IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘විෂම භාග’ ෂැංහයි සිනමා උළෙලේදී සම්මාන 2කට නිර්දේශ කෙරේ

චීනයේ 22වන වරටත් පැවැත්වෙන ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලේ (SIFF) 'ඒෂියා නිව් ටැලන්ට් අවෝඩ්' සිනමා සම්මානය සඳහා හොඳම නළුවා සහ හොඳම තිරරචනය යන සම්මාන ද්වයට ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘විෂම භාග’  (The Other Half) සිනමාපටය නිර්දේශ වී තිබේ.

ඒ අනුව එම චිත්‍රපටයේ තිර රචනය කළ ලලිත් රත්නායකත් නවක ළමා රංගන ශිල්පියකු වන පන්සිලු වික්‍රමරත්නත් මෙම සම්මාන සඳහා නිර්දේශ වී ඇත. ‘විශම භාග’ ඔවුන් දෙදෙනාගේම පළමු අධ්‍යක්ෂණය සහ රංගනය වීම විශේෂයකි.

කෘෂි රසායනයන්ගෙන් අපවිත්‍ර වූ ජල පරිහරණයෙන් වැළඳෙන මාරාන්තික වකුගඩු රෝගයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මානයක් කේන්ද්‍ර කරගත් ‘විෂම භාග’ ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාජ සත්කාර චිත්‍රපටය ද වේ.

මෙම සිනමාපටයට ජැක්සන් ඇන්තනී, හේමසිරි ලියනගේ, කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තිලක්ෂණී රත්නායක රංගනයෙන් දායක වන අතර නවක ළමා රංගන ශිල්පීන් ලෙස පන්සිලු වික්‍රමරත්න සහ පන්කජ වික්‍රමරත්න ප්‍රධාන චරිත නිරූපණය කරති.

සම්මාන ප්‍රදානෝත්සවය ජූනි 21වන දින චීනයේ හයි ෂැන් සංස්කෘතික කේන්ද්‍රයේදී පැවැත්වීමට නියමිතය. 

 



අදහස් (2)

‘විෂම භාග’ ෂැංහයි සිනමා උළෙලේදී සම්මාන 2කට නිර්දේශ කෙරේ

sharm warn Tuesday, 18 June 2019 07:41 AM

හරිම සතුටුයි. අපේ මිනිසුන්ගේ හැකියාවන්ට ලෝකයේ අවධානය යොමු වෙන එක ගැන, උණුසුම් සුභ පැතුම් ඉදිරියටම යන්න...

:       0       2

තිස්ස Tuesday, 18 June 2019 08:05 AM

නිර්මාණශීලී කළා කරුවෙකු වන ලලිත් රත්නායක මිට බොහෝ කලකට පෙර මෙම කතාවම යොදාගෙන ඉතාම කලාත්මක කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළා. එය ඔහුගේ මුල්ම නිර්මාණය වෙන්නට පුළුවන්. ජෝ අබේවික්‍රම රඟපෑ " විෂම භාග " නම්වූ එම කෙටි චිත්‍රපටය 2004 සුමති සම්මානය දිනාගැනීමට සමත් උනා. පසු කලෙක ඔහු අතින් නිර්මාණය වූ "අරුංගල්, තෙත් සහ වියලි සහ තාත්තා" වැනි ටෙලිනාට්‍ය අතිශය ජනප්‍රියත්වයට මෙන්ම සම්මානයනටද පාත්‍ර වුවා. ටෙලිවිෂන් කර්මාන්තය ගැන ඔහු වරෙක " රුපවාහිනිය කියන්නේ නිරතුරු විචල්‍ය වන, ගතික විෂය ශේෂ්ත්රයක්. ඒ නිසා කාලින වශයෙන් වෙනස් වෙන නව තාක්ෂණයත් සමඟ අපිත් ඉදිරියට යායුතුයි. එය ඉතාම වැදගත් දෙයක් ලෙසයි මා දකින්නේ" යැයි පවසා ඇත. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඉන්නා කුසලතා පරිපුර්ණ නිර්මාණ කරුවෙකු ලෙසට නොබියව හැඳින්විය යුතු ලලිත් රත්නායකගේ ප්‍රථම චිත්‍රපට නිර්මාණය සාර්ථක වේවා යැයි ඉත සිතින්ම සුභ පතමු. මෙවැන්නන් අප රටට සම්පතක්ම වන්නේය.

:       0       120

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 425 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 347 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 363 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 210 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 644 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1101 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1524 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site