(අංජුල මහීක වීරරත්න)
කර්මාන්ත හා වාණිජ කටයුතු, නැවත පදිංචි කිරීම් හා වෘත්තීය පුහුණු ඇමති රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ප්‍රධානතම කරුණක් වන දිනය වැරදිවුවත් එය න්‍යාය පුස්තකය වෙත ඇතුළත් කිරීමට කතානායක පියවර ගන්නේ නම් විශ්වාභංග විවාදයට ළඟම දිනයක් ලබාදීමට සූදානම් බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පෙරමුණේ ඇමතිවරුන්ට එරෙහි විශ්වාසභංග පරාජය කිරීම රජයට මහලොකු කජ්ජක් නොවන බව පැවසූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒකාබද්ධ විපක්ෂයට දිනය නිවැරදිව සටහන් කර විශ්වාසභංගයක්වත් ඉදිරිපත් කිරිමට නොහැකි තරම් බංකොලොත් වී ඇතැයිද පැවසීය.
විශ්වාසභංගය වැනි වැදගත් ලියැවිල්ලක දිනය නිසි ලෙස ඉදිරිපත් කළ නොහැකි අවස්ථාවක එය ප්‍රතික්ෂේප කිරීම වැදගත් රාජ්‍ය ආයතනයක වගකීම බවද ඇමතිවරයා කීවේය. එහෙත් තමා දුටු විශ්වාසභංග යෝජනාවේ දිනය ලෙස 2018 මැයි 09 ලෙස සඳහන්ව තිබුණේ යැයි ද එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ හැකි වරදක් බවද කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය.
විශාල වරදක්වුවද එය න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතිනම් ළඟම දිනයක් විවාදය සදහා ලබාදීමට සුදානම් බවද ඇමතිවරයා පැවසීය. ඒකාබද්ධ විපක්ෂ නඩයට යළි යනඑන මං නැති වෙන ලෙස රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහි විශ්වාසභංගය පරාජය කරන බවද ඇමතිවරයා කීවේය.
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘විශ්වාභංග විවාදයට ළඟම දිනයක් ලබාදෙන්න සූදානම්’
Raveendra Monday, 20 May 2019 10:34 AM
"ඕන ගොනෙකුට ගොන් තර්ක" ගෙනඒමට පුළුවන් බව මහජන මුදලින් සිය පවුල් පිටින් ජීවිකාව ගෙනයන මෙම මහජන නියෝජිතයා මනාව පිළිඹිබු කර ඇද්ද?
sunil milano Monday, 20 May 2019 10:51 AM
ඔව් ඉතින්... රටට හෙණ ගැහුවත් මට මොකද නේද? මෙහෙමත් ඇමැතිවරු..
දේශප්‍රේමියා Monday, 20 May 2019 11:28 AM
මෙතුමාට එවැනි දෙයක් කිරීමට නිමිත්තක් නැද්ද? මහජනතාව මහමැතිවරණයක් එනකං බලන් ඉන්නේ මෙතුමාට තියෙන විශ්වාසය පළ කරන්න...
udaya Monday, 20 May 2019 12:30 PM
ඔව්, ඔව් රිෂාඩ් දිනවල ඡන්දෙට එන්න. නුවර අපි බලාගෙන ඉන්නේ ඇල්ලව ගෙදර යවන්න. නුවර මුස්ලිම් ඡන්ද වලින් විතරක් ඔයාට දිනන්න පුළුවන්නේ. ඔයාට වැඩ බැරි කට විතරක් තියෙන බව අපි ඔක්කොම දන්නවා. මධ්‍යම අධිවේගේ තියාගෙන ඉන්නේ ඡන්දෙ කිට්ටු වෙනකන් බව අපි ඔක්කොම දන්නවා...
chandima Monday, 20 May 2019 01:01 PM
දිනේ දෙන්නේ අද හෙටමද? නැතිනම් කමිටුවක් එහෙම පත්කරලා ඉවර වෙලාද?
Sidath Monday, 20 May 2019 02:43 PM
අපිට මතකයි සමහර විශ්වාසභංග ගේන්න තිබුණු කලබලය. නිසි පටිපාටියක්වත් අනුගමනය නොකර හූ කියලා සම්මත කරගත්තු විශ්වාසභංග.. ඇයි ඒවා මේවට නැත්තේ...? මැරුණු මිනිස්සු අහිංසක මිනිස්සු නිසාද?
indra Monday, 20 May 2019 03:10 PM
මෙතුමාට තියෙන්නේ ටිකිරි මොලයක්... තවත්නම් ඔය මොලයෙන් රටට ඵලක් නෑ... පුළුවන් ඉක්මනට බංග වෙලා ගෙදර යන්න.
Kumara Monday, 20 May 2019 04:07 PM
කවදද 225ටම භංගෙ ගන්නේ...?
Sarath r Monday, 20 May 2019 06:21 PM
මම බදුර්දීන්ට කැමති නෑ. නමුත් මේ අයට බැරිඋනාද කියවලා බලල අත්සන්කරන්න.
jayath Tuesday, 21 May 2019 02:42 AM
ඔව් පරාද කරන්න අපි ඒක දන්නවා කරලා එන්නකෝ ඡන්දෙ ඉල්ලන්න.