IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘හිටපු ඇමති රවීගේ චෝදනා සනාථ කරන කරුණු කිසිවක් නෑ‘ - මහ බැංකු අධිපති

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට විරුද්ධව හිටපු මුදල් ඇමති රවි කරුණානයක මහතා මධ්‍ය මගින් නගන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරීපත් කර නැතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


පසුගිය දිනවල දිගින් දිගටම ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට විරුද්දව  හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් මාධ්‍ය මගින් චෝදනා නඟා තිබිණි.


නිවේදනයේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.


‘මහ බැංකු අධිපතිවරයා වශයෙන් මා විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ යුතු ව ඇත. විශිෂ්ට ආර්ථික විද්‍යාඥයෙකු වන ආචාර්ය වීරසිංහ මා  මෙතෙක් මහ බැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ වසර දෙක තුළ දී බැංකුවේ කාර්යයන්ට අදාළ ව සුවිශේෂි දායකත්වයක් සිදු කළ නිළධාරියෙකි. හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ඔහු ඉදිරිපත් කරන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරිපත් කර නොමැති බව ද අවධාරණය කිරීමට කැමැත්තෙමි.



අදහස් (10)

‘හිටපු ඇමති රවීගේ චෝදනා සනාථ කරන කරුණු කිසිවක් නෑ‘ - මහ බැංකු අධිපති

සතයපාල Thursday, 28 June 2018 12:06 PM

අපහස නඩුවක් දාලා වන්දියක් ලබා ගත්තා නම් හරි මේ රටේ වාචාල කටවල් තියන දේශපාලකයන්ට පාඩමක් උගන්වන්නත් එක්ක.

:       1327       1024

Nuwan Thursday, 28 June 2018 12:55 PM

සැබෑ වෙනසක්.

:       6       85

Bamunuarachchi Thursday, 28 June 2018 12:59 PM

සත්‍යපාල මහතා පළමුව චෝදනාවයි අපහාසයයි වෙන්කර හඳුනාගන්න වෙනවා. චෝදනාවක් අපහාසයක් නොවෙයි

:       364       463

Dil Thursday, 28 June 2018 07:07 PM

බමුණුආරච්චි, "කඩේ ගිහිල්ල" තාමත් මහන්සි නැත්ද? "බොරු" චෝදනා අපහාසයක් නොවේනම්, වෙන මොකක්ද ?

:       111       431

Mahee Thursday, 28 June 2018 09:07 PM

කඩේ යාම කොන්ත්‍රාත් එකක් වශයෙන් බාර අරන් තියෙන බවයි පෙනෙන්නේ. මේ කාරණයේදී ආචාර්ය වීරසිංහට ඒක අපහාසයක්ද නැද්ද කියල අධිකරණය තීරණය කරයි.

:       0       4

nihal Thursday, 28 June 2018 09:16 PM

මෙයාට රවී ගැන මෙහෙම කියන්න උපදෙස් දුන්නේ රවී වෙන්න ඇති ...

:       0       2

Bamunuarachchi Thursday, 28 June 2018 11:24 PM

මම රවීට "කඩේ යනවා" කියනඑක මට කරපු බොරු චෝදනාවක් ද? මට කරපු අපහාසයක්ද? මොකද මම රවී වගේ දෙසපාලකයෙක්ට කිසිම හේතුවකට කඩේ යන්නේ නැත. ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියලම කපනවා කියනවානේ එහෙම නේද?

:       1       0

senarath Friday, 29 June 2018 03:34 AM

හොරුනොවන උදවියටත් චෝදනා කරලා රටේ ජනතාවට සැබෑ ප්‍රශ්නය අමතක කරවන්න හදනවා.

:       0       3

kalani Friday, 29 June 2018 06:15 AM

එහෙම චෝදනාවක් කළාද කියලා එතුමාට මතක නැතුව ඇති. ඔයාලා බොරුවට අමනාප වෙන්න එපා.

:       0       1

prakaash Friday, 29 June 2018 10:40 AM

මේ අයට නොතේරුනාට මේ බැංකු අධිපතියාද අර්ජුන් මහේන්ද්‍රගේම සෙවණැල්ලකි මේ රට විනාශ කරන එක තමයි කරන්නේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 13 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 84 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 121 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 283 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 637 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 815 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site