිව්වා. මම සාම සාකච්ඡා කරන්න ඕන කිව්වා. සාම සාකච්ඡා වලට පයින් ගහලා අවුරුද්දකට පස්සේ ආයෙත් යුද්ධය කරන්න ඕන කිව්වා.

එතකොට රජයක් හැටියට අපිට නිකම් ඉන්න බැහැ යුද්ධයට එනකොට ඒ කෙනා එක්ක අපි යුද්ධ කරන්න ඕන. නමුත් මම පුලුවන් තරම් පෞද්ගලිකව සතියේ එක දවසක් සම්පූර්ණයෙන් හමුදාවේ නායකයින් සමඟ සාකච්ඡා කරලා ජනාධිපති හැටියට මෙහෙ කෙරෙන හැම මෙහෙයුමක් ගැනම සාකච්ඡා කරමින් එල්.ටී.ටී.ඊ නොවන අයට කිසිම කරදරයක් කරන්න එපා කියලා උපදෙස් දීලා පුලුවන් තරම් හානිය අඩු කෙරුවා‘‘ යැයි හිටපු ජනාධිපතිනිය පැවසුවාය.



අදහස් (39)

‘‘ප්‍රභාකරන් එක්ක හුවමාරු කරගත් ලිපි ඉදිරියේදී ප්‍රසිද්ධ කරනවා‘‘

Mahee Tuesday, 12 November 2019 12:32 PM

අහිංසක මිනිසුන් වෙන්කර හඳුනා ගත්තට ඔබට ස්තුතියි.

:       114       44

ෂංඉඳියා Tuesday, 12 November 2019 12:44 PM

බලන්න කොපමණ සේවයක් කරල තියෙනවද මෙතුමිය..... තව සැරයක් ජනාධිපති උනානම් ප්‍රභාකරන් මහත්තයව කැමති කරවගන්නවනේ සාමයට.

:       11       81

Lakshman Tuesday, 12 November 2019 12:45 PM

කවුද මේ ? මොනවද කියවන්නේ ?

:       20       95

LebbeWednesday, 13 November 2019 10:13 AM

හොඳ වෙලාවට ප්‍රභාකරන් පරණ වාහන එළවන්න කැමති නැති වුණේ..

:       0       110

Rasika Pradeep Tuesday, 12 November 2019 01:00 PM

ප්‍රබාකරන් මහත්තය තව මොනාද දන්නේ නේ කිව්වේ. අනේ මන්ද රටක්, ඒ රටේ එයාලගෙම මිනිසුන්වත් ඇතුළුව අහිංසක ජනතාව, රටේ පොදු දේපල විනාස කරන්න හදපු සහ අවූරුදු 30 තිස්සේ සමස්ත ආර්ථිකයම ආපස්සට හරවපු ත්‍රස්තවදියෙක්ටද මේ නෝනා "මහත්තය" කියන්නේ.

:       14       405

Thiw Tuesday, 12 November 2019 01:27 PM

යුද්දෙත් නොකර, සාමෙත් නොකර, රටෙත් සංවර්ධනයත් සෘණ කරපු කාලය ගැන නේද කතා කරන්නේ

:       77       854

Chathuranga Tuesday, 12 November 2019 01:56 PM

යුද්දේ දැන් ඉවරයි. ඔයත් මොනවා හරි කරන්න ඇති. එත් යුද්දේ ඉවර කරපු මිනිස්සු ඉතිහාස ගත වෙලා දැන් අවසන්. ඔයාගේ සේවය ඇත්තටම දැන් අපිට අවශ්‍ය නැහැ.

:       157       455

Sajeewa Warawita Tuesday, 12 November 2019 03:09 PM

මේ මොහොතේ අවශ්‍යතාවයක් නැහැ, මොකද එල්ටීටීඊ ත්‍රස්තවාදය මේ වෙනකොටත් අවසන්

:       1       210

Please Tuesday, 12 November 2019 03:47 PM

ප්‍රභාකරන් ගැන කතා කරන්න හේතුවක් නැහැ. ඔබගේ කාලය නාස්ති කරගන්න එපා

:       1       224

nilu Tuesday, 12 November 2019 03:49 PM

ඔබතුමියගේ ප්‍රයත්නය අගය කරමි. තවද, මහින්ද මහතා යුද්ධයට ගිය එක සධාරණීය කිරීමක් තමයි ඔය ලියුම්වලින් උනත් පෙන්වන්නේ. ඉතින් ඉක්මනට එම ලියුම් ප්‍රසිද්ධ කරන්න. එතකොට, මහින්ද-ගෝඨාට තවත් හොදයි.

:       265       505

Sujeewa Tuesday, 12 November 2019 03:59 PM

අනේ ඇයි ලියු ලිපි ටික ඡන්දය ඉවර වෙනකම් තියන් ඉන්නේ? අදම දාන්නකෝ එලියට අපටත් කියවන්න. ඔබතුමියගේ කාලයේදී, පුනරින්, අලිමංකඩ, මුලතිව් කියූ නොකියූ සියලු හමුදා කඳවුරු එල්ටීටීඊ යට නතුවූ හේතුව දැන් අප දැන ගත්තා. ඔබතුමිය නම්, අපේ විරෝධාර හමුදාවට යුද්ධ කලයුතු ආකාරය සතියට වතාවක් උපදෙස් දුන්නේ තව මොන කතාද? පසුගිය වසර 71 තුලදී, රටේ ආර්ථික වර්ධනය සෘණ වී, ආර්ථිකය සංකෝචනය වුයේ 2000 සහ 2001 දී පමණි. ඒ ඔබතුමිය මුදල් ඇමති සහ ජනතිපති හැටියට රටේ ආර්ථිකය විනාස කල වකවානුවයී. ආර්ථිකයත් නැතිකර, ආරක්ෂාවත් නැතිකළ ඔබතුමිය දැන් තව වසර 5 කට රට තවත් නැති කරන්නද හදන්නේ?

:       0       623

Pradeep Tuesday, 12 November 2019 05:21 PM

ලියුම් ලියලා කරගත්තද වැඩේ.. දෙමල ජනතාව ඉදිරියට ගිහින් ඔය කියන්නේ මම නම් හරි හොදයි.. මම ඕවට සම්බන්ධ නෑ... මහින්ද තමයි කලේ... දැන් යුද්ධයත් ඉවර එකේ මොනවට ඔය ලියුම් ප්‍රසිද්ධ කරනවද.. රටේ ඔලුවක් ඇති, ඇස්, කන් ඇති, එක එක්කෙනාට ගැති නොවන ඕනෑම කෙනෙක් දන්නවා රටේ මොනවද වුනේ කවුද කලේ කියලා..

:       336       521

NishanWednesday, 13 November 2019 02:13 AM

ඔබ කිසි දෙයක් දන්නේ නැහැ වගෙයි. ඊලාම් යුධ ඉතිහාසයේ යාපනය නැවත රජයේ හමුදාවේ පාලනයට ගත්තේ මෙතුමියයි. සන්නද්ධ හමුදාවන්ට කෆීර්, මිග්, මල්ටිබැරල් සහ අධි බල කාලතුවක්කු වැනි ලෝකයේ අති නවීන ආයුධ ගෙනත් දුන්නේ මෙතුමියගේ ආණ්ඩුවයි. ඒවායේ කිසිම වංචාවක් කොමිස් ගැහිල්ලක් තිබුනා කියලා චෝදනා නැහැ. නමුත් ඊට පසුව බලය ගත්තු අය මිග් යානා හතරක් ගෙනල්ලා කරපු වංචාව ලෝක ප්‍රසිද්ද උනා. යුද්ධයෙන් ප්‍රශ්ණ විසඳීම ඇයගේ ප්‍රතිපත්තිය නොවුන නිසා ඇය යුද්ධයෙන් එය අවසන් කරන්න හිතුවේ නැහැ. වගකිවයුතු පාලකයෙක් ලෙස ඇය ඒ ප්‍රශ්නය විසඳන්න කල උත්සාහය මේ ලිපි හුවමාරු කතාවෙන් පේනවා. ප්‍රභාකරන්ට යුද්ධයම ඕන උන නිසා එයින් ප්‍රයෝජන ගන්න ඔහු අපොහොසත් උනා. ඒකට මෙතුමිය වගකිව යුතු නැහැ. එත් මෙතුමිය කල යුද්ධය අනාගත්තේ නැහැ පසුවට ආපු අය වගේ. කරපු ටික හොඳට කළා.

:       415       37

davidWednesday, 13 November 2019 05:18 AM

බොරු කතා කියන්න එපා කිලිනොචිය පේනදුරින් ඉඳල මුහුමලෙට පසුබැස්සේ දින කිහිපයකද . මැරුන සෙබළු ගණන 5000 ක් විතර. දන්නේ නැත්නම් දන්නා කෙනෙකුගෙන් අහගන්න.

:       0       221

සේනක Wednesday, 13 November 2019 06:01 AM

අනේ එයා කරපුවා, එයා රටේ ජනතාවට සෙවයක් කලානම් ඇයි පිට රටවල ජීවත් වෙන්නෙ. දැන් ඡන්දයට කලින් මේවා කියයි. ඡන්දයේ ප්‍රතිඵල කියන කොට රටින් පැනලා යනවා.

:       2       164

SujeewaThursday, 14 November 2019 01:35 PM

නිශාන්, දැන්වත් කාටවත් කඩේ යන ක්‍රියාව නවත්වන්න. ඔබගේ සටහනට කලින් ඇති මාගේ සටහන කියවා, තිත්ත ඇත්ත අවබෝධ කරගෙන කඩේ යාම නවත්වන්න.

:       0       1

විනිවිද Washington DC Tuesday, 12 November 2019 10:07 PM

ගෝඨාභය රාජපක්ෂගේ ඇමෙරිකානු පුරවැසිභාවය පමණක් නොව ලංකාවේ පුරවැසිභාවයද මේ වන විට ලංකාව තුල පමණක් නොව ලංකාවේ සිටින විදේශීය තානාපති අංශයන් විසින් පවා අවධානයක් යොමුකොට ඇත. විශේෂයෙන්ම ලංකාවේ දේශපාලන වශයෙන් ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව ඇති ගෝඨාභය රාජපක්ෂගේ ඇමෙරිකානු පුරවැසිභාවය පිලිබදව ලංකාව තුල ඇතිවී තිබෙන සමාජමය සහ දේශපාලන ව්‍යාකූල තත්වය පිලිබදව සලකා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉතා ඉක්මනින් මැතිවරණයට පෙර නිවේදනයක් නිකුත් කිරීමට සුදානමින් සිටිනබව බව ලැබෙමින් පවතින තොරතුරුවල කියවේ.

:       570       2106

galaparaWednesday, 13 November 2019 02:04 AM

අපෝ මමත් ඡන්දෙ දෙන්න හිටියේ.. මේවා ඇහුවම ඡන්දෙ අපරාදේ කියල හිතෙනවා. එහෙනම් ඉතින් සජිත්ට දෙනවා.

:       331       405

wikumWednesday, 13 November 2019 05:20 AM

සජිත් පරදින බව රෝයිටරුත් කියලා

:       124       246

kapWednesday, 13 November 2019 07:38 AM

2015 කිව්වෙත් ඔය වගේ තමයි

:       37       59

ChandiWednesday, 13 November 2019 02:15 AM

දැන්වත් කඩේ යන එක නවත්වලා පරාජය පිළිඅරගෙන 18 වෙනිදට ගෝඨා ගේ දිවුරුම් දීම බලන්න ලෑස්ති වෙන්න.

:       145       237

maruwida Wednesday, 13 November 2019 02:53 AM

ගෝඨාභය මේ රටේ ඉපදුන, හමුදාවේ අවුරුදු 22 ක් සේවයකරපු කෙනෙක්!. ඔහු හදෙන් ඇවිල්ල ඡන්දෙ ඉල්ලුවත් දිනනවා, මොකද ඔහුගේ හොද හැකියාවන් මේ රටේ මිනිස්සු දන්නා නිසා!

:       142       290

sisira Tuesday, 12 November 2019 10:26 PM

මෙයාට ත්‍රස්තවාදී ප්‍රභාකරන් දැන් ප්‍රභාකරන් මහතා වෙලා. අනේ අනිච්චන්ද කියන්නේ.

:       34       254

Jaya Wednesday, 13 November 2019 12:24 AM

ඒ පාර අපායත් එක්ක ගනුදෙනු කරන්න වගේ යන්නේ !

:       5       226

Bandara Wednesday, 13 November 2019 12:53 AM

අපිට නම් ඔය ලිපි වලින් වැඩක් නැහැ

:       8       682

VoterWednesday, 13 November 2019 02:29 AM

ඇයි ඒ? ඒවා මේ රටේ ඉතිහාසයට අදාළ දේවල්, ප්‍රභාකරන් මහතා කියන්නේ මේ රටේ ඓයිතිහාසික මනුස්සයෙක්, කොයි තරම් අපරාධ කලත් තමන්ගේ මිනිස්සු වෙනුවෙන් අවසානය දක්වාම සටන් වැදුණු මනුස්සයෙක්, ඒ දෙය ශ්‍රේෂ්ඨ දෙයක්, (මිනිසුන් මැරීම ගැන නොවේ මා කියන්නේ,) මෙය දරදඬු නීති, බලය යොදා තමන් පාලනය කරනවාට අකමැති වුනු මනුස්සයෙක්, රජයට විරුද්ධව කැරලි ගැසීමක්, ඔවුන් ශ්‍රේෂ්ඨ මිනිස්සු, මේ රටේ කවමදාවකවත් වාර්ගික සමගියක් ඇති නොවන්නේ අන්‍යයා ගැන තේරුම් ගන්න බැරිකම නිසයි.

:       454       177

RamaniWednesday, 13 November 2019 05:47 AM

පුතාවගේ ලංකාවේ සිංහලයෙක් වෙලා ඉපදුන එක ලැජ්ජාවක් කිව්වේ නැහැනම් තමයි.

:       100       227

Voter Wednesday, 13 November 2019 02:16 AM

විධායක ජනාධිපති පදවිය වගේ බැරෑරුම් පදවියක්, බලය අධික කිසිවෙකුටවත් වග නොකියන පදවියක් කිසිම දේශපාලන පළපුරුද්දක් නැතිව තිබියදී ලැබුනහම සාමාන්‍ය මනුස්සයෙක්ට වෙන දේ ගැන මෙතුමියගේ පාලන කාලයේදී පෙන්නුම් කළා, ඇත්තටම කිව්වොත් මේ රටේ සිටි හැම ජනාධිපති වරක්ම බලයෙන් මත් වෙලා (උමතු වුනා කිව්වොත් හරි ) කෙවට්ටයන්ට වන්දිභට්ටයන්ට කේලාම් කාරයන්ට අසු වෙලා පරිහානියට පත් වුන, ඉතා පළපුරුදු අතිදක්ෂ දේශපාලනඥයෙක් වුනු ජේ ආර් ජයවර්ධන මහතාටත් එයින් ගැලවෙන්න බැරි වුන, මේ විධායක ජනාධිපති ක්‍රමය අපේ රටට සාපයක්, කිසිම පෞරුෂයක් ප්‍රතිපත්තියක් නැති මිනිහෙක්ට ජනාධිපති පදවිය ලැබුනහම වෙන දෙය ගැන අපි වත්මන් ජනාධිපති ධුර කාලයේදී අත් විඳිමින් ඉන්නවා, ගෝඨාභය දිනුවොත් කුකුල් කේන්ති කාරයෙක්, නීති කඩන්නෙක් සහ කිසිම දේශපාලනික පළපුරුද්දක් නැති අයෙක් ජනාධිපති වෙනවා දකින්න පුළුවන් වේවි, ඒ පාලනය ඉතා භයානක වෙනවා නොඅනුමානයි.

:       268       109

Dimuth Wednesday, 13 November 2019 03:27 AM

මිලේච්ච කොටි ත්‍රස්තවාදියා මහත්මයෙක් කියන ඔබතුමිය මේ මුළු මහත් ජාතියේම ද්‍රෝහියෙක්....

:       67       442

DD Wednesday, 13 November 2019 04:52 AM

මොන වගේ ලිපිද ප්‍රබාකරන් (මහතා) එක්ක ගනුදෙනු කලේ?

:       1       122

සේන Wednesday, 13 November 2019 05:20 AM

පෞද්ගලික වෛරයේ නොනිමි ගිනි දළු වලින් තැවෙන, රටට වින කැටීම සඳහා දුවගෙන දුවගෙන එනමුත් රටේ ජීවත් නොවන , මෙතුමියගේ ඔය ලියකියවිලි අරගෙන තමා ජීවත්වන රටකට වී ඉතිරි කාලය සාමයෙන් ගත කරත්වා !

:       3       116

raheem Wednesday, 13 November 2019 05:37 AM

අනේ පව් කොච්චර පෙම්පත් ලිව්වත්.............

:       1       140

mp Wednesday, 13 November 2019 05:40 AM

මෙයාට තියෙන්නේ වෛරයම විතරයි. මොළේ කළඳක් නැහැ.

:       57       320

Ramani Wednesday, 13 November 2019 05:45 AM

ලියුම් 42 ක් ලියලත් එක ලියුමකින්වත් උත්තරයක් දුන්නේ නැද්ද? නෝනා එපා කිව්වද දන්නේ නැහැ.

:       66       136

raheemWednesday, 13 November 2019 06:54 AM

රමණි, මොන බාෂාවෙන් ලිව්වද දන්නේ නැහැ. අප්‍රබංශ නිසා තේරෙන්න නැතිව ඇති.

:       2       183

Chandana F Wednesday, 13 November 2019 08:42 AM

අපි ඉතා වුවමනාවෙන් බලාසිටිමු.

:       0       0

උපුල Wednesday, 13 November 2019 08:57 AM

අම්මපා ප්‍රභාකරන්ට ඇස් දෙකක් තිබ්බේ නැද්ද?

:       0       20

ලලනි Wednesday, 13 November 2019 09:00 AM

අනේ සෑහෙන දෙයක් රටට කරලා වගේ මෙයාගේ කතාව...

:       0       28

Chris Thursday, 14 November 2019 07:15 AM

ගොඩාක් අය මේ කතාවට අදහස් දැමීමෙන් වැළකී සිටින බවනම් කිවයුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1408 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 550 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 975 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 928 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 360 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 538 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site