IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘රාජපක්ෂ කඳවුරෙන් ඉදිරිපත් වූ දුර්වලම අපේක්ෂකයා අපට අභියෝගයක් නෙවේ’

(මුදිතා දයානන්ද) 
 
රාජපක්ෂ කඳවුරෙන් ඉදිරිපත් කළ දුර්වලම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත්, ඔහු තමන්ට අභියෝගයක් නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා අද (12) පැවසීය.
 
ජනාධිපතිවරණ  අපේක්ෂකයෙකු සතුවිය යුතු සුදුසුකම් ලෙස මහානායක හිමිවරුන්, කාදිනල්තුමා ඇතුළු ආගමික නායකවරුන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශ කිසිවක් මේ අපේක්ෂයාට නැතැයිද විජිත හේරත් මහතා පැවසීය.
 
ඔහු මෙසේ පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ජවිපෙට අභියෝගයක් වියහැකිදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 
 
තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
 
“ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මූල්‍ය විනයක්, පරිපාලනයක් විනයක් නැති තමන්ට හිතෙන පරිදි වැඩකරන නායකයෙක් බව ඉතිහාසයේදි ඔප්පු කර තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා මෙවැනි පුද්ගලයෙක් විය යුතු යැයි දක්වමින් නාපාන පේමසිරි මහානාහිමි ඇතුලූ මහානාහිමිවරු බහුතරයකාගේත්, කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන්ගේ හා අනෙකුත් ආගමික නායකයින්ගේ අත්සනින් යුතුව ප‍්‍රකාශනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වෙනවා නඩුවලින් වැරදිකරුවෙකු හෝ නඩුපවතින හෝ අයෙක් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් කරන්න එපා කියලා. ඒ සුදුසුකමක් මේ අපේක්ෂකයාට නැහැ.

පසුගිය දශක කීපය පුරා මේ රට පාලනය කළ පාලකයින් අපේ ආර්ථිකය දුර්වල කළා. විදේශීය ණය දවසින් දවසම වැඩිකළා. රාජපක්ෂ පාලනය යටතේ බිලියන 7000 කට ආසන්නව පැවති රාජ්‍ය ණය ප‍්‍රමාණය මේ වනවිට බිලියන 12000ට ආසන්න ප‍්‍රමාණයක් දක්වා වැඩිවෙලා. සංස්කෘතිය බිඳ වැට්ටුවා. ජාතික සමගිය බිඳ වැට්ටුවා. ජාතිවාදි ගැටුම් නිර්මාණය කළා. මහජන ආරක්ෂාව දුර්වල කළා. 
 
මේ පාලක කණ්ඩායම් දෙකම එකට තබා පැරදවිය හැකි විකල්ප බලවේගයකට සමාජයේ ඉඩක් තිබෙනවා. සමාජය එවැන්නක් ඉල්ලා සිටිනවා. අපි ජනතා විමුක්ති පෙරමුණ තවත් වාමාංශික පක්ෂ, විද්වත් සංවිධාන, සිවිල් සංවිධානය ඇතුළු පක්ෂ හා සංවිධාන 28 ක් එකතු කරගෙන ජාතික ජනබලවේගය ගොඩනැගුවේ ඒ හිඩැස පිරවීමටයි. 
 
2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා අපි ඉදිරිපත් කරන්නේ මේ ජාතික ජනබලවේගය ලෙසයි. ජාතික ජනබලවේගයේ සියලු සංවිධාන නියෝජිතයන්ගේ එකඟතාවයෙන් දැනටමත් අපේක්ෂකයා තෝරා අවසන්. අපි එය 18වැනිදාට ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජන රැළියේදි ඉදිරිපත් කරනවා. ඔහුට මහානායක හිමිවරු ඇතුළු ආගමික නායකයින් ඉදිරිපත් කළ සියලු සුදුසුකම් තිබෙනවා” යැයිද ඒ මහතා පැවසීය.
 
මෙහිදී මාධ්‍යවේදින් නැගු ප‍්‍රශ්නවලට හේරත් මහතා මෙසේ පිළිතුරු දුන්නේය.
 
ප‍්‍රශ්නය - ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන අපේක්ෂකයා දේශපාලනය කරන කෙනෙක්ද?

පිළිතුර - අනිවාර්යයෙන්ම. දේශපාලනය කරන කෙනෙක් මිසක් වෙනත් කෙනෙක් ජනාධිපති වීමට සුදුසු නැහැ. දේශපාලනය කරන ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් හඬක් නගන, ජනතාව වෙනුවෙන් පෙනී සිටින අයෙක් විය යුතුයි. 

ප‍්‍රශ්නය - මෙවර ජනාධිපතිවරණය තුන්කොන් සටනක් වෙනවා වගේ තමයි පේන්නේ. එහෙම වුණොත් එකම අපේක්ෂකයෙකුටවත50% ගන්න බැහැ නේද? එහෙම වුණොත් නැවත මැතිවරණයක් පවත්වන්න සිදුවෙනවා නේද?

පිළිතුර - නැහැ. එවැනි අවස්ථාවක ක‍්‍රියාකරන ආකාරය ගැන ප‍්‍රතිපාදන මැතිවරණ කොමිසමට තිබෙනවා. දෙවැනි මනාපය ගණන් කිරීම එවැනි එක් ප‍්‍රතිපාදනයක්.  



අදහස් (36)

‘රාජපක්ෂ කඳවුරෙන් ඉදිරිපත් වූ දුර්වලම අපේක්ෂකයා අපට අභියෝගයක් නෙවේ’

Ruhunu Monday, 12 August 2019 11:25 AM

කටවල් විතරයි කරගන්න පුළුවන් දෙයක් නොමැත.

:       0       2

ගල්කටස් Monday, 12 August 2019 11:32 AM

ඔයාලට කෙසේ වෙතත් ගෝඨාභය මහත්මයට නම් ඔබලා අභියෝගයක් නැති බව නම් පොඩි ළමයින් පවා දන්නවා.

:       0       2

Prabha Monday, 12 August 2019 11:38 AM

ඇයි මේ ඔක්කොම කලබල වෙලා?

:       0       2

Raveendra Monday, 12 August 2019 11:51 AM

මේ... රතු මල්ලියේ අනිකාගේ දුර්වල කම් ගැන මොකටද? තමුන්ගේ පැත්තෙන් පිස්සුබලු තරගෙට එන බල්ලාගේ දුර්වලකම් ගැන කතා කරනවකෝ..

:       296       644

chinthaka Monday, 12 August 2019 11:53 AM

ඔව් ඔව් ඔයා මේ කියනකන් හිටියේ අපි දොහොත් මුදුන් දීලා පිළිගන්න. හාමුව බේරගන්න එහෙට, මෙහෙට දුවලා කරපු විගඩම් අපි ඔක්කොම දැක්කා ඔයාගේ...

:       406       616

මංගල Monday, 12 August 2019 11:54 AM

ඔයාලා වගේ විහිළු කාරයොත් ඉන්න එක හොඳයි. මහජනතාවගේ ලේ පිරිසිදු වෙන්න.

:       544       767

සේනක Monday, 12 August 2019 11:55 AM

තමුන්නාන්සේලා මේ වෙනකොට දේශපාලනය කරන්න අරගෙන අවුරුදු ගාණක් වෙනවා. එතකොට කියන්න බලන්න අප්පුහාමිලාට අභියෝගයක් වුණේ කවුද කියලා. බය වෙන්න එපා මහත්තයෝ ඔබතුමාලට බලය දෙන්න තරම් රටේ ජනතාව තමුන්නාන්සේලා වගේ මොඩයින් නෙමෙයි.

:       287       566

Rata Peata Monday, 12 August 2019 12:06 PM

මේ සැරේවත් කොන්ද කෙලින් තියාගෙන වෙන ඕන කෙනෙක්ට දෙන්න. රාජපක්ෂ පවුල රකින්නේ නැතුව...

:       772       552

mjb Monday, 12 August 2019 12:08 PM

සිත නිවන කතා...

:       67       371

hira Monday, 12 August 2019 12:09 PM

ඡන්ද පදනමක් නැති රතු අලි, රනිල්ට කඩේ ගිය රතු අලි බයිලා ගහනවා.

:       358       538

kolam boss Monday, 12 August 2019 12:15 PM

අපේ රටේ ජනතා ආකල්ප ලෝකේ වෙන කොහේවත් නැහැ. පොහොට්ටුවෙන් වෙලේසුදාව දාලා UNP එකෙන් සක්විතිව දැම්මත් ඔය දේකට තමයි ඡන්දෙ දෙන්නේ... අවුරුදු 71ක් තිස්සේ රට දියුණු කරගන්න බැරි වුනත් ඔය දේකට තමයි ඡන්දෙ දෙන්නේ...

:       419       616

සමන් Monday, 12 August 2019 12:28 PM

තමුන්නැහෙලාගේ ටකරං කතා අහලම දැන් අපිට එපා වෙලා. බල්ලන්ට ඇති වැඩකුත් නැහැ... හෙමින් ගමනකුත් නැහැ.

:       127       315

RaveendraMonday, 12 August 2019 01:31 PM

හා හා මේ අපේ තුන්වෙනි බලවේගය... හැබැයි තාම අනිත් නිවටයින්ගේ ඇදුම් හෝද හෝද ඉන්නේ. තමන්ගේ අමුඩ හත් ගව්වක් දුරට ගෙනිහින් තමයි අනිත් හිවලුන්ගේ ඇඳුම් හෝදන්නේ...

:       29       106

Amila Monday, 12 August 2019 12:51 PM

දුර්වල අපේක්ෂකයා කියන කතාව නම් සහතික ඇත්ත. කෙලින් හිටගන්න බැරි, නඩුවලට බයේ හැන්ගෙන, හමුදාවෙන් පැනලා ගිහින් ඇමරිකාවේ හැංගුණු, ගොත ගහගහ කතා කරන, ඇස් පේන්නේ නැති, ලෙඩ වාට්ටුවක් ජනපති කරන්න මේ රටේ මිනිස්සුන්ට මොලේ අමරුවක් නෑනේ. අනික හිටපු ඇමරිකන් පුරවැසියෙක් කියන්නේ ඇමරිකාවට ඕනෑදෙයක් මෙහේ කරන්න ඉඩ දුන්නා වගේ. රටේ ආරක්ෂාවට ලොකු තර්ජනයක්..! හැබැයි ඇමරිකාවට නම් හොඳයි..!

:       2526       1325

samTuesday, 13 August 2019 05:11 AM

එතකොට සරත් ෆොන්සේකා මහතා ඇමරිකාවේ ගිහින් ග්‍රීන් කාඩ් ගත්තේ වීරයෙක් නිසාද? ග්‍රීන්කාඩ් එකේ ඊළඟ පියවර පුරවැසිකම.

:       2       4

Salinda Monday, 12 August 2019 12:57 PM

බබාලත් ගහගන්නකොට ඔය කතා කියනවා. මම බය නැහැ කියලා. කරුණාකර ඔබලාගේ ප්‍රතිපත්තිවල ඉඳන් වැඩ කරන්න. එකඑකාට බනින්නේ නැතිව හා සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අදහස් ඇති අයත් සමග එකතු නොවී..

:       12       186

Sanath Monday, 12 August 2019 01:05 PM

රටේ ජාතික ආරක්ෂාව මුල්ම තැන තියන්න පුලුවන්.. එය කරලාම ඔප්පු කළ කෙනෙක් තමයි ඕනේ. ඔය බොරු චෝදනාවලට මේ පාර ජනතාව පිළිතුරක් දෙන්නේ ජේ.වී.පී.එකේ තිබ්බ ආසන ගානත් නැති කරලා. මොකද ඔබලාගේ රංගනයත් එළිවෙලා තියෙන්නේ. විශ්වාස භංග නාඩගම් නිසා...

:       212       378

Dayan Monday, 12 August 2019 01:59 PM

හොඳයි ගෝඨාභය ජනාධිපති... මහින්ද අගමැති. චමල් කතානායක.. බැසිල් සංවර්ධන සහ ආර්ථික කටයුතු ඇමති.. නාමල් පළාත් පාලන ඇමති. රටම උගස් තියමු.

:       717       532

Sugath PremalalTuesday, 13 August 2019 04:37 AM

රටේ ආරක්ෂාව, නීතිය, සංවර්දනය, අධ්‍යාපනය, හරියට නියමාකාරයෙන් වෙනවා නම් මොකක්ද අඩුපාඩුව.

:       15       103

GAMAYA Monday, 12 August 2019 02:35 PM

අර පහුගිය කාලේ චීනේ ගිහිල්ලා හීතලයි කියලා මදුවිත ස්පර්ෂ කලේ මෙයාද? මේ ලෝකේ රහක් නැහැ දැන්.. නම්.

:       7       63

maheel Monday, 12 August 2019 03:11 PM

අපොයි මාත් ඕගොල්ලන්ට එක ඡන්දයක් දුන්නා. ඊළඟට යහපාලනයටත් දෙකක්ම දුන්නා. නොදකින් කියලා මට මං ගැනම හිතෙනවා..

:       47       180

Krishantha Monday, 12 August 2019 04:07 PM

දේශපාලනයේ ඉන්න කෙනෙක්මද දාන්නේ? මොකද සිස්ටම් චේන්ජ් එක අතෑරියාද? වැසිකිලි හෝදන එක නවත්තලා ආයෙත් ජවිපෙ... දේශපාලනය කරමුද?

:       197       320

vindika Monday, 12 August 2019 04:45 PM

දුර්වල අපේක්ෂකයා කියන කතාව නම් සහතික ඇත්ත. නඩුවලට බයේ හැන්ගෙන, හමුදාවෙන් පැනලා ගිහින් ඇමරිකාවේ හැංගුණු, ගොත ගහගහ කතා කරන, ඇස් පේන්නේ නැති, ලෙඩ වාට්ටුවක් ජනපති කරන්න මේ රටේ මිනිස්සුන්ට මොලේ අමරුවක් නෑනේ. අනික හිටපු ඇමරිකන් පුරවැසියෙක් කියන්නේ ඇමරිකාවට ඕනෑදෙයක් මෙහේ කරන්න ඉඩ දුන්නා වගේ. රටේ ආරක්ෂාවට ලොකු තර්ජනයක්..! හැබැයි ඇමරිකාවට නම් හොඳයි.. ජවිපෙ ප්‍රමුඛ සංධානයට රට සංවර්ධනය කරන්න පුළුවන්..

:       0       0

Chanak los angeles Monday, 12 August 2019 07:40 PM

දුෂණ වංචා නඩු තිබෙන කෙනෙක් ඉදිරිපත් කරන්න එපා කියන දේ නොවෙයි ආණ්ඩුක්‍රම නීතියේ කියන්නේ.එවැනි කෙනෙකුට රාජ්‍ය සේවයේ යෙදෙන්න ,බඳවා ගන්න නොහැකිය කියලයි .

:       31       103

nipun jayesundara Monday, 12 August 2019 09:00 PM

ගිය ඡන්දෙට එක ආසනයක්වත් දිනාගන්න බැරිවුණා අයට කොහෙද අභියෝග?

:       0       49

mudiyanse Monday, 12 August 2019 10:48 PM

හතලිස් අට වසක් අපි ඔය අය සමග ගමනක් ගියා නිදහස සොයමින් සබද මුලදී අපිට දුන් ඔවදන් පෙළ නිබද අපි රැක ගතිමු පන මෙන් නොදෙවෙනිව හද. අවි ගත්තෙමු යුද වදිනට නිදහසට අපි මැරුනෙමු හිවලුන් මැරෙනා ලෙසට මැරුන අපගේ ලෙය තවරා ගෙන යසට ඔබ වැජබෙයි අලියන් සමගින් යසට

:       0       132

sisira Monday, 12 August 2019 10:51 PM

අවලංගු වූ පරණ කාසියක්.

:       0       69

මුණසිංහ Tuesday, 13 August 2019 02:02 AM

එක පාරක් ආසන 40ක් දිනා ගත්තා කරුණාකරල කියනවද ඉන් පස්සේ 10ක්වත් ගන්න බැරිවුන හේතුව. අවු.54ක් පරණ දේශපාලන පක්ෂයක්!. ජනාධිපතිවරණ වලදී 5%ක් ඉක්මවන්න පුලුවන්ද කියල හිතන්න. හැමදාම එකතැන පල්වෙන පක්ෂයක්.

:       0       81

rohana Tuesday, 13 August 2019 02:06 AM

නඩු තියෙන කෙනෙකුට ජනාදිපති වෙන්න පුළුවන්ද? දන්නේ නැති නිසා අහන්නේ.

:       103       0

isurandiWednesday, 14 August 2019 07:37 AM

අපෝ පුළුවන් රෝහණ, නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ සම්ප්‍රදාය රජකරන කල් ඕවා මොනවද?

:       0       0

Anuradha. Tuesday, 13 August 2019 03:57 AM

අපි ඉස්සර පහල බාලාංශ පන්තිවල සිටිද්දී ඔය වගේ කතා කියවුනා .

:       1       21

Mohammed Rizan Tuesday, 13 August 2019 04:34 AM

දුර්වල කවුද කියල නොවැම්බර් බලාගමු. යථාර්තයට, ඇත්තට, හරි දේට ගරු කරන්න පුරුදු වෙන්න

:       1       145

surakimujavipe Tuesday, 13 August 2019 05:21 AM

මේ දෙතුන් දෙනා ඉන්නකම් ජවිපෙ ගොඩගන්න බැහැ. මේ අය දන්නා දේශපාලනයක් නැහැ. ගොවි කම්කරු ශිෂ්‍ය රාජ්‍ය සේවකයන්ගේ හද ගැස්ම අඳුනන්නේ නැති පිරිසක්.

:       0       65

p.d goonawardena Tuesday, 13 August 2019 07:58 AM

එයාගේ දුර්වලකම් අපි දැක්කා පසුගිය කාලයේ. ඒක නිසා තමා කොළඹ හොඳම නගරය බවට පත් උනේ.

:       8       161

mudiyanse Tuesday, 13 August 2019 09:24 PM

ගොන් වැඩමයි කරන්නේ. පිටිපස්ස අතගාලා බලන්න නගුටක් තියනවද කියලා...

:       0       0

Bandula. Wednesday, 14 August 2019 02:44 PM

ඔන්න මල්ලිලා දැම්මම බයවෙලා වගේ..., ඔයාලා පහුගිය කාලේ කඩේ ගියවිදිය ජනතාව දැක්කා, දැන් බුරලා වැඩක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 536 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 205 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 265 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 253 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 463 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3922 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site