IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘වනාතවිල්ලුවේ පරිසරයට කර තිබෙන හානිය සුළුපටු නෑ‘

 (පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පරිසරයට කරන ලද හානි කවුරු කුමන බලයක් යොදා කුමන ලෙසකින් කළද ඒවා සුළු කොට තැකිය නොහැකි බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනාතවිල්ලුවේදි අද (01) පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ වනාතවිල්ලුව කුරටියාමොට්ටේ ප්‍රදේශයේ පිහිටි  සිමෙන්ති සංස්ථාවට අයත් භුමියක් කිසියම් පිරිසක් විසින් කපා විනාශ කර ඇති ආකාරය ගැන සොයාබැලීමට ගිය අවස්ථාවේදීය.

වසර සිය ගණනක් පැරණි වනාන්තරයක සිමෙන්ති සංස්ථාවට අයත් කොටසේ කිසියම්  පිරිසක් විසින් මීට මාසයට පමණ පෙර නීතිවිරෝධී අයුරින් ඇතුල් වී යාන්ත්‍රික කියත් භාවිතා කරමින් දැවැන්ත ගස් කපා ගිනි තබා වනසා තිබුණි.

ඒ දුටු පරිසර අමාත්‍යවරයා මෙසේ පැවසීය.   

“කවුරුන් කුමන ලෙසකින් කුමන බලයක් යොදා ගනිමින් සිදුකළද, පරිසරයට කරනු ලබන හානිය සුළු පටු ලෙස තැකිය නොහැකියි. මේ ආකාරයේ වසර සිය ගණනක වනාන්තර කපා විනාශ කිරීම නම් රජයක් ලෙස අනුමත කරන්නේ නැහැ .

එසේම කුමන දේශපාලන බලයක් යොදා ගනිමින් කළද, ඒ සඳහා අපි අදාල නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා හොඳම උදාහරණය තමයි ආනවිළුන්දාවේ සිද්ධිය... අපි ඒ සඳහා සියලුම පාර්ශවයන් අත්අඩංගුවට ගැනීමට පසුබට වුනේ නැහැ.

ඒ නිසා කිසිම ලෙසකින් පරිසරයට හානි කරන කිසිවකුටවත් බලය, නිලය අදාල නොකර නිසි නීතිය ක්‍රියාත්මක කරන්න අපි පසුබට නැහැ.

වනසා දැමූ මෙම භුමිය සිමෙන්ති සංස්ථා අයත් වන අතර එය බදු පදනම මත ‘ඉන්සි‘ සිමෙන්ති පුද්ගලික සමාගම එම භුමියේ නැවත වන වගාව අරඹා තිබේ. ඇමතිවරයාද මෙහිදී  පැල රෝපණය කිරීමට එක්විය. මේ අවස්ථාවට වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ පුත්තලම සහකාර අධ්‍යක්ෂ එම්.කේ. දිසානායක යන මහත්වරු ඇතුලු නිලධාරීහු පිරිසක් මීට සහභාගි වූහ.



අදහස් (19)

‘වනාතවිල්ලුවේ පරිසරයට කර තිබෙන හානිය සුළුපටු නෑ‘

indika manoj Thursday, 01 October 2020 04:38 PM

ඔබතුමා කිව්වා නේද ඊයේ නිව්ස් වලට ඔය කියන තරම් විනාශ කරලා නැහැ කියලා.

:       0       20

කල්පනාFriday, 02 October 2020 12:30 PM

කිව්වා විතරක් නොවෙයි ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා විපක්ෂ නායකයාටත් කිව්වා. හැබැයි කිව්වේ ඇමතිතුමාගේ ඔය කටින්මද කියලානම් දන්නේ නැහැ.

:       0       8

Hafeel Friday, 02 October 2020 01:16 PM

හෙට තව එකක් කියාවි..

:       0       7

siri Thursday, 01 October 2020 04:56 PM

ඒ වුනාට කටවචනය තමා අලුත් නීතිය කියන කෙනා කියන්නේ මේවා බොරු ප්‍රචාර කියලා නේද.?

:       0       21

බද්රානි Thursday, 01 October 2020 06:33 PM

අපේ සිංහලයෝ කැලයකින් ගස් ටිකක් කපා ගත්තම මොකද වෙන්නේ? අනික රටේ ජාතික ආරක්ෂාවත් ටක්කෙටම තියන එකේ ඔය ගස් තියාගෙන, කන්නද?

:       5       21

ranjith Thursday, 01 October 2020 09:48 PM

මේවා වේලාසනින් දකින්නේ නැත්තේ මොකද.?

:       0       17

De Thursday, 01 October 2020 09:48 PM

පොල් ගස් ටික කපලා දැන් පොල් ගන්නේ ටේප් එකෙන් මැනලා.

:       0       20

69lakshen ekek Friday, 02 October 2020 12:04 AM

කොන්ද පන නැති යහපාලන කාලෙද කරලා තියෙන්නේ.?

:       8       14

Chandra Friday, 02 October 2020 02:19 AM

කෝ ඒ අයට දෙන දඬුවම්.

:       0       14

rohitha perera Friday, 02 October 2020 02:23 AM

අනේ මුකුත් නොදන්නා බබා මෙන්න දැන් ගිහින් ඇවිත් කියන දේවල්.

:       0       23

සඳුන් Friday, 02 October 2020 03:09 AM

ඔබතුමාගේ ප්‍රතිචාරය ඉතාමත් ප්‍රමාදයි. කන්කෙඳිරිල්ලක් විතරයි. ඔබට හෘද සාක්ෂියක් තිබෙනවද ? එහෙම නැත්නම් හෘද සාක්ෂියතුල හිරකාරයෙක් වුනාද ?

:       0       16

Kooralage Friday, 02 October 2020 04:10 AM

ඇමති කියනවා වනාන්තර කපලා විනාස කරන පැමිණිලි ගොඩක් ඒවා බොරුලු.

:       0       16

sharm warn Friday, 02 October 2020 05:09 AM

මේ මහත්තයා කියනවා හානිය සුළුපටු නැහැලු. සර් කියනවා කියන තරම් හානියක් වෙලා නෑලු.

:       0       24

Champa Friday, 02 October 2020 10:50 AM

මහ වනයක් වනසනවා. එක පැළයක් හිටවනවා. මෙන්න සෞභාග්‍යයේ දැක්ම... මෙවන් දේශයක් තව කොහි වේද?

:       0       4

girigoris Friday, 02 October 2020 12:22 PM

2/3 ලැබුණොත් ඇමැති පුතෝ ඔය කපපු ගස් ටික වැවෙයිද? මට තේරුම් ගන්න බැහැ... ඔය 20 සංශෝධනේ...

:       0       7

Naushi Friday, 02 October 2020 01:29 PM

අන්දරේ සහ ගෝලයින්ගේ පාලනයක් දැන් තියෙන්නේ..

:       1       5

K. Ranaweera Saturday, 03 October 2020 03:30 AM

මෙයාගේ කතා සේරම පුහු. මතකද කිව්වා අපි ළඟදීම තෙල් මිල අඩුකරනවා කියලා.

:       0       3

de silva Saturday, 03 October 2020 10:20 AM

ඇමැති ඔය පැලේ හිටවලා ගියාම වතුර ටිකවත් දාන්න කෙනෙක් නොමැතිව පැලටික මැරිලා යාවි.

:       0       1

de silva Saturday, 03 October 2020 12:37 PM

වචනෙන් හරි ඛනිජ තෙල්මිල අඩුකළාට ඔබට ස්තුතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 2 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 22 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 344 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 451 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 969 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 895 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1422 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site