IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘සමාජ ජාලා අත්හිටුවීම ජාතිවාදි ගැටුම් පාලනයට රුකුලක්’ - පොලිසිය කියයි

 
(අංජුල මහික වීරරත්න)

ෆේස් බුක් ,වයිබර්,වට්ස්ඇප්,ඉමෝ වැනි සමාජ ජලා මාධ්‍ය අත්හිටු වීමට ගත් පියවර මගින් මහනුවර හා අනෙකුත් ප්‍රදේශයන්හි ඇති වු ජාති වාදී ගැටුම් පාලනය කිරීමට විශාල පිටුවහලක් ලැබුණු බව පොලිස් දෙපාර්තමේන්තුව රජයට අද (8) වාර්තා කරනු ලැබීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (08) පෙරවරුවේ පැවතී ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීමේදී පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා මෙම කරුණු වාර්තා කළේය.

මහනුවර සිද්ධි වැනි තත්වයන් ඇති වන අවස්ථා වලදී ෆේස් බුක් සමාජ ජලා පාලනය කළ යුතු ආකාරය පිළිබඳව ජර්මනිය සහ පිලිපීනය සතු තාක්ෂණ දැනුම ප්‍රයෝජනයට ගත හැක ආකාරය පිළිබඳවද ඉහත සාකච්ජාවේදී ආරක්ෂක ප්‍රධානින් අගමැතිවරයාට දැනුම් දුන්නේය.

ඊට අමතරව විද්‍යුත්,තැපැල් හා වෙබ් අඩවි පාලනය සඳහා චීනය අනුගමනය කරන තාක්ෂණ ක්‍රම වේද ගැන අවධානය යොමු කර ඒවා මෙරට ප්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳවද අවධානය යොමු විය.
 



අදහස් (11)

‘සමාජ ජාලා අත්හිටුවීම ජාතිවාදි ගැටුම් පාලනයට රුකුලක්’ - පොලිසිය කියයි

ජගත් ලියනගේ Thursday, 08 March 2018 08:03 AM

ලංකාව උතුරු කොරියාවක් වෙන්න ද යන්නෙ ?

:       0       0

Nandaka Thursday, 08 March 2018 08:18 AM

ජාතින් අතර සාමය - සන්හින්දියව - සහෝදරත්වය වර්ධනය කරන්න ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය යොදාගන්න බැරිද ? නිර්මාණශීලී අදහස් - ක්‍රියාකාරකම් මේවාට එකතු කරන්න වැඩපිළිවෙලක් හදන්න බැරිද ? පුළුවන් .... අදාළ තැන වලට හරි මිනිස්සු දැම්මනම් ... ගොබ්බ දේශපාලන පත්වීම් නැතිව හරි මිනිස්සු දැම්මනම් කරන්න පුළුවන් .....! පිහියෙන් ඇනල මිනිස්සු මරන්න පුළුවන් ... එත් ඊට වැඩ ප්‍රයෝජන එකෙන් ගන්නවා ...! මොනවද මේ වෙනකම් ජනතා ආකල්ප වර්ධනයට ... සාමයට ... සන්හින්දියාවට ...කරලා තියෙන්නේ ...!

:       121       229

නිලන්ත Thursday, 08 March 2018 09:17 AM

සමාජ ජාලා නැත්තන් රටේ සිදුවන සිදුවීම් අනෙකුත් මාධ්‍ය වලින් ප්‍රකාශ කරන්නෙ නෑ. මහනුවර-තෙල්දෙණිය සිදුවීම් මාධ්‍ය වලින් දුන්නෙ නෑ. ඇයි ඒ සංහිඳියාව නැතිවන හන්දද? ඒකද සංහිඳියාව කියන්නෙ. රටේ පාලකයන්ගෙ නොමනා තීරණ ගැනීමේ පියවරක් මේ.

:       305       597

කමනි Thursday, 08 March 2018 09:36 AM

මෝඩයින් හට නවීන තාක්ෂණයට පහසු ප්‍රවේශය ලැබීමේ ප්‍රතිඵල තමයි මේ...

:       246       592

රටවැසියා Thursday, 08 March 2018 09:39 AM

"සමාජ ජාලා අත්හිටුවීම ජාතිවාදි ගැටුම් පාලනයට රුකුලක්’ - පොලිසිය කියයි".. ඕන්න ඉතිං කිව්ව කථාවක්! - ලංකාවේ ඉන්න මන්ද බුද්ධික දේශපාලකයින්ටම ගැලපෙන පොලිසිය...

:       507       570

ඉන්දික අතුකෝරල Thursday, 08 March 2018 09:58 AM

සමාජජාලා තුළ තමන්ට වුණු අසාධාරණයක් ගැන කතා කරන්න සමාජ ගැටළු පිළිබඳ කතා කරන්න, දැනුම වර්ධනය කීරිම් ගැන කතා කරන්න, දැනුම හුවමාරු කරන්න, අන්තර් පුද්ගල සබඳතා ඇතිකරගන්න, නිර්මාණ හැකියාව පෙන්වන්න, ඒ වගේම ජාතින් අතර සමගිය ඇතිකරන්න, තරග විභාග තොරතුරු හුවමාරු කර ගන්න වැනි දේට යොදා ගන්න පුලුවන් මාධ්‍ය තමයි සමාජජාලා මාධ්‍ය.. ඉතින් ඒවට සීල් තැබීමේදී එ්වත් හිතන්න ඕනේ සිගරට් ඇබ්බැහිවීම් එකවර නවත්වන්න බෑ. ඒ වගේම තමයි සමාජජාලා වලට ඇබ්බැහි වුණු අයව... මේ හේතුව මත පාලනය කරන්න ගියොත් යම් මානසික රෝගී තත්වයන්ට ලක්වෙන්න පුලුවන්. ඒ ගැනත් හිතන්න ජාතිවාදී, ආගම්වාදී අන්තවාදය වපුරන අයව අත්අඩංගුවට ගන්න වෙනම ක්‍රම යොදාගන්න බුද්ධි අංශයක් නිර්මාණය කරගන්න, තාක්ෂණය ෆිල්ටර් කරන්න පුළුවන්... හැබැයි ඒවට එරෙහි ප්‍රතිනාශක සහිත තාක්ෂණය හොයා ගනී. දැනට පවතින තත්වය ඉක්මණින් ඉවත් කරන මෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ජාතිවාදී වපුරන්නන් අල්ලාදීමට අපේ සහයත් ඕනෑනම් දෙන්නම්...

:       0       36

sapumal Thursday, 08 March 2018 11:13 AM

පුවත්පත්, රේඩියෝ සියල්ලම වසාදැමිය යුතුයි. උතුරු කොරියාවෙන් ඒ පිළබඳ උපදෙස් ගතහැකියි. තොරතුරු දැනගැනීමේ පනත ඉවත් කළයුතුයි.

:       0       116

Jehaan Thursday, 08 March 2018 11:27 AM

ජාතිවාදී ගැටුම් නෙවෙයි මෝඩයින්ගේ මුහුණු පොත් භාවිතය අඩු වේවි!!! අපේ පවුලම වන්දනාවේ කියලා ෆොටෝ අප්ලෝඩ් කරනවා. එනකොට ගෙදර හොරු කඩලා. දුවගේ වැඩිවිය පැමිණීම ලෝක ප්‍රසිද්ධ කරනවා. අශීලාචාර කපටියෙක් දැරියගේ විස්තර හොයා ගෙන රවටා ගන්නවා. ඔන්න දැන් ඔය වගේ මෝඩ වැඩ නම් ටිකක් අඩු වේවි !!!

:       13       121

විරජ් Thursday, 08 March 2018 02:01 PM

බොරු බයිලා වැඩක් නැහැ. ජාතික සමගිය කියලා ෆේස් බුක් නැති කරයි. මොකද රජයේ අඩු පාඩු වහන්න... මෙක දේශපාලන කුමන්ත්‍රණයක්. ෆේස් බුක් නිසා රජයේ වැරදි දැන ගන්න නිසයි ෆේස් බුක් නැති කළේ...

:       4       106

Vihan Thursday, 08 March 2018 06:10 PM

සමාජ ජාලා වලින් හරි ප්‍රයෝජන ගන්න මිනිස්සු අනිවාර්යයෙන් ගන්නවා. අච්චර සිරියාවේ යුද්ධයෙන් බැට කන මිනිස්සු සමාජ ජාලා වලින් තමන්ගෙ රටේ තත්වය ලෝක ප්‍රජාව වෙත පෙන්නනවා. ඒ වගේ අරාජික තත්වයක තියෙන රටක මිනිස්සු සමාජ ජාලා වලින් එහෙම ප්‍රයෝජන ගන්න එකේ ලංකාවෙත් එහෙම හොඳ අරමුණු වෙනුවෙන් සමාජ ජාලා යොදාගන්න බැරි වෙන්න බැහැ. ඔය තර්කෙන් බැලුවොත් ජංගම දුරකථන පාවිච්චිය, රූපවාහිනි නාලිකා එහෙම ඔක්කොම විටින් විට නවත්තන වේවි මොකද ඒවා වලිනුත් ජාතිවාදී අදහස් ප්‍රකාශ වෙන්න පුළුවන් නිසා. සමාජ ජාලා පාලනය කරපු ගමන් ජාතිවාදී අදහස් ප්‍රකාශ වෙන එක අඩු වුණාට වෙනත් අදහස් ප්‍රකාශ වෙන එකත් නැති වුණා. ඒ වගේම රටේ මිනිස්සුන්ගෙ කටයුතු ගැන තොරතුරු එහෙම හොයන්න තිබ්බ ප්‍රබලම විදිහ අඩාල වුණා.

:       0       104

ජයන්ත මිලානෝ Tuesday, 13 March 2018 03:59 PM

මේකේ ප්‍රධානම අරමුණ කාටත් පැහැදිලි නැ. මැති ඇමැතිවරුන්ගෙ හොරකම් රජයෙ නොහැකියාව මේවා කතා කිරීම වැළකීම සහ මැතිවරණයකදී පරාද වීම වළක්වා ගැනීම යන ආදිය මේනිසා වළක්වා ගැනීමට හැකියාව ඇති බැවිනි .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 119 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 257 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 59 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 827 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 221 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 266 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site