IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘සිංහල බෞද්ධ අයිතිවාසිකම් ආරක්ෂා කරනවානම් මාත් එනවා‘

( බන්ධුල ඉලේපෙරුම )
සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් ඒ සම්බන්ධ වගන්තියක් 20වැනි සංශෝධනයට දානවානම් තමන්ද අත ඔසවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද(22) පාර්ලිමේන්තුවේදී විසිවැනි සංශෝධන විවාදයට එක්වෙමින් කියා සිටියේය.

“තමුන්නාන්සේලා පසුගිය කාලේ මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව මතයක් හැදුවා. ත්‍රස්තවාදීන් කියලා ඒකට විරුද්ධව සිංහල බෞද්ධ ජනතාව එක තැනකට එකතු කළා. හැබැයි එහෙම මතයක් හදලා තමුන්නාන්සේලා අධිකරණ ඇමැති දැම්මේ මුස්ලිම් ජාතිකයෙක්. බුද්ධි අංශ ප්‍රධානියා මුස්ලිම් ජාතිකයෙක්. දවසක් ආරක්ෂක ලේකම් කියනවා හමුදාවේ හිටපු හොඳම නිලධාරියා මුස්ලිම් ජාතිකයෙක් කියලා.
 
සිංහල බෞද්ධ ජනතාව රවට්ටලා එහෙම කරන්න එපා. සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. ඒ වගන්තියක් දාන්න 20වැනි සංශෝධනයට. අපිත් කැමැත්ත දෙනවා. හැබැයි ඒ වගේම අනෙක් ජාතීන්ගේ අයිතියටත් ගරු කරන්න.” යනුවෙන්ද පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

“ඊයේ මෙතන මන්ත්‍රීවරයෙක් කථා කළා හමුදාවේ අයට විරුද්ධව. හමුදාවේ අයට ඒ ගොල්ලන්ගේ මානසිකත්වයට ඒ අයට දේශපාලනය කරන්න බෑ කියලා. හමුදාවේ අය ඉන්නවා ජනාධිපතිවරු වෙච්චි අය. ඒ නිසා එ වගේ කතා  කියන්න එපා. මේ වගේ මෝඩ කතා කියන මිනිස්සු ඉන්නවා අපේ පැත්තෙත්. අනෙක් පැත්තේ කෙනෙක් කිව්වා හමුදාපති කෙනෙක් හමුදාවේ සෙබළියෝ දූෂණය කළා කියලා. යුද හමුදාව කියන්නේ ඉතා පිරිසිදු තැනක්. ඒ කියපු පුද්ගලයා දුම්රියේ වඩේ විකුණපු කෙනෙක්. වඩේ අස්සේ ගංජා තියාගෙන විකුණුවා. එයා තමයි වඩේ විකුණද්දී ස්ත්‍රීන් දූෂණය කළේ. ඒ පුද්ගලයාට මම කියන්නේ හමුදාවට අපහාස කරන්න එපා.”



අදහස් (2)

‘සිංහල බෞද්ධ අයිතිවාසිකම් ආරක්ෂා කරනවානම් මාත් එනවා‘

Bamunuarachchi Thursday, 22 October 2020 02:08 PM

ගෝඨාභය මහතා ගියාම ඔය පක්ෂයෙන් ජනාධිපති කමට සුදුස්සෙක් නැත. එමනිසා දැන්ම එකතු වෙන්න..

:       0       0

විජේ Friday, 23 October 2020 04:17 AM

ෆස්ලි ලෆීර් වෙන්නෙ ඇති ඔය කියන හොදම නිලධාරියා. ෆොන්සේකා තමයි හමුදාපති. "සරා ගොයියා හරි මිනිහා තුවක්කුවත් බිමින් තියා චන්දය දඩයමේ ගියා"

:       3       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 113 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1699 1

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 429 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 948 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 134 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 91 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1413 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site