IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘ජනපති - සජිත් අතර ඇති ප්‍රේමය දේශපාලන ප්‍රේමයක් නෙවෙයි‘‘

(පාලිත ආරියවංශ)

ජනාධිපතිවරයා සහ ඇමති සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති ප්‍රේමය දේශපාලන ප්‍රේමයක් යැයි තමා නොසිතන බවත් සජිත් ප්‍රේමදාස මහතාට යම් යම් ක්ෂේත්‍රයන් බාරදුන් පසු කටයුතු කරන ආකාරය පිළිබඳව ඇති වූ අගැයීම හේතුවෙන් මේ ප්‍රේමය ඇති වී ඇතැයි තමා සිතන බවත් ඩිලාන් පෙරේරා මහතා අද (16) බදුල්ලේදී පැවසීය.

ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර ඇති ප්‍රේමය කුමක්දැයි මාධ්‍යවේදීන් විමසූ විට ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවැසීය.

ඩිලාන් පෙරේරා මහතා තවදුරටත් මෙසේද කීය.

‘‘යම්කිසි කෙනෙක් හිතනවානම් දේශපාලන වශයෙන් ‍සජිත් ප්‍රේමදාස  සහ මෛත්‍රීපාල සිරිසේන කියන මේ සුසංයෝගය පිළිබඳව බලාපොරොත්තු තියාගන්න ඒ සිහිනය කවදාවත් සැබෑවෙන්නේ නැහැ .

ගිය වසරේ ඔක්තෝම්බර් මස 26 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ යන සුසංයෝගය තමයි මේ රටේ ජනතාව ප්‍රාර්ථනා කළේ .

ඒ සුසංයෝගය හරහා බිහිවන අලුත් ජනාධිපතිවරයෙක් හෝ ඉන්න ජනාධිපතිවරයා කියන කාරණය සැබෑවීම තමයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ.

හැබැයි මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ඇතිව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟතාවයෙන් ඇතිවන මහා දේශපාලන ව්‍යාපාරය තුළින් මේ රටේ පාලකයා බිහිවන්නේ.

ඒ නිසා මෛත්‍රී - සජිත් යුගයක්  පිළිබඳව සිහිනය මහ පොළවේ පැල නොවන දේශපාලන යථාර්ථයක්.

බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පෙහොට්ටුවේ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ මා සාකච්චාවක් පැවැත්වුවා.

ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒ හැදෙන මහා සන්ධානයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා   මෛත්‍රීපාල සිරිසේන  හා මහින්ද රාජපක්ෂ ඇතුලු සන්ධානයේ නායකයන් එකතුවෙලා නම් කළාට පස්සේ ඒ අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි සියලු දෙනා පෙනී සිටිනවා.

මේ සඳහා එජාපයට විරුද්ධ සියලු පක්ෂ හා සංවිධාන ප්‍රගතිශීලීන් ඒක රාශි කරගෙන යූඑන්පී විරෝධී ව ඉදිරිපත් කරන අපේක්ෂකයා වටා පෙළ ගැහෙනවා.

අපේක්ෂකයා කවුද කියන එකට අපි හොටදාන්න  ඕන නැහැ. ඒකට නායකයෝ ඉන්නවානේ. අපේක්ෂයා කවුද කියන එක තෝරාගන්න මෛත්‍රීපාල සිරිසේන  මහතා, මහින්ද රාජපක්ෂ මහතා, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, ගම්මන්පිළ, තොන්ඩමන්ලා, සුපර් මෑන්ලා, වොන්ඩර්මෑන්ලා යන අය  එකතුවෙලා නම්කරලා දෙයි.

ඒ නම් කරන අපේක්ෂකයා කවුද ඔහු හෝ ඇය වටා කොන්දේසි විරහිතව ඒකරාශි වෙන්න  තීරණය කර තිබෙනවා‘‘ යැයිද ඒ මහතා පැවසීය.

 



අදහස් (15)

‘‘ජනපති - සජිත් අතර ඇති ප්‍රේමය දේශපාලන ප්‍රේමයක් නෙවෙයි‘‘

රවින් Tuesday, 16 July 2019 01:32 PM

ඇත්තද? දැන් ඔබට බාරදුන් කාර්යයන් හරි හැටි කෙරුනාද? ඇයි අනික් කට්ටිය ගැන විතරක් කතා? ඔය කොයි කොයි අය ගැනත් ජනතාව දැන් වටහාගෙන ඉවරයි.

:       53       393

saliya Tuesday, 16 July 2019 03:07 PM

එජාප ඡන්ද ආධාරයෙන් දිනන අය එජාපයට විරුද්ධව තමයි ක්‍රියාත්මක වුනේ. එය නැවතත් ක්‍රියාත්මක කිරීමට සුදානමක්. මේ යාළුකම් ගනුදෙනු සැක සහිතයි. මෙවරත් එජාප ඡන්ද අපතේ යන ලකුණු.

:       16       65

sandy123 Tuesday, 16 July 2019 03:53 PM

නොලියා ඉන්න මටත් ලියන්න හිත බලකලා.

:       1       26

IndunilWednesday, 17 July 2019 03:48 AM

මගේ හිතට ආ දේත් ප්‍රසිද්ධියේ ලියන්න විදියක් නෑ .

:       0       14

Ahamed Wednesday, 17 July 2019 12:45 AM

ඔය පක්ෂ නායකයෝ නමට පමණයි, අපේක්ෂකයා කව්ද කියලා තීරණය කරන්නේ රාජපක්ෂ පවුල විසින්, ඔය නායකයන්ට එයට එහා හිතලා බලන්නවත් බැහැ.

:       74       88

අසේල Wednesday, 17 July 2019 03:21 AM

ආයෙත් රටවිරු ස්ටාර් නටන්න වගේ කල්පනාව. අපි සල්ලි දෙනවනේ

:       0       57

Amila Wednesday, 17 July 2019 04:01 AM

අරයට උදව් කරපු දේශපාලුවන් සහ නිලධාරීන් අමාරුවේ වැටුනා මිසක් ගොඩ ගියේ නම් නැත. උදාහරණ දින සීයේ ආන්ඩුවට ප්ලග් වුන ශ්‍රිලනිපයේ බොහෝදෙනා මහඡන්දෙන් පැරදිනි. කාරයමන්ඩල ලොක්කා අහක යන කුනුගොඩක් නිසා අල්ලස් නඩුවක පැටලිනි. මේ ආන්ඩුවට ප්ලග් වී ආයෙත් එලියට බැස්ස බොහෝ ශ්‍රිලනිප මන්ත්‍රීලා ඊලග මහඡන්දෙන් ගෙදරම යනු ඇත. අරයව බේරගන්න උත්තර දෙන්න ගොස් ආරක්ෂාව සම්බන්ධ ලොකු ලොක්කෝ දෙන්නෙක්ම ඉල්ලන් පරිප්පු කමින් සිටී.

:       0       4

waruna Wednesday, 17 July 2019 04:30 AM

මෙය රනිල්ට ගහන්න ඇතිවුණු ප්‍රේමයක්. වෙන කිසිම දෙයක් නිසා ඇතිවුණු ප්‍රේමයක්.

:       0       21

Asanka Wednesday, 17 July 2019 06:17 AM

බොරුවට මහන්සි වෙන්න එපා අපේක්ෂකයෝ තෝරලා .. ඔය කාටවත් අපි ඡන්දෙ දෙන්නේ නැහැ ඔබලාගේ බත් බැලයෝ වහල්ලු ටිකක් හැරුණු කොට , දැන දැන අහිංසකයෝ 300ක් මරාගත්ත එක අදටත් තවත් දිනපතා මැරෙන එක කවදාවත් අමතකකරන්නේ නැහැ

:       1       3

Rata Perata Wednesday, 17 July 2019 06:19 AM

ඔබත් ඒ වගේ ප්‍රේම නේද කරන්නේ? අපේ රටේ දැන් ඔය ජාතියේ ප්‍රේම කරන්න අවසරද? පිට රටවල නම් කරනවා.

:       0       2

Gayan Wednesday, 17 July 2019 07:49 AM

ඒ නම් කරන අපේක්ෂකයා කවුද? ඔහු හෝ ඇය වටා කොන්දේසි විරහිතව ඒකරාශි වෙන්න තීරණය කර තිබෙනවා‘‘ යැයිද ඒ මහතා පැවසීය. හරියට මෙයාලා කතා කරන්නේ ඡන්ද දායකයා මෙයලගේ අතේ ඉන්නවා වගේ... අපේ මෝඩ ජනතාව නම් කොන්දේසි විරහිතව ඒකරාශී වේවි.. නමුත් මේ කුහක දේශපාලකයින් නම් මොනම දේකට හරි කිසිම කොන්දේසියක් නැතිව එකඟ වෙනවා කියලා කියනවා නම් ඒක නම් ඉතින් පුදුමයක්.. හැබැයි මොන පක්ෂයේ මොන පාට වුණත් අදාලම නෑ. දැන්ඉන්න අලුත් පරම්පරාවට ඔවුන්ට හිතුණොත් ඔය ඔක්කොම ගෙදර යවන තත්වයට වැඩ කටයුතු සිද්ද වේවි මේ යන විදියට... ඒ කාලය වැඩි ඈතක නම් නෙමේ කියලා පේනවා. ඉස්සර වගේ කැපුවත් කොල, කපුවත් නිල්, රතු සාටක මේ හැම කැපුවත් රතු, එහෙම කියපු පරම්පරාව දැන් අඩුවේගෙන එන්නේ... තරුණ පරම්පරාව හොයන්නේ ඒ ඒ ක්ෂේත්‍රවලට දක්ෂම පුද්ගලයින්... එහෙම නැතුව ඉස්සර වගේ පරම්පරාවෙන් එන එන පක්ෂයට කතිර මනාප ගහපු කාලෙ නම් ඉවරයි පුතෝ... තවමත් ඒ පරණ උදවියගෙන් පැවතඑන කොට්ඨාශයක් ඉන්නවා. ඒ කට්ටියත් ඉවර වුණාම ඔය පාදඩ මජර දේශපලකයෝ ඔක්කෝටම විශ්‍රාමයන්න පුළුවනි.

:       0       2

de silva Wednesday, 17 July 2019 10:14 AM

ඔබතුමාට ගියවර මිනිස්සු මනාපේ ගහපු නැති නිසා සිදුවුණා පින් මන්ත්‍රීකමක් අරගෙන පාර්ලිමේන්තුවට එන්න. ලබන වරත් ඔබතුමා පරදිනවා. එක එක්කෙනාගේ ප්‍රේමකතා වලින් අපට වැඩක් නැත...

:       0       2

sirimal Wednesday, 17 July 2019 10:23 AM

දවල් හීන දකින්න කාටත් අයිතියක් තියෙනවා. මේ මහත්තයා බලාපොරොත්තුවෙන අපේක්ෂකයා හෘදයාබාධයක් නිසා ශල්‍යකර්මයකට භාජනය වෙලා රෝහලට වෙලා ඉන්නවා කියලයි ආරංචි. ජීවිතේ යථා තත්වයට පත්වෙන්න මාස තුනක්වත් යයිලු. අද එයාගේ නීතිඥ කණ්ඩායම එක්ක කතා බස් කරනවලු රටේ ඇති වාතාවරණය සුභදායකද? නැද්ද? කියන එක ගැන... හරි ගියොත් එහෙමයි, නැත්නම් ලොකු අයියාගේ සරණයි කියලයි කියන්නේ...

:       76       211

යාපා Wednesday, 17 July 2019 11:26 AM

8 පාස් හා 10පාස් මොලේ කළඳක් නැති දේශපාලුවන් දෙදෙනෙක්..

:       1       0

athuraThursday, 18 July 2019 04:12 AM

මහත්මයා ඔබතුමා කඩේ යන කෙනා කීය පාස් කෙනෙක්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 67 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1394 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 393 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 846 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 127 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 85 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site