IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘සංවේගජනක වීඩියෝව සඟවන්න’යි නවසීලන්ත පොලිසියෙන් ඉල්ලීමක්

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකක සිදු වූ මාරාන්තික වෙඩි තැබීමට සම්බන්ධ “ඉතාමත් ඛේදජනක සහ සංවේගජනක” වීඩියෝපටයක් තිබෙන බව එරට පොලිසිය ප්‍රකාශ කරයි. 


එම වීඩියෝ පටය අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හෝ ප්‍රසිද්ධියට පත් නොකරන්නැයි ද නවසීලන්ත පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා ඇත. 


“ක්‍රයිස්ට්චර්ච් සිදුවීමට සම්බන්ධ “ඉතාමත් ඛේදජනක සහ සංවේගජනක” වීඩියෝපටයක් තිබෙන බව අපට දැනගන්නට ලැබී තිබේ. එම වීඩියෝපටය අන්තර්ජාලයට නිකුත් වී ඇති බව ද දැනගන්නට ලැබී තිබේ” යැයි නවසීලන්ත පොලිසිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 


“එම වීඩියෝ පටය තවදුරටත් ප්‍රසිද්ධියට පත් නොකරන ලෙස අපි ඉතාමත් වුවමනාවෙන් ඉල්ලා සිටිනවා. එම වීඩියෝපටය අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට අපි පියවර ගනිමින් සිටිනවා” යැයි ද එහි තවදුරටත් දැක්විණි. 

ඒ.එෆ්.පී. ඇසුරිනි -  055

(මුස්ලිම් ජාතික කාන්තාවන් පිරිසක් නිලධාරියකුගෙන් කරුණු විමසන අයුරු)

 

(තුවාල ලැබූ පිරිස ගිලන්රථ කරා රැගෙන යන අයුරු)

(ඡායාරූප - රොයිටර්ස් ඇසුරිනි)



අදහස් (24)

‘සංවේගජනක වීඩියෝව සඟවන්න’යි නවසීලන්ත පොලිසියෙන් ඉල්ලීමක්

sam Friday, 15 March 2019 05:46 AM

මේක ඒ වෙඩික්කරු තම ඇඟේ සවි කරපු බොඩි කෑම් එකකින් ලයිව් ස්ට්‍රීම් කරපු එකක්. වාහනයෙන් බැහැලා, කාර් එකේ පිටිපස්ස ඇරලා තුවක්කුවක් තෝරාගෙන කිසිම කලබලයක් නැතිව පල්ලියේ දොර දෙසට ගිහින් වෙඩි තියන්න පටන් ගන්න තැන දක්වා තියන කොටස නම් තවම අන්තර්ජාලයේ තියනවා. ඉන්පසුව මිනිසුන් මැරී වැටෙන දර්ශන තමයි මේ විදියට ඉවත් කරන ලෙස ඉල්ලන්නේ...

:       1       22

AFP Friday, 15 March 2019 06:31 AM

මේකට කියමනක් තියෙනවා "රෙද්ද අස්සෙ නයි දමාගෙන කෑවෝ කෑවෝ කියා කෑ ගැසීම" කියලා...

:       411       278

Bamunuarachchi Friday, 15 March 2019 06:59 AM

ඔය මොනවාද? ලංකාවේ වුන දේවල් හැටියට

:       402       163

kule Friday, 15 March 2019 07:36 AM

මෙයාලට ඒ වීඩියෝව සංවේදී වෙන්න පුළුවන්.. එ්ත් එදා බිල්ලාඩන් වෙඩි තබා ඝාතනය කරන අයුරු එදා අමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරිය වූ හිලරි ක්ලින්ටනුත් සජීව සංවේදීව නරඹන්න ඇති...

:       408       514

de silva Friday, 15 March 2019 08:24 AM

මරණයට පත්වුණු මනුෂ්‍යයින්ට මුලින්ම නිවන්සුව ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා!!! නමුත් මේක ලංකාවේ වුණා නම් මේ වෙනකොට මේවා මුලුලොකෙම මුල් ප්‍රවෘත්තිවලට දමලා, ලංකාවේ සංචාරයට යන එක භයානකයි කියලා සියල්ලන්ටම දැනුම් දීලා ඉවරයි.

:       54       1203

ධනුෂ්කSaturday, 16 March 2019 09:59 AM

දෙවියන් යදින දෙවියන් අදහන මිනිසුන්ට මම කියනවා ඉතිහාසයේ පටන් මිනිසුන් දෙවියන් වෙනුවෙන් ජීවිත පූජා කරමින් යුද්ධ කළා. ලක්ෂ ගණන් මැරුණා. දෙවියන් සතුටු කරන්න මිනිසුන් හා සතුන් බිලිදුන්නා. දෙවියන් වෙනුවෙන් තම ධනය, ශක්තිය, කාලය කැප කළා. දැවැන්ත දේවොල්, පල්ලි තැනුවා. පළමු අස්වැන්න දෙවින්ට පූජා කළා. නමුත් මොන දෙවියද මෙතැනදී හෝ වෙන තැනකදී තමන් අදහන ජනතාවට පිහිට වුනේ. විවිධ ස්වභාවික අාපදාවලදී ඔය සියලුම දෙවිවරු අදහන මිනිසුන් ලක්ෂ ගණනින් මියගියා. මොන දෙවියද පොලොවට බැහැලා බේරා ගත්තේ. මට එතැන ලොකු ගැටළුවක් කියනවා. මෙතැනදී එම දේවගැතිවරු කියන්නේ එ් සිදුවන්නේ දෙවියන් විසින් පව්කාරයන් මරා දමනවා කියලා. මට පේන්නේ එතනත් මිනිසුන් දෙවියන් විකුණගෙන කනවා වගේ ...

:       14       33

අජන්ත Friday, 15 March 2019 09:10 AM

අපගේ මිනිසුන් කොතරම් පහත්ද කියා සමහර ප්‍රතිචාර වලින්ම සිතා ගත හැකිය. ප්‍රහාරයෙන් මියගිය එක ගැන ඉතාම කණගාටුයි.

:       229       537

BamunuarachchiFriday, 15 March 2019 09:49 AM

විකාර දොඩවන්න එපා...

:       530       218

Nimal Friday, 15 March 2019 10:02 AM

බමුණට නම් සතුටු ආරංචියක් වගේ

:       154       129

BamunuarachchiFriday, 15 March 2019 10:57 AM

කියලා වැඩක් නැහැ. මම ට්‍රප්ම්ට වඩා ඔය මිනිස්සු සමග තරහයි.

:       502       459

BamunuarachchiSunday, 17 March 2019 12:42 AM

වෙන කිසිවක් නිසා නොව ඉස්ලාම් මූලධර්ම ගැන අවබෝදයක් තිබෙන නිසා

:       22       1

thusha Friday, 15 March 2019 10:04 AM

මොන ජාතියක වුනත්, මෙලෙස ම්ලේච්ඡ විදිහට මිනිසුන් මියයාම ගැන ... අද අහන්න ලැබුණු සිත සසල කල පුවතක්...

:       170       206

RaveendraFriday, 15 March 2019 10:30 AM

thusha මයාවෙත, ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. කෙසේ වෙතත් අප විසින් වපුරන දෙය අප විසින්ම නෙලා ගන්නවා යන්න සත්‍ය බව ස්වභාවධර්මය නැවත වරක් ලෝකවාසීන්ට ඔප්පු කර ඇති බවක් වැටහෙනවා නොවේද?

:       414       168

thusha Friday, 15 March 2019 11:13 AM

එක මකුනෙක් කෑවම ඔක්කොම මකුණෝ නැතිකරලා දානවා කිසිම අනුකම්පාවක් නැතුව. වෙන පීඩාව ඉවසන්නම බැරි හින්දා. ඒක වෙනම කතාවක්. ඒ උනත් මෙවැනි දෙයක් අහන්නට දකින්නට ලැබුණාම ,සංවේදී මිනිසුන්ගේ සිත සසල වීම ස්වාභාවිකයි.

:       94       113

nihal c k Friday, 15 March 2019 01:04 PM

ශ්‍රී ලංකාවේ කාත්තන්කුඩි පල්ලියේ දෙවියන් අදහමින් සිටි බැතිමතුන් සියගණනක් කොටි ත්‍රස්තවාදීන් විසින් වෙඩි තබා මරාදම්මා. එදා මෙවැනි ප්‍රචාරයක් ලෝකේ කොහෙවත් තිබුනේ නෑ. මමත් ඒ දිනවල පිටරටකයි සිටියේ.. අධිරාජ්‍යවාදීන්ගේ හැටි එහෙමයි..

:       0       59

sirimal Friday, 15 March 2019 02:42 PM

ඔය කියන වීඩියෝපටය නැවත ප්‍රචාරය කරන්න එපා කිව්වට අපේ අය නම් අහල නෑ වගේ. ලෝකයේ වෙන මාධ්‍ය වෙඩික්කාරයාගේ කැමරාවේ දර්ශන ස්වයං වාරණයකට ලක්කලාට අපේ මාධ්‍යවලින් වෙච්ච දේ සේරම ලුණු ඇඹුල් ඇතුව පෙන්නලා තියෙන්නේ...

:       2       76

BamunuarachchiSaturday, 16 March 2019 11:50 AM

වෙරි ගුඩ්, කියලා වැඩක් නැත...

:       8       0

බද්රානි Saturday, 16 March 2019 09:31 AM

කිසිවක් තනිව කර ගත නොහැකිව, නැට්ට බඩ යට ගහගෙන සිටින පුහුවීරයින් තවකෙකු කෙරෙහි තිබෙන දැඩි වෛරය සිතේ කොනක සඟවා ගෙන සිටියත්, අනෙකෙකු විසින් කල මෙවන් මිලේච්ජ සිදුවීමකදී, ඔවුනුත් අර මිනීමරුවා තරමටම සතුටු වෙන බව, මෙහි සමහරක් පලකොට තිබෙන කුරිරු අදහස් වලින් ගම්‍ය වෙනවා. මෙවන් උන්මන්තකයින් ඔවුන් විසින් හෝ තවකෙකු විසින් පුනරුත්තාපනය නොකොළොත්, රටට පමණක් නොව, ලෝකයටම පිළිලයක් වන දවස වැඩි ඈතක නැහැ.

:       1       34

Bamunuarachchi Saturday, 16 March 2019 11:48 AM

නරකද ඉස්ලාම් මූලධර්ම තේරුම් ගෙන ඒවා අන් ආගමිකයින්ට බලපාන විදිහ තේරුම් ගෙන ඉස්ලාම් මූලධර්ම පුනරුත්තාපනය කරන්න කතා කළොත්... ඉස්ලාම් මූලධර්ම ගැන අවබෝධයක් තිබෙනවද? මේ ලියන මම බයිබලයත් කියවා ඉස්ලාම් මූලධර්මත් කියවා තිබෙන නිසයි මුසල්මානුවන් ගැන ක්‍රෝධ කරන්නේ... 95% බෞද්ධයින් සිටි බුරුමයට අද සිදුවී තිබෙන්නේ මොකක්ද? එහි ඉන්න බෞද්ධයින්ගේ තත්වය මොකක්ද? ලෝකයේ විශාලතම ස්තුප තිබෙන බෞද්ධ රටක් වූ ඉන්දුනීශියාවට් මොකද වුනේ... ඒ ටික ලංකාවට නොවන්නැයි අපි මේ කතා කරන්නේ ගොබ්බයිනි...

:       242       262

බද්රානි Saturday, 16 March 2019 12:39 PM

වෛරය හදවතේ පුරවාගෙන, රැකගන්න දඟලන ධර්මය, කොහෙත්ම බුද්ධ ධර්මය නම් වෙන්න බැහැ. ඕක උප්පත්තියෙන්ම, සංසාර පුරුද්දෙන්ම, මේ ලෝකෙට රැගෙන ආපු අශිෂ්ඨත්වයෙන් පිරුණු අධර්මිෂ්ඨකමක්. පිළිමවල උස අනුව ධර්මය වටහා ගෙන සිටින මන්ද බුද්ධිකයින්ගේ ග්‍රහණයට බුද්ධ දර්ශනය පත්වීමම මහා ඛේදවාචකයක්. ජාතිය, ආගම, භාෂාව කුමක් වුවත්, ත්‍රස්තවාදී, හදවත මේ පාපතරයින්ට ඇති බව සක්සුදක් සේ පැහැදිලියි. එසේ, නොමැති නම් කොහොමද, තව කෙනෙකුගේ විපතකදී, මේ තරම්ම සතුටු වෙන්නේ?

:       7       142

BamunuarachchiSunday, 17 March 2019 12:39 AM

මෙතනට වැදි බණ වලින් වැඩක් නැත. අපි මෙරටේ බුද්ධාගම රැකගන්නවාද නැතිනම් මුස්ලිම්කරණයට අසුකර ඉන්දුනීසියාවට, බුරුමයට, ඇෆ්ගනිස්තානයට වුන දේ අපිටත් කර ගන්නවාද කියන එකට පිළිතුරු ලැබුනොත් ප්‍රමාණවත්. දුටුගැමුණු රජතුමා දෙමළුන්ට විරුද්දව යුද්දය පටන් ගැනීමේදී කීවේ මගේ මේ ව්‍යායාමය හුදෙක් සාසනය හා සිංහල ජාතිය රැකගැනීම සඳහා කියලා. එතුමා එදා ඒ සටන නොකලානම් අද බුද්ධාගම සිංහල ජාතියක් ලංකාවේ නැත. දැන් රටේ සිදුවන්නේ මුස්ලිම් කරණයයි.

:       304       412

Nihal Saturday, 16 March 2019 08:29 PM

බද්රානි ,ඇමරිකාවේ කුළුණු දෙකට ගහලා නිරායුධ සිවිල් පුරවැසියන් 3420 මරපු වෙලාවේ සතුටු නොවුණු අරාබි ජාතිකයෙක් හොයාගන්න බැරිවුනා. විෂ බීජ වපුරලා ධාන්‍ය ලැබෙන්නේ නැ. මේ නවසීලන්ත ප්‍රහාරයට ලංකාවේ බහුතරය කනගාටුවෙනවා

:       42       87

BamunuarachchiMonday, 18 March 2019 08:10 AM

නිහාල් මේගොල්ලෝ සිල් අරගෙන ඕපාදූප සොයා සොයා ඉඳලා අපිට බණ කියනවා

:       0       0

Rathnasiri Paranawithana. Tuesday, 19 March 2019 02:28 PM

මිනිසාට ආගමක් අවශ්‍යද? නැත. මිහිතලයේ මිනිසුන් ආගම්වලට නොබෙදී සිටියා නම් ඉතිහාසයේ ජන සංහාර කීයක් සිඳී නොවන්නට තිබුණාද? යුදෙව් ඝාතන, මියන්මාර ඝාතන, කුරුස යුද්ධ, ටුටූ ගෝත්‍රික ඝාතන ආදී ඝාතන රැසක් ආගම පාදකව සිදුවී ඇත. ලෝකයේ අඩුවෙන් ආගම අදහන බටහිර රටවල් බොහොම සාමකාමීය. හොඳ නරක දෙක හඳුනන මිනිසාට ආගමක් අවශ්‍ය නැත. ආගම යනු දඬුකඳකි. මිනිස්වගට සේවය නොකොට ජීවිතයෙන් පලායන්න උගන්වන්නකි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 0 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 31 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 160 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 135 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 565 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 452 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site