IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘‘අගමැති සමඟ කළ සාකච්ඡාව සුභවාදියි‘‘

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉතා ධනාත්මක ශුභවාදී සාකච්ඡාවක් කළ බවත් කෙටි කලක් ඇතුළත  සුභවාදී ප්‍රතිපලයක් ලැබෙනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ලංකාදීපයට පැවැසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර  කොළඹ අරලියගහ මන්දිරයේ දී අද රාත්‍රී පැවැති සාකච්ඡාවෙන් පසු ලංකාදීපයට අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරියට යාම තම එකම අරමුණ බව කී සජිත් ප්‍රේමදාස මහතා මෙවැනි සාකච්ඡා වට කිහිපයක්ම ඉදිරි දින වලදී  පැවැත්වීමට අදහස් කරන බවද පැවසීය.

සාකච්ඡාවේ සියලු කතා හෙළි කළ නොහැකි වන්නේ ප්‍රතිවාදීන්ට එයින් යම් වාසියක් අත්වන නිසා බව කී සජිත් ප්‍රේමදාස මහතා බුදුබව ලබන්නත් පෙරුම් පුරන්නට අවශ්‍ය වූ බවත් තමන් උකුස්සෙකු රාජාලියෙකු නොව සද්දන්ත ඇතෙකු බවත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ධනාත්මක මතයක සිටින බව ද ඉතා කෙටි කලකින් සුබවාදී ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කීය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණ ජය ගැනීම සඳහා වන මැතිවරණ උපක්‍රමද මෙහිදී සාකච්ජාවට බඳුන් වී ඇති අතර අපේක්ෂකයා කව්රුන් වුවද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කලයුතු බවට වැඩිදුරටත් සාකච්ජා වී තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම හමුව සිදු වූයේ පක්ෂයේ ජේෂ්ඨ නායකයින් සහ අගමැතිවරයා අතර ඉකුත් 6 වැනිදා පැවති සාකච්ඡාවේදී ගත් තීරණයකට අනුවය.

මුලින් “රනිල් - සජිත් හමුව” ඉකුත් ඉරිදා 8 පැවැත්වීමට නියමිතව තිබූ අතර පසුව එය අද 10 රාත්‍රිය තෙක් කල් ගියේය.

එක්සත් ජාතික පක්ෂ නායකයා සහ නියෝජ්‍ය නායකයා පමණක් මෙම හමුවට සහ සහභාගී විය යුතු යැයි මුලින් තීරණයය වී තිබුණ ද ඊයේ රාත්‍රියේ පැවැති විශේෂ  සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයයේ සභාපති මහා මාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුද සහභාගි වූහ.



අදහස් (41)

‘‘අගමැති සමඟ කළ සාකච්ඡාව සුභවාදියි‘‘

chandima Tuesday, 10 September 2019 06:22 PM

ගුලිය වැඩකරලා වගේ? ප්‍රශ්නේ තියෙන්නේ ගුලිය ගිල්ලෙව්වේ සජිත්ටද, නැතිනම් මිනිස්සුන්ටද කියන එකයි.

:       0       0

ධම්ම Tuesday, 10 September 2019 06:38 PM

කන්දක් විළි ලා මී පැටියෙකුවත් නොවැදුවා වගේ ..

:       0       0

Chanak los angeles Tuesday, 10 September 2019 07:42 PM

එකපාරටම කන්ද නගින්න ගිය ජැක් හා ජිල් වැටුණලු දඩස් කියලා. ඒවා නගින ක්‍රම හා විධි තිබෙනවා. දැන්වත් තේරුම් අරගෙන පක්ෂයෙන් අනුමැතිය දෙන අත්වල කුණු නැති නායකයෙකුට සහය දෙන්න බලන්න...

:       0       0

Chanak los angeles Tuesday, 10 September 2019 08:01 PM

පක්ෂය හා රජය මෙන්ම නායකත්වය ආරක්ෂා කිරීමට සැමටම වඩා අති දැවැන්ත වැඩ කොටසක් ඉටු කරන ලද්දේ කතානායක කරු ජයසුරිය මහතායි. පසුගිය ඔක්තෝබර් මස 26 දින දේශපාලන කුමන්ත්‍රණයට කතානායකවරයා මුහුණ දුන් ආකාරය ගෞරවණීයයි. එමෙන්ම පසුගිය සතියේ සජිත් පක්ෂයේ බහුතරයක් සමග කුරුණෑගල ගොස් පක්ෂයේ අනුමැතියෙන් තොරව මහජන රැළි පවත්වද්දී රජය වැටෙන්නට තිබූ අවස්ථාව මගහැර එය රැකගත්තේ කතානායකවරයා විසිනි. සැබවින්ම මෙවර ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය හිමිවිය යුත්තේ කාටදැයි කවුරුන් හෝ ඇසුවහොත් මා දෙන්නේ එකම උත්තරයකි. කරු තරම් සුදුස්සෙක් තවත් නැත.. සුදුසුම කෙනා වෙනින් කවුරුවත් නොව දේශබන්දු කරු ජයසූරිය මහතාම බවයි. අපේ රටේ සමස්ත ජනතාවගේ ගෞරවාදරය දිනාගත හැකි එකම නායකයා ඔහුම බව මගේ අදහසයි.

:       34       0

sena Tuesday, 10 September 2019 09:35 PM

සජිත් රාජ්‍ය තාන්ත්‍රික භාවයෙන් අඩු තරමක් ඇති පුද්ගලයෙකි. රටක් පාලනය කිරීමේ හැකියාවක් නැත. මොහු බලයට පත්වූවොත් ඇමරිකාව ලෙහෙසියෙන් ඔවුන්ගේ උපක්‍රම ලංකාව තුළ ක්‍රියාත්මක කරනු ඇත. රනිල්ගේ බලල් අතක් මිස වෙන කළයුතු දෙයක් නැත.

:       93       300

Nandalal DE SILVA - France Tuesday, 10 September 2019 09:37 PM

අගමැති සමඟ කළ සාකච්ඡාව සුභවාදී නම්, එය ඉතාම යහපත් කාරණාවක් බව නොකියාම බැරිය..! මුළු රටේම එක්සත් ජාතික පෙරමුණේ සියලු ජනකොටස් පැතුවෙත් එයමයි. දැන්වත් ඉතින් දෙවියන්ගේ නාමයෙන් සියලු වාද භේද දුරලා ළඟ එන ජනපතිවරණය සඳහා කාටත් පිළිගතහැකි අපේක්ෂකයෙක් ඉදිරිපත්කර එතුමා ජයග්‍රහණය කරවීම මූලික කාරණාව වනඅතර ඉන්පසු එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය ආසන 225න් අවම වශයෙන් 170ක් වත් දිනාගැනීමට සියලු එජාපෙ පාක්ෂිකයන් සමගියෙන් කටයුතු කරනු ඇතැයි ඉතසිතින් පතමු.. මුක්කු නැති, කේවල් කිරීම අනවශ්‍ය ශක්තිමත් රජයක් 20-20 නව වසරේදී ශ්‍රී ලංකාවට උදාවේවා..!!!

:       105       211

sudath Tuesday, 10 September 2019 09:45 PM

සාකච්චා සුභාවාදියි. එවුනට ඔයහේ වේගය අඩාල වුනාට පස්සේ ඔයට හුලන්

:       0       0

Jerami Tuesday, 10 September 2019 10:21 PM

මල කෝලම්.

:       2316       2122

Prabha Tuesday, 10 September 2019 10:28 PM

පුදුම උනන්දුවක් තියෙන්නේ රට ගොඩ දාන්න

:       1205       951

athuraWednesday, 11 September 2019 05:42 AM

උනන්දුවෙ තරම කියනවා නම් ඇමරිකන් පුරවැසිකම අත ඇරලා ඇවිල්ලත් මෙහෙ ජනාධිපති වෙන්න දගලන අය ඉන්නවනෙ.

:       1697       2008

ShanakaWednesday, 11 September 2019 09:20 AM

දුකයිද සජිත් ගැන?

:       106       40

Dharshana Wednesday, 11 September 2019 12:13 AM

සජිත්ට බෑ

:       19504       6969

Gamarala Wednesday, 11 September 2019 08:55 AM

මොකවත් බෑ..

:       124       90

chandima Wednesday, 11 September 2019 12:20 AM

එක්කෙනෙක් තෝරු මෝරුන්ට දැලදම්ම. අනික්කෙන හුරුල්ල්න්ට කාරල්ලන්ට දැලදම්ම. දැන් දල්දෙක එකට පටලවල ගොඩට අදින්න වගේ යන්නේ. කොහොම ගියත් මෝඩ මාළුන්ගේ අවසානේ.

:       913       889

ලසන්ත Wednesday, 11 September 2019 12:54 AM

පෙරුම්පුරන්න අවශ්‍යයි කියන්නේ ලැබෙන්නේ නැහැ කියන එකද.තාම සද්දන්ත ඇතාගේ දළ දෙක හරියට වැඩිලා නැහැ කියල නම් හිතෙනවා

:       0       0

මුණසිංහ Wednesday, 11 September 2019 01:20 AM

කෝට්ටේ කුලප්පු වූ ඇතා ඉස්සරහට දුවලා කරඬුව ගෙනියන ඇතා ගාව නතරවුණා වගේ මෙයත් එතැනට ගිහිල්ලා ඔලුව පාත්කරලා සොරි සර් කියන්න ඇති ෂුවර් එකටම...!

:       103       45

Thilina Wednesday, 11 September 2019 01:30 AM

තමන් ගැන මේ තරම් අධිතක්සේරුවකින් ඉන්න පොරක් සමාජයේ හරි අඩුයි.. ඒ වගේ අයට ඉතින් අනුකම්පා කරන්න ඕනේ... සද්දන්ත ඇතාගේ තරම ඡන්දෙදී බලාගන්න පුලුවන්.. ජනාධිපති නෙමෙයි ඇමැති වුනේ කොහොමද කියලා හිතෙනවා කියන ප්‍රාථමික කතා ඇහුවාම..

:       107       31

rohana Wednesday, 11 September 2019 01:32 AM

ඇයි අර හොර නායකයින්ට දෙන්න කියලද කියන්නේ? අපිට ඇමරිකන්කාරයින් අවශ්‍ය නැත.

:       26       112

Sarath r Wednesday, 11 September 2019 01:50 AM

තඩි කැරට් අලයක් එල්ලලා වගෙයි. රනිල් එක්ක සෙල්ලම් නෑ හලෝ...

:       110       21

lion Wednesday, 11 September 2019 02:02 AM

සජිත් කරුණාකර හැඟීම්වලට ඉඩදෙන්නේ නැතිව මෙවර කරුට ඉල්ලන්න ඉඩ දෙන්න. ඔබට තව කල්තියෙනවා. ඔබට සිරස, ටිරාන් අලස්ගේ පත්තර දෙන උදව් දෙස මැද පන්තිය බලන්නේ සැකමුසුව. ඔබ ඔබගේ පියාගේ වැඩ එතරම් වර්ණනා කරන්න යාමත් එතරම් සුදුසු නැහැ. ඔබගේ පියාගේ අතින් විශාල වැරැදිගොඩක් මේ රටේ සිදුවුණා. වැඩිහිටි මැදහත් ඡන්ද දායකයෝ එ් බව දන්නවා.

:       134       30

ගල්කටස් Wednesday, 11 September 2019 02:18 AM

බල පොරය = යහපාලනය සමස්ථ රටම අරාජික කළ යහපාලනය දැන් දඟලන්නේ ජනතාව සුඛිත සුඛිත මුදිත කිරීම සඳහා නායකයෙක් තෝරා ගැනීමේ සටනයි. ඔබලා කවුරු අාවත් බදුර්දීන් සමග නම් එන්නේ අපේ ඡන්දය නැත.

:       0       4

තම්බියා Wednesday, 11 September 2019 02:36 AM

බොහොම හොඳයි. රනිල් ඉල්ලනවා නම් එජාපයට අබ සරණයි.. මුස්ලිම් සහ දෙමළ ජනතාව බලා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතාව ජනපති කිරීමටයි...

:       3       103

delan Wednesday, 11 September 2019 03:34 AM

මේවා අපේ ප්‍රශ්නවත් රටේ ප්‍රශ්නවත් නෙවේ.

:       0       45

jayath Wednesday, 11 September 2019 03:37 AM

මෙන්න මේ කතාව මරු -කටේ මසුරන් නෙමේ ඩොලර් දමන්න වටිනවා " අපේක්ෂකයා කවුරු උනත් ඔහු ජයග්‍රහණය කරවීම සඳහා" ඕකට නම් මෙච්චර කට්ට කාගෙන රැලි තියලා ස්වයං යෝජිත අපේක්ෂකයෙක් වෙන්න ඕනද ? නිකන් හිතෙන්නේ නැද්ද දැන් පීල්ල මාරු කරන්න හදන්නේ කියල බලමු "පෙරලුන පිට හොඳයි " කියල කියාවිද කියල ?

:       42       49

Bandara Wednesday, 11 September 2019 03:39 AM

සජිත්ගෙයි, ජනපති මෛත්‍රීපාල මහතාගේයි ප්‍රතිපත්ති එකවගේ. රට දියුණු කිරීමේ හැකියාවක් තියන බවක් පෙන්නේ නැ.

:       373       90

nethu Wednesday, 11 September 2019 04:15 AM

එතුමා සා.පෙළ සමත් වුනානම් තවත් හොඳයි .අනිත් සියලු දේ මේ විදියට තමයි අරගත්තේ

:       1006       904

nethu Wednesday, 11 September 2019 05:21 AM

මේ දෙන්නටම නැතිව චම්පිකට දුන්න නම් අපි හැමෝටම නිකම්ම යකඩ මිනිස්සු වෙන්න තිබුනා . දැන් යකඩ මිනිස්සු වෙලා ඉන්න එයාගේ කට්ටිය විතරනේ .

:       243       271

Rata Perata Wednesday, 11 September 2019 05:59 AM

තණ්හාව විනාසයට මුලයි.

:       0       30

ROHAN DAYADARA PARIS Wednesday, 11 September 2019 06:25 AM

එහෙම වේවා කියා පාක්ෂිකයා ප්‍රර්ථනා කරනවා.

:       18       54

Indhika Wednesday, 11 September 2019 06:26 AM

ඔයාලට සුභවාදී ඇති . රටට නම් කිසිම සුභක් නැහැ .

:       185       437

ajith Wednesday, 11 September 2019 06:38 AM

මේකෙන් පෙන්නේ මේ ආණ්ඩුව කොතරම් අප්‍රසාදයට පත්වෙලාද කියන එකනේ . එකනේ අගමැති තමන්ගේ පක්ෂේ ඇතුලේවත් ජනප්‍රිය නැත්තේ ...

:       285       342

sunil mikano Wednesday, 11 September 2019 06:53 AM

සාකව්ඡා සුභවාදී බව මුහුනෙන්ම දැක්කා.

:       185       117

ROHAN DAYADARA PARIS Wednesday, 11 September 2019 06:55 AM

ඉදිරි ජනාධිපතිවරණ ජය ගැනීම සඳහා වන මැතිවරණ උපක්‍රමද මෙහිදී සාකච්ජාවට බඳුන් වී ඇති අතර අපේක්ෂකයා කව්රුන් වුවද එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කළයුතු බවට වැඩිදුරටත් සාකච්ජා වීම පිලිබදව පාක්ෂිකයන්ට බලාපොරොත්තු සහිත සුසුමක් හෙළිය හැකිය .

:       4       133

wimal Wednesday, 11 September 2019 07:58 AM

මෙයාලා මිනිස්සු පාවලා දෙනවා. මොකද ඔච්චර අමාරු තීරණයකට එන්න. අපිත් බලන් ඉන්නේ අපේ ලොක්කා කවුද කියල. අනේ අලියට ගිය කල .

:       14       9

Shan Wednesday, 11 September 2019 08:04 AM

මාධ්‍යය අහන ගැටළු වලට හරි උත්තරයක් නොදෙන කෙනා මහජනතාවගේ ගැටළු වලටත් ඔය ටිකම තමා.

:       0       21

Chandima Wednesday, 11 September 2019 08:44 AM

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකක් ඕනිලු. කෙරෙන මංගල්ලයක් නම් මෙලහකටත් කෙරිලා. ඕකෙන් වෙන්නේ මනමාලයා නිකම් නාකි වෙලා සවුත්තු වෙන එක .

:       0       0

Chandana Mendis Wednesday, 11 September 2019 08:45 AM

මෙහෙම තණ්හාවක්.... දැඟලුවට දිනන්න බැහැ පක්ෂයේ අයවත් තරහ කරගෙන.

:       1       33

sirimal Wednesday, 11 September 2019 08:49 AM

වැඩේ "සුභවාදි" කියල කීවට කතාබහ සහ හැසිරීම් විලාසයට අනුව පෙනුනේ තව අවුරුදු පහක් "පෙරුම් පුරන්න" වෙයි කියලයි.එදා එක්තරා නාලිකාවක් රාත්‍රී 10 පුවත ලෙස සම්පුර්ණයෙන්ම යොදාගෙන තිබුනේ සාකච්ඡාවෙන් පසු සජිත් සමඟ කළ කතාබහයි. එයින් ඔවුන්ගේ සැබෑ අරමුණ පෙනුනාලු. නමුත් කවුරු මොනවා කිව්වත් සජිත් හැමදාම තමන්ගේ තීන්දු තීරණ ගත්තේ ඔහුගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මියගේ අවවාදයන්ට අනුව බවයි කියන්නේ. මේ වතාවේදීත් එතුමිය සජිත්ට " ඇතැම් දේශපාලන මිතුරන් ඔහුට පක්ෂය හැරයන ලෙස කිවත් ඒවාට හසු නොවන ලෙසත්, මොනම හේතුවක් නිසාවත් තමන්ගේ පියා ලේ දහදිය හළා රැකගත් පක්ෂය කිසිදා හැර නොයන ලෙසත් පියා මුහුණ දුන් අසීරුතම අවස්තාවලදී ඔහුව රැකගත් රනිල් වික්‍රමසිංහව ආරක්ෂා කරගන්නා ලෙසත්" අවවාද කර ඇති බවයි කියන්නේ. සජිත් "අම්මාගේ වචනයට පිටින් නොයන" බව කවුරුත් කියති.රනිල්ද එය නොදන්නවා නොවේ. සාකච්චාව සුභවාදී වූවානම් තවදුරටත් පක්ෂ නායකයින් හමුවන්නේ මොනවාටද කියාත් සමහරු අසති. ඒ වගේම ජනාධිපති අපේක්ෂකත්වයත් පක්ෂයේ සභාපතිකමත් කියන "මස් රාත්තලම ' ඉල්ලා සිටීමෙන් වෙන්නේ අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නැතිවෙන එකද වෙන්නත් බැරි නැත.

:       0       45

ranga Wednesday, 11 September 2019 10:09 AM

සජිත් මාර රට හැදිල්ලක් හදන්න යන්නේ.. සිංගප්පූරුවක් වෙයිද බ්‍රෝ ලංකාව?

:       0       16

thilakasiri Wednesday, 11 September 2019 10:18 AM

සිරිමල් ඔබ හරි... සජිත් රනිල්ට සලකාවි. සජිත්ගේ මවට දැක්මක් තිබෙනවා.

:       1       0

Batta Wednesday, 11 September 2019 11:03 AM

අනේ දවල් හීන දකින්න එපා .

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 475 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 295 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1007 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 62 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2290 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 428 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site