IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘සිම්බාබ්වේ ජනපති ආර්යාව රටෙත් නෑ‘

සාරාංශය

  • සිම්බාබ්වේ ජාතික නාලිකාව වන ඉසෙඩ්.බී.සී නාලිකාව එරට හමුදාවේ පාලනය යටතට ගෙන ඇත.
  • ‘‘හමුදා කුමන්ත්‍රණයක‘‘ සියලු ලක්ෂණ ඇතැයි බීබීසීය කියයි.
  • ජනාධිපති රොබට් මුගාබේ ආරක්ෂිත නමුත් රඳවාගෙන සිටින බවට වාර්තා වෙයි.
  • එරට උප ජනපතිවරයා ඉවත් කිරීම නිසා ජනාධිපති මුගාබේ මහතාට එරෙහිව හමුදාව අභියෝග කර ඇතැයි වාර්තා පවතී.
  • මුදල් අමාත්‍ය ඉගනසියස් චොම්බෝ මහතාද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටී.

 

රොබට් මුගාබේ ගැන

  • 1980 නිදහසෙන් පසු දශක හතරකට ආසන්න කාලයක්  සිම්බාබ්වේ තුළ ආධිපත්‍ය පතුරාගෙන සිටීමට මුගාබේ මහතා සමත් වී සිටි.
  • 1924-උපත ලැබීය.
  • පසුව ඔහු ගුරුවරයකු ලෙස පුහුණුව ලැබීය.ඝානාහී සේවය කරන අතරතුරදී ඔහුට ඔහුගේ පළමු බිරිඳ වන සැලී හැෆ්රෝන් මහත්මිය හමු විය.
  • 1964 -රොඩේශියානු රජය විසින් සිරගත කරනු ලැබීය
  • 1980-පශ්චාත් නිදහස් මැතිවරණය ජයගත්තේය.
  • 1996-ග්‍රේස් මරුෆු මහත්මිය විවාහ කරගත්තේය.
  • 2000-ජනාධිපති බලතල සම්බන්ධයෙන් පැවති ජනමත විචාරණය පරාජය විය.
  • 2008- මැතිවරණයේ පළමු වටයේ දෙවැනි තැන ලබා ගත්තේය.පළමු තැන ලබා ගත් විපක්ෂ නායක මෝරගන් ස්වන්ගිරායි මහතා පක්ෂ ආධාකරුවන්ගේ ප්‍රහාර මධ්‍යයයේ මැතිවරණ සටනින් ඉවත් විය.
  • 2009-ආර්ථික බිඳවැටීම මධ්‍යයේ සින්ංගිරායි මහතා අගමැති ලෙස දිවුරුම් දුන්නේය.
  • 2016: මුදල් හිඟය නරක අතට හැරීම හේතුවෙන් බොන්ඩ් නෝට්ටු හඳුන්වා දුන්නේය.
  • 2017-කාලයක් ළඟම පාක්ෂිකයකු වූ උප ජනපති එමර්සන් එම තනතුරෙන් ඉවත් කළේය.


16:36 බීබීසි ඇසුරෙනි

සානු-පීඑෆ් පක්ෂයේ බ්‍රිතාන්‍ය නියෝජිත නික් මංවානා පැවසුවේ ප්‍රථම ආර්යා ‍ග්‍රේස් මුගාබේ මහත්මිය සිම්බාබ්වේ හී නැති බවයි.මිට පෙරද විපක්ෂ මන්ත්‍රීවරයකු පැවසුවේ ඇය නැමීබියාවට පළා ගොස් ඇති බවයි.

කෙසේ නමුත් මංවානා පැවසුවේ සානු-පීඑෆ් දේශපාලන කොන්දේසි අනුව මුගාබේ මහත්මිය දැන් නොවැදගත් චරිතයක් බවයි.ඇය පක්ෂයේ කනිෂ්ට සාමාජිකාවක බවත් ඇයට පක්ෂය තුළ බලය ලැබී තිබුණේ ජනාධිපතිවරයාගේ බිරිඳ නිසා බවත් මංවානා පැවසීය.


16.15 බීබීසි ඇසුරෙනි

දකුණු අප්‍රිකා ජනපති ජැකොබ් සුමා මහතා සිම්බාබ්වේ ආරක්ෂක බලකාය සමග සම්බන්ධ වෙමින් සිටින බවත් දෙපාර්ශවය සමගම සාකච්ඡා කිරීමට කණ්ඩායමක් යැවීමට සූදානම් වෙමින් සිටින බවත් දකුණු අප්‍රිකානු ජනාධිපති කාර්යාලය කියයි.


16:12 බීබීසී ඇසුරෙනි

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ මහතා ‘‘හොඳින්‘‘ සිටින බව දකුණු අප්‍රිකානු ජනාධිපති ජැකොබ් සුමා මහතා පවසයි.
දකුණු අප්‍රිකානු ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයකට අනුව සුමා මහතා සිම්බාබ්වේ ජනපතිවරයාට දුරකථනයෙන් කතා කර ඇත.මුගාබේ මහතා නිවසේ රඳවා සිටින නමුත් හොඳින් සිටින බව එම නිවේදනයේ දැක්වේ.

දකුණු අප්‍රිකා ජනපති ජැකොබ් සුමා මහතා සහ සිම්බාබ්වේ ජනපති රොබට් මුගාබේ මහතා  2015 දී


 


16:06 බීබීසී ඇසුරෙනි

 

ජනපති ආර්යා ග්‍රේස් මුගාබේ මහත්මිය නැමීබියාවට පළා ගොස් ඇතැයි විපක්ෂ මන්ත්‍රී එඩී ක්‍රොස් මහතා පවසයි.
ඇයට රටින් පිටවිමට හමුදාව පෙරදින රාත්‍රියේ ඉඩ ලබා දී ඇතැයි තමන්ට දැනගන්නට ඇති බව ඒ මහතා කියයි.
කෙසේ වෙතත් මෙම කිසිදු ප්‍රකාශයක් හමුදාව නිල වශයෙන් තහවුර කර නැත.

 

මේජර් ජනරාල් සිබුසිසෝ මොයෝ මහතා මීට පෙර නිල ප්‍රකාශයක් කරමින් පවසා තිබුණේ  ජනපතිවරයා සහ ඔහුගේ පවුල ආරක්ෂිතව සිටින බවත් ඔවුන්ගේ ආරක්ෂාව ගැන සහතික වන බවත් ය.ජනපති පවුල හරාරේ පිහිටි ඔවුන්ගේ නිවසේ රඳවා සිටින බවට වාර්තා පළවිය.


15:57 බීබීසී ඇසුරෙනි

පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ගයක් වන ‘නෙල්සන් මැන්ඩෙලා මාවත‘ හමුදාව විසින් අවහිර කරනු ලැබ ඇතැයි වාර්තා වේ.
එමෙන්ම ජනපති නිල කාර්යාලය අසල ප්‍රධාන මාර්ගයක් වන ‘සමෝරා මිචෙල් ‘ මාර්ගයේ වාහන ගමනාගමනය ද නවතා තිබේ.


15.26 බීබීසී ඇසුරෙනි
මෙම හමුදා ක්‍රියාදාමය පිටුපස හිටපු උප ජනපති එමර්සන් මහතා සිටින බව පාර්ලිමේන්තු  මන්ත්‍රී එඩී ක්‍රොස් මහතා පවසයි.

 


15:14 බීබීසී ඇසුරෙනි

සානු පීඑෆ් පක්ෂයේ බ්‍රිතාන්‍ය නියෝජිත නික් මංවානා පැවසුවේ තවමත් සිම්බාබ්වේ ජනපති රොබට් මුගාබේ මහතා බවයි.ඔහුගෙන් පසු බලයට පැමිණ යුත්තේ කවුදැයි යන්න මත බෙදී තිබූ පක්ෂය මෙම හමුදා ක්‍රියාව නිසා ප්‍රතිනිර්මාණය වූ බව ද පැවසීය.

ජනාධිපති රොබට් මුගාබේ මහතාගේ රුව සහිත රථයක් තරුණයකු විසින් සෝදනු ලබන අයුරු

 


15:12 බීබීසී ඇසුරෙනි

සිම්බාබවේ තුළ හමුදා කුමන්ත්‍රණයක් නැතැයි එරට රාජ්‍ය පුවත්පතක් වන හෙරල්ඩ් පුවත්පතේ වෙබ් අඩවියේ සඳහන් වෙයි.


14:53 බීබීසී ඇසුරෙනි

තම අසල්වැසි රටක් වන සිම්බාබ්වේ තුළ සිදුවන සියල්ල තමන් මහත් සැලකිල්ලකින් යුතුව බලා සිටින බව දකුණු අප්‍රිකානු ජනාධිපති ජැකොබ් සූමා මහතා පවසයි.

හරාරේ නගරයේ බැංකුවකින් මුදල් ලබා ගැනීමට ජනතාව පෙළ ගැසි සිටින අයුරු





14:50 රොයිටර් ඇසුරෙනි
 

සිම්බාබ්වේ යුද හමුදාව යටතේ පවතින පොලිස් ස්ථාන කිහිපයක පොලිස් නිලධාරීන් නිරායුද කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.


14:36 බීබීසී ඇසුරෙනි

පවතින දේශපාලන තත්ත්වය හේතුවෙන් සියලුම බ්‍රිතාන්‍ය ජාතිකයින්ට නිවෙස් තුළට හෝ නවාතැන් ගෙන සිටින ස්ථාන තුළට වී සිටින්නැයි බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශය නිවේදනය කරයි.කිසිදු කුමන්ත්‍රණකාරී ක්‍රියාවකට සහය නොවන්නැයිද එම නිවේදනයේ සඳහන් වෙයි.


14:27 බීබීසී ඇසුරෙනි
සිම්බාබ්වේ රාජ්‍ය මාධ්‍ය 1980 කාලයේ දේශප්‍රේමී ගිත වාදනය කරන බවට වාර්තා වෙයි. එමෙන්ම මේජර් ජනරාල් සිබුසිසෝ මෝයෝ මීට පෙර කළ ප්‍රකාශය නැවත නැවත ප්‍රචාරය කරයි.


14:17 බීබීසී ඇසුරෙනි

ජනපතිවරයා ආරක්ෂා කිරීමට තමන් සහ තම ආධාකරුවන් සූදානම් යැයි සානු-පීඑෆ් තරුණ නායක කුඩ්සායි චිපන්ගා කළ ප්‍රකාශයෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි වාර්තා වේ.

 


14.16 - රොයිටර් ඇසුරෙනි

සිම්බාබ්වේ හමුදා ප්‍රධානියා පසුගිය සතියේ බීජින්හී කළ සංචාරය ‘සාමාන්‍ය හමුදා හුවමාරුවක් ‘පමණක් බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි.


අද (15) වන විට සිම්බාබ්වේහී පාලනය හමුදාව යටතට ගෙන ඇති නමුත් හමුදාපතිවරු මෙය හමුදා කුමන්ත්‍රණයක් නොවන බවට ප්‍රකාශ කළහ.ජනාධිපති රොබට් මුගාබේ මහතාට සම්බන්ධ බව කියන ‘‘අපරාධකරුවන්ට‘‘ එරෙහිව රාජ්‍ය රූපවාහිනි නාලිකා යොදාගැනීමක් මෙහිදි සිදුව ඇති බව වාර්තා වේ.

ඉසෙඩ්.බී.සී නාලිකාව හරහා මේජර් ජනරාල් සිබුසිසෝ මෝයෝ මහතා ප්‍රකාශයක් නිකුත් කරන අයුරු

 


14:04 බීබීසී ඇසුරෙනි
සමාජ ජාලා පරිශීලකයින් පවසන්නේ ඊයේ රාත්‍රියේ සිම්බාබ්වේ අගනුවර හමුදා පාලනය යටතට ගත්තද මේ වන විට සන්සුන් තත්ත්වයක් දැකිය හැකි බවයි.

 


13:53 බීබීසී ඇසුරෙනි

සිම්බාබ්වේ අගනුවර පාලනය හමුදාව යටතට ගෙන ඇතැයි වාර්තා වෙයි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිම්බාබ්වේ රාජ්‍ය පුවත්පත වන හෙරල්ඩ් පුවත්පතේ වෙබ් අඩවිය මේ වන තෙක් කිසිදු වාර්තාවක් පළ කර නොමැත.
තවමත් එහි සඳහන් වන්නේ ජනාධිපති රොබට් මුගාබේ මහතාට සහය පළකරන පුවත් කිහිපයක් පමණි.

එහි ප්‍රධාන පුවතේ සඳහන් වන්නේ ‘‘අපේ ජීවිත පුදා හෝ ජනපතිවරයා සුරකිනවා ‘‘යැයි තරුණ නායක කුඩ්සායි චිපන්ගා කළ ප්‍රකාශයකි.


13:35 බීබීසී ඇසුරෙනි

හරාරේ නගරයේ හමුදා වාහන දකින්නට ලැබේ.හමුදා මුර සංචාරද සිදුවෙන බවට වාර්තා වේ.


13:35 බීබීසී ඇසුරෙනි  

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ මහතා වටා සිටින බව කියන අපරාධකරුවන් ඉලක්ක කරගනිමින් සිම්බාබ්වේ අගනගරයේ සහ අවට ප්‍රදේශවල පාලනය හමුදාව යටතට ගෙන ඇත.නමුත් 93 වියේ පසුවන ජනපතිවරයා සහ ඔහුගේ පවුල ආරක්ෂිතව සිටින බවට වාර්තා පළවිය.

මීට සතියකට පමණ පෙර සිම්බාබ්වේහී උප ජනපති වූ එමර්සන් මහතා ඉවත් කිරීමෙන් අනතුරු වත්මන් ජනපති මුගාබේ මහතාගේ බිරිඳ වන ග්‍රේස් මුගාබේ මහත්මියට උප ජනපති ධූරය ලබාගැනීම සඳහා අවස්ථාව ලැබිණි.එමෙන්ම වත්මන් ජනපතිවරයා තම ධුරයෙන් විශ්‍රාම ගන්නා අවස්ථාවේදී මීළඟ ජනපති ලෙස පත්වීමේ අවස්ථාව ද ඇයට හිමි වූවාය.
මේ වන විට හරාරේ නුවර නිල නිවසේ රඳවාගෙන සිටින බව කියන සිම්බාබ්වේ ජනපති රොබට් මුගාබේ මහතා සමග ග්‍රේස් මහත්මියද රඳවාගෙන සිටින බව වාර්තා වේ.

 


13:15 බීබීසී ඇසුරෙනි

සිම්බාබ්වේ ජනපතිවරයා තම ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවට දකුණු අප්‍රිකානු ප්‍රධාන පුවත් වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.


හිටපු උප ජනපති එමර්සන් මහතා සහ වත්මන් ජනපති ආර්යා ග්‍රේස් මුගාබේ මහත්මිය


13.00 බීබීසී ඇසුරෙනි

සිම්බාබ්වේ හිටපු උප ජනපති එමර්සන් මහතා අතුරු ජනපති වශයෙන් පත් කර ඇතැයි සානු-පීඑෆ් ආධාකරුවන් පිරිසක් විසින් මෙහෙයවන බවට සැකකෙරෙන ට්විටර් ගිණුමකින් ප්‍රචාරය කර තිබේ.එමර්සන් මහතා එම ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ රජයට ද්‍රෝහී වූ බව කියමිනි.එම ඉවත් කිරීම වර්තමාන ජනපතිවරයාගේ බිරිඳ වන ග්‍රේස් මහත්මියට මීළඟ ජනපති වීමට ඉඩ ලබා දීමේ පියවරක් බවට බොහෝ පිරිස් චෝදනා කළහ.හිටපු උප ජනපතිවරයා ඉවත් කරන ලෙස ජනාධිපති මුගාබේ මහතාට ඔහුගේ බිරිඳ දැන්වූ බව ප්‍රචාරය විය.


සිම්බාබ්වේ අගනුවර පාලනය හමුදාව යටතට ගෙන ඇතැයි වාර්තා වෙයි.

http://www.lankadeepa.lk/latest_news123445464



අදහස් (2)

‘සිම්බාබ්වේ ජනපති ආර්යාව රටෙත් නෑ‘

Sampath Wednesday, 15 November 2017 02:04 PM

හැම තැනකම වෙන්නේ තමන් හරියට වැඩේ නොකර ළඟට වෙලාවට දෙන කෙනා ගැන හිතලා අනාගන්න එකයි. ඒ තැන්වලත් රජයන්ගේත් මේ හැසිරීම නිසා දක්ෂයන් හා සුදුස්සන් අල්ලන්න දන්නවා. මේක හැමෝටම පාඩමක්...

:       0       0

Nandalal DE SILVA - France Wednesday, 15 November 2017 03:18 PM

අපේ රටේ හිටපු ජනපති ආර්යාව නම් තවමත් නිදහසේ, නිදැල්ලේ යහතින් ඉන්නවා. ඕක තමා සිම්බාබ්වේත්, "සකල සිරින් පිරි සිරි ලංකාවේත්" තිබෙන නිදහස !!

:       49       139

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 824 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 159 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1014 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1043 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1357 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1208 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site